පෘථිවියට සමාන අලුත් ග්‍රහලොව ” Earth 2.0 “

 1,293 Total views,  2 Views today

ලෝකයේ බොහෝ දෙනෙක් අභ්‍යවකාශ නිරීක්ෂණය හා එහි නිමක් නොවන කුතුහලය දනවන තොරතුරු දැනගැනීම පිළිබඳ තිබෙන්නේ නොතිත් ආශාවකි.එවැනි කෙනෙකුට අද මේ ලිපියෙන් තවත් එවැනි තොරතුරක් ගෙන ඒමටයි බලාපොරොත්තු වන්නේ.

 

NASA ආයතන අභ්‍යවකාශයේ රඳවා ඇති දුරේක්ෂ මඟින් ආලෝක වර්ෂ දහස් ගනන් ඈතින් පිහිටි ග්‍රහ වස්තූන් පළිබඳව පරීක්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් ලෙසින් පෘථිවියට සමානකම් දක්වන ග්‍රහලොවක් සොයා ගැනීමට NASA ආයතනය සමත් වී තිබෙනවා.

මෙය නම් කර තිබෙන්නේ Kepler-452b ලෙසට. ඒ වගේම මේ ග්‍රහලෝකය “Earth 2.0 ” ලෙසටද හඳුන්න්වනවා.  NASA ආයතනය අභ්‍යවකාශයේ රඳවා ඇති kepler නිරික්ෂකාගාරය මගින් තමයි මේ ග්‍රහලෝකය ජිවය පැවතිය හැකි කලාපයක පිහිටා ඇති බව සොයාගෙන තිබෙන්නේ. ජිවය පැවතිය හැකි කලාපය ලෙසට හඳුන්වන්නේ ග්‍රහමණ්ඩලයට අයත් තාරකාව වටා ඇති ග්‍රහලෝක මත ජලය ඝනීභවනය වී මතුපිට ජල තටාක පැවතිය හැකි කලාපයයි.

 

Kepler-452b මෑතකදී සොයාගැනුනත් මෙය බොහෝ කාලයක් මේ ස්ථානයේ පැවති ග්‍රහලෝකයක් වන බව සඳහන් වේ. ඒවගේම මෙය පෘථිවියට වඩා 60%කින් පමණ විශාලයි.එය ගමන් කරන්නේ වසර බිලියන 6ක් පමණ පැරණි කෙප්ලර් 452 තාරකාව වටා ය.මෙම තාරකාව අපගේ සූර්‍යයාටත් වඩා වසර බිලියන 1.6කින් පමණ වැඩිමහලු වෙනවා.ඒවාගේම අපේ සූර්‍යාට වඩා 10% විශ්කම්භය වැඩි අතර 20% දීප්තිමත් බවින් වැඩි තාරකාවක් ද වේ.මේ නිසා කෙප්ලර් -452 බී වෙත ලැබෙන්නේ පෘථිවියට වඩා සූර්ය ශක්තිය සියයට 10 ක් පමණි.සිකුරු ග්‍රහයා මත සිදු වනවාට සමානව එහි මතුපිට ජලය උනු වන බවද සොයාගන තිබේ.

මේ kepler 452b ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1400ක දුරකින්  පිහිටා තිබෙනවා. එම දුරට සාපේක්ෂව මෙම new earth වෙත යාමනම් තරමක් අසීරු කටයුත්තක්. මන්දයත් තවමත් එතරම් දුරකට යැවීමට තරම් තාක්ෂණික නිර්මාණයක් කර නොමැති වීමයි. නමුත් Warp drive සංකල්පය හරහා නම් එය එතරම් අපහසු කටයුත්තක් නොවේයැයි බලාපොරොත්තු වේ. මෙහි උෂ්ණත්වය පෘථිවියේ තත්ත්ව වලට සමාන වන අතර. මෙය ගමන් කරන්නේ අපගේ සුර්යයා හා සමාන තාරකාවක් වටා බවද තොරතුරු සොයාගෙන තිබේ.

Kepler-452b ග්‍රහලෝකයට තමන්ගේ සුර්යයා වටා ගමන් කිරීමට දින 384.8 ක් ගත වන අතර එහි දිනයක් පෘථිවියේ කාලයට වඩා 5% ක දිගුවක් ලෙසට ගනනය කර තිබෙනවා. එය කිලෝමීටර් මිලියන 156.5 ක් (සැතපුම් මිලියන 97.2) දුරින් කක්ෂගත වේ. එම දුර පෘථිවිය හා සූර්යයා අතර දුර හා සමාන වේ.Kepler 452b ගැන තවම ප්‍රමාණාත්මක තොරතුරු සොයාගෙන නැතත් එහි තොරතුරු ලැබුනුවහාම ඉදිරියට රැගෙන ඒමට බලාපොරොත්තු වෙමු.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply