ලංකාවේ පිහිටීමට ඉතාමත් සමාන සුන්දර කෙනාවා දූපත

 1,732 Total views,  7 Views today

බැලූ බැල්මට ලංකාවේ පිහිටීමට ඉතාමත් සමාන වූ මෙම දූපත ලංකාව තරම්ම විවිධත්වයක් නම් දක්නට නැත.ඒ මන්දයත් මෙම දූපත ජනාවාසයෙන් තොර එක් කන්දක් සහිත තෘණ භූමියකින් පමණක් නිර්මාණය වී තිබීම ය. “Pulau Kenawa Island – කෙනාවා දූපත “  නමින් හැඳින්වෙන මෙම දූපත පිහිටා තිබෙන්නේ නිරිතදිග නුසා පළාතේ සුම්බාවා දූපතට ආසන්නව ය.


කෙනාවා සංචාරකයන් වැඩි පිරිසකගේ අවධානයට ලක් නොවූ ස්තානයක් බැවින් නිස්කලංක හා පාලු ස්වභාවයක් උසුලයි. හෙක්ටයාර 13.8 ක භූමි ප්‍රදේශයක් ඇති මෙම කුඩා දූපත සංචාරකයන් භාවිතා කරන්නේ කඳවුරු බැඳීමට වන අතර ඊට අමතරව මෙහි ස්වභාවික අසිරිය විඳීමට එන අය වැස්සෙන් හා අව්වෙන් ආරක්ශා වීමට තනා ඇති කුඩා පැල්පත්ද තැනින් තැන දකින්නට ලැබේ.


දූපතේ ඕනෑම තැනක සිට බැලූ විට  ඔබට නිල් කොළ පැහැ මිශ්‍ර ආකර්ෂණීය සාගරය දැකගත හැකිය.මෙම දූපතේ දී ඔබට දැකබලා ගත හැකි වඩාත්ම ආකර්ශනීයම දර්ශන නම් සැන්දෑ කාලෙදි හිරු බැස යාමත් රාත්‍රී කාලයේ දී  අහස නිරීක්ෂණය කිරීමත් ය.තවද තෘණ භූමියේ සිට මුහුද තෙක් දිවෙන මාර්ගය ඔස්සේ ඇවිද යන විට යනවිට දැකීමට ලැබෙන අලංකාරවත් දර්ශන සිත්ගන්නා සුළු වන අතර මෙම දූපතට අමතරව තවත් කුඩා දූපත් ඔබට දැකබලා ගන්නට ද හැකිය.


කෙසේ වෙතත් මෙම දූපතේ කඳවුරු බැඳීමට නම් ඔබට දැඩි නීති රීති මාලාවකට යටත් වීමට සිදු වේ.නමුත් ආකර්ෂණීය මුහුදත්,සුදෝ සුදු වැලි සහිත වෙරළ තීරයත්,නිස්කලංක පරිසරයකින් යුත් කුඩා දූපතත් ඔබට අමතක නොවන සුන්දර අත්දැකීමක් ලබා දෙන බවට නම් නිසැකවම කිව හැකිය.

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply