සාගරයට යටින් මිරිදිය ජලය පිරුණු තවත් සුවිශාල මුහුදක් හමුවෙයි.

 1,001 Total views,  1 Views today

අමෙරිකා එක්සත් ජනපදයේ  ඊසාන දිග කොටසේ සාගර පතුලට යටින් පුදුමහිතෙන සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. පුදුම සහගත ලෙස ඔවුන්ට හමුවී තිබුනේ මුහුදක් තරම් විශාල මිරිදිය ජලයෙන් පිරුනු ජල ධරයකි.

 

ඇත්තටම මොකක්ද මේ ජල ධරයක් කියන්නෙ?

ජල ධරයක් හෝ Aquifer එකක් ලෙස හදුන්වන්නේ ජලයට පහසුවෙන් ගමන්කල හැකි, සංත්ෘප්ත පාෂාණ වලින් හෙබි ස්ථරයකටයි. එවැනි ජල ධර සෑදී තිබෙන්නේ දිය උරාගන්නා වැලිගල්, හුණුගල් සහ සම්පිණ්ඩිත නොවූ වැලි සහ බොරළු වලින්. ඒවා දිය උරාගන්නා අවසාදිතයන් ලෙසත් හදුන්වන්නට පුලුවන්. 

 

අපි ලිදක් හාරනවිට සිදුකරන්නේ එවැනි ජල ධරයක් සිදුරු කිරීමයි. එවිට ඒ තුල වූ ජලය මතුපිටට පැමිණෙනවා. විද්‍යාඥයන් විසින්ද සාගර පතුලෙන් සොයාගනු ලැබුවේද මිරිදිය ජලය පිරුණු ජල ධරයකි. නමුත් විද්‍යාඥයන් පවසන විදියට ඒ තමයි සාගර පතුලෙන් හමුවූ විශාලතම ජල ධරය. එය මොන තරම් විශාලද කියනවානම් එය මහද්වීපික තටාකයේ අවසාන කෙලවර දක්වා විහිදෙනවා.. ඒ වගේම එය පොලව මතුපිට පිහිටියානම් වර්ග සැතපුම් 1500ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. 

ලවණ පිරුනු සාගර පතුලේ වූ දිය උරා ගන්න අවසාදිත වලට යටින් එම ජල ධරය සොයාගැනීමට විද්‍යාඥයන් සමත් උනු හැටි ගැන දැන් බලමු. විද්‍යාඥයන් ඒ සදහා භාවිතා කලේ විද්‍යුත් චුම්භක තරංගයන් (Electromagnetic Wave).  එම විද්‍යුත් චුම්භක තරංග මගින්  අනෙකුත් තාක්ෂණයන්ට නොපෙනෙන බොහෝදේ දැක ගන්නට පුලුවන්. 

 

ඒ ලවණ ජලය මිරිදිය ජලයට වඩා විද්‍යුත් චුම්භක තරංග සන්නායකයක් නිසා. එම නිසා විද්‍යුත් චුම්භක තරංග මිරිදිය තුලින් ගමන් කිරීමේදී පෙන්වා සිටින්නේ අවම සන්නයන තාවයක්. අවසානයේදි සිදුකල විශ්ලේශනයන් වලදී සාගර පතුල යට සැතපුම් 75ක් වත් නොනවත්වා එකදිගට දිවෙන මිරිදිය මුහුදක් ඇතිබව හෙලි උනා. තවදුරටත් හෙලි උනේ එම මිරිදිය මුහුද පටන්ගන්නෙ සාගර පතුලේ සිට අඩි 600ක් පමණ යටින් බවද අඩි 12000ක් පමණ ගැඹුරටද ගමන් කරන බවයි. එම නිසා ඒ තුල අඩුම තරමේ ඝන සැතපුම් 670ක (670mi3) මිරිදිය ජලස්කන්ධයක් ඇති බව අනුමාන කරන්නට පුලුවන්.

සාගර පතුලේ වෙන්වූ හුදෙකලා ස්ථාන වල මිරිදිය ජලය පවතින බව විද්‍යාඥයන් පෙර සිටම දැන සිටියා. සාගර පතුලේ එවැනි ස්ථානයන් ඇති බව පළමුව විද්‍යාඥයන් දැන ගත්තේ 1970 දශකයේ පමණ සිටයි. ඒ තෙල් සමාගම් වෙරළ තීරයන් ආශ්‍රිතව තෙල් ළිදවල් විදීමේදී ඔවුන් පුදුමයට පත් කරමින් ඒ තුලින් මිරිදිය ජලය මතුවී තිබුනා. 

එදා සිටන් අද වනතුරු සාගර පතුලේ අභ්‍යන්තරයේ ඇති එම මිරිදිය ජලාශයන් සෙවීමට වෙහෙසුනා. 

 

මේ තරම් විශාල මිරිදිය ජලස්කන්ධයක් සාගර පතුලට කොහෙන්ද?

 

මීට වසර 15000කට හෝ 20000කට පෙර අවසාන අයිස් යුගය නිමාවෙමින් පැවති කාලයේ ප්ෘතුවියේ වූ ජලය අතරින් වැඩිම ප්‍රමාණයක් සැතපුම් ගණනක් ගැඹුරු අයිස්කුට්ටි තුල සිරවී පැවතියා. එම අ‍යිස් ශීට් එක උතුරු ඇමරිකාවේ සිට අද නිව් ජර්සි, ලෝන් අයිලන්ඩ් සහ නිව් ඉංග්ලන්ඩ් වෙරළ තීරයන් දක්වාම පැතිරී තිබුනා. එම කාලයේදී මුහුදු මට්ටම පැවතියේ ඉතාමත්ම පහතින්. 

අයිස් යුගය නිමාවී අයිස් දියවී යනවාත් සමගම මහද්වීපික තටාකය මත විශාල රිවර් ඩෙල්ටා (River Delta) නිර්මාණය කලා. එවිට සිදුවුනේ ඊට යටින් මිරිදිය ජලය විවිද ප්‍රමාණයන්ගෙන් යුත් කුටීරයන් තුල සිරවීමයි. පසුව අයිස් සියල්ලම වගේ දියවී ගොස් සාගරික ජලය නැවත පෙර තිබුන මට්ටම දක්වාම වැඩි උනා.

 

ඉතින් අද දක්වාම සාගරික පතුල අභ්‍යන්තරයේ මිරිදිය ජලය සිරවී පැවතීමට හේතුව වන්නේ එයයි. එම විශ්මිත සොයාගැනිම සිදුකල විද්‍යාඥයන් පවසන්නේ මෙය මානව වර්ගයාට ලැබුනු මහා නිධානයක් බවයි. ඒ එහි වූ සුවිශාල ජලස්කන්ධයක් පිටතට ගෙන එමගින් ජලය හිග ප්‍රදේශයන් වල ජනතාවගේ පිපාසය සංසිදවන්නට පුලුවන්. ඉදිරියේදී ඔවුන් සිදුකරන පරික්ශනයන් වලින් තවත් මෙවැනිම මිරිදිය ජලයෙන් පිරුණු මුහුදවල් සොයාගැනීමට හැකිවේවි. 

තවත් මෙවැනි ලිපි බලන්න දැන්ම අපේ ෆේස්බුක් පේජ් එක ලයික් කරන්න

මූලාශ්‍රය: නොදුටු ලෝකය

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply