ඔබ කිසි විටෙකත් අත් හදා බැලීමට නොයා යුතු භයානක ක්‍රීඩා කීපයක්

 1,608 Total views,  11 Views today

      අපට නොපෙනෙන මානයන් පිළිබඳ අප දන්නා දේවල් ඇතත් බොහෝ නොදන්නා දේ එහි ගැබ් වී තිබේ.ඒවා භයානකය, ගුප්තය. එය කෙතරම් භයානක වුවත්  බොහෝ දෙනා කුතුහලය නිසා මේවා පිළිබඳ සොයා බලති.ඇතැම් දේ අත්හදා බලති. මෙයින් එක් වර්ගයක් ලෙස අද්භූත ක්‍රීඩා හදුන්වා දීමට හැකිය. මෙවැනි බොහෝ බයානක ක්‍රීඩා ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත. වෙනත් ලෝකවල ජීවත්වන්නන් හා ගනුදෙනු  කිරීමට, නොපෙනෙන මානයකට සම්බන්ධ වී ඒ අද්දැකීම් විඳ ගැනීමට ලෝකයේ බොහෝ දෙනෙක් කැමති වේ.මෙවැනි දේ කෙතරම් ගුප්ත වුවත් භයනක වුවත් ඒ අද්දැකීම් විඳ ගන්නට ඒවා සොයා ගැනීමට උත්සාහ කිරීම අපි කිසි විටෙකත් නතර කරන්නේ ද නැත. මේ කතා කරන්න යන්නේ ද ඔබ කිසි විටෙකත් අත් හදා බැලීමට නොයා යුතු ක්‍රීඩා කීපයක් ගැනය.

01.Bloody Mary


ලංකාවෙ බොහෝ දෙනෙක් නොදන්නා නමුත් බටහිර රටවල ඉතා හොඳින් ජනප්‍රිය භයානක සෙල්ලමක් ලෙස මෙය හැඳින්විය හැකිය.
මෙම සෙල්ලම කිරීමට ඔබට අවශ්‍ය වන්නේ අඳුරු කාමරයක්,කණ්ණාඩියක් හා ඉටිපන්දමක් පමණි.බටහිර රටවල බොහෝ විට මේ සඳහා නාන කාමරය තෝරා ගනියි.ඔබ තෝරාගත් අඳුරු කාමරයට ගොස් කණ්ණාඩිය ඉදිරිපිට සිට ගන්න.එක එල්ලේ කණ්ණාඩිය දෙස බලාගෙන “Bloody Mary Bloody Mary – බ්ලඩි මේරි බ්ලඩි මේරි” යනුවෙන් ආමන්ත්‍රණය කරන්න.


ඔබ එය පවසන විට ඔබේ දෑස් විවෘතව තබා ගන්න. ඔබ සෙමින් හා පැහැදිලිව කථා කිරීමට වග බලා ගන්න එවිට බ්ලඩි මේරි ඔබට සවන් දෙනු ඇත. ඉන්පසු ඇය කැඩපතෙහි පෙනී සිටින තෙක් බලා සිටින්න.
ඇයගේ ස්වරූපය කෙබඳුදැයි කවුරුත් නිසැකවම දන්නේ නැත, නමුත් සමහර අය පවසන්නේ බ්ලඩි මේරි බය හිතෙන පැරණි මායාකාරියක් සේ දිස්වන බවය.


බ්ලඩි මේරි පෙනී නොසිටින්නේ නම් 3 වතාවක් රවුමට කැරකෙන්න. භ්‍රමණය වීම ඇයව පෙන්වීමට හේතු වේ. ඔබ 3 වතාවක් කැරකීමෙන් පසු, ඇය දර්ශනය වී ඇත්දැයි බැලීමට කැඩපත දෙස බලන්න. ඇය තවමත් එහි නොමැති නම්, අනෙක් දිශාවට කැරකීමට උත්සාහ කරන්න.


ඇයව ඔබට දිස්වන්නේ ඔබගේ පිටු පසින් හෝ පැත්තකින් ය.ක්‍රීඩාව අතරතුර දී එම ස්ථානයෙන් පිට වීමට හැකි වුවත් බ්ලඩිමේරි ඒ වන විටත් එතනට ඇවිත් සිටිය හොත් ඔබ පසුපසින් පැමිණීමට ඉඩ ඇත.


ඔබට මෙම ක්‍රීඩාව අවසන් කළ යුතු නම් ඔබ සිටිනා කාමරයේ  විදුලිය දල්වන්න, දොර වසාගෙන සන්සුන්ව හුස්ම ගන්න එවිට ඔබට සන්සුන් විය හැකිය. සන්සුන්ව විසිත්ත කාමරයට ගොස් විනෝදජනක ඩීවීඩී එකක් හෝ ඇඳට ගොස් ප්‍රීතිමත් දේවල් ගැන කතා කරන්න. ඊට පසු, ඔබට සැහැල්ලුවක් දැනෙනු ඇති අතර එය ක්‍රීඩාවක් බව මතක තබා ගන්න.

බ්ලඩි මේරි ඔබ සමඟම සදහටම හොල්මන් කරයිද?

“බ්ලඩි මේරි, මම ඔබෙන් නිදහස්” “Bloody Mary, I am free of thee.”යැයි කියන්න. එවිට, බ්ලඩි මේරිගේ (මන්ඃකල්පිත) අවතාරය ඔබේ මනසින් ඉවත් වනු ඇත.

නමුත් මෙම සෙල්ලම කිරීමෙන් බය වූ ලමයින් බොහෝ ගණනක් රෝහල් ගත කර ඇති බවට වාර්ථාවන නිසා මෙහි භයානක බව වඩා තීව්‍ර වන බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මේ නිසා ඔබ මෙම ක්‍රීඩාව් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් දෙවරක් සිතන්න.

 

02.කාසි භූතයා


සාමාන්‍යයෙන් ලංකාවේ ද හුඟක් ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස මේ කාසි භූතයා සෙල්ලම හැඳින්විය හැකිය.මෙයට අවශ්‍ය වන්නේ කොළයක්, පෑනක්, කාසියක් හා ඉටිපන්දමක් පමණි .ඉන්පසු කොළයේ වටේට ඉංග්‍රීසි හෝඩිය අකුරු පිළිවෙලට ලියාගන්න.ඉඩ තිබෙන ආකාරයට 0 සිට 9 දක්වා අංක ලියා ගත යුතුය.පසුව කොළයේ මැද START හා ENDYES හා NO යනුවෙන් හතර පැත්තේ ලිවිය යුතුය.


ඉන්පසු අඳුරු කාමරයකට ගොස් ඉටිපන්දම පත්තුකර සෙල්ලම කිරීමට සිටින සගයින් සියලු දෙනාම කාසිය කොළය මැද තබා ඒ මත දබරැඟිල්ල තබාගෙන START යන තැනට ඇඟිලිවලින් කාසිය ගෙන යා යුතුය.ඉන්පසු ඒ අඳුරු කාමරය තුළ යම් ආත්මයත් සිටීනම් yes යන තැනට කාසි යනකම් සියලු දෙනාම බලාගෙන සිටිය යුතු වේ.

ආත්මය පැමිණීමෙන් පසු ඒ ආත්මයෙන් ඔබට කැමති ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට හැකියාව ඇත.එයට පිළිතුරු ලැබෙන්නේ කාසිය අකුරෙන් අකුරට ඒ භූතාත්මය විසින් යැවීම මඟින්ය.නමුත් මෙහිදී ආත්මයෙන් නම, මැරුණු විදිහ ආදී ප්‍රශ්න නොඇසිය යුතු බවද සඳහන් බවද සඳහන් කළ යුතුමය.ඔබට ක්‍රීඩාව අවසන් කිරීමට අවශ්‍ය නම් ආත්මයට ස්තුති කොට ස්තුති කොට END යන ස්ථානයට කාසිය රැගෙන ආ යුතුයි.

මේ ක්‍රියාවලිය අතීතයේදී ඇත්තටම ආත්ම කැඳවීමට කළ බව සඳහන් වේ.මේ නිසා මෙහි කාසි අල්ලන්නෙ වත් නැතිව එහෙ මෙහෙ ගිය බව වාර්තා කර ඇත.මේ  ක්‍රීඩාව කර මරණයට පත් වූ අයද අපට වාර්ථා වේ. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ක්‍රීඩාව කිරීමට පෙර කීපවරක් සිතා බලන්න.

03.Charlie charlie challange

මෙම ක්‍රීඩාව මගිනුත් අපට වෙනත් ලෝකවල ආත්ම සමඟ කතා කිරීමට හැකියාව ලැබේ.චාලි චාලි ක්‍රීඩාව කිරීම සඳහා ඔබට කඩදාසි කැබැල්ලක් සහ පැන්සල් දෙකක් අවශ්‍ය වේ. ඔබට මෙමගින් වීඩියෝ පටයක් සෑදීමට අවශ්‍ය නම්,කැමරාවක් ද අවශ්‍ය වේ.එයට ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ හෝ ජංගම දුරකථනයේ කැමරාව භාවිතා කළ හැකිය.
කොළයේ මැද පැන්සල් 2  + ආකාරයට තබා YES  NO ලෙස මාරුවෙන් මාරුවට හතර පැත්තේ ලිවිය යුතුය.ක්‍රීඩාව කිරීමට පළමුව එම අඳුරු ස්ථානය ආත්මයත් සිටීනම් මෙම ක්‍රීඩාව කිරීමට කැමතිද යනුවෙන් ඇසිය යුතුය.ආත්මය කැමතිනම් උඩ තිබෙන පැන්සල yes යන ස්ථානයට කැරකී නවතිනු ඇත.ලැබෙන පිළිතුර no නම් හැකි ඉක්මනින් ක්‍රීඩාව නැවැත්විය යුතුය .
පිළිතුර yes නම් ආත්මයට yes ,no ලෙස පිළිතුරු දීමට හැකි ප්‍රශ්න ඇසීමට ඔබට හැකියාව පවතී.මෙහිදී පැන්සල කිසිම බාහිර බලපෑමක් නැතිව සෙලවීම නිසා ක්‍රීඩාව කිරීමට පෙර දෙවරක් සිතා බලන්න. මෙම පැන්සල සෙලවෙන දර්ශන අන්තර්ජාලය පිරික්සීමෙන් ඔබට දැක බලා ගත හැකිය .

04.The closet game (අල්මාරි සෙල්ලම)


තනිව හෝ කිහිපදෙනෙක් සමග කිරීමට හැකි ක්‍රීඩාවකි.මෙයට අඳුරු අල්මාරියක් හා ගිනි පෙට්ටියක් අවශ්‍ය වේ.මෙම ගිනි පෙට්ටියට එක් ගිනිකූරක් පමණක් දමා ගැන අඳුරු අල්මාරිය තුළට ඇතුළු විය යුතුය.එහිදී කිසි විටෙකත් අල්මාරිය ඇතුළත නොබැලීමට වගබලාගත යුතුය.ඉන්පසු ‘Show me the light or leave me in darkness’ යනුවෙන් මදක් උස් හඬින් පවසන්න.

ඉන්පසු දොරට කිට්ටුවෙන්ම හිඳ විනාඩි දෙකක් පමණ හොදින් ඇහුම්කන් දෙන්න.ඔබට යම්කිසි ශබ්දයක් ඇසුනොත් විගසින් ගිනිකූර දල්වා පසු නොබලා අල්මාරිදොර හැරගෙන එළියට පැමිණිය යුතු වේ.ඔබට ඉක්මනින් ගිනිකූර දැල් වීමට හැකියාවක් නොලැබුණහොත් ඔබේ අල්මාරිය සදාකාලිකවම ආත්මයකට ලැගුම් ගැනීමට ඉඩ සලසා දෙන බවද මතක තබා ගන්න.


මෙම ක්‍රීඩාව කිරීමෙන් බොහෝ දෙනෙක් ඉතාම බියට පත්වී ඇති අතර භයානක ශබ්ද ඇසුණු බව ද ප්‍රකාශ කර ඇත.

 

 05.The Elevator Game

ක්‍රීඩාව කිරීමෙන් නම් බොහෝ අයට භයානක ප්‍රතිඵල අත් වූ බව වාර්තා වේ.මෙය මුලින්ම ආරම්භ කරන ලද්දේ කොරියාවේ ළමයින් පිරිසක් විසින්ය.පසුව මෙය ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත .මෙමඟින් නොපෙනෙන බලවේග සැරිසරන වෙනමම ලෝකයට යාමට ඔබට හැකියාව ලැබේ.


මෙයට අවශ්‍ය වන්නේ අඩුම තට්ටු 10 කින් සමන්විත ගොඩනැගිල්ලක් හා එහි විදුලි සෝපානය පමණි.මෙහිදී පළමුව විදුලි සෝපාන ඇතුළට ගොස් පළමුව 4වෙනි තට්ටුවට යාමට බොත්තම ඔබන්න.ඉන් පසු 2වනි තට්ටුවට ගොස් නැවත 6වෙනි තට්ටුවට යා යුතුය.ඉන්පසු 2වනි තට්ටුවට ආපසු ගොස් නැවත 10වෙනි තට්ටුවට හා 5 වෙනි තට්ටුවට පිළිවෙළින් යා යුතුය. පස්වෙනි තට්ටුවේ දී බොහෝ විට කාන්තාවක් සෝපානයට නඟිනු ඇත.


මෙහි දී විශෙෂයෙන්ම මතක තබා ගත යුතු දෙයනම් විදුලි සෝපානයෙන් කිසි විටකත් එළියට ඒම නොකළ යුතු අතර පිටත කෙනෙකු සමඟ කථා නොකළ යුතුය යන්නයි.සෝපානයට නැඟුණු කෙනා මනුෂ්‍ය ස්වරූපයෙන් පෙනුනද එයා සැබැවින්ම මනුෂ්‍යයෙකු නොවන බව මතක තබා ගත යුතුය.මේ නිසා ඒ කෙනා දිහා බැලීම හෝ කථා කිරීම කෙසේවත් නොකළ යුතු බව ද මතක තබා ගන්න.එසේ කළහොත් ඔබ සදාකාලිකවම වෙනත් නොපෙනෙන මානයක සදාකාලික සිරකරුවෙකු වන බව මතක තබා ගන්න.

අවසානයේ ඔබට යාමට අවශ්‍ය වන්නේ පලවන තට්ටුවට වුවත් ඔබ නිරායාසයෙන්ම දහ වැනි තට්ටුවට යැවෙයි.ඉන්පසු පිටුපස නොබලා සෝපානයෙන් එළියට විත් බැලුවහොත් එය අපගේ ලෝකයම වගේ පෙනෙන වෙනත් ලෝකයක් බව ඔබට වැටහේ.එම ලෝකයේ ඇවිද ඔබ නැවත සෝපානයට නැඟ කලින් කළ රටාවට ම තට්ටු වලට ගොස් පළමු තට්ටුවට ගිය විට නැවත අපගේ ලෝකයට ඒමට හැකියාව පවතින බව සඳහන්වේ.(මෙහිදී ක්‍රීඩාව කිරීමට ප්‍රථම ඔබ තෝරාගත් ගොඩනැගිල්ල තුළ සෝපානයන් එකකට වැඩිය තිබේ නම් ඔබ නැඟි සෝපානය කුමක්දැයි හොඳින් මතක තබා ගත යුතුවෙයි. මන්ද ඔබ අවසානයේ නැවත පැමිණීමේ දී ද නිවැරදි සෝපානයට නැඟිය යුතු බැවිනි.)සෝපානයෙන් එළියට ඒමට පෙර එය හරියටම අපගේ ලෝකය ද කියා තහවුරු කරගෙන ම කරගෙන ම එළියට ආ යුතු ය.නැතිනම් ඔබට නැවත වෙනමම ලෝකයක සදාකාලික සිරකරුවෙකු වීමට සිදු වේ.


මෙම ක්‍රීඩාව කරන ලද තරුණියකගේ cctv දර්ශන ද අන්තර්ජාලය පිරික්සීමෙන් දැක බලා ගත හැකිය. ඇය Elisa Lam මේ කියන තරුණිය වේ. ඇය මෙම ක්‍රීඩාව කරන ආකාරයත් හදිසියේ ම අතුරුදහන් වීමත් cctv හි දැකගත හැකි අතර ටික දිනකට පසු ඇයගේ මෘත දේහය එම එම ගොඩනැගිල්ලේ ඉහළ ටැංකියක් මත තිබී හමු වී ඇත.මේ නිසා සැබවින්ම මෙය භයානක ක්‍රීඩාවක් බව ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply