හොල්මන් අවතාර නොමැතිවුවත් ත්‍රාසය, භිතිය නොඅඩුව තිබෙන චිත්‍රපට

 1,388 Total views,  12 Views today

    මෙම ලිපිය ත්‍රාසජනක චිත්‍රපට බැලීමට කැමති ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබයි.හොල්මන් අවතාර නොමැති වූවත් මෙම චිත්‍රපටයන්ට අනිවාර්යෙන් ඔබ භීතියට පත්වන බව නම් සහතික වීමට හැකිය.

 

01.GET OUT – 2017


කළු ජාතික තරුණයෙකු සුදු ජාතික තරුණියක සමඟ ආදරෙන් බැඳේ.ඉන්පසු ඔවුහු තම පෙම්වතියගේ නිවසට නිවාඩුවක් ගත කිරීම සඳහා යයි.එහිදී ඇයගේ දෙමව්පියන් ඔහුව බොහොම සුහදව ලෙන්ගතුව පිළිගන්නා අතර කිසිදු වෙනස්කමක් නොකරයි.තමාට සලකන ආකාරය සහ ඔහුව පිළිගත් ආකාරය පිළිබඳ ඔහුට මුල සිටම අමුත්තක් දැනුනත් පසුව ක්‍රමයෙන් ඔවුන්ගේ අරමුණ කුමක්දැයි හඳුනා ගැනීමට හැකිවේ.මෙම චිත්‍රපටය තුළින් මෙම සුදු ජාතික පවුල කලු ජාතික තරුණයාව බිලි ගැනීමට ගන්නා වූ ප්‍රයත්නය හා කලු ජාතික තරුණයා එයින් බේරීමට ගන්නා උත්සාහය මනාවට පෙන්නුම් කරයි.මෙය කෙතරම් ත්‍රාසජනක චිත්‍රපටයක් ද යන්න ඔබ නරඹාම බලන්න.

 

 

02.THE INVITATION -2015


තමා කලින් විවාහ වී සිටී කාන්තාවගෙන් මෙහි කතා නායකයා ට සුහද හමුවකට ඇරයුම්පතක් ලැබේ.ඔහු තමාගේ නව පෙම්වතිය  සමග එයට සහභාගි වේ.මෙහිදී ඔහුට ඔහුගේ පැරණි මිතුරන් මිතුරියන් හමුවන අතර ඔවුන්ගේ අතීත මතකයන් පිළිබඳ කතාබහ කරමින් කාලය ගත කරයි.නමුත් මේ සාදය පිටුපස යම්කිසි භයානක සැලැස්මක් තමාගේ කලින් විවාහක බිරිඳ  ක්‍රියාත්මකර ඇති බව නම් ඔහු කිසි විටෙකත් සිතුවේ නැත.මේ භයානක සැලැස්ම කුමක්ද ?එහිදී කුමක් සිදුවේද ? එය දැන ගැනීමට නම් ඔබ මෙය නැරඹිය යුතුමය.

 

03.HUSH – 2016


ඔබ පාළු නිවසක තනියෙන් සිටින විට කවුරුන් හෝ ඔබව ඝාතනය කිරීමට පැමිණිය හොත් ඔබට එය කුමනාකාරයේ ත්‍රාසයක් ගෙනේවිද? Hush තුළින් ගෙනඑන්නේ ද එවැනිම භයානක අවස්ථාවකට මුහුණදුන් තරුණියකගේ කථාවකි. ගොලු, බිහිරි තරුණ ලේඛිකාවක් කැලයක් මැද්දේ පාළු නිවසක් ජීවත්වීම සඳහා තෝරා ගනී.එහිදී ඇයව වෙස් මුහුණක් පැළඳ සිටින මිනිසකු විසින් ඝාතනය කිරීමට උත්සාහ කිරීම සහ හෙයින් ඇය බේරීමට ගන්නා උත්සාහය චිත්‍රපටය තුළින් පෙන්වයි.

 

 

04.DON’T BREATHE – 2016


තරුණ යහළුවන් දෙදෙනෙක් අන්ධ පුද්ගලයකුගේ නිවසට පැන මුදල් සොරකම් කිරීමට උත්සාහ කරයි.මෙම පුද්ගලයා අන්ධ නිසා ඔවුන් එය ඉතා පහසු කටයුත්තක් ලෙස සැලකුවද ඇත්තටම එය එසේ නොවන බව ඔවුන් අන්ධ පුද්ගලයාගේ නිවස තුළ සිර වීමෙන් පසුව අවබෝධ කර ගනී.සිතාගන්නවත් නොහැකි ආකාරයට ඔවුන් එහිදී අනතුරු වලට මුහුණ පාන අතර අන්ධ පුද්ගලයාගේන් දිවි ගලවා ගැනීමට ගන්නා උත්සාහයන් මොනවාද යන්න චිත්‍රපටය නරඹා ඔබට දැනගත හැකිය.ඔවුන් එයින් දිවි බේරා ගනීද?

 

05.ORPHAN – 2009


අවුරුදු නවයක් වයසැති පුංචි ගැහැනු දරුවෙකු වටා මෙම කතාව ගෙතී ඇත.තරුණ යුවලක් යුවළක් තමාගේ දරුවාගේ මරණයෙන් පසුව අනාත නිවාසයකින් ගැහැණු දරුවෙකු හදාවඩා ගැනීමට ගෙනයයි.නමුත් ඇය සාමාන්‍ය දරුවකු නොවන බව ඔවුන්ට වැටහෙන්නේ ටික දිනක් ගිය පසුවය.ඇය ඇගේ සැබෑ ස්වරූපය සඟවා ගෙන ජීවත් වන බවත් ඇයගේ අතීතය ඉතා අද්භූතජනක සහ බිහිසුණු බවත් මේ දෙපළ සොයා ගනියි.ඉන්පසුව කුමක් සිදුවේද?

 

 

06.DISTURBIA – 2007


පාසලේදී ගුරුවරයෙකුට පහරදීම නිසා නිවාස අඩස්සියේ පසුවන පිරිමි ළමයෙකු පාදක කොටගෙන චිත්‍රපටය විකාශනය වේ.මොහු ගෙදරදී කාලය ගෙවා ගැනීම සඳහා දුරදක්නයක් උපයෝගී කරගෙන අසල්වැසි නිවාස වලට එබිකම් කරනු ලබයි. එය ඔහු විනෝදය උදෙසා කළත් එක් නිවාසයක් ඔහුට බියජනක සහ බිහිසුණු අත්දැකීමක් එක් කරයි.ඔහුට එම නිවසය නැරඹීමේදී එය serial killer කෙනෙකුගේ නිවාසයක් විය හැකි බවට සැක සිතේ.ඉන් පසු ඒ පිළිබඳව තවදුරටත් සෙවීමට ගන්නා උත්සාහය චිත්‍රපටය තුළින් විකාශනය වේ.

 

07.THE DESCENT- 2005


තරුණියන් කීපදෙනෙකු කැළයක් තුළ ඇති ගුහාවක් ගවේෂණය කිරීම සඳහා සූදානම් වෙයි.නමුත් ඔවුන්ට සිතියමේ තිබූ පාර නිසැකවම සොයා ගැනීමට අපහසු වේ.මේ නිසා ඔවුන්ට ගුහාව තුළින් එළියට ඒමට හෝ නිවැරදි පාරක් සොයා ගැනීමට අපහසු වේ.ගුහාව තුල අතරමං වීම පමණක් නොව ඔවුන් සියලු දෙනාම ඒ ගුහාව තුළ සිටින ඉතා කුරිරු, භයානක, අද්භූත සතුන්ගේ ගොදුරු බවට පත්වීමට ද සිදුවේ.නමුත් ඔවුන් එයින් බේරී පලා යයිද ? ගුහාවෙන් එළියට ඒමට ඔවුන්ට හැකි වේවි ද ?

 

 

08.THE VISIT – 2015


කුඩා දරුවන් දෙදෙනෙක් තමාගේ ආච්චි සීයා බැලීමට හා සතියක නිවාඩුවක් ගත කිරීම සඳහා ඔවුන්ගේ නිවසට යන අතර තම ආච්චි සීයා ප්‍රථමවරට දැක ගන්නේ දී ද එහිදී ය.මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ද එයයි.ඔවුන් සිටින සතියක කාලය පුරාවටම විඳීමට සිදුවන භයානක සහ පුදුමාකාර අත්දැකීම් පාදක කොටගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.

 

 

09.A QUITE PLACE – 2018


ලෝක විනාශයෙන් පසුව මවක් සහ පියෙකු තම දරුවන් සමග ජීවත්වීමට ගන්නා උත්සාහය හා ඔවුන්ට මුහුණ දීමට සිදුවන භයානක හා ත්‍රාසජනක අත්දැකීම් එනකොට ගෙන චිත්‍රපටය විකාශනය වේ.කිසිම හඬක් නො නගා නිශ්ශබ්දව තමන්ගේ ජීවිතය ගත කිරීම ඔබට කෙතරම් අපහසු කටයුත්තක් වේද ?ඇත්ත වශයෙන්ම මෙම චිත්‍රපටයද ත්‍රාසය භීතිය නොඅඩුව කැටිවූ චිත්‍රපටයක් ලෙස හැඳින්වීමට පුළුවන්.මෙහි දෙවැනි කොටස ද ඔබට දැන් නැරඹීමට හැකියාව ඇත. නිහඬව සිටින තාක් ඔබ ආරක්ෂිතයි.

 

 

10.THE INVISIBLE MAN – 2020


මෙම චිත්‍රපටය ද ත්‍රාසය භීතිය නොවඩුව කැටි කැටි වූ චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය.එක්තරා තරුණියක් තරුණයෙකු සමග ආදරයෙන් බැඳේ.ඔහු පොහොසත් තරුණයෙක් වූ නමුත් අමානුෂික ගති පැවතුම්වලින් යුක්ත වේ.හදිසියේම ඔහු සියදිවි නසා ගනී.මෙතැන් සිට කතාව තව තවත් ත්‍රාසයෙන් යුක්තවේ.සියදිවි නසා ගැනීමෙන් පසුව ඔහු අදෘශ්‍යමානව පැමිණ ඇයගේ පෙම්වතියට හා ඇයගේ සමීපතමයන්ට විවිධ කරදර හිරිහැර කරයි.ඒ සියල්ලන්ගෙන්ම ඇය ගැලවේ ද ?



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply