පෘථිවියටත් වඩා දියුණු ශිෂ්ටාචාරයකින් යුතු අඟහරු හා එහි විශ්මය දනවන ඡායාරූප හා තොරතුරු

 1,095 Total views,  4 Views today

 

අභ්‍යවකාශ ගවේෂණයේදී අඟහරු ග්‍රහයාට ප්‍රමුඛස්ථානයක් හිමිවේ.සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා අඟහරු ය.  එයට “රතු ග්‍රහයා” යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන නිසාය. මාස් (Mars) යන ‍ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කිරීමක් වශයෙනි.

අඟහරු ග්‍රහයා ගැන කතා කිරීමේදී අපට එහි ශිෂ්ටාචාරය පිළිබඳව කථා නොකරම බැරිය.තවම ගවේෂණය කිරීමෙන් පවතින අඟහරු පිළිබඳව විටින් විට විවිධ කුතුහලය දනවන තොරතුරු දැන ගන්නට හැකිය.විශේෂයෙන්ම දැනට සොයාගෙන තිබෙන කරුණු අනුව අඟහරු මත පෘථිවියට වඩාත් දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට සාධක කෙමෙන් කෙමෙන් හමුවේ.


අඟහරු ග්‍රහයා පිළිබඳ කතා කිරීමේදී අපට විශේෂ පුද්ගලයකු පිළිබඳව කතා කතා නොකර ම බැරිය. එනම් රුසියානු ජාතික “Boris kipriyanovich” ය.1966 වර්ෂයේ දී උපත ලද මොහු රුසියානුවන් අතර ජනප්‍රිය වන්නේ boriska යන නමිනි . එහි තේරුම “පුංචි බොරිස්” යන්නයි.ඔහුගේ මව වෛද්‍යවරියකි. ඇයට කුඩා බොරිස්ගේ විශේශත්වයක් තිබෙන බව පසක් වී ඇත.ඒ මන්ද යත් බොරිස් ඉපදී සති දෙකක් යන්නටත් පෙර කිසිවකුගේ ආධාරයක් නොමැතිව නැගී නැගී සිටීමට හැකි දරුවෙකු වීමත් මාස කීපයකින් වැඩුණු මිනිසෙකු මෙන් කතා කිරීමට හැකිවීමත් වගේම අවුරුදු එකහමාරක් පමණ වයස වන විට ඉතා හොඳින් ලිවීමට කියවීමට හැකි වීමත් යන හේතු කාරණා නිසා ය.බොරිස් තමන් අඟහරු ලොවේ සිට මෙහි පැමිණි බව දිගටම තම මවට පැවසීම වඩාත් විශේෂිත කාරණය වේ.නමුත් මව මෙය බොරිස්ගේ අසාමාන්‍ය ලිවීමේ කියවීමේ හැකියාව නිසා එය සිතින් මවාගෙන උපකල්පනය කොට කියන ලද්දක් බව සිතුවත් පසුව ඔහු පරිහරණය කරන ලද පොත්පත් ආදිය බැලූවිට එහි කිසිවක අභ්‍යවකාශය ගැන හෝ  අඟහරු පිළිබඳ කිසිවක් නොමැති නිසා නොවැදගත් ලෙස බැහැර කළ නොහැකි බව ඇයට වැටහී ගියහ.පසුව ඇය ඔහු සමග අඟහරු පිළිබඳව කතා කිරීමට තීරණය කළාය.ඔහු දිගින් දිගටම අඟහරු තුළ පැවති දියුණු ශිෂ්ටාචාර පිළිබඳව ද ,සෞරග්‍රහ මන්ඩලය පිළිබඳ අදහාගත නොහැකි දේ විස්තර කිරීමට පටන් ගෙන තිබිණි.මේ නිසා බොරිස් ගේ මව ඔහු ව අභ්‍යවකාශ නිරීක්ෂණය කරන විද්වතුන්ගේ අවධානයට යොමු කළහ.මේ නිසා බොරිස් රුසියාවේම ජනප්‍රිය වී ගියේ ය.


බොරිස් පවසන ආකාරයට අඟහරු වල පැවති දියුණු ශිෂ්ටාචාරය එහි වූ න්‍යෂ්ටික පිපුරුමක් නිසා විනාශ වී ගොස් ඇත.මේ අඟහරු වාසීන් තම යානාවලින් විශ්වය පුරාම සැරිසරා ඇති බවද බොරිස් සඳහන් කර ඇත.


අපි අඟහරු ජීවීන් කුරුමිට්ටන් ලෙස හිතුවද ඔවුන් පෘථිවි මිනිසෙකුට වඩා බොහෝ සෙයින් උස බව ඔහු සඳහන් කර ඇත.තවද අවුරුදු 35න් පසුව පෘථිවි වාසීන් වයසට ගියද අඟහරු ජීවීන් වයසට නොයන බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.අප හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් ආශ්වාස කළ ද ,අඟහරු වාසීන් කාබන් ඩයොක්සයිඩ් ආශ්වාස කළ බව බොරිස් පවසයි.

මොවුන් අඟහරු වල වීමට යන නාසයේ වටහාගෙන අඟහරු ලොවින් මිදී ඇවිත් ඇති අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ වෙනත් ග්‍රහලෝකයක  උපත ලැබීමයි. තමන් එයින් එක් කෙනෙකු බව බොරිස් පවසා ඇත . බොරිස්ගේ ප්‍රකාශයට අනුව අඟහරු වල තිබූ ශිෂ්ටාචාරයේ නෂ්ටාවශේෂ න්‍යෂ්ටික යුද්ධයෙන් පසුව ද තවමත් ඉතිරි වී ඇත.


පෘථිවියේ ද මිනිසාගේ ඇසට ගෝචර නොවූ බොහෝ රහස් ඇති බව ඔහු ප්‍රකාශ කරයි.දැනට ලෝකයේ පවතින ජීව පද්ධතිය වෙනස් කිරීමට හැකි යාන්ත්‍රනයක් නොවිසඳුණු රහස් ගොඩකට හිමිකම් කියන ඊජිප්තුවේ පීනික්ස් ප්‍රතිමාව තුළ  සැඟව ඇති බව ඔහු පවසා ඇත.නමුත් එහි තොරතුරු තමාට හරියාකාරව මතක නොමැති බවත් ඔහු සඳහන් කර ඇත.සමහර විට ඔහුට මේ යාන්ත්‍රණය පිළිබඳ සියල්ල මතක තිබෙනු ඇති බවත් එය මිනිසාට අයහපතක් වන ලෙස කවුරුන් හෝ පරිහරණය කළොත් යන සැකය නිසා එය සඟවන බවත් ඇතැම් විද්වතුන්ගේ මතය වේ.

මෙය නිකම්ම හිතලුවක් හෝ පුනරුප්පත්ති කතාවක් ලෙස යමෙකුට බැහැර කිරීමට හැකි නමුත් අභ්‍යවකාශ විද්‍යාඥයන් ගේ අඟහරු නිරීක්ෂණවලදී ඔහුගේ ඇතැම් කතා සත්‍ය බව පසක් කිරීමට හේතු සාධක වී ඇත.


Dr.John Brandenburg ඇමරිකාවේ අභ්‍යවකාශය පර්යේෂණ කරන ඉතා ගෞරවනීය පුද්ගලයෙකි.ගේ විෂය ප්ලාස්මා භෞතික විද්‍යාව හා සම්බන්ධය.

2001 වර්ෂයේ දී අඟහරු ගවේෂණයේ යෙදුණු ” Odyssey orbiter” හී සවි කර තිබු ගැමා කිරණ ස්පෙක්ටෝ මීටරයේ දත්ත ගවේෂණය කිරීමේ අවස්ථාවක් ඔහුට ලැබී ඇත.එහිදී ඔහු ට විශ්මයජනක දෙයක් නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත.ඒනම් අඟහරු වල යම් ස්ථාන දෙකක පමණක් විකිරණශීලී යුරේනියම් , පොටෑසියම් ,සෝඩියම් අසාමාන්‍ය ලෙස වැඩි ප්‍රමාණයක් අඩංගු වනවා යන කාරණයය.පළමුව මෙය ස්වභාවික සංසිද්ධියක් විය යුතු බව සිතුවත් පසුව ඔහු මූල ද්‍රව්‍ය සමස්ථානික අතර පවතින වෙනස නිරීක්ෂණය කිරීමෙන් පසුව එම නිගමනය වෙනස් විය . එසේ සමස්ථානික අතර වෙනසක් පවතින්නේ න්‍යෂ්ටික පිපුරුමකින් බව ඔහු වටහා ගන්නා ලදී.


මේ අනුව එවැනි න්‍යෂ්ටික  පිපුරුමක් සිදු කිරීමට තරම් අඟහරු වල තාක්ෂණික දියුණුවක් තිබූ බවත් ඒ දියුණුව නිසාම ඔවුන් තම විනාශය ළඟාකර ගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.මෙම මතයට සමහර විද්‍යාඥයින් එකඟවෙද්දී තවත් සමහර විද්‍යාඥයින් එය විකාර මතයක් බව ප්‍රකාශ කරයි.


අඟහරු වල අර්ථ ගෝල 2 අතර අසාමාන්‍ය වෙනසක් ඇත.1970 දී දියත් වූ නාසා ආයතනයේ වයිකින්ග් ව්‍යාපෘතිය මගින් අඟහරු වල භූවිෂමතාවල නිසි ආකාර අවබෝධයක් ලබාගෙන ඇත.අඟහරුගේ උත්තර අර්ධ ගෝලය පැතලි ස්වභාවයක් හා අභ්‍යන්තරයට නෙරාගිය ස්වභාවයක් දක්නට ඇත.අනෙක් අර්ධ ගෝලය සම්පූර්ණ වෙනස් ය.ඉතා උස් කඳු පන්ති හා දැවැන්ත සානු වලින් එය පරිපූර්ණ වී ඇත.එහි උස කඳු පන්ති එවරස්ට් කන්දටත් වඩා උසින් වැඩි බව හඳුනාගෙන ඇත.සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස දැනට හඳුනාගෙන ඇති ඔලිම්පස් මොන්ස් කන්ද පිහිටා ඇත්තේ අඟහරු ග්‍රහයාගේ ය. තවද ‍විශාලතම අගාධය වන වැලිස් මැරියිනරීස් ද පිහිටා ඇත්තේ මෙහිය.

උත්තර අර්ධ ගෝලයේ මේ වෙනසට හේතු පාදක වූ කරුණු ලෙස සැකකරන්නේ යම් කාලයක එහි විශාල සාගරයක් පැතිර තිබූ බවය.තවද දැවැන්ත උල්කාපාතයක් මෙහි ගැටීමෙන් මේ වෙනස ඇති වූ බව ද බවද සැක පළ කරයි.


අඟහරු වල ජලය ද්‍රවයක් ලෙස පවතී ද යන්න පිළිබඳ තවමත් හරියාකාරව නිගමනයකට එළැඹී නැත.එහි පරිසරය සමග ජලය පවතිනවා නම්ඒවා වාෂ්ප ස්වභාවයෙන් හෝ පොළොව යට පැවතිය යුතු බව මතය වේ . කෙසේ වෙතත් දශක ගණනාවක් අඟහරු ගවේෂණය කර යානා වලින් යානා වලින් ලබාගත් ලබාගත් තොරතුරු තොරතුරුවලට අනුව එහි විශාල නිම්න විශාල ගංගා පැවති බව සොයා ගෙන ඇත.


එසේ බලන කල එහි තිබූ ජලයට කුමක් සිදුවී ඇත්ද ? ඇතැම් විටෙක අඟහරු වල යම් විපර්යාසයක් සිදු වී මතුපිටින් ජලය නැති වී ගිය ද නැති වී ගිය ද පොළොව පොළව අභ්‍යන්තරයේ අයිස් ලෙස හෝ විශාල ජලාශ ලෙස හෝ පැවතිය හැකි බව විද්වතුන්ගේ මතය වේ.අඟහරු වල ඩ්‍රැව අභ්‍යන්තරයෙ ජලය අයිස් ආකාරයට තවමත් දැක ගැනීමට හැකි බව තවත් මතයකි .


දෙදහස් පහළොවේ දී අඟහරු ගවේෂණයේ යෙදුණු නාසා ආයතනයේ “Reconnaissance orbiter” ලබා දුන් තොරතුරු අනුව ඉහත කී මතය සනාථ වේ .යුරෝපා සංගමය විසින් දියත් කරන ලද “Mars Express operations” හි දත්තවලට අනුව අඟහරුහි දක්ෂිණ ද්‍රවය ආසන්නයේ සැතපුම් 12ක්  පමණ දිග විලක සාධක හමුවී ඇත.

 

අඟහරු වල නීති මීතේන් වායුව තිබෙන බවද සොයාගෙන ඇත.ඇතැම්විට එය ඇතිවීමට හේතුව භූවවිෂමතා ලක්ෂණ හේතු වීමට හැකි බව දැක්වුව ද එයට නිශ්චිත හේතුවක් තවම ලැබී නැත.

2019 වසරේදී කියුරියෝසිටි රෝවරය මගින් අඟහරු ග්‍රහ ලෝකයෙහි බලාපොරොත්තු වූවාට වඩා වැඩි ප්‍රතිශතයකින් ඔක්සිජන් වායුව ඇති බව සොයා ගැනීමත් සමග එය ලෝකය කැලඹීමකට පත් කිරීමට සමත් පුවතක් බවට පත්වූහ.ඔක්සිජන් පැවතීමට නම් ප්‍රභාසංස්ලේෂණය සිදු වීමට සුදුසු පරිසරයක් අඟහරු වල පැවතිය යුතු බවට තර්ක කරන ලදී.

අඟහරු වල ජීවය පවතිනවාද නැද්ද යන්න තවම විද්‍යාඥයින්ට පිළිතුරු දීමට නොහැකි ප්‍රශ්නයකි.අඟහරුහි මතුපිට පමණක් නොව අභ්‍යන්තර අභ්‍යන්තරය ද හොඳින් නිරීක්ෂණය සඳහා නවතම රෝවර් යන්ත්‍රයක් යැවීමට ක්‍රියා කරමින් පවතී.2030 වන විට අඟහරු වලට පළමු මිනිසා යැවීමට කටයුතු සලසමින් සිටින අතර එහි පසුව ජනාවාස තැනීම ද අරමුණු කොට ගෙන සිටී.


පහත සඳහන් වන්නේ අඟහරු මගින් තවම පැහැදිලි කර ගැනීමට නොහැකි වූ ඡායාරූප කිහිපයකි.

 

බ්ලූබෙරි පාෂාණ


opportunity රෝවරය මගින් අඟහරු වල තිබෙන අසාමාන්‍ය ලෙසවටකුරු වස්තූන් කිහිපයක් නිරීක්ෂණය කර ඇත.ඒවා blueberry වල හැඩයෙන් යුක්ත නිසා ඒ නමින්ම හඳුන්වා ඇත.එය පාෂාණ වර්ගයක් විය හැකි බව නිගමනය කර ඇති අතර එම හැඩය ගැනීමට හේතුව දියපාර වලට හසුවීම විය හැකි බව මතය වේ.

 

ජෙලි පිරුණු ඩෝනට්


මේ ඡායාරූපයෙහි වස්තුව ජෙලි පිරුණු ඩෝනට් යනුවෙන් හඳුන්වයි.සති ගණනක් නිරීක්ෂණය කිරීමෙන් පසුව එය සාමාන්‍ය පාෂාණයක් බවට හඳුනාගෙන ඇත.නමුත් ඇතැම් අය එම මතයට එකඟ නොවේ.

 

උල්කාපාත කැබැල්ල


2005 දී එම යානය මගින් ම උල්කාපාත කැබැල්ලක් හඳුනා ගන්නා ලදී. මිනිස් වර්ගයා විසින් පෘථිවියෙන් බැහැර ව උල්කාපාතයක් පළමුව හඳුනාගත් හඳුනාගත් අවස්ථාව මෙය වේ.එහි nickel හා යකඩ අඩංගු බවට නිගමනය කර ඇත .

 

දිගු කන් ඇති හාවෙකුගේ හැඩය ඇති වස්තුව


මෙය කැඩී ගිය රෝවරයකම කොටසක් විය හැකි බව විද්‍යාඥයින්ගේ නිගමනය වේ.

මිනිසෙකුගේ රුව වැනි වස්තුව


ස්පිරිට් නම් රෝවරය 2007 දී ගලක් උඩ වාඩි වී සිටින මිනිසෙකු ගේ රුව බඳු ඡායාරූපයක් පෘථිවිය වෙතට එවා ඇත .එය එවක මහත් මහත් ආන්දෝලනයකට ලක්වූ පුවතක් විය.නමුත් පසුව එය ගල් කැබැල්ලක් පමණක් බව නාසා ආයතනය පවසා තිබේ.

තව ද අඟහරු වල බුදු පිළිම , පිරමීඩ වැනි දේ තිබෙන බවට මත පළ වේ.නමුත් ඒ පිළිබඳව නාසා ආයතනය හෝ වෙනත් පිළිගත් ආයතනයක් තහවුරු කර නොමැති නිසා මෙහි සඳහන් කිරීමට නොහැක.
මෙහි තවත් සොයා ගැනීම් ඉදිරියේදී ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply