යෝධයින්ගේ භූමිය – Plain of Jars

 304 Total views,  2 Views today

   

   ස්වාධීනත්වය අතින් බෙලහීන රටක් ලෙස බොහෝවිට ලාඕසය හැඳින්වීමට හැකිය.එයට චීන රජය විසින් එල්ල කරන ලද බලපෑම අති මහත්ය.ලාඕසයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ චීන ව්‍යාපාර වලින් වීම මෙයට හොදම උදාහරණයයි.

     ලෝකයේ පුදුමයට පත්වන පත්වන ඉතා අගනේය ඉතිහාසයක් ඇති ලාඕසය මෙසේ බෙලහීන රාජ්‍යයක් වීම නම් කනගාටුවට කරුණකි. කෙසේ වෙතත් මෙහි අද ලාඕසයේ තිබෙන්නාවූ සිත්ගන්නාසුළු ස්ථානයක් පිළිබඳ ඔබට හඳුන්වා දෙන්නෙමු.එය පිහිටා තිබෙන්නේ උතුරු දිග ලාඕසයේ කඳුකර ප්‍රදේශයකය.මෙහි යෝධයන් විසූ බව බොහෝ අයවලුන් පිළිගන්නා නිසා එහි ආකර්ශණය වැඩිවේ.

සමහර අය සාද සඳහා ලාඕසයට පැමිණේ. තවත් සමහරෙක් එහි ග්‍රාමීය ආකර්ශනය හෝ එය ප්‍රචණ්ඩකාරී ඉතිහාසය විසින් ඇද ගනු ලබයි .නමුත් ඉන් එහාට ලාඕසට පැමිණීමට හේතු කාරණාවක් තිබේ. එනම් ඉහත කී ස්ථානයේ දැක ගත හැකි “භාජන (Plain of Jars) තැනිතලාව” යි.

ඔබ ඒ ගැන අසා තිබේද? සමහර විට එසේ නොවීමට හැකිය , ඒ ඔබ පුරාවිද්‍යාඥයෙක් නොවන නිසා ද විය හැක. නමුත් ඒ අද්භූත පාෂාණ නිර්මාණයන් සැබැවින් ම විශ්මයජනකය.

මෙහි  විහිදී ඇති දැවැන්ත ගල් බහාලුම් සිය ගණනක් පමණ වෙයි. ලොකු, කුඩා, මහත ආදී විවිධ ප්‍රමාණයන්ගෙන් ඒවා විසිරී පවතී. ඒවා  Iron age දක්වා දිව යයි – එනම් දළ වශයෙන් අවුරුදු 2000 ක් පැරණි ය! නමුත් මේවා මෙහි තැබුවේ කවුරුන්ද යන්න හෝ ඊට හේතුව පැහැදිලි කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත.ඇතැම් විට එය සදාකාලික අභිරහසක් වන්නට වන්නට ද හැකියාව පවතී.

OLYMPUS DIGITAL CAMERA

වියට්නාම් යුද්ධ සමයේ බෝම්බ හා බිම් බෝම්බ නිසා ඒ ප්‍රදේශයේ වැඩි කොටසක් විනාශ වී ගිය අතර මෙය වියට්නාම්වරුන්ගේ හමුදා කඳවුරු භූමියක් ව පැවතීම නිසා පුපුරණ ද්‍රව්‍ය ටොන් මිලියන දෙකක් පමණ මෙහි පුපුරා තිබෙන බව ඇසුවහොත් ඔබ පුදුමයට පත් නොවන්නේ ද ? මේ හේතුව නිසා ගල් ගල් බහාලුම් විශාල ප්‍රමාණයක් විනාශ වී ගිය ද දැනට තවත් බොහෝ ප්‍රමාණයක් සුරැකිව පවතී .

මෙම ප්‍රදේශය අසාමාන්‍ය සොහොන් බිමක් බව ප්‍රංශ ගවේෂකයින් ප්‍රථම වරට පරික්ෂා කරන අවස්ථාවේ  හෙළි කරගෙන ඇත.එනම් 1930 දශකයේ ලාඕසය ප්‍රංශ අධිරාජ්‍යේ යටත් විජිතයක්ව පැවති සමයේ ය.

මෙම ප්‍රදේශය අසල ගුහාවල මෘත දේහයන් පුළුස්සා ඒවායෙහි අළු මේ විශාල බඳුන්වල තැන්පත් කර ඇති බව ඔවුන් සොයා ගන්නා ලදී.

ඉහත දැක්වෙන්නේ 1994 දී කාගොෂිමා විශ්ව විද්‍යාලයේ ඊජි නිට්ටා විසින් කැණීම් කිරීමෙන් සොයාගන්නා ලද භාජනයේ පැත්තේ මිනිස් රූපයක් කැටයම් කර ඇති අවස්ථාවයි. මෙය ප්‍රදේශයේ වාර්තා වූ පළමු මානව රූපය වේ.දැනට සොයාගෙන ඇති භාජනයක් මත ඇති එකම කැටයම මෙය වේ- එයින් පෙන්නුම් කරන්නේ  දණහිස සහ වැලමිට නැමී ඇති මිනිසෙකුගේ රුවක් බඳු රුවකි. නමුත් එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න තවමත් විසඳා ගැනීමට හැකි වී නැත.

මේ පාෂාණ බඳුන් පිළිබඳ ලාඕසයේ ජනයා තුළ ජනප්‍රවාද රැසක්  පවතී.එහි එක් පුරාවෘත්තයකට අනුව කියවෙන්නේ මෙහි පාලනය කළ කෲර රජකු විසින් මේ යෝධ පාෂාණ බඳුන් ඉඳි කළේ සිර කුටි ලෙස භාවිතා කිරීමට බවයි.මේ රජුට විරුද්ධ වන ඕනෑම කෙනෙකු මේ බහාලුම්වල දමා වසා කුසගින්නේ මිය යන තෙක් ම රඳවා තැබූ බව එහි කියැවේ.මේ ප්‍රදේශයේ තිබෙන කුඩා පාෂාණ බහාලුම් තනා ඇත්තේ මරණයට නියම වූ ලාබාල අයවලුන් සඳහා බව පුරාවෘත්තයේ දැක්වේ.මෙසේ උන්මත්තකයකු ලෙස හැසිරෙන මේ කෲර පාලකයාගේ චර්‍යාව ඉවසාගත නොහැකි වූ ජනතාව ඔහුව මේ විශාල ගල් භාජනයක් තුළ තුළට දමා සදාකාලිකවම වසා තබා මිය යන්නට සැලසූ බව ද මේ ජනප්‍රවාදයෙහි පැවසේ.නමුත් මේ පාලකයා පිළිබඳ එරට ඉතිහාස ලියකියවිලිවල සඳහනක් නම් නැති බවද කිව යුතුය.

නමුත් ලිඛිත සාක්ෂි නොමැති වුවත් ඇතැම් පාෂාණ බහාලුම්වල ශේෂ වී ගිය මිනිස් ඇටසැකිලි හමුවී තිබේ.මේ නිසා ඇතැම් විට ලිඛිත සාක්ෂි නැතත් ජනප්‍රවාදය සත්‍ය වීමට ද හැකියාව පවතී.
මෙහි එන තවත් ජනප්‍රවාදයකට අනුව කියවෙන්නේ එකල විසූ සාපලත් මිනිසුන් වශයෙන් සැලකූ අයව මේ බහාලුම්වල සිරකර තබා තිබූ බවය.

 


මෙහි ඇති ආකර්ෂණීයම ජනප්‍රවාදය නම් එකල ලාඕසයේ යෝධයන් විසූ ප්‍රදේශයක් බව පිළිගැනීමයි.එයට එකම සාක්ෂිය නම් මේ යෝධ පාෂාණ බහාලුම් පමණක්  බව ද් ඔබට පැවසිය යුතුය.මෙහි විසූ යෝධයින්ව මිනිස් දඩයම්කරුවන් විශාල පිරිසක් එකතු වී සමූල ඝාතනය කළ බව ද ඒ අවස්ථාවේ දී යෝධයින් අත තිබූ පාෂාණ බහාලුම් බිමට වැටෙන්නට ඇති බවද ජනප්‍රවාදයෙහි කියවේ.


ඔබ සිතන ආකාරයට මෙහි විශාල පාෂාණ බඳුන් එහි විසූ යෝධයින්ටඅයත් වූවා විය හැකිද ?

 

 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply