ගැඹුරු ජලයේදී කිමිදුම්කරුවන්ට හමුවූ බය හිතෙන විදියේ දේවල්

 1,317 Total views,  2 Views today

පෘතුවියේ 70% තරම් ප්‍රමාණයක් වසාගෙන පවතින්නේ සුවිශාල වූ ජලස්කන්ධයක්. අපි වටකරගෙන පවතින ජලස්කන්ධය  මොනතරම් භයානක දේවල් සැගව ඇතිද. එහි අභ්‍යන්තරයේ වූ දේවල් දැක ගන්න අපි


ගැඹුරු ජලයේ කිමිදිය යුතුම නැහැ. කිමිදුම්කරුවන් එම ගැඹුරු සාගරයන් සහ ජලාශයන් වල කිමිද එහි වූ දේවල් කැමරාගත කරගෙන තිබෙනවා. එමගින් සාගරයන් සහ ජලාශයන් මොනතරම් භයානකද යන්න ඔබට දැක බලාගන්නට පුලුවන්.

ඔබ ගැඹුරු සාගරයේ කිමිදෙනවා නම් ඔබ නොසිතන විදියේ භයානක දේවල් ඔබ ඉදිරියට පැමිණෙන්නට පුලුවන්. ඒ මිනිසුන් වන අපිට ගොඩබිම් ප්‍රදේශයන් පිලිබදව සහ එහි වෙසෙන ජීවීන් පිලිබදව හොද දැනුමක් තිබුනද, විසල් වූ සාගරය පිලිබද වැඩි දැනුමක් නැහැ.

Barrel Jelly Fish

 

01. බැරල් ජෙලිෆිශ්

2019 ජූලි මස එංගලන්ත ආශ්‍රිත ගැඹුරු සාගර පතුලේ කිමිදෙමින් සිටි කිමිදුම් කරුවන් පිරිසකට යෝද බැරල් ජෙලිෆිශ් සත්වයෙකු හමු උනා. මෙතරම් සුවිශාල ජෙලිෆිශ් සත්වයෙකු මුහුණට මුහුණ හමුවේවි කියා ඔවුන් හීනෙකින් වත් නොසිතන්නට ඇති. පහලින් දැක්වෙන්නේ එම ජෙලිෆිශ් සත්වයාගේ සැබෑ චායාරූපයකුයි.

බ්‍රිතාන්‍ය ආශ්‍රිත සාගරයන් වල වෙසෙන විශාලතම ජෙලිෆිශ් වර්ගය වන්නෙ මෙම බැරල් ජෙලිෆිශ් විශේෂයයි. සාමන්‍යයෙන් අඩි 3.2 දක්වා වර්දනය වෙන මෙම බැරල් ජෙලිෆිශ් සත්වයින් රාත්තල් 55ක් තරම් බරකින් යුතු වෙනවා. නමුත් එම කිමිදුම් කරුවන්ට හමුවූ ජෙලිෆිශ් සත්වයානම් අඩි 5කට වඩා විශාලයි. එම යෝද ජෙලිෆිශ් සත්වයා ඇතුලත් වීඩියෝද ලොවපුරා ඉතා ජනප්‍රිය උනා. එය නැරඹූ බොහෝදෙනෙක් පවසා සිටියේ සාගරය මෙතරම් බිහිසුනු බව කලින් දැන නොසිටි බවයි. මුහුදේ නාමින් හෝ කිමිදෙමින් සිටින විටදී මෙවැනි ජෙලිෆිශ් සත්වයෙකු හමුවුවහොත් ඔබට මොන වගේ හැගීමක් ඇතිවේවිද?

02. සාගර පතුලේ කෝච්චි එන්ජින් දෙකක්

කෝච්චි එන්ජින් දෙකක් නිව් ජර්සි වල අඩි 90ක් පමණ ගැඹුරු සාගරික පතුලට පැමිනියේ කෙසේද.. මුහුදේ ගිලුණු ගුවන්‍ යානයකට වඩා මුහුදේ ගිලුන කෝච්චි එන්ජිමක් හමුවීම ඉතාමත් අස්වාභාවික දෙයක්. ඒ කෝච්චියන් අත්ලාන්තික් සාගරය වෙතට පැමිණීමට ඉඩකඩක් නැති නිසා.

නමුත් ලෝකයම මවිතයට පත් කරමින් අත්ලාන්තික් සාගර පතුලෙන් කෝච්චි එන්ජින් දෙකක් සොයාගැනීමට හැකි උනා. එය හමු උනේ චුම්භක මානයක් මගින් සාගරික පතුල සිතියම් ගත කරමින් සිටි පුද්ගලයෙකුටයි. මුලින්ම ඔහුට පෙනී ගියේ සාගරික පතුලේ විශාල ලෝහමය වස්තූන් දෙකක් ඇති බවයි. පලමුව එහි කිමිද බැලුවද එය කුමක්ද යන්න අවබෝදයකට පැමිණීමට ඔහුට හැකි උනේ නැහැ. නමුත් පසුව එහි කිමීදී බැලීමේදී ඔහුට පෙනී ගියේ ඒ කෝච්චි දෙකක් බවයි.

එය ඒ වෙනකොටත් බානකල් වර්ගයේ මුහුදු ජීවීන්ගෙන් වැසී පැවතියා. වැඩිදුර සෝදිසි කිරීමේදී එය 1950 ගනන් වල වාශ්ප බලයෙන් ක්‍රියාත්මත්මක වූ කෝච්චි එන්ජින් දෙකක් බව පෙනී ගියා. නමුත් නිව්ජර්සි වලට ආසන්නව අත්ලාන්තික් සාගරයේ කෝච්චි එන්ජින් සුසාන භූමියක් වූයේ කෙසේද යන්න කිසිවෙකු දන්නෙ නැහැ. එය අදටත් අබිරහසක්. මොකද මුහුදු පතුලේ ගිලුනු කෝච්චි දෙකක් ගැන ඉතිහාසය තුල කිසිම සදහනක් නැහැ,. ඇතැමුන් පවසන්නේ කෝච්චි එන්ජින් දෙකක් නැව්මගින් ප්‍රවාහණය කිරීමේදී සිදුවූ අනතුරක් නිසා එය සිදුවෙන්නට ඇති බවයි. බොස්ටන් වල සිට අත්ලාන්තික් සාගරය ඔස්සේ වෙනත් ස්ථානයකට රැගෙන යාමෙදී එම අනතුර සිදුවෙන්නට ඇති බව සිතන්නට පුලුවන්.

03. නිවුකටේල් විලේ රාක්ශ මෝරා

 

ස්විට්සර්ලන්තයේ පිහිටි මෙම විලේ ගැඹුරුම ස්ථානය මීටර් 150ක් පමණ වනවා. එතරම් ගැඹුරු එම විල පතුලේ මොන විදියේ භයානක දේවල් සැගවී තිබෙනවා වෙන්න බැරිද. සාමන්‍ය‍යෙන් කිමිදුම් කරුවන් විසින් ‍රැගෙන යන ෆ්ලෑශ් ලයිට් ආලොකමත් කරන්නේ පාෂාණ සහ ඇල්ගී වැනි දේවල්. නමුත් මෙහිදීනම් දීප්තියෙන් බබලන්නෙ ඉතාමත් තියුණු උල්වූ දත් වලින් සමන්විත භයානක පෙනුමක් ඇති මත්සයින්. එම මත්සයා ඇන්ග්ලර් ෆිශ් සහ මෝරෙකු දෙමුහුන් කර සැදූ රාක්ශ මත්සයෙකු වගෙයි. ඔබ මේ විලේ කිමිදෙමින් සිටිනවිට මෙවැනි දෙයක් දිස්වුවහොත් දැඩි තිගැස්මකට ලක්වෙනවාට කිසිම සැකයක් නැහැ.

 

 

මේ කිමිදුම් කරුවන් මේ චිත්‍රපටි රූගත කිරීමක් සදහා භාවිතා කරපු සත්ව අනුරුවක් බව කලින්ම දැන සිටියා. නමුත් මේ බව නොදැන කිමිදුම් කරුවෙක්ට මෙම දර්ශනය දිස් උනා නම් හර්දයාබාදයකට පවා ලක්වෙන්නට ඉඩ තිබුනා. ඒ අසල වූ මත්සයින්ද සීතලට ගල්වී තිබෙන හැකි පහල පින්තූරයෙන් දැක ගන්නට පුලුවන්.

 

ඉතින් එම මත්‍සය අනුරුව දකින ඕනෑම කෙනෙක් සිතන්නේ එය සීතලට ගල්වුන සැබෑම මත්සයෙකු ලෙසයි. එය අනුරුවක් බව පෙනෙන්නේ එය අසලට වඩා ලන්වුනු විට පමණයි.

04. සාගර පතුලේ හමුදාමය සොහොන් බිමක්

 

මයික්‍රෝනීසියාහි “චූක් ලැගූන්” වල සාගර පතුලේ තමයි ලොව බය හිතෙනම හමුදාමය ජලයෙන් යටවූ සොහොන්බිම පිහිටා තිබෙන්නේ. එහි සාගර පතුලේ නැව් 50කට වඩා අවසන් ගමන් ගොස් තිබෙනවා. ඊට අමතරව යුදමය ගුවන් යානාද එහි දැක ගන්නට පුලුවන්. එම නැව් සහ ගුවන්‍ යානාවන් මෙහි මිහිදන් වී තිබෙන්නේ දෙවනි ලෝක යුද සමයේ සිදුවූ දරුණු සටන් වල ප්‍රතිපලයක් ලෙසටයි. එම කාලයේ ජපන් හමුදාව විසින් මෙම කලපුව භාවිතා කලේ නාවික කදවුරක් ලෙසයි.

1944 වර්ශයේ පෙබරවාරි 17 වෙනි දින ඇමරිකාව විසින් එම නාවුක කදවුරට ගුවනින් සහ ජලය යටින් පැමිණ දරුණු ප්‍රහාරයන් එල්ල කලා. දින දෙකක් පුරා පැවති එම සටනින් මිනිස් ජීවිත දහස් ගනනක් නැති උනා.

ඒ වගේම ඉන් යුද නැව් 13ක් සහ වානිජමය නැව් 32ක් ද මුහුදුබත් උනා. ඒ වගේම අහස් යානාවන් සිය ගනනක් ද බිම හෙලනු ලැබුවා. එලෙස මුහුදු පතුලේ වූ ගුවන් යානා සහ නැව් වල උපකරණ අදටත් හොදින් ආරක්ෂා වී පවතිනවා. ඇතැම් සොල්දාදුවන්ගේ සිරුරු මෙතෙක් හමු නොවු නිසා එහි කිමිදෙන්නට යන එකනම් හොද අදහසක් නොවෙයි.

05. වසර මිලියන 80ක් පැරණි ෆ්‍රිල්ඩ් ශාක් මත්සයින්

 

ඩයිනෝසරයින්ට සමාන ඉතා රළු පෙනුමක් ඇති මෙම සත්වයින්ට තම ශරීරය සර්පයෙකු වගේ ඇද කරන්නට සහ දගර ගැසීමට හැකියාවක් තිබෙනවා. මෙම ෆ්‍රිල්ඩ් ශාක් සත්වයින් ස්භාවික පරිසරයේ දැක ගැනීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඔවුන් මොනතරම් දුර්ලභද කියනවා නම් 2004 වන තුරු අපි මෙම සත්වයාගේ වීඩියෝවක් දැක තිබුනේ නැහැ.
මෙම සත්වයින් ප්ෘතුවීයේ සාගරයන් වල වාසය කරන්නේ වසර මිලියන 80ක පමණ කාලයක සිටන්. මෙම සත්වයා ප්‍රාග්තන යුගයට අයත් පුරාතන ජීවියෙකු බව එම සත්වයාගෙ පෙනුමෙන් මනාව පිලිබිඹු වෙනවා. මේ සත්වයාට නෑකම් කියන ප්‍රාග් අයිතිහාසික ජීවීන් සියල්ලම වගේ මේ වනවිට වදවී ගොස් අවසන්.

 

 

මෙම සත්වයාගෙ මුහුන සර්පයෙකුට සමාන අතර මුව විවර කලහොත් පේලි 25කට පිහිටා තිබෙන ඉතා උල් දත් 300කට වඩා ඔබට දැක ගන්නට පුලුවන්. ඔවුන් ගොදුරු කරගන්නා මත්සයින් ඔවුන්ගේ ශරීර ප්‍රමාණයෙන් අඩක් තරම් විශාලයි. එම සත්වයාගේ මුව තුලට යන කිසිම ජීවියෙකුට ඉන් පිටතට පැමිණෙන්නට නම් ලැබෙන්නේ නැහැ.

 

මූලාශ්‍රය: නොදුටු ලෝකය



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply