ඔබේ ශරීරයේ වටිනාම අවයවය වන ‘ඇස’ පිළිබඳ ඔබ නොඳත් කරුණු කීපයක්

 1,616 Total views,  13 Views today

 

1.ඉදිරිපස කුටීරය  2.ora serrata  3.ciliary muscle  4.ciliary zonules  5.canal of Schlemm  6.කණීනිකාව  7.anterior chamber  8.ස්වච්ඡය  9.තාරා මණ්ඩලය  10.කාචය  11.කාච නාභිය  12.ප්‍රතියෝජක පේශි  13.conjunctiva  14.inferior oblique muscle  15.inferior rectus muscle  16.medial rectus muscle  17.retinal arteries and veins  18.අන්ධ බිංදුව  19.dura mater  20.central retinal artery  21.central retinal vein  22.optic nerve  23.vorticose vein  24.bulbar sheath  25.කහ ලපය  26.අක්‍ෂි කූපය  27.sclera  28.රුධිර ග්‍රාහිය  29.superior rectus muscle  30.දෘෂ්ටි විතානය

 

 

ජීවීන් අතර මුල්ම ප්‍රාථමික ඇස් පරිනාමනය වුයේ මීට වසර මිලියන 540 කට ප්‍රථමව බව කියැවේ.නින්දේ දී පවා ක්‍රියාත්මකව පවතින ඇස,මොලයට පසු තිබෙන ප්‍රබලම අවයව ලෙස හඳුන්වා දීමට හැකිය.මොලයේ බලයෙන් 65% ක් පමණ ඇසෙහි ක්‍රියාකාරිත්වය සඳහා වැයවේ.තවද ඇසේ ඇති ප්‍රතිග්‍රාහක ප්‍රමාණය මිලියන 130 පමණ වේ.

 

ඇසක සාමාන්‍ය බර ග්‍රෑම් 28 පමණ වන අතර සාමාන්‍ය පුද්ගලයකුගේ ඇසක දිග සෙන්ටිමීටර 2.5 ක් පමණ වේ.මිනිස් ඇස මෙගා පික්සල් 576 බලයක් ඇති ඩිජිටල් කැමරාවකට සමාන වන අතර ඇසට කළ නොහැක්කේ යමක් ලංකර බැලීම පමණි.ඇසට කිලෝමීටර තිහක් පමණ ඈතින් දැල්වෙන ඉටිපන්දමක දැල්ලක් වුවද හොදින් දිස්වේ.

මිනිස් ඇසෙහි ඇති යෂ්ටි සෛල මගින් සුදු පැහැයත් කේතු සෛල මගින් ආලෝකයේ ඇති අනෙකුත් වර්ණත් හඳුනාගනී.මෙම සෛල යුග්මග පිහිටා ඇත්තේ දෘෂ්ටිවිතානය තුලයි.මිනිස් ඇසට කේතු සෛල ආධාරකොට ගෙන වර්ණ මිලියන 10 පමණ වෙන් කොට හඳුනා ගැනීමට හැකිවේ.යෂ්ටි සෛල රාත්‍රි කාලයේදී වඩාත් සක්‍රීයවන අතර කේතු සෛල දිවා කාලයේ වඩාත් සක්‍රීයවේ.යම් වර්ණයකට අයත් කේතු සෛල නොපිහිටීමෙන් වර්ණ අන්ධතාවය ඇති වීමටද හැකිය.

 

 

ඇසේ මාංශ පේශීන් දිනකට 100000 වාරයක් චලනය වන අතර ඔබේ ඇස චලනය වන විට ඇසේ ඇති ප්‍රතිබිම්බය ද වෙනස් වේ.නමුත් මිලිතත්පර ගණනකින් ඇස එය යථා තත්වයට පත්කර ගනී.

 

උපතේදී ඔබේ ඇසේ ප්‍රමාණය ජීවිතාන්තය දක්වා වෙනස් නොවී පවතී.ඔබේ ශරීරය වැඩුණ ද ඇස් එම ප්‍රමාණයෙන්ම සදාකාලික ම පවතී.

මිනිසුන් ඇසිපිය ගැසීමට පටන් ගන්නේ උපතේ සිට මාස 6ක් පමණ ගත වූවායින් පසුවයි.සාමාන්‍යයෙන් මිනිසෙකුට එක් වරක් ඇසිපිය ගැසීමට වැය වන්නේ තත්පරයෙන් දහයෙන් පංගුවක් තරම් ඉතා කෙටි කාලයකි.

මිනිසෙකුගේ උපතේ සිට මාස කිහිපයක් ගත වන තුරු කෙතරම් හැඬුවත් කඳුළු උත්පාදනය නොවේ.මන්දයත් කඳුළු ශ්‍රාවී ග්‍රන්ථි නිසි ලෙස විකසනය වී අවසන් වන්නේ උපතේ සිට සති 3-12 කාලයක් ගත වීමෙන් පසුව නිසාය. එතෙක් ඇසෙන් කඳුළු උත්පාදනය වන්නේ ඇසේ තෙතමනය රඳවා ගැනීමට තරම් පමණයි. කෙසේ නමුත් මෙම කාලය තුලදී අර්ධ ලෙස විකසනය වූ ග්‍රන්ථිවලින් භෞතික පීඩනයක් වූ විට නම් කඳුළු නිකුත් වීමට හැකියාව තිබේ.

මිනිසුන් විවිධ හේතූන් නිසා හැඬීම් සිදු කරනු ලබයි. එවිට පිට වන කඳුළු සමාන ලෙස පෙනුණත් ඇත්තෙන්ම කඳුළු පිට වීමට හේතු වුණු කාරණාව අනුව එහි සංයුතියත් වෙනස් වන බව ඔබ දැනන් සිටියාද ? එම කාරණා ප්‍රධාන කොටස් 3කට විද්‍යාඥයින් බෙදා දක්වා ඇත. එනම්,
01. සාමාන්‍යයෙන් ඇසෙහි තෙතමනය රැකගැනීමට නිරන්තරයෙන් පිටවන කඳුළු.
    02.ධනාත්මක හා ඍණාත්මක භාවයන් හේතුවෙන් එන කඳුළු.
    03.ඇසට සිදුවන පීඩාවකදී එන කඳුළු වශයෙනුයි.

මේ අතර ඇස් එහා මෙහා කිරීමට ඇති මාංශපේශීන් ඒවාට පැවරී ඇති කාර්යභාරය අනුව සැලකූ විට ඒවා සිරුරේ ඇති ශක්තිමත්ම මාංශපේශීන් ද ලෙස හඳුන්වා දිය හැක.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply