කිසිම මිනිස් වාසයක් නැති පාලුවට ගිය අභිරහස් ස්ථාන 7ක්

 1,414 Total views,  2 Views today

අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ බොහෝ කාලයක් පුරාවට කිසිම මිනිසෙකු වාසය නොකල ස්ථාන කිහිපයක් ගැනයි. බොහෝ කාලයකට කලින් අතහැර දැමූ එම ස්ථාන දැන් දිස්වන්නේ අභිරහස් පෙනුමක් සහිත භයානක ස්ථාන ලෙසයි.

 

01. මොන්සෙල් ෆෝර්ට් (Maunsell Forts)

මෙය මීට කාලයකට කලින් ජර්මන් ප්‍රහාරයන් වලින් එක්සත් රාජදානිය ආරක්ෂා කරගැනීම සදහා ඉදි කරපු මුහුදු බලකොටුවකි. සතුරු ගුවන්‍ යානා වලට පහරදී ඒවා විනාශ කරදැමීම තමයි මේ මුහුදු බලකොටුවේ ප්‍රදානම අරමුණ වන්නේ. කුලුණු 7කින් යුත් මෙය ඉදි කරේ 1942 වර්ශයේදීයි.

 

ඉහත චායාරූපයෙන් ඔබට පෙනෙන ආකාරයට එය ඉදිකර තිබෙන්නේ මැද වූ ප්‍රදාන අණ දෙන කුලුණ අනෙකුත් කුලුණු වලින් වටවී තිබෙන ආකාරයටයි. මෙය දකින කෙනෙකු අනිවාර්‍යෙන්ම පුදුමයෙන් පුදුමයට පත්වෙනවා.

ඒ වගේම එම කුලුණි පටු අඩිපාරකින් සම්බන්ද වනවා. මෙය මුලින් ගොඩබිම ඉදිකොට පසුව ජලයට ගෙනැවිත් තිබෙනවා. මෙය දෙවනි ලෝක යුද සමයේදී එක්සත් රාජදානිය ආරක්ශා කර ගැනීම සදහා විශාල සේවයක් සිදුකර තිබෙනවා. නමුත් 1950 වර්ශය වෙනවිට ඉන් ප්‍රයෝජනයක් තිබුනේ නෑ. එම නිසා එය අතහැර දමා තිබෙනවා.

නමුත් අද වනතුරුත් එයින් සමහර කුලුණු නොනැසී පවතිනවා. එම බලකොටු කුලුණක් නැවක වැදී විනාශවී තිබෙනවා. ඉන්පසුව ඉතිරිවී පැවති එම කුලුණු 1960 දශකයේදී මුහුදු මංකොල්ලකරුවන් විසින් ඔවුන්ගේ ගුවන්විදුලි මද්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.

එයිනුත් පසුව 1970 ගනන්වල මිනිසුන් පිරිසක් මෙහි වාසය කර තිබෙනවා. අද නම් මෙම ස්ථානය දිරාපත්වූ නටඹුන් ගොඩක් බවට පත්ව තිබෙනවා. එහි ඇතුළු වෙන්නට කිසිවෙකුට අවසර නැහැ. ඒ එම ස්ථානය ඉතාමත් අනතුරුදායක නිසා.

 

02. බෝඩි නගරය, කැලිෆෝනියාව (Bodie, California)

 

1850 ගනන් වල ඇමරිකා එක්සත් ජනපදය තුල රන් පතල් සදහා විශාල උනන්දුවක් තිබුනා. එය රන් කෝලහාලය පැවති කාලයයි. එම නිසා තමයි රන් පතලක් ආශ්‍රය කරගෙන කැලිෆෝනියාවේ මෙම නගරය බිහි උනේ. 1877 සහ 1880 අතර කාලයේ එම නගරයේ ස්වර්ණමය යුගය ලෙස හදුන්වන්නට පුලුවන්. එදා එහි 7000කට ආසන්න ජනතාවක් වාසය කලා. එකල එම නගරය සැතපුමක් පමණ දිග ප්‍රදාන මාර්ගයේ එක පේලියට තැබෑරුම් 65ක් පමණ තිබී තිබෙනවා. එය එය වෙස් වයිල්ඩ් ටවුන් එකකට හොදම උදාහරණයක්.

ඒ එම ප්‍රදාන වීදියේ තැබෑරුම් වල නිතර ගුටි බැට හුවමාරු වී තිබෙන අත මිනී මැරුම් වෙඩ් හුවමාරු සහ අශ්ව කරත්ත මංකොල්ලකෑම් සාමාන්‍ය දෙයක්ව පැවතියා. එමෙන්ම එම නගරයේ සිරගෙයක්, බැංකුවක්, කෝච්චි පාරක් සහ නගර ශාලාවකුත් තිබී තිබෙනවා.

එහි වූ රන් පතල වසා දැමීමත් සමග 1910 වර්ෂය වන විට 7000ක් පමණ වූ ජනගහනය 700 දක්වා අඩු උනා. 1942 වර්ෂය වෙනකොට එම නගරය කිසිම මිනිස් වාසයක් නොමැති හොල්මන් නගරයක් බවට පත් උනා. අද එය අයිතිහාසික භූමියක් ලෙස සංරක්ෂනය කරනවා. එදා තිබුනු විදියටම තමයි අදත් එහි ගොඩනැගිලි පවතින්නේ.

03. හැක්සෝ ස්ටේශන් (Haxo Station)

මෙය පැරීසියේ උමං දුම්රිය පද්දතියේ වු අතහැර දැමූ කොටසක්. එය අද පාළුවට ගිය හොල්මන් උමං දුම්රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා. එය පිහිටා තිබෙන්නේ අද වනවිටත් භාවිතයේ පවතින ප්‍රදාන ප්‍රසිද්ද උමං දුම්රිය මාර්ගයන් දෙකක් එකට යා කරන මේ වනවිට සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කරන ලද උමං දුම්රිය ශාකාවක.

මේ උමං දුම්රිය ස්ථානය ඉදි කර තිබෙන්නේ 1920 ගනන් වලයි. නමුත් එම උමං දුම්රිය ස්ථානය සාදා නිම කිරීමටත් පෙර මින් ලාභයක් නොමැති බව පෙනී ගියා. එම නිසා එකම උමං දුම්රියක් වත් එම ස්ථානයට පැමිණියේ නැහැ.

එය සාදා නිමකිරීමටත් කලින් අතහැර දැමූනිසා එය තුලට පොළව මතුපිටින් ඇතුල්විය හැකි ප්‍රවේශයක් නැහැ. එම නිසා එය බිත්ති වලින් වටව පොළව තුල සිරවී පවතිනවා. එසේ වූවත් එම ස්ථානය බිත්ති වල චිත්‍ර අදින්නන් සහ දුරාචාරයක් සිදු කරන පුද්ගලයින් විසින් වනසා තිබෙනවා.

ඒ තුලට පිවිසීමට හැකියාව තිබෙන්නේ භූගතව පමණක් තිබියදීත් ඇතැමුන් මෙහි පිවිසීම පුදුම සහගත් දෙයකි. ලොවම ආදරය කරන පැරීසි නගරයට යටින් මෙවැනි තැනක් තිබෙන බව හුගදෙනෙක් දන්නෙ නැහැ.

04. ඇරල් මුහුදේ නැව් සොහොන් බිම

කසකස්ථානය සහ උස්බෙකිස්ථානය අතර පිහිටි ඇරල් මුහුද නමින් හදුන්වන විල එකල ලොව 4 වෙනියට විශාලම විල ලෙස පැවතියා. නමුත් අද එය ඉතා භයානක පෙනුමක් සහිත පාළුවට ගිය නැව් සොහොන් බිමකි. 1960 ගණන් වල ඇරල් මුහුද සිදීම ආරම්භ වී තිබෙනවා.

අද ඇරල් මුහුදට මෙවැනි අවාසනාවන්ත ඉරණමක් අත්වී තිබෙන්නේ, සෝවියට් සමූහාන්ඩුවේ වාරිමාර්ග ව්‍යාප්ෘතියක් විසින් එම විල පෝශණය වූ ප්‍රදාන ගංගාවන් 2ක් හැරවීමට කටයුතු කල නිසයි. අද එහි පවතින්නේ එදා පැවති ජලස්කන්දයෙන් 10%ක කොටසක් පමණයි.

මෙම වියලි කාන්තාර භූමියේ මලකඩ කා දිරාපත්වන නැව් සහ බෝට්ටු එදා මේ විල ආශ්‍රිතව
දීවර කර්මාන්තයේ යෙදුනු ඒවා වේ. මේ විල එදා තිබුනු තත්වයට පත් කරන්නට යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් වුවත් ඒ එකක්වත් ක්‍රියාත්මක වුනේ නෑ. එම විල ආශ්‍රය කරගෙන පරම්පරා ගණනක් ජීවිත් වූ මිනිසුන් යම් දිනෙක ඇරල් සී විල නැවත පැමිනේවි කියා බලාපොරොත්තුවෙන් සිටිනවා. එසේ වුවත් මලකඩ කා දිරාපත් වන යාත්‍රාවන් ගෙන් නම් නැවත වැඩක් ගන්නට නොහැකි වනවා.

05. ගුන්කංජිමා දූපත (Gunkanjima Island)

මෙය හශීමා අයිලන්ඩ් යනුවෙනුත් හදුන්වනවා. ඒ වගේම මෙම අපූරු දූපත යුද නැවක පෙනුමක් ගන්න නිසා, ලොව පුරා ජනප්‍රිය වී තිබෙන්නේ බැටල්ශිප් අයිලන්ඩ් (Battleship Island) යනුවෙනි. නාගසාකි වල සිට සැතපුම් 10ක් පමණ දුරින් පිහිටි මෙම දූපත අවට මුහුදයට විශාල ගල් අහුරු නිදියක් තිබුනා. එම ගල් අගුරු නිදිය නිසාම මෙම දූපත එකල විරාජමානව වැජඹී තිබෙනවා.

නමුත් දෙවනි ලෝක යුද්දය පැවති කාලයේදි සහ ඊට පෙර කාලයේදී මෙම දූපත තුල කොරියානු සහ චීන සිරකරුවන්ගෙන් අමානුෂික ලෙස වැඩගත් බවට විශාල අපකීර්තියක් ලැබුවා. 1959 වර්ෂයේදී අක්කර 16ක් පුරා පැතිරුනු මෙම දූපතේ 5000ක් පමණ ජනගහනයක් වාසය කලා. නමුත් 1974 වර්ෂයේදී ගල් අගුරු පතල වසා දැමීමත් සමග මෙම නගරය බංකොලොත් උනා.

අවසානයේදී එය මනුශ්‍ය වාසයක් නොමැති හොල්මන් දූපතක් බවට කෙමෙන් පත්වුනා. මෙම දූපතට සංචාරය කිරීම සදහා අවසර හිමි උනේ 2009 වසරේදීයි. එම නිසා අද සංචාරකයින්ට එම දූපතට පිවිසී එහි නටඹුන් නැරඹීමට අවසර හිමිව තිබෙනවා. වසර 35ක් පුරාවට කිසිම මිනිසෙකු වාසය නොකල එම දූපත දිස්වන හැටි ඔබට පහත සහ ඉහත රූප වලින් බලන්නට පුලුවන්.

 

06. සතොන් වල හොල්මන් ගොඩනැගිල්ල (Sathon, Bangkok)

බැංකොක් වල පිහිටි මෙම ගොඩනැගිල්ල එහි වූ විශාල ප්‍රදේශයක් ආවරනය කරගෙන පොලව මතින් නැගී සිටිනවා. එය සාදා නිමකිරීමටත් කලින් අතහැර දැමූ ගොඩනැගිල්ලක්. මෙයට මුල්ගල තැබුවේ තට්ටු 49ක ගොඩනැගිල්ලක් සාදා නිමකිරීමේ අරමුණෙන්. මෙය අදි සුකෝපභෝගී තට්ටු නිවාසයක් ලෙස භාවිතා කිරීමටයි යෙදී තිබුනේ.

නමුත් අද එය සම්පූර්ණයෙන්ම පාළුවට ගොස් තිබෙනවා. එහෙත් එහිවූ අනතුරුදායක බව නොසලකා ත්‍රාසයජනක අත්දැකීමට කැමති සංචාරකයින් සහ ගවේශකයින් විශාල වශයෙන් පැමිණෙනවා. නමුත් නීතියෙන් නම් මෙහි ඇතුළු වීමට අවසර නැහැ. Insider සගරාව ප්‍රකාශ කරන ආකාරයට එම ගොඩනැගිල්ලේ සැකිල්ල ගරාවැටීමට ඉතා ආසන්නව පවතිනවා.

එසේ වුවත් මෙම පාළුවට ගිය ගොඩනැගිල්ල තරම් බැංකොක් නගරය අලංකාරවත්ව දිස්වෙන තැනක් තවත් ඇත්තේ නැහැ. එම නිසාම තමයි සංචාරකයින් එහි අවදානම නොතකා පැමිණෙන්නේ. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම නවතා දැමුවේ 1997 වසරේදීයි.


එම කාලයේදී ආසියාවම වෙලාගත් දරුණු ආර්ථික අර්බුදයක් පැවතුනා. මෙය හොල්මන් ගොඩනැගිල්ලක් ලෙස හදුන්වන්නේ විශේෂ හේතුවක් නිසයි. ඒ 2014 වර්ෂයේදී 43 වන තට්ටුවේදී බෑගයක් පැළදගෙන සිටි පුද්ගලයෙකි පැහැදිලි හේතුවක් නොමැතිව මියගොස් තිබෙනවා.

07. කොල්මන්ස්කෝප් (Kolmanskop, Namibia)

නැමීබියාවේ කාන්තාර මනුස්ස වාසයක් නොමැති ප්‍රදේශයක තමයි මේ පාළුවට ගිය නගරය පිහිටා තිබෙන්නේ. 1908 වර්ෂයේදී එම ප්‍රදේශයේ පැවති දියමන්ති පතලක් මුල් කරගෙන තමයි මෙම නගරය ඉදිකර තිබෙන්නේ. එකල ලෝක දියමන්ති අවශ්‍යතාවයෙන් 10%ක් පමණ සැපවූයේ මේ ස්ථානයෙන්. එම නිසා එම නගර වැසියන් ගතකලේ ඉතාමත් සරුසාර ජීවන රටාවක්.

එම නගරය කඩිනමින් ඉදිවුනේ ජර්මන් රජයේ පරිපාලනය යටතේයි. එම නිසා නැමීබියාවේ කාන්තාරයක පිහිටියද එහි ග්ෘහ නිර්මාණ ශිල්පය දකින්නට තිබෙන්නේ යුරෝපියානු ආභාෂයක්. නමුත් කාලයක් සමග එම දියමන්ති පතලේ දියමන්ති නිමවී ගිය අතර, වෙනත් ස්ථානයකින් විශාල දියමන්ති නිදියක් හමු උනා. එම හේතුව නිසා 1928 වර්ෂයේදී එහි වූ නිවැසියන් සහ පතල් කම්කරුවන් එම ස්ථානය අතහැර දමා අනෙක් දියමන්ති පතල වෙත ගියා. එම නගරයේ අවසාන පවුලත් එම නගරය අතහැර ගියේ 1956 වර්ෂයේදීයි.

අද එම නගරයේ කිසිම මනුශ්‍ය වාසයක් නැහැ. කාන්තාරය මැද පිහිටි එම නගරය භයංකර අභිරහස් ස්ථානයක් සේ දිස්වනවා.

හොදනම් යාලුවන්ටත් බලන්න share කරන්න.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply