මිහිමතින් වඳ වී ගියද නැවත මෙලොව එළිය දැකීමට වාසනාවන්ත වන ජීවීන්

 637 Total views,  2 Views today

 

මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝ ස්වාභාවික විපත් නිසා දැනට ලෝකයේ වඳවීමට ලක්වගොස් සිටින සතුන් කොපමණ සිටියිද? එවැනි සත්වයින් නැවත් පණ ලැබුවොත් එය කොතරම් ආශ්චර්‍යජනක වේවිද? ඔව් දැනටමත් නවීන තාක්ෂණය ඔස්සේ ඒ ආශ්චර්‍යය සිදු වෙමින් පවති. එසේ නැවත් මොලොව එළිය දැකීමට සිටින සත්වයින් කීපදෙනෙකු ඔබට හඳුන්වා දීමට සූදානම්.

 

Woolly Mammoth


ආක්ටික් සාගරයේ රැන්ගල් දූපත්වල, යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ශීත ප්‍රදේශවල ජීවත් වූවා යැයි සැලකේ.ගීසා පිරමීඩ ඉදි වීමෙන් වසර දාහකට පසු ව  මැමත් වර්ග ය වඳ වූ වා යැයි සැලකේ.දේශගුණික විපර්යාස හා දඩයම් කිරීම වඳ වී යාමට ප්‍රබල හේතුවක් වී ඇති බව සොයා ගෙන ඇත.අපට ආසන්නම වශයෙන් වඳ වී ගිය සත්වයා ලෙස මෙම woolly Mammoth හැඳින්වීමට හැකිය.අයිස් තුල සිරවී තිබූ විට සොයා ගෙන ඇත.මේ බැවින් නැවත ඔවුන්ව මෙලොවට අභිජනනය කිරීමට හැකි බව පර්යේෂණ මගින් තහවුරු කෙරෙමින් පවතී.විද්‍යාඥයින් මොවුන්ගේ ඩී එන් ඒ සංරක්ෂණය කොට තිබේ.පරීක්ෂණ කරනු ලබන්නේ වර්ගයට ආසන්නම ජීවීන් වන ආසියානු අලියන් යොදා ගෙනය.ජාන සංස්ලේෂණය කරමින් ආසියානු අලින් හරහා නැවත මැමත්ලව බිහි කිරීම සඳහා දැනටමත් උත්සාහ ගනිමින් පවතී. මේ අනුව නුදුරේදීම අපට මැමත් සියසින්ම දැකගැනීමට හැකියාව පවති.

 

Woolly Rhino


යුරෝපයේ ශීත කඳු කරවල ජීවත් වූ ලොම් වලින් පිරුණු රයිනෝ කෙනෙකි.බර කිලෝ ග්‍රෑම් 2000ක් පමණ වන woolly rhino අඩි 12 ක් පමණ දිග වේ. වඳ වී යාමට හේතු වී ඇත්තේ දේශගුණික විපර්යාස හා දඩයම් කිරිම බව වාර්තා වේ.මොවුන් ද මෙලොව එළිය දැකීමට මඟ බලා සිටින ජිවීන් කොට්ඨාසයකි.

 

 

 

Tasmanian tiger


හයිනා තරමට ම දරුණු සතෙකු වන මොවුන් බළල් පවුලට නෑකම් කියයි.1930 දී පමණ මිහිමතින් තුරන් වූ සත්වයින් කොටසකි. ඔස්ට්‍රේලියාව නිජභූමිය වේ.මොවුන්ගෙන් ගැහැණු සතෙකුගේ සමක් ඇල්කොහොල්වල දමා තිබී හමු වීමත් සමඟ ක්ලෝන කර  නැවතත් Tasmanian tiger බිහි කිරීමට පර්‍යේෂණ කරනු ලබයි.

 

The Dodo


ඉතා මෑතකදී වඳ වීමට ලක් වූ වඳවීමට ලක් වූ dodo ප්‍රසිද්ධ කුරුලු විශේෂයකි.මිනිසුන් ඇසුරේ හිටපු මෙම කුරුල්ලන් වඳ වීගියේ කෙසේ දැයි හිතා ගැනීමට අපහසු වී ඇත. මන්ද ඔවුන්ට විලෝපිකයින් ද ඉතා අඩුය. වඳ වීමට හේතුව දඩයම් කිරීම බවට ද සැක පළ කෙරේ. 2007 දී තමයි මෙයාලගෙ ඇටසැකිල්ලක් හමු වී ඇත්තේ. එය ඉතා හොඳින් තිබුනු බවත් දැනට පවතින හොඳම සංරකෂිත ඇට සැකිල්ල එය බවත් වාර්ථා වේ. ඒ ඇටසැකිල්ල මඟින් ප්‍රමාණවත් තරමේ DNA සාම්පල ගත හැකි වූ බව දක්වා ඇත.dodo ට ළඟම ඥාතීන්නම් පරවියන් ය.මේ නිසා පරවියන් මඟින් dodo ලා නැවත මොලොවට පැමිණීමට නියමිත වේ.

 

Elephant Bird


17 වන සියවසේ වඳ වී ගිය බව සැලකෙන elephant bird මැඩගස්කර් දූපත්වල ජීවත් වූ හ.මේ ජීවීන් පැස්බරුන්ට සමාන පියාඹීමට නොහැකි විශාල කුරුලු විශේෂයකි.වඳවීමට හේතු වාසස්ථාන විනාශ වීම හා දඩයම් කිරීම වේ.

 

Siberian unicorn


අඩි 6ක් පමණ උස ටොන් 4ක් පමණ බර මෙ සත්වයින් කඟවේනෙකුගේ අඟක් මෙන් අඟක් පිහිටා ඇත.පෙනුමෙන් රයිනෝ කෙනෙකුට ද සමානය. අවුරුදු 35000කට පෙර වඳවී ගොස් තිබෙන මොවුන්ගේ හිස් කබලක් කසකස්තානයෙන් හමු වීමත් සමඟ පර්‍යේෂණයට භාජනය කෙරෙමින් පවති.නුදුරේදීම අපට siberian unicon කෙනෙකුත් බලා ගැනීමට හැකිවේවි.

 

Saber toothed cat


අඩි 13ක් පමණ විශාල වේ.සිංහ පවුලට නෑකම් කියන මොවුන් ඉදිරිපස ඇති විශාල දත් යුගල නිසා හඳුනා ගැනීමට වඩාත් පහසුය. ශීත යුගයෙන් පසු වඳ වී ගියේ කෙසේ දැයි සිතා ගැනීමට අපහසු වුවත් ඇතැම් විට දේශගුණික විපර්‍යාස නිසා වඳ වී යන්නට ඇති බවට ද සැක පළ කරයි.මොවුන්ගේ ද සංරක්ෂිත DNA පවතී.

 

The Quagga


දකුණු අප්‍රිකාවේ ජීවත්ව සිටි සීබ්‍රාවන්ගේ උප විශේෂයක් වේ.1870 දී කැලයේ සිටි අන්තිම සතා දඩයම් කොට ඇති අතර 1883 දී ඇම්ස්ටඩෑම් සත්වෝද්‍යානයේ සිටි අන්තිම Quagga ද මියගොස් තිබේ.ඒ වන විට ද ඒ නැති වූයේ Quagga හි අන්තිම සත්වයා බව කවුරුත් දැන නොසිටියහ.1987 දී නැවත මේ සත්වයින් අභිජනනය කිරීමට උත්සාහ කරන ලදි. ඒ අනුව the Quagga මුල්ම අභිජනනය කළ සත්වයා බවට පත්වේ

 

The neanderthal


අපගේ මුතුන් මිත්තන් වේ.වසර මිලියන ගණනකට කලින් ඔවුන් හා හෝමෝසේපියන් මානව විශේෂය එකම පූර්වජිවියෙකුගෙන් දෙකට බෙදී සමාන්තරව පරිණාමය වී ඇත.අපට සමාන වූ ජාන සැලැස්මක් මොවුන්ට ද තිබේ.neanderthal ගේ DNA කේතයට අනුව අපගේ DNA කේත වෙනස් කොට ජාන ඉංජිනේරු විද්‍යාව මගින් පහසුවෙන්ම නැවත මොවුන්ට උපත දීමට හැකි බව වර්ථා වේ.


නමුත් එය කෙතරම් දුරට ප්‍රායෝගික වේ දැයි ගැටලු ඇති බවද කිව යුතුය.මන්දයත් මොවුන් ජීවත් වූයේ කෘෂිකාර්මික යුගය බිහි වීමටත් ප්‍රථමයෙන් වීමත් ශක්ති සම්පන්න බවින් ඉහළ වූවත් තාක්ෂණය අතින් හා මොළයේ නොදියුණු බව  නිසා සමාජයේ ජීවත් වීමට අපහසු වීමයි.නැවත් ඉපදුනත් ඔවුන් සමාජයේ කොන් වීමට ඉඩප්‍රස්ථාව ද වැඩිය.තවද තියා ගැනීමට වන්නේ සිර කරගෙනය. එය ඔවුන්ට කරන අසාධාරණයක් බවට ද කරුණු ඉදිරිපත් වේ.

මෙසේ නැවත පණ ලැබීමට හැකියාව ලැබී ඇති අය අතර වාසනාවට හෝ අවාසනාවට ඩයිනසෝර් සත්වයින්නම් තවම නැත. මන්දයත් ඔවුන්ගේන් නියමාකාරයෙන් යම් නිශ්චිත DNA සම්පල ලබා ගැනීමට නොහැකි වීමයි.

 

 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply