මරියානා ආගාධයෙහි ජීවත්වන විශ්මයජනක සතුන්

 848 Total views,  4 Views today

  අප පෘථිවියෙ හි 70% පමණ මහ සාගරයෙන් සුන්දර වී ඇත. නමුත් එය පිළිබඳ ගවේෂණය කර තිබෙන්නේ 5% පමණ වූ සුළු ප්‍රමාණයක් පමණි. අප සාගරයට වඩා අභ්‍යවකාශය පිළිබඳ කරුණු දන්නා බව විද්‍යාඥයින්ගේ මතය වී ඇත. ඒ අතරින් මරියානා ආගාධය පිළිබඳ සොයා බලා ඇත්තේ  ඉතා කුඩා ප්‍රමාණයකි.

මරියානා ආගාධයෙ හි කිසිදා ජීවයක් පැවතිය නොහැකි බව එය ගවේෂණය කළ මුල් අවධියේ මත පළ විය. එයට හේතුවනම් පතුළ අධික පීඩනයකින් , අධික ශිතලකින් පිරී තිබීමත් කිසිදා හිරු කිරණක පහස නොලබන නිසා ඝන අන්ධකාරයකින් යුක්ත නිසාත් ය. නමුත් සියල්ල පුදුමය පත් කරමින් මරියානා ආගාධය ජීවීන් හා විවිධාකාර ශාක හා පැළෑටි ආදියෙන් පරිපූර්ණව ඉතා විශ්මය දනවන ගුප්ත හා අද්භූත ජීවයක් පවතින බව අනාවරණය කොට ගෙන ඇත.ලොව කිසිම සාගර පතුලක දැකිය නොහැකි තරම් පරිසර විවිධත්වයක් මෙහි ඇති බව නව තාක්ෂණය ඔස්සේ දැන ගැනීමට හැකි වී ඇත.

මේ සටහන මරියානාවෙන් දැනට සොයාගෙන ඇති ඔබත් මමත් මවිතයට හා පුදුමයට පත් කරන්නාවූ එහි ජීවත්වන සිතාගත නොහැකි ජීවීන් කිහිපයක් ගැනයි.


මරියානාවේ විචිත්‍ර පරිසර පද්ධතියක් දක්නට ඇත.විවිධ එළි විහිඳුවන , විවිධ වර්ණයන්ගෙන් සැදුම්ලත් ඔබ මොබ යන ජීවීන් මෙහි පාරාදිසයක් මැවීමට උපකාරී වී ඇත.ක්ෂුද්‍ර ජීවීන් , ශාක විශේෂ , විශේෂ මොලුස්කාවන්, ලෝකයේ වෙනත් කොතනකින්වත් දැකීමට නොහැකි දුටුවන් ලොමුදැහැ ගැන්වෙන මත්ස්‍ය විශේෂ ද මෙහි සදාකාලික අයිතිකරුවන් වෙයි.

01. පෘථිවියේ විශාලම ඇමීබාවන්


ඇමීබාවන් යනු ඒක සයිලික ජීවීන් කොට්ඨාසයකි.සාමාන්‍ය ඇමීබාවෙක් මයික්‍රෝණ 2-3 ත් අතර ප්‍රමාණයක් ගන්නා අතර විශාල ඇමීබාවෙක් මයික්‍රෝණ 400-600 ත් අතර විශාලත්වකින් යුක්ත වේ. (මයික්‍රෝණ 10000 ක් සෙන්ටි මීටර 1 ට සමාන වේ.) පියවි ඇසට නොපෙන තරම් මේ ජීවින් ඉතා කුඩා බව ඔබට වැටහෙනවා ඇත. නමුත් මරියානාවෙ දී මෙය සම්පූර්නයෙන් වෙනස් වේ. එනම් පියවි ඇසට දැක ගැනීම ට හැකි තරම් විශාල ඇමීබාවන් ආගාධය පතුලේ දී දැක ගත හැකි වෙයි. අලංකාර සිරුරු වලින් සමන්විත මොවුන් ඉතා ගැඹුරු පතුලේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර  10.5 ක් පමණ පතුලට වන්නට ඉතා අඳුරු ප්‍රදේශවල වාසය කරයි. මේ ඇමීබාවන් සෙන්ටිමීටර 10 ත් 20ත් අතර විශාල වන බව පැවසුවහොත් ඔබ විශ්වාස කරනවා  ද? පෘතිවියේ විශාලම ඇමීබාවන් හමුවන්නේ මේ ආගාධයෙන් ය.

02. Zombi worm ( සොම්බි වො(ර්)ම් )


මොවුන් බැලූ බැල්මට ශාක විශේෂයක් සේ පෙනුන ද ඇත්තට ම ශාක විශේෂයක් නොවේ. පණුවෙකු වන සොම්බි වොර්ම් ගේ ප්‍රධාන ආහාර වර්ග නම් ඉහළ සාගරයේ දී මිය ගොස් පතුළට කිඳා බසින සතුන්ගේ අස්ථි  කොටස් ය . විශේෂයෙන්ම ශක්තිමත්ම තල්මසුන්ගේ අස්ථිපවා ආහාරයට ගැනීමට ඔවුන් සමත් ය. ආහරයක් පැමිණි විගසම එහි එල්ලී ආහාර කා දමන සොම්බි වෝර්ම් ට දත් නම් පිහිටා නැත. ඔවුන්ගේ කටේ තිබෙන ප්‍රබල අම්ල මගින් අස්ථි දියකර උරා බීම සිදු කරනු ලබනවා. බොහෝ කාලයක් ආහාර නොමැතිව මියගියා සේ සිටින මෙම පණුවන් ආහාරයක් පැමිණි විගස නැවත සක්‍රීය වී ආහාර ගෙන නැවත මියගිය තත්වයට පත්වෙ.


සොම්බි වොර්ම් ගැහැණු පණුවන් ගේ ශරීරය අගල් 5ක් දක්වා වැඩුන ද පිරිමි පණුවන් ඇසට නොපෙනෙන තරම් කුඩා වේ.මේ පිරිමි පණුවා ජීවත් වන්නේ ගැහැණු පණුවාගේ ශරීරයෙහිය. ගැහැණු පණුවාගේ ඇඟෙහි මිළියන ගණනක් පිරිමි පණුවන් කුඩා රෝම පිහිටන ආකාරයට ඇලී වාසය කරයි. ආහාර සොයන්නේ ගැහැනු පණුවණ් වන අතර එයින් තම සහකාරයින් පෝෂණය කරයි. පිරිමි පණුවන්ගේ ප්‍රධාන කාර්‍යය නම් ගැහැණු සතා පිටකරන ඩිම්බ අල්ලාගෙන සංසේචනය කිරීමයි.

 

03. Deep sea Hatchet Fish

මුහුදේ පාවෙන කෙටේරියක් වැනි Hatchet Fish මාළුවෙකුගේ හැඩයට වඩා නම් වෙනස් වේ.  Hatchet fish ඉතා කුඩාය. මොවුන්ගේ ඇගේ තිබෙන කොරපොතු දිස්වන්නේ අලුත් කෙටේරියක තලයෙහි ඇති දීප්තිමත් රිදී පැහැයයි.

විලෝපිකයන්ගෙන් බේරීමට, ගොඳුරක් සොයා ගැනීමට, සහකරුවෙකු සොයා ගැනීමට මේ මත්ස්‍යා සිරිරෙන් ආලෝකය නිපදවයි.

           

 

04. Black sea Devil


මේ මත්ස්‍යයාගේ හැඩරුව බැලූ විට යොදා තිබෙන නම ඉතා හොඳින් ගැලපෙන බව ඔබටද වැටහෙනු ඇත. යක්ෂ මාළුවා හෙවත් කළුපාට මුහුදු යක්ෂයා ලෙස නම් පටබැඳී ඇත්තේ මේ භයානක රැව නිසාය. ඉතා ගැඹුරු මුහුදේ වාසය කරයි.තද කළු විශාල ඇස්, හිස මුදුනේ තිබෙන ආලෝකය විහිඳුවන අවයවය, විශාල මුඛය හා එහි ඇති තියුණු උල් කටු සහිත දත් මේ මත්ස්‍යයාගේ බියකරු බව දෙගුණ තෙගුණ කරයි. තමාගේ ගොදුරු සොයා ගන්නේ ආලෝකය භාවිතා කරමින් ය.

ඔහේ පාවෙමින් තම ශක්තිය ඉතිරි කරගෙන සිටින black sea devill ගොදුරක් ළඟා වූ විට තම හිසෙහි පවතින අවයවයෙන් කුඩා එළියක් විහිඳුවයි. එය දකින මත්ස්‍යයින් ඒ තමාගේ ගොඳුරක් යයි සිතා ලංවේ. එය ඒ මත්ස්‍යයාගේ අවසානය වන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතැයි සිතමි. තමාගේ සිරුරෙහි ආලෝකය පාලනය කිරීමට හැකි මොවුන් එය වෙනස් කරන්නේ ආලොකයට සපේක්ෂවය. ආලෝකය වැඩි ස්ථාන වලදී ආලෝකට අඩු කරන අතර අඳුරේදී එය වැඩි කරනු ලබයි.

05. Telescopic Octopus


සාමාන්‍යයෙන් දකින බූවලු විශේයයන්ට වඩා මරියානාවේ දී දකින බූවල්ලන් විශේෂ හැඩරුවවලින් යුක්ත වේ. ටෙලස්කොපික් ඔක්ටපස් ද මේ අතරින් විශේෂ බූවලු විශේෂයකි. ඔවුන්ට සම්පූර්ණ විනිවිද සිරුරකට හිමිකම් කියනු ලබයි.සාමාන්‍ය බූවල්ලන් පතුල මත ඇවිදිමින් සිටියද මොවුන් ගැඹුරු මුහුදේ නිසලව පාවෙමින් සිටියි මේ ජීවියාගේ නම ලැබී තිබෙන්නේ දුරදක්නයක් වැනි සිරුරක් හිමි නිසා නම් නොව දුරදක්නයට සමාන ඇස් දෙකක් පිහිටා තිබෙන නිසා ය.ඔවුන්ට තමන්ගේ ඇස්දෙක දුරදක්නයක් ලෙසට අගල් 3ක් පමණ ඉදිරියට දිඟු කිරීමට හැකියාවක් ඇත.අඩියක් පමණ මෙසේ දිඟු කළ හැකි ඇස් ඕනෑම දිශාවකට යොමු කිරීමට හැකියාවද ඔවුන් සතුව ඇත.

සාමාන්‍ය බූවල්ලෙකුට සමාන අඩු 8ක් සහිත ඔක්ටපස් ට අඩු අතර මකුණුදැලක් ආකාරයට ව්‍යුහයක් දැක ගැනීමට ඇත. සාගර පතුලේ කුඩා එළි විහිදුවමින් පාවෙන කුඩා සතුන් ඔවුන්ගේ ප්‍රධාන ආහාර වෙන අතර ඒවා අල්ලා ගැනීමට අඬු අතර ව්‍යුහය ද උපකාරී වේ.

 

06. Barrel eye fish


සම්පූරණයෙන්ම හිස ඇතුළත විනිවිඳ පෙනෙන අතර මොවුන්ගේ ඇස් හිස ඇතුලත පිහිටා ඇත.කටට ඉහළින් ඇස් ආකාරයට සලකුණු දෙකක් තිබුනද එය ඇස් නොවන බවට තහවුරු වී ඇත.

සදාකාලිකව ඉහළ බලාගෙන සිටින ලෙස සෑදී ඇති ඇස් සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන තරලයක ගිලී පවතී. එයින් ඉහළ සිට වැටෙන ආහාර පහසුවෙන් බලා ගැනීම සඳහා උපකාරී වේ. හිස තුළ පවතින ලා කොළ පැහැති ගුලි දෙකක් වැනි දෙය ඇස් දෙක ලෙස ක්‍රියාකරනු ලබයි. ඉතාම සියුම් සමකට උරුමකම් කියන Barrel eye fish පිළිබඳ වැඩි තොරතුරක් නම් තවම සොයාගෙන නොමැත. ඉතා ගැඹුරේ වාසය කරන මොවුන් ගොඩබිමට ගෙන ආ විට ශරීරය පවත්වාගෙන යාමට අපහසු වී පැලී යන බැවින් පර්‍යේෂණය කිරීමට දුෂ්කර වී ඇත.

 

07. Benthocodon


මරියානා ආගාධයෙ වෙසෙන තවත් විශේෂ වූ ජෙලිෆිෂ් වර්ගයකි. ඔහුගේ සිරුරේ ඉහළ කොටස සීනුවක හැඩයක්   ලෙස සකස් වී ඇත. ආගාධය තුළ පවතින අධික පීඩනය තුළ පිහිනා යාමට ඔවුන්ගේ මේ සීනු හැඩැය හා ශරීරය වටා ඇති දහසක් පමණ සිහින් රැළි සහිත අවයවද උපකාරී වී ඇත. රත් පැහැ වර්ණයෙන් යුක්ත මෙම ජෙලිෆිෂ් විශේෂය විනිවිද පෙනෙන ස්වභාවයක් ගන්නේ නම් නැත.

 

08. Deep sea Dongfish


මත්ස්‍ය වර්ගයට අයත් වන මොවුන් අගල් 7ක් පමණ දිගු වේ. මාළුවෙකු ලෙස හැඳින්වුවද මොවුනට කොරපොතුනම් පිහිටා නැත.ලිස්සන සුළු හා සිහින් සිරුරකින් සමන්විත වේ . අනෙක් මත්ස්‍යයන් සමඟ සන්නිවෙදනය කිරීමට විච්ඡේදක ශරීර කොටස් උපයෝගී කර ගනී. එනම් ජීවියෙකු විසින් ආලෝකය නිපදවීම හා විමෝචනය කිරීමයි.

 

09. Dumbo Octopus


අධික පීඩනය යටතේ ජීවත්වීමට හැකි වන පරිදි නිර්මාණය වී ඇති Dumbo octopus ගේ විශේෂ ලක්ෂණයක් නම් පියාපත් වැනි අංගයක් ඔලුව දෙපසෙහි පිහිටා තිබීමයි. සාමාන්‍යය බූවල්ලන්ට නම් මෙවැනි අවයවක් පිහිටා නැත. එම කන් පියාපත් වැනි නිසා මොවුන් ‘පියාපත් බූවල්ලා’ ලෙසද හඳුන්වයි. නමුත් මේවා කන් හෝ පියාපත් හෝ නොව ඔවුන්ට පිහිනා යාමට උදව්වන වරල් ය.

ඉතා අධික ගැඹුරේ ජීවත්වන්නා වූ ඩම්බෝ ඔක්ටපස් හට තම ශරීරයේ වර්ණය ද වෙනස් කිරීමට හැකියාව ඇත.සාමාන්‍යය බූවල්ලන් තමාගේ සතුරන්ගෙන් ආරක්ෂා වීමට කලු පැහැ තීන්ත වර්ගයක් වැනි දෙයක් නිකුත් කරනු ලබයි. නමුත් මේ බූවල්ලන් නම් එසේ කරනවා දැක ගැනීමට නොහැක.මන්දයත් ඔවුන් ඉතා අන්ධකාරයක් ජීවත්වන බැවිනි . එහිදී එවැනි කලු දියරයක් නිකුත් කරා කියා දැන ගැනීම්ට නොහැකි අතර එය නිකුත් වුවා කියා කිසිම ආරක්ෂාවක් ද නොලැබෙ.

 

10. Filled Shark


ජීවත්වන පොසිලයක් සේ සලකන Filled shark බිය්කරු පෙනුමකින් ද යුක්ත වේ. රැළි වැටුණු සමක් සහිත මෝර විශේෂයක් ලෙස මුලදී සිතා සිටි නිසා මේ නම යෙදී ඇති බව සඳහන් වේ. ඔවුන්ගේ හිස පිඹුරෙකුට සමාන වන අතර සිරුර ආඳෙකුගේ හැඩයක් ගනී.දියුණු කැමරාවලට හසු වී ඇති මෙම සතුන් පරිණාමය නොවූ ප්‍රාග් ඓතිහාසික සත්ව විශේෂයක් බොහෝ ලක්ෂණ පෙන්වන බව සොයාගෙන ඇත.


ඔවුන්ට ආහාර ලැබෙන්නේ කාලයකට පසුවය. මේ සඳහා ඔවුන් හැඩගැසී ඇත.ඔවුන්ගේ මුඛය එයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කරගෙන ඇත්තේ ගොඳුරකට ලෙහෙසියකින් ගැලවී යාමට නොහැකි වන පරිදිය. දත් පිටත සිට ඇතුළට නෙරාගිය ස්වභාවයක් ඇති අතර තීරු 25ක් පමණ එහි ඇත. මේ සෑම තීරුවකම උල් කටු වැනි දත් ගණනාවක් තිබේ. සුදු මෝරෙකුගේ දත් තරමටම භයානක මේවා 300ක් පමණ පිහිටා තිබේ.


මෝරෙකුට පිහිටා තිබෙන සිදුරු 6කින් සමන්විත කරමලක් මේ සත්වයින්ටද පිහිටා තිබේ. එය filled shark මොරන් ගණයට අයත් වීමට ඇති එකම සාධකය වෙයි.පැහැය අතින්නම් අනෙක් මෝරන්ට වඩා වෙනස් ය. සාමාන්‍ය මෝරන් අලු පැහැයක් ගත්තත් මොවුන් රෝස පැහැයට හුරු පැහැයක් ගනී.මේ සත්වයින් ඩයිනෝසර් යුගයේ සිටම කිසිඳු පරිණාමයකට ලක් වී නොමැත.සාගර පතුලේ සිටි වසර මිලියන 100කට පෙර ජීවත් වූ filled shark සතුන්ගේ පොසිල පවා අද ජිවත්වන සතුන්ට ඉතාම සමාන වන බව සොයාගෙන ඇත. මේ නිසා සත්ව ලෝකයේ ජීවමාන පොසිලය ලෙස filled shark හැඳින්වෙයි.

11. Gobling Shark

මරියානා ආගාධයෙහි ජිවත්වන මේ සත්වයින් Gobling ට සමාන මෝරෙකුගේ හැඩයක් ගනී. ලෝකයේ උසම මිනිසා මෙන් දෙගුණයක් පමණ වූ මොවුන් අඩි 18 දිගින් යුක්ත වෙයි. හිස දිග කඩුවක් ආකාරයට පිහිටා ඇත. මෝරෙකු මෙන් නිල් හෝ අලු පැහැයෙන් තොර වූ gobling shark රෝස පැහැයක් ගනී. මේ සත්වයිගේ ප්‍රජනනය, ව්‍යාප්තිය ආදියනම් තවම විද්‍යාඥයින් සොයාගෙන නොමැත.

මෙසේ විකෘති මෝර විශේෂ කීපයක්ම මරියානාවෙ ජීවත් වෙයි.මොවුන් දැකගත හැක්කේ මරියානාවේ දීම පමණි. මීටර් 5000ක් තරම් ගැඹුරින් ජීවත්වන මේ සත්වයින් දැකීමට පවා බිය උපදවන සුලු ය.

Vampire shark ද මේ අතර වෙයි.

ලොව ගැඹුරුම ස්ථානයේ ජීවත්වන මත්ස්‍යා ස්නෙයිල් ෆිෂ් ( snail fish ) ය.

එනම් මුහුදු මට්ටමේ සිට මීටර් 8000 පමණ ගැඹුරේ ය.අධික පීඩනයක් සහිත ස්ථානවල කටුවක් සහිත සත්වයින්ට ජීවත් වීමට නොහැක. මන්දයත් අධික පීඩනය දරාගැනීමට නොහැකිව කටුව පුපුරා මිය යන බැවිනි නමුත් මරියානාවේ දී මේ තත්වය වෙනස් වී ඇත. අධික පීඩනයට ඔරොත්තු දෙමින් පතුලේ ඛණිජ ඇති ස්ථානවල ජීවත් වන මේ කටුව සහිත සත්වයින්නම් බෙල්ලන් විශේෂයකි.තවද slit shell ද මරියානා ආගාධයේ  අලුතින් සොයා ගැණුනු ගොළුබෙලි විශේෂයකි.

නොවිසඳු අභිරහසක උරුම කරුවෙක් වූ මරියානා ආගාධය ගවේෂණය කිරිමට ගිය ගවේශකයින්ට විවිධ විසඳා ගත නොහැකි අද්භූත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවී ඇත. එක්දාස් නවසිය හැටේ මරියානා ව ගවේෂණය කළ ටොන් වුල්ස් හා ජැට් පිකාට් ඔවුන්ගේ ගවේෂණය අතරතුරදී මුහුණ පෑ අමුතු අත්දැකීම් පවසා ඇත.එනම්  යම් වස්තුවක් හෝ ජීවියෙක් තමන් පිලිබඳ පරීක්ෂාවෙන් සිටි බවත් සබ්මැරීනය ලුහුබැඳ පැමිණි බවත් ය.

1985 වසරේ දී ග්ලෝමා චැලෙන්ජ නෞකාවද සාගර පතුලේ සාම්පල් රැගෙන ඒමට යන අතර ඔවුන්ගෙ යකඩ බෝලයක් සාගර පත්ලට යැවීමේදී එක්වරම ඔවුන්ට එම බෝලය කිසිවකු විසි් ඒ ඇති අතර  සේ දැනී ඇති අතර එය විගසින් උඩට ගෙන බැලීමේ දී යමක ගැටී හෝ යම් කිසි සත්වයෙකු සපා කා ඇති බව දැක ගැනීමට හැකි වී තිබේ.

මීට වසර මිලියන 3.6 ක ට පෙර ජීවත් වූ ජීවත් වූ megalodon මෝර විශේෂය ද මරියානා පතුලේ ජීවත් විය හැකි බවට මත පළ වේ. ඉහත සඳහන් කළ සිදුවීම් ද මෙගලඩොන් හා සම්බන්ධ කොට කරුණු දක්වයි .ඔහු සාමාන්‍ය මිනී මෝරෙකුට වඩා තුන් ගුණයක් විශාල වේ.

අතීතයේ දී විශාල බූවල්ලන්, මිනී මෝරුන් ආදිය වාසය කළා යැයි සැලකේ.මෑතක දී ජපාන මුහුදෙන් මීටර දහ තුනක් දිග බූවල්ලෙකු සොයා ගැනීමත් සමඟ දැනට ද මරියානා පතුලේ මෙවැනි සත්වයින් ජීවත් වීමට හැකි බව නිගමනය කොට ඇත. එසේනම් මෙගලඩොන් උනත් මේ මරියානා පතුළේ වාසය කිරීමට බොහෝ ඉඩකට ඇති බව අපට සිතා ගත හැකිය.

මේ සියල්ල කුතුහලය දනවන හා පුදුමයට පත් කිරීමට හැකි තොරතුරු වන අතර තවත් කිසිසේත්ම බලාපොරොත්තු නොවිය හැකි දෙයක් ද මරියානා ආගාධයෙහි දී හමු වී ඇත. එනම් ප්ලාස්ටික් බෑගයකි.

එය කෙසේ මේ තරම් ගැඹුරු ආගාධයකට පැමිණියේ ද යන්නනම් තවම සිතා ගත නොහැක. එය 2009 දී වික්ටර් විස්කෝ මරියානා පතුල ගවේෂණය කිරීමේ දී මෙය ඡායාරූපයට හසු වී තිබේ.

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply