විද්‍යාඥයින්ටවත් විස්තර කිරීමට නොහැකි පෘතුවියේ අභිරහස් ස්ථාන 08ක්

 1,695 Total views,  5 Views today

නූතන මිනිසාගේ පළමු මුතුන්මිත්තා මිහිමත පහල වුනේ මීට වසර මිලියන 5කට හෝ 7කට පෙරයි. එදා සිට කෙමෙන් පරිණාමය වී පාෂාණ වලින් තැනූ උපකරණ භාවිතා කරන තත්වයට මිනිසුන් පත් උනා. ඒ මීට වසට 2.5කට පමණ පෙරයි. මිනිසා කෙමෙන් ප්ෘතුවියේ අණසක පතුරුවන්නට ගත් දවසේ සිටන් නොයෙකුත් සටහන් මිහිමත පිහිටවනු ලැබුවා.

ගල්ගුහා චිත්‍ර සහ දඩයම් කිරීම සදහා භාවිතා කල උපකරණ උදාහරණයක් විදියට හදුන්වන්නට පුලුවන්. ඒ අතර අමුතු විදියේ පරික්ෂණයන් සිදු කරපු අභිරහස් ස්ථානත් තිබෙනවා. අද මිනිසා කෙතරම් දියුනු තත්වයක සිටියත් ඒ දේවල් වලට උත්තර නැහැ.

මෙම ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නේ විද්‍යාඥයින්ට වත් පැහැදිලි කිරීමට නොහැකි වූ ප්ෘතුවියේ අභිරහස් ස්ථානයන් පිලිබදවයි.

01. හෙයිඩෙන්‍-ටෝර් (HEIDENTOR)

ඔස්ට්‍රියාවේ හෙයිඩෙන්‍-ටෝර්හි සම්භවය පිලිබද විවිද අභිරහස් මතයන් පවතිනවා. බොහෝදෙනෙක් විශ්වාස කරන විදියට මෙය ඉදිකර තිබෙන්නෙ දෙවනි කොන්ස්ටැන්ටියස් රෝමනු අදිරාජ්‍යවාදියාගේ පාලන කාලයේදී. වර්ෂ 351 සහ 361 අතර කාලයේ ඔහු ඔස්ට්‍රියාවේ මෙම ප්‍රදේශය පාලනය කලා. මෙවැනි නිගමනයකට බොහෝදෙනෙක් පැමිණියේ පුරාතන රෝමානුවන් යුදමය ජයග්‍රහණයන් සිහිකැදවීම සදහා මෙවැනි ස්මාරකයන් ඉදිකරන නිසයි.

ඒවගේම මෙම ස්මාරකය පවතින ස්ථානය එදා කානුන්ටම් (Carnuntum) ලෙස හදුන්වන පුරාණ නගරයක් පැවතියා. යෝද ප්‍රාකාර වලින් වටකර බලකොටුවක් ලෙස පැවති එම නගරයේ 50000ක් පමණ ජනතාව වාසය කර තිබෙනවා. එම නගරය සම්පූර්ණයෙන්ම නැත්තටම නැතිවී ගොස් තිබුනද යෝද කුලුණු දෙකක් මැද පිහිටි ආරුක්කුවක් සහිත මෙම ස්මාරකය හුදෙකලාව සිටිනවා.

මෙය රෝමානු අදිරාජ්‍යයේ පෙට්‍රොෆයිලන් වර්ගයේ ඝනකයක හැඩයේ ස්මාරකයක් නම් ඒ මැද අදිරාජ්‍යයෙකුගේ හෝ දෙවි කෙනෙකුගේ පිළිමයක් තිබිය යුතු වෙනවා. නමුත් එහි එවැන්නක් පවති බවට සලකුණක් වත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. එමනිසා මෙයත් එක් මතයක් පමණයි.

ඒ වගේම මෙය එම නගරයට පිවිසෙන ප්‍රදාන දොරටුව බවද බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. එපමණයි නොවේ, ඇතැම් මිත්‍යදුශ්ටිකයින් විසින් විශ්වාස කරන්නේ මෙය ස්වර්ගය වෙත පිවිසෙන දොරටුවක් බවයි. එම නිසා මෙය ඇත්තටම කුමක්ද යන්න අදටත් අභිරහසක්ව පවතිනවා.

02. ද්විත්ව ශාකය (Double Tree)

 

තනි ශාක වගේම ද්විත්ව ශාකද මිහිමත පැවතිය හැකිද? ඇත්තටම එවැනි ශාකයක් ඉතාලියේ, කසෝසෝ (Casorzo / Italy) වල තිබෙනවා. එම ශාකය දෙස බැලූවිට එය එකිනෙකට වෙනස් ශාක දෙකක් බව පැහදිලිව පෙනෙනවා. එකක් මල්බෙරි ශාකයක් වන අතර අනෙක චෙරි ශාකයක් වනවා.

සාමාන්‍යයෙන් විශාල ශාකයක් මත කුඩා පැලෑටි හට ගන්නට පුලුවන් නමුත් හොදින් වැඩුනු ශාක දෙකක් එක් ගසක් ලෙස පවතින අවස්ථාවක් නම් දැක ගන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. සාමාන්‍යයෙන් ශාකයක් මත තවත් පැලෑටියක් වැඩෙනවිට යට පිහිටි ගසට එය බාදාවක් නොවුනත් උඩ පිහිටි පැලෑටියට නිසි පෝෂණයක් නොලැබීම නිසා එය කනාටු වී යනවා. නමුත් මෙහි තත්වය ඊට හාත්පස වෙනස්. මල්බෙරි ගසේ සිටින චෙරි ගසේ මල්ද හටගෙන තිබෙන හැටි පහල පින්තූරයෙන් දැකගන්නට පුලුවන්.

මේ හේතු නිසා මෙම විශ්මිත ද්විත්ව ශාකය විශාල සංචාරක ආකර්ශණයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. නමුත් ඔවුන්ට එය බලන්නට වෙන්නේ එය වටකර ඇති වැටට පිටින් සිටගෙනයි. එවැනි වැටක් ඉදිකර තිබෙන්නේ එම ශාකයේ ආරක්ශාව සදහායි.

03. අබූ ගොරාබ් (Abu Gorab)

 

ඊජිප්තුවේ අබු ගොරාබ් වල මීට වසර දහස් ගණනකට පෙර පැවති සූර්ය දෙවොල් වල නටඹුන් තිබෙනවා. “රා” දෙවියන් වෙනුවෙන් ඉදිකර ඇති මෙම දෙවොල් ඉදිකරන්නට ඇත්තේ මීට වසර 2400කට පමණ පෙර ඈත අතීතයේයි. පියගැටපෙලක් සහිත පිරමීඩයක්ද එහි තිබී තිබෙනවා.

ඊජිප්තුවේ අයිතිහාසික සටහන් වලට අනුව අබු ගොරාබ් වල සූර්යදෙවොල් 6ක් තිබී තිබෙනවා. නමුත් අද එහි ඉතුරුව පවතින්නේ දෙකක් පමණයි. එම නටඹුන් අතර වූ එක් දෙවොලක අතිවිශාල ඔබ්ලිසික පාෂාණයක් දැක ගන්නට පුලුවන්. ඒවා අතිශයින්ම සංකීර්ණ නිර්‍රමාණ බව බැලූ බැල්මට පෙනෙනවා. ඒ වගේම එහි විශාල වූ රතු ග්‍රැනයිට් කුට්ටි දැක ගන්නට පුලුවන්. ඒවා සුමටව සහ ඉතා නිවැරදිව ඉදිකීරිම සදහා භාවිතා කල තාක්ෂණය ගැන පුරාවිද්‍යාඥයින් පවා මවිතයට පත් කරවන සුළුයි. පහල පින්තූරයේ ඇති පාෂාණ වල සිදුරු දෙස බලන්න.

එම සුමට වූ සිදුරු විදීම සදහා ඔවුන් උසස් තාක්ෂණයක් භාවිතා කරන්නට ඇති. ඔබව පුදුමයට පත්කලහැකි තවත් පුදුමාකාරී දෙයක් එහි තිබෙනවා. ඒ තමයි එන්ජිමක දැති රෝද වැනි ලක්ෂනයන් සහිත කිරි ගරුඩ වැනි සුමට විශාල පාෂාණ සමූහයන්.

ඉතින් පුරාණ ඊජිප්තු වැසියන් සතුව අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණු තාක්ෂණයක් පවතින්නට ඇති බවට විශාල සැකයක් මතුවෙනවා.

04. එන්වයිටිනෙට් දූපත (Envaitenet Island)

 

දැන් අපි අවදානය යොමු කරන්නේ අප්‍රිකාව වෙතටයි. කෙන්‍යාවේ ටර්කානා විලෙහි (Lake Turkana) පිහිටි මෙම එන්වයිටිනෙට් දූපත හිතාගන්නවත් බැරිතරම් වෙනස් දූපතක් බව ඉහල රූපයෙන් ඔබට පෙනෙනවා ඇති. මෙම දූපතේ නමෙහි තේරුම වන්නේ නැවත පැමිණීමක් නොමැති බවයි (No-Return). එම ප්‍රදේශයේ ජනතාව අතර පිහිටි මිත්‍යාකතා සහ පුරාවුර්ත වලට අනුව මෙම දූපතට යන කෙනෙක් නැවත එන්නේ නැහැ.

 

පෙනී යන විදියට එය ඇත්තකුත් නැතුවාම නොවෙයි. ඒ 1935 වර්ෂයේදි ඉංග්‍රීසි ජාතික ගවේශකයෙකු වූ විවියන් ෆුච්ස් (Vivian Fuchs)මහතා එය ඇත්තද බොරුද යන්න පරීක්ෂාකර බැලීම සදහා මිතුරන් දෙදෙනෙකු යොදාගෙන පරික්ෂනයක් සිදු කලා. නමුත් ඔවුන්ගේ සගයින් දෙදෙනා නැවත පැමිණියේ නැහැ. එම සිදුවීම නිසා එම පුරාතන මතය ජනතාව තුල තවත් මුල්බැස ගැනීමට තවත් හේතුවක් උනා. ඇතැම් මතදාරීන් පවසන්නේ එහි මැද පිටසක්වළ ජීවීන්ගෙ මූලස්ථානයක් ඇති බවටත් එහි යන ඔනෑම කෙනෙකු පැහැරගැනීමය ලක්වෙන බවයි.

ප්‍රදේශවාසීන් නම් විශ්වාස කරන්නේ එම විශාල ආවාටය තුලට පිවිසිවිට අකුණුසැර වැදී මියයන බවයි. ඊට උඩින් පියාසර කළ ඩ්‍රෝන යානා සහ ගුවන් යානා වලින් ලබාගත් චායාරූප වලින් එම ආවාට මැද පුරාතන යුගයේ ජනාවාස වල නටඹුන් ඇතිබව පෙනීගියා. අද වනතුරුත් කිසිවෙකු ඒ තුලට පිවිසීමට තරම් නිර්භීත උනේ නැහැ. එම නිසා එය අදටත් අභිරහසක්ව පවතිනවා.

05. අයින් ඩාරා (Ain Dara)

සිරියාවේ පවුරාණික අභිරහස් දේවාල බොහොමයක් තිබෙනවා. නමුත් අයින් ඩාරා තමයි ඒ අතරින් වැඩිම අභිරහස් දේවාලය වන්නේ. එම දේවාලයට පිවිසෙන තැනම යෝද පියසටහන් දෙකක් තිබෙනවා. පුරාවිද්‍යාඥයින්ට අනුව මෙම දේවාලය වසර 3300 පමණ පැරණියි. ඔවුන් පවසන විදියට මෙම යෝද පියසටහන් දෙක පවතින්නේද එම කාලයේ සිට බවයි. පුරාවිද්‍යාඥයින් පවසන විදියට මෙම යෝද පියසටහන් මෙම දේවාලය නිර්මාණය කල ගල්වඩුවන් විසින්ම නිර්මාණය කල ඒවා වෙනවා. දේවාලයට පිවිසෙන තැනම මෙම යෝද පියසටහන් නිර්මාණය කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නට ඇත්තේ දෙවියන් එහි වැඩම කර බව පෙන්වීමයි.

නමුත් ප්‍රදේශවාසින් නම් විශ්වාස කරන්නේ දෙවියන් විසින් ඇත්තටම මෙහි පාදයන් පිහිටුවා ඇති බවටයි. එමෙන්ම මෙම දෙවොල ඉදිකර තිබෙන්නේ ‍යෝදයින් විසින් බවත් මේ ඔවුන්ගේ පිය සටහන් වෙන්නට ඇති බවට තවත් සමහරෙක් විශ්වාස කරනවා.

2018 වර්ෂයේදී තුර්කිය සමග පැවති යුද්දයකදී මෙම දේවලයේ නටඹුන් විශාල වශයෙන් විනාශවී ගියා. නමුත් යෝද පිය සටහන් නම් අදටත් හොදින් ආරක්ශාවී තිබෙනවා.

 

06. බ(ර්)සා කෙල්මේස් (Barsa-Kelmes)

 

බ(ර්)සා කෙල්මේස් යනු සම්පූර්ණයෙන්ම සිදීගිය ඇරල් මුහුදේ පිහිටි දූපතකි. කෙන්‍යාවේ එන්වයිටිනෙට් දූපත වගේම මෙම ස්ථානයත් එහි පිවිසියොත් නැවත එන්නට බැරි ස්ථානයක් ලෙස ප්‍රසිද්දියක් උසුලනවා. 1939 වර්ෂයේදී එය ජාතික රක්ෂිතයක් ලෙස නම් කල අතර මහජනයාට ඇතුලු වීම තහනම් කිරීමටද කටයුතු කලා. 20 වන සියවසේදී සෝවියට් රජය එහි කුමක් සිදුකලාද යන්න කිසිවෙකු දන්නේ නැහැ.

ඇතැමුන් පවසන්නේ ඔවුන් එම භූමිය රහසිගත පර්යේෂණ සදහා භාවිතා කල බවටයි. අද පවා ඒ අසලට ලන්වෙන විට ඉලෙක්ට්‍රොනික උපකරණ අක්‍රීය වන අතර GPS උපකරණද හදිසියේ නතර වෙනවා. ඉතාමත් පුදුමසහගත ලෙස බ(ර්)සා කෙල්මේස් අසල වාසය කරන පුද්ගලයින්ගේ සම නිල් පැහැයක් ගැනීම පිලිබදවද වාර්තා වෙනවා.

ඒ ආශ්‍රිතව පවතින තවත් මතයක් තමයි එහි වාසය කරපු එඩේර ගෝත්‍රිකයින් පිරිසක් එහි ගතකල එක් අවුරුද්දකට අවුරුදු 30ක් ගතවී තිබූ බව.

07. කුයි කුයිල්කෝ පිරමීඩය (Cuicuilco Pyramid)

 

මෙක්සිකන් නගරයේ පිහිටි මෙම පිරමීඩය කවුරුන් විසින් ඉදිකලාද යන්න කිසිවෙකු දන්නේ නැහැ. අසල වූ ගිනි කන්දක් පිටාර යාමෙන් මෙහි පැවති පුරාණ ශිෂ්ටාචාරයක් විනාශ වෙන්නට ඇති බවට මතයක් පවතිනවා. ඔවුන් පවසන විදියට එම ශිෂ්ටාචාරයෙන් අද ඉතුරුව පවතින්නේ මෙම පිරමීඩය පමණයි. ඒ අවට භූමිය පරීක්ෂා කිරීමේදී විද්‍යාඥයින්ට පෙනී ගියේ මීට වසර 3200 කට පමණ පෙර මෙහි වගා කර ඇති බවටයි. නමුත් ඒ අසල වූ සයිකල් ගිනිකන්ද පුපුරා යාමත් සමග ඒ සියල්ල විනාශවී ගොස් තිබෙනවා.

ඉන් සමස්ත ශිෂ්ටාචාරයම විනාශ වෙන්නට ඇති බව විද්‍යාඥයින් පැවසුවත් සුළුතරයක් ඉන් දිවිගලවාගත්තා වෙන්නත් පුළුවන්.

08. ගංගිවාම්ප් (Gungywamp)

USA වල ග්‍රෝටන් වල පිහිටි මෙම ස්ථානය පුරාවිද්‍යාඥයින්ට සහ ඉතිහාස‍ඥයින්ට හිසරද ඇති කරපු තැනක් ලෙස හදුන්වන්නට පුළුවන්. මෙම ස්ථානය වසර 1500ක් පුරාවට විවිද පදිංචි කරුවන් විසින් භාවිතා කර තිබෙනවා. ඔවුන් විසින් මෙම භූමිය තුල බොහෝ සටහන් ඉතුරු කරගොස් තිබෙනවා. එහි ගල්ගුහාවන්, ගල් වලින් හදපු විවිද රවුම් ස්ථානයන් , දන්නා කිසිම භාශාවකට සම්හන්ද නිරේකණයන් (ගල්වල ඇදි අකුරු) සහ ස්වදේශීය ඇමරිකානුවන්ගේ මානව ක්ෘති පවා දැක ගැනීමට පුලුවන්. වසර දහස් ගණනක් පුරාවට විවිද පදිංචිකරුවන් විසින් මේ ස්ථානය භාවිතා කර ඇති නිසා එක් ජනාවාසයක් ආරම්භ උනේ කවදාද සහ තවත් ජනාවාසයක් අවසන් උනේ කවදාද කියා අතිශය දුශ්කර වී තිබෙනවා.

 

ප්‍රසිද්දම මතය වන්නේ වයිකින් ආක්‍රමණයකින් බේරීම සදහා 6 වෙනි ශතවර්ෂයේදී කෙල්ටෙක් ක්‍රිස්තියානි පූජකයෙකු විසින් මෙම ස්ථානය ඉදිකරන්නට ඇති බවටයි. මේ ආශ්‍රිතව අවස්ථා කිහිපයකදී විද්‍යුත් චුම්භක ක්‍රියාකාරීත්වයක් විද්‍යාඥයින්ට දිස්වී තිබෙනවා.
ඔවුන් ඒ සදහා හේතුව විදියට සලකන්නේ මැග්නට‍‍යිට් , ග්‍රැනයිට් සහ තිරුවානා වර්ගයේ පාෂාණයි.

 

නමුත් ඇතැම් මතදාරීන් පවසන්නේ එය පිටසක්වළ මූලස්ථානයක් හෝ එනර්ජි වෝටෙක්ස් එකක් බවයි.ේ වගේම එහි වැළලී තිබියදී හමුදූ එක් පාෂාණ මෙවලමක් වසර 3500ක් පමණ පැරණි බව සොයාගෙන තිබෙනවා. ඉතින් මෙම ස්ථානය පුරාවිද්‍යාඥයින්ට සහ ඉතිහාස‍ඥයින්ට හිසරදයක් වී තිබෙන්නේ ඇයිද යන්න ඔබට පැහැදිලි වන්නට ඇති.

යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න. ස්තූතියී!!!

මූලාශ්‍රය: නොදුටු ලෝකය



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply