සැබෑ ජීවිතයේ සුපිරි බලයන් සහිත ගෝත්‍රික ජන වර්ගයන් 7ක්

 655 Total views,  3 Views today

ඔබටත් සුපිරි බලයක් තිබුනා නම් කියා ඔබ ඕනෑතරම් සිතන්නට ඇති. නමුත් අපට සිහිනයක් පමණක් වන සුපිරි බලයන් සහිත ගෝත්‍රයන් සහ ජන කොට්ටාශයන් මෙලොව ඕනෑ තරම් වෙසෙනවා.

නමුත් ඔවුන් සතුව එවැනි සුපිරි බලයන් තිබෙනවාද යන්නවත් ඔවුන් දන්නේ නෑ. ඔවුන් එය දැනගත්තේ ලොවටම පෙන්වීමට අවස්තාවක් ලැබීමත් සමගයි. ඒ වගේම දියුනු තාක්ෂණයට ස්තූති වන්ත වෙන්නද ඔවුන් ඒ ගැන දැනුවත් උනා. අද අපි කතා කරන ගෝත්‍රයන් වල එවැනි සුපිරි බලයන් ලැබී තිබෙන්නේ, ආහාර, කාලගුණය සහ ජීවන රටාව වැනි නොයෙකුත් හේතු නිසයි. නමුත් ඒ අතරින් ඇතැම් සුපිරි බලයන් ඔවුන්ට ලැබී තිබෙන්නේ කෙසේද යන්න තවමත් අභිරහසක්ව පවතිනවා.

01. දිගු දුර දාවකයින් සිටින කෙන්‍යාවේ කැලෙන්ජින් ගෝත්‍රය

කෙන් යාව යනු ලොව විශිෂ්ටතම මැරතන් දාවකයින් බිහිකල රටක් බව ඔබ දන්නවා ඇති. නමුත් ඔවුන් නොදන්නා දෙයක් තමයි ඔවුන් සියලුම දෙනා පැවත එන්නේ එකම ගෝත්‍රික ජන සමාජයකින් බව. එනම් කෙන්‍-යාවේ කැලෙන්ජින් (Kalenjin) ගෝත්‍රයයි.

දිගු දුර දිවීමේ ඉසව්වෙන් මෙම ගෝත්‍රික ජනයා සුපිරි දස්කම් දක්වන්නේ ඇයිද යන්න සෙවීමට විද්‍යාඥයින්, පර්‍යේෂකයින් සහ ක්‍රීඩා විශ්ලේෂකයින් පරීක්ෂණයන් පවා සිදු කලා. එහිදී බොහෝ දෙනෙක් සැක කලේ පිෂ්ටයෙන් පොහොසත් ආහාර ඔවුන්ගේ ම්ව් භූමිය පිහිටි ස්ථානය සහ සමාජීය වගේම ආර්ථිකමය සාදකද ඒ සදහා බලපාන්නට ඇති බවයි. නමුත් නිවැරදිම හේතුව කුමක්ද යන්න පැවසීමට කිසිවෙකුට නොහැකි උනා.

ඇතැම් පර්යේෂකයින් නම් පවසන්නේ එම සුපිරි බලය ඔවුන්ට ලැබී තිබෙන්නේ ජානමය බලපෑමකින් බවයි. කැලෙන්ජින් වරයෙකුගේ ශාරීරික ස්වභාවය දෙස අවදානය යොමු කලහොත් කුඩා වළලුකර, කුඩා කෙන්ඩා, කුඩා මාංශ පේෂීන් සහ සිහින් බවකින් යුත් ආරෝහ පරිනාහ දේහය සෑදී තිබෙන්නේම මැරතන් ශූරයින් වීමටයි.

මැරතන් තරගයකදී ශාරීරික ප්‍රමාණය තරගය තීරණය කරන ප්‍රදාන සාදකයක් වෙනවා. අන් අයට සාපේක්ෂව කුඩා වළලුකර කෙන්ඩා මාංශපේෂීන් විසින් භාවිතා කරන්නේ අවම ශක්ති ප්‍රමාණයක්. එම නිසා ක්‍ර්‍රීඩා විශ්ලේශකයින් පවා විශ්වාෂය තබන්නේ කුඩා වළලුකර සහ කෙන්ඩා මාංශ පේශීන් සතු පුද්ගලයින් මතයි. කැලෙන්ජින් ගෝත්‍රිකයින්ට මේ දේවල් ලැබෙන්නේ උපතින්මයි.

02. ජලය යට වැඩි වේලාවක් සිටිය හැකි ගෝත්‍රිකයින්

ඉන්දුනීසියාවේ බජාවු ජනවර්ගයා මුහුදු එඩේරන් සහ මුහුදු අහිකුන්ටකයින් ලෙසත් හදුන්වනවා. ඒ මුහුද යට කිසිම ශ්වසන ආදාරකයක් නොමැතිව මිනිත්තු කිහිපයක් පහසුවෙන්ම සිටීමට ඔවුන්ට ඇති විශ්මිත හැකියාව නිසා.

මොවුන්ට අඩි 200ක් ගැඹුරේ උනත් මිනිත්තු 13ක් පමණ සිටින්නට පුළුවන්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයින් සිදු කල පරීක්ෂනයකින් හෙලි උනේ ඔවුන්ට මෙම පුදුම හැකියාව පිහිටා තිබෙන්නේ ඔවුන්ගේ සිරුරු කිමිදීම සදහා අනුගත වී තිබීම නිසයි.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ “බඩදිව (spleen)” ලෙස හදුන්වන ඉන්ද්‍රියට වඩා ඔවුන්ගේ බඩදිව 50%කින් පමණ විශාලවී පවතිනවා.

මේ සොයාගැනිම සිදුකිරීමට පෙර සිටම අපේ බඩදිවේ ප්‍රමාණය ජලය යට සිටීමේ හැකියාව
සදහා බලපාන බව විද්‍යාඥයින් දැන සිටියා. ඒ විශාල බඩදිව ජලය යටදී ඔක්සිජන් වලින් පොහොසත් රුදිරය නිදහස් කරන නිසා. ඒ නිසා උඩට පැමිණ හුස්ම ගැනීමේ අවශ්‍යතාව අඩු කොට වැඩි වේලාවක් ජලය යට සිටීමට ඉඩ ලබා දෙනවා.

බජාවු ජනවර්ගය අද්‍යනය කිරීමේදී පෙනීගිය තවත් දෙයක් වන්නේ T4 ලෙස හදුන්වන තයිරොයිඩ් හෝමෝන ශ්‍රාවය ඉහල නංවන විශේෂිත ජානයක් ඔවුන් සතුව ඇති බව. එම ඉහල තයිරොයිඩ් හෝමෝන ශ්‍රාවයෙන් තමයි බඩදිව විශාල වීම සිදුවී තිබෙන්නේ.

03. ජලය යටදීත් පැහැදිලිව පෙනෙන මෝකෙන්

ජලය යටදී වැඩි වේලාවක් හුස්ම රදවා තබා ගැනීමට වඩා එහා ගිය තවක් එක් සුපිරි බලයක් තිබෙනවා. ඒ තමයි ජලය යටදීත් විශේෂිත ඇස් පැලදුමක් පැලද සිටිනවා සේ පැහැදිලිව දැකීමට ඇති හැකියාව. මෙය ඔබ අපිට සිහිනයක් පමණක් උනත් බටහිර තායිලන්තයේ මෝකන් ජනවර්ගයේ කුඩා දරුවන්ට එම හැකියාව උපතින්ම ලැබෙනවා. බජාවු ජනවර්ගය වගේම මොවුන් ජලය ආශ්‍රිතව වෙසෙන නිසා ඔවුන් ජල අහිකුන්ටකයන් ලෙස හදුන්වනවා.

තායිලන්තයේ මෝකන් ජනවර්ගයේ ජලය යටදී පවා ඉහල පෙනීමේ හැකියාවක් තිබෙනවා.
1999 වර්ෂයේදී ඇනා ගිස්ලන් නමැති පර්යේශක වරිය එම ජනවර්ගය වෙත ගොස් ඔවුන් සමග ජීවත් වෙන ගමන් ඔවුන් සතු එම සුපිරි හැකියාව අද්‍යනයට ලක් කරා. ඇය ලොවට හෙලිකලේ මෝකන් ජනවර්ගයේ කුඩා දරුවන්ගේ ජලය යට දැකීමේ හැකියාව යුරෝපික දරුවන්ට වඩා දෙගුනයකින් වැඩි බවයි. නමුත් වැඩිමහලු බවට පත් වෙනවාත් සමගම ඔවුන්ගෙන් එම හැකියාව අතුරුදහන් වී යන බවශ හෙලිවී තිබෙනවා.

සීල් සහ ඩොල්ෆින් මත්සයින්ට ජලය යටදී ඔවුන්ගේ ඇස් වල කලු ඉංගිරියාව හකුලවමින් හැඩය වෙනස් කරන්නට පුළුවන්. එම හැකියාව නිසා තමයි ජලය යටදී හොදින් දකින්නට හැකිවී තිබෙන්නේ. ලොවම පුදුමයට පත්කරමින් ඇනා ගිස්ලන් නමැති පර්යේශක වරිය සොයාගෙන තිබෙන්නේ මෙම කුඩා දරුවන්ටද ජලය යටදී ඔවුන්ගේ ඇස්වල කලු ඉංගිරියාව හකුලුවමින් එහි හැඩය වෙනස් කරගන්නට පුළුවන් බවයි. ජලය යටදී ඔවුන්ට ඉහල ඇස් පෙනීමක් ලබා දුන් රහස එයයි. 2004 වර්ෂයේදී සුනාමියෙන් මෙම ජනවර්ගයාගේ වාසභූමි සියල්ල විනාශවී ගිය අතර ඔවුන් දැන් පදිංචිව සිටින්නේ රට ඇතුලට වෙන්නටයි.

04. සුපිරි කදු නගින්නන් වන සර්පාස් වරු

සාමාන්‍ය පුද්ගලයෙක්ද එවරස්ට් තියා කුඩා කන්දක් උනත් නැගීම ඉතා අපහසු ක්‍රියාවකි. නමුත් සර්පාස් ජනවර්ගයාට නම් එය ඉතාම සුළු ක්‍රියාවකි. කෙටියෙන්ම කිව්වොත් ඔවුන් කදු නැගීමේ ඉතා දක්ශයන්. ඔවුන් සාමාන්‍ය පුද්ගලයින් ගමන් කරන මාර්ගයන් වලින් බැහැරව වෙනත්ම මාර්ගයන් වලින් එවරස්ට් කන්ද නගිනවා. එවරස්ට් කන්ද නගින පුද්ගලයින් සෑම විටම මග පෙන්වන්නන් ලෙස තෝරාගන්නේ සර්පාස් ජන වර්ගයේ කෙනෙක්.

පර්යේශකයින් පවසන ආකාරයට ඔවුන් සුපිරි කදු නගින්නන් බවට පත්වීම සදහා හේතුවූ ප්‍රදාන සාදකයක් තිබෙනවා. ඒ තමයි අන් අයට සාපේක්ෂව ඉහල උන්නතාංශයන් වලදී ඔක්සිජන් කලමනාකරණය කරගැනීමේ සුපිරි හැකියාවක් ඔවුන් සතුව පැවතීම. මෙය පුදුමයට පත්වීමට කරුණක් නොවෙයි. ඒ සර්පාස්වරු හිමාලය ආශ්‍රිතව වසර 6000ක් පමණ කාලයක් පුරාවට වාසය කරනවා. හිමාව ප්‍රදේශයේ වන සිසිල් කාලගුණය සහ අඩු ඔක්සිජන් මට්ටමට අනුගත වීමට එම කාලය හොදටම ප්‍රමාණවත්.

ඒ වගේම කදු නගින්නන් බහුලවම මුහුණදෙන මාරාන්තික අසනීපයන් සහ අතුරු ආබාදයන් සදහා සර්පාස් වරු සතුව ඉහල ප්‍රතිශක්තියක් තිබෙනවා. එවරස්ට් කදු මුදුනට යනවාත් සමගම ඔක්සිජන් මට්ටමේ අඩු වීමක් සිදුවෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් අපේ සිරුර විසින් මාංශ පේශීන් වලට අවශ්‍ය කරන ශක්තිය සපයන්න වැඩියෙන් රතු රුදිරානු සයිල නිපදවනවා. ඇතැම් අවස්තාවන් වලදී මෙම අමතර සයිල විසින් රුදිරයේ උකුබව වැඩිකොට හදවතට වැඩි ආතතියක් ඇති කරනවා.

සර්පාස් වරුද එම ක්‍රියාවලියට මුහුන දුන්නද එයින් ඇතිවන භයානක අතුරුපලයන් වල බලපෑම ඔවුන්ට දැනෙන්නේ ඉතාමත් අඩුවෙන්. තවත් දෙයක් වන්නේ ඔක්සිජන් හිග බවක් දැනුනු විගස ඔවුන්ගේ ශරීර විසින් වැඩි ශක්තියක් නිපදවනවා.

05. පිළිකාවන්ට සහ දියවැඩියාවට ගොදුරු නොවන සුපිරි මිනිසුන්

 

ලැරෝන් සහ ලක්ෂණයෙන් පෙලෙන ඉක්වදෝර් ස්වදේශික ජනයා පිළිකාවන්ට සහ දියවැඩියාවට ප්‍රතිශක්තියක් දක්වනවා. ලැරෝන් සහ ලක්ෂණය යනු වර්දක හෝමෝන ග්‍රාහකයන් විකුර්ති කරමින් කුරුවීම ඇති කරන ආබාද තත්වයක්. ඉක්වදෝරයේ දුශ්කර ගෝත්‍රික ගම්මානයක වෙසෙන ජනවර්ගයක් අතර මෙම තත්වය සුලභව දැක ගන්නට පුළුවන්. මෙම ලැරෝන් සහ ලක්ෂණය ගැන මුළු ලෝකයම දැන ගත්තේ ජේමි කුවේරා මහතා මෙම ගෝත්‍රික ජනවර්ගයා අද්‍යනයකොට එම තත්වයෙන් පෙලෙන්නන් දිය වැඩියාවට සහ පිළිකාවන්වලට හෙලිකර ගැනීමත් සමගයි.

මෙම සහ ලක්ෂණ තත්වය නොමැති එම ජන වර්ගයේම පුද්ගලයින් පිළිකාවන් සහ දියවැඩියාව සදහා ඉහල අවදානමක් දක්වනවා. මෙය සනාත කරගැනීමට එතුමා දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලය හා එක්ව ලැරෝන් සින්ඩ්‍රෝම් එකෙන් පෙලෙන අයගේ ජාන වලින් සේරම් එකක් නිර්මාණය කලා. සේරම් යනු ලේ වල දියාරු කොටසයි. ඔවුන් එම සේරම් එක සිතාමතාම හානි කරපු මිනිස් සයිල වලට එකතු කලා. එහිදී හෙලි උනේ එම සේරම් එක විසින් එම සයිල ජාන හා නිවීමට තිබෙන ඉඩකඩ නතර කිරීමට කටයුතු කල බවයි.

පසුව එම සයිල පිලිකා සයිල බවට පත්වීමට පෙර ඒ විසින්ම විනාශවී ගොස් තිබෙනවා. එම හේතුව නිසා තමයි එම ජනවර්ගය පිළිකාවන්ට සහ දියවැඩියාවන් වලට ප්‍රතිශක්තියක් දක්වන්නේ.

06. හදවත් රෝග වලට ගොදුරු නොවන සුපිරි මිනිසුන්

හදවත් රෝග වලට මුළුමනින්ම වගේ ප්‍රතිශක්තියක් දක්වන බොලීවියාවේ සිමේන් ජනවර්ගය තමයි ලොව අනෙකුත් ජනතාව අතරින් හදවත් රෝග ඇතිවීම සදහා ඉතාමත්ම අවම අවදානමක් ඇති ජන වර්ගය වන්නේ. 2014 සහ 2015 වර්ෂයේදී පරීක්ශකයින් මෙම ගෝතයේ සිය ගනනක් පමණ පරීක්ශාවට ලක් කලා. එහිදී හෙලි උනේ ඒ අතරින් කිසිවෙකුගේ දමනි කිසිවකින් අවහිර නොවී පැහැදිලිව පවතින බවයි.

 

හදවත් රෝග සදහා හේතුවන ප්‍රදාන සාදකය වන්නේ දමනි අවහිර වීමයි. එම නිසා ඔවුන්ට හදවත් රෝග ඇතිවීමට කිසිම අවදානමක් නැහැ. ඒ වගේම ඔවුන් කොලෙස්ට්‍රෝල්, ප්‍රෙශර් , රුදිරයේ සීනි මට්ටම වැඩිවීම වැනි එකම තත්වයකින් වත් පීඩා විදින්නේ නැහැ. පර්යේශකයින් පවසන විදියට ඒ සදහා ප්‍රදානම හේතුව වන්නේ ඔවුන්ගේ ආහාර සහ ජීවන රටාවයි. ඔවුන් ආහර ලෙස ගන්නේ අන්ප්‍රොසෙස් කාබෝහයිඩ්‍රේට් වර්ගයේ ආහාර වන අතර මේදය සහ ප්‍රෝටීන් ආහරයට එකතු කරගන්නේ ඉතාමත් අඩුවෙන්.

තමන් විසින්ම දඩයම් කරගත් සත්වයින්ගෙන් සහ මත්සයින්ගෙන් තම ප්‍රෝටීන් අවද්‍යතාවය සපුරා ගන්නා ඔවුන්, ඉතා ක්‍රියාශීලී වන අතර දවසේ වැඩි වේලාවක් කුමන හෝ වැඩක නිරත වෙනවා.

 

07. සුපිරි ඇස් පෙනීමක් සහිත ඇබෝර්ජිනල් වරු

ලොව සුපිරිම ඇස් පෙනීමක් සහිත ජන වර්ගය වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇබෝර්ජිනල් ජන වර්ගයයි. ඔවුන් අතරින් ඇතැමෙක්ට සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 4 ගුණයකින් වැඩි ඇස් පෙනීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා සාමාන්‍ය පුද්ගලයින්ට පෙනෙනවාටත් වඩා 4 ගුණයකින් කුඩා දේවල් ඔවුන්ට දකින්නට පුළුවන්.

එම ගෝත්‍රයේ හැම කෙනෙකුටම එවැනි ඇස් පෙනීමේ හැකියාවක් නොතිබුනද සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ශව නම් දෙගුණයකට හෝ තුන් ගුණයකට වඩා ඇස් පෙනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි ඇතැම් ඇබෝර්ජිනල් වරු ඕස්ට්‍ර්‍ර්ලියානු හමුදාවේ ස්පොටර් වරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒ ඔවුන්ට ඉතාමත් ඈතින් පිහිටි සතුරන් පවා හදුනා ගැනීමට හැකි නිසා. නීති විරෝදීව ඇතුළු වන අනවසර සංක්‍රමණිකයින් සහ දීවර බෝට්ටු සොයා ගැනීම සදහා ඔවුන්ගෙන් ලැබෙන්නේ විශාල සහයකි.

වසර සිය දහස් ගනනක් පුරාවට දඩයම් කිරීම මගින් ඔවුන්ට ලැබුනු සුපිරි බලයක් ලෙස මෙය හදුන්වන්නට පුළුවන්. නමුත් අවාසනාවකට වයසට යනවාත් සමගම අද එම ජනයාගෙ පෙනීම විශාල වශයෙන් පිරිහී යනවා. සනීපාරක්ශාවක් නොමැතිකම සහ දියවැඩියාව ඉන් ප්‍රදානම හේතුවයි. අනෙකුත් ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට සාපේක්ශව 40 හැවිරිදි වියට සමීප වනවාත් සමගම අන්ද භාවයට 6 ගුණයකත් වඩා වැඩි ඉඩකඩක් තිබෙනවා.

 

යාලුවන්ටත් බලන්න Share කරන්න,

මූලාශ්‍රය: නොදුටු ලෝකය



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply