මිහිපිට දෙව්ලොවක් බඳු හෝල්ස්ටැට්

 570 Total views,  3 Views today

    1997 දෙසැම්බර් මාසයේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද Hallstatt හෝල්ස්ටැට් යනු සුරංගනා කතාව එන පාරාදීසයක් බඳු සුන්දර ගම්මානයකි.

ඔබ කවදා හෝ ඔස්ට්‍රියාවේ සුන්දර ස්ථාන ගැන සොයා බැලීමට උත්සාහ කර ඇත්නම් හෝ ඔබ ඔස්ට්‍රියාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා හොඳම ස්ථානයක් සොයන්නේනම් ඔබ මේ සුන්දර නගරයක් වන හෝල්ස්ටැට් නම් කෙසේවත් මඟ නොහැරීමට වගබලා ගන්න.

හෝල්ස්ටැට්Hallstatt පිහිටා ඇත්තේ ජර්මනියේ සහ චෙක් ජනරජයේ මායිම් වන ඉහළ ඔස්ට්‍රියාවේ උතුරු ප්‍රාන්තයේ සල්ස්කාමර්ගුට්Salzkammergut ප්‍රදේශයේ ය. සල්ස්බර්ග් (Salzburg), වියානා(Vienna) සහ ඉන්ස්බක්(Innsbruck) සිට දුම්රිය හෝ වාහනයකින් පැය කිහිපයකින් එයට ලඟා විය හැකිය.

දීප්තිමත් රතු සහ කහ පැහැති වර්ණයෙන් යුතු ඔස්ට්‍රියානු නගරය 16 වන සියවසේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබිඹු  කරයි . ගම්මානය මධ්‍යයේ පිහිටා ඇති ගොතික් ශෛලියට අනුව ඉදි කල දේවස්ථානය සාදා ඇත්තේ ද 16 වැනි සියවසයේ දීමය.

කොබ්ල්ස්ටන් වීදි ආකර්ශනීය ආපනශාලා, විසිතුරු පල්ලි සහ ඇල්පයින් තානායම ආදිය හෝල්ස්ටැට් තව තවත් ආකර්ශණීය ගම්මානයක් කරන අතර සල්ස්කාමර්ගුට් කඳුකරය,හෝල්ස්ටැට් විල හා අලංකාර දිය ඇල්ල ආදී තවත් ස්වභාවික සම්පත් හෝල්ස්ටැට් මිහිපිට දෙව්ලොවක් කරවීමට දායක වූවෝ වෙති.

Austria, Hallstatt, natural brook, waterfall, sunlight

මෙම ප්‍රදේශය ප්‍රසිද්ධ  ලුණු ආකාර සඳහා වන අතර ඒවායේ ඉතිහාසය, ක්‍රිස්තු පූර්ව 5000 තෙක් පමණ ඉතා ඈත අතීතයට විහිදී යයි. ක්‍රිස්තු පූර්ව 1300 දී පමණ කර්මාන්තයක් ලෙස මෙම ප්‍රදේශයේ ආරම්භ වූ ආකර ලුණු කැණීම, අද වනතුරුත් අඛණ්ඩව සිදුවේ. එම නිසාම මෙම ප්‍රදේශයේ අතීතයේ සිටම ජනාවාස පැවතුනි. වර්ෂ 1750 දී ඇති වූ ගින්නකින් හෝල්ස්ටැට් ගම්මානය විනාශ වූ අතර පසුව බැරොක් ශෛලියට අනුව (ඉතාලියේ ආරම්භ වූ පැරණි යුරෝපානු කලා ශෛලියකි) නැවතත් එය ඉදි කරන ලද බව සඳහන් වේ.

මැයි මැද සිට ඔක්තෝබර් මැද දක්වා ඕනෑම කාලයක හෝල්ස්ටැට් හී සංචාරය වඩාත් ආකර්ශණීය වේ.හෝල්ස්ටැට් ශීත ඍතුව නම් ඉතා සිසිල් වේ, එබැවින් ඔබ සීතලට ආදරය නොකරන්නේ නම් ඔබට ඒ සඳහා හොඳම කාලය එය නොවේ! මෙම කාලය තුළ ලුණු පතල් සහ සාප්පු විශාල ප්‍රමාණයක් වසා ඇති බව මතක තබා ගන්න,තවද අධික හිම සහිත නම් බස් රථ ධාවනය ද සිදු නොවේ.
ඕස්ට්‍රියාවේ සහ හෝල්ස්ටැට් හී මව් භාෂාව ජර්මන් වේ.ඔස්ට්‍රෝ-බැවේරියානු (Austro-Bavarian) උපභාෂාව ද මෙහි බහුලව භාවිතා කරනු දක්නට ලැබේ. බොහෝ නිවැසියන් ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස කථා කරයි, එබැවින් ඔබට හෝල්ස්ටැට් හි බොහෝ පුද්ගලයින් සමඟ සංවාදයේ යෙදීමට හැකිය.

 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply