ගොඩබිම බර්මියුඩා ත්‍රිකෝණය ” හොයියා බාචු “

 1,183 Total views,  3 Views today


ඔබ කෙදිනක හෝ ගොඩබිම පවතින බර්මියුඩා ත්‍රිකෝණයක් ගැන අසා තිබේද ? එසේ අසා නැතිනම් අද ඔබට ඒ ස්ථානය ගැන දැන ගැනීමට හැකියාවක් ඇත.

 

ලොව වඩාත්ම භූතාවිශ්ට වනාන්තරය ලෙස සැලකෙන “හොයියා බාචු” වනාන්තරය මෙලෙස ගොඩබිම බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් නම් කර ඇත. එහි පවතින ගුප්‍ත ස්වභාවය,එතුල ඇතිවන අස්වාභාවික සිදුවීම් , අතුරුදහන් වීම්,පරිසරයේ අස්වාභාවික දේ මේ නම යෙදීමට හේතු රාශියක් සපයා ඇත.

වයඹදිග රුමේනියාවේ, (එරට වැසියන් ශබ්ද කරන ආකාරයට රොමා නියා) ක්ලුෂ් – නපෝකා නගරයේ හෙක්ටයාර් 250ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර මේ වනාන්තරය පැතිරී තිබේ.

හොයියා බාචු  වනාන්තරයට ඇතුළුවන පුධලයෙකු කිසිදා යහතින්නම් නොපැමිණෙන බව වර්ථා වේ.මෙය අද්භූත වනාන්තරයක් ලෙස මුලින්ම හැඳින්වීමට පෙලඹී  ඇත්තේ රොමේනියානු ඉතිහාසයට අනුව  ගව පට්ටියක්ද දක්කාගෙන මේ වනයට ඇතුළු වූ එඩේරෙක් අතුරුදන් වීමද සමඟයි.ඉන්පසු මෙම වනය තුළ අද්භුත සිදුවීම් සිදු වීම් දිගින් දිගටම සිදු වෙමින් පවතියි.

වනාන්තරය අවට වෙසෙන කිසිවකු එම සිද්ධියෙන් අනතුරුව වනයට ඇතුළු වීමට උත්සාහ කිරීමට පෙළඹී නැති බව ද කියවේ. ඊට ඇතුළු වුණොත් නැවත පැමිණීමට නොලැබෙන බව ඔවුන් තදින්ම විශ්වාස කිරීමට පටන් ගෙන ඇත. නමුත් ඒ අතරින් පතර වනාන්තරයට ඇතුළු වීමට තරම් දිරියක් ඇති පුද්ගලයන් ද සිටිය හ. ඔවුන් වනාන්තරය තුළට යහතින් ඇතුළු වුවද ඉන් පිටතට පැමිණෙන්නෙ යහතින්නම් නෙවේ. සමේ දද ඇතිවීම්, ඔක්කාරය, වමනය, හිසරදය, පිලිස්සීම්, සීරීම් ආදී නොයෙකුත් ආපදාවන්ට ලක්වන මොවුන් අතර සමහරු අද්භූත සිදුවීම් ගැනද සදහන් කර ඇත

මෙම අද්භූත සිද්ධීන්ට විවිධ හේතු ඇතිබවට අදහස් පළවේ.ඇතමෙක් හොයියා බාචු භූත බලවේග වලට ලක්වන කලාපයක් බව සඳහන් කරේ.මෙම වනය තුළ අවතාර ගැවසෙනු බොහෝ දෙනා දැක ඇති අතර තේරුම් කළ නොහැකි සිදුවීම් බොහෝමයක් සිදු වීම එයට හේතු වී ඇත.තවත් පුද්ගලයන් පවසන්නේ තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බවක් තමන්ට දැනෙන බවයි. ඡායාරූපවල අද්භූත මුහුණු සටහන් වීම් ආදිය පිළිබඳ ඊට මුහුණ දුන් බොහෝ දෙනා දක්වා ඇත.ඒ වගේම මෙම වනාන්තරය තුළ පිහිටි අමුතුම ආකාරයේ තුරුලතා ආදියත් ඒ අද්භූත බව තවත් තීව්‍ර කිරීමට ප්‍රධාන සාධකයක් වෙයි.

මෙම වනයේ පවතින ඇතැම් ගස් සිතා ගැනීමට අපහසු ලෙස විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ. එකම දිශාවකට එකම ආකාරයෙන් කවාකාරව නැවී ඇති කඳන් සහිත ගස් ඕනෑතරම් මෙහි හමුවේ.තවම එයට හේතු වූ සිද්දීන් විද්‍යාඥයින්ටද සිතා ගැනීමට නොහැකි වී ඇත.

පිටසක්වල බලපෑමක් ඇති බවට ද තවත් සාධක පෙන්වා දෙන සාක්ෂීන් ද වාර්ථා අතරට එක් වී ඇත. . ඒ විතරක් නොවෙයි, 1970 ගණන්වල මේ තුළ අද්භූත යානයක් දුටු කීප දෙනකුම ඒ පිළිබඳව වාර්තාකොට තිබුණා. වනාන්තරයට ඉහළින් අද්භූත යානා දිස් වූ බව ඇතැමුන් පවසති.තවද එය සනාථ කරනු පිණිස ඡායාරූප ද ඉදිරිපත් කර තිබේ.ඇලෙක්සැන්ඩර් සිෆ්ට් නම් ජීව විද්‍යාඥයකු වනයට ඉහළ අහසේ ගමන් කරමින් තිබූ පියාඹන පීරිසි ආකාරයේ වස්තූන් කීපයක් ඡායාරූපගත කර ඇත.1968  දී යුද හමුදා කාර්මිකයකු වු එමිල් බර්නියා විසින්ද මෙම වනාන්තරයට ඉහළ අහසේ ගමන් කළ පියාඹන පීරිසියක දර්ශනයක් ඡායාරූපගත කිරීමට සමත්ව තිබෙනවා.

හොයියා බාචු හි අද්භූත බව වැඩි කිරීමට එහි ඇති කිසිදු පැළෑටියක්,ගසක් නොවැඩෙන කවාකාර කොටස පෙන්වා දීමට හැකිය.ගන වන ගහනයකින් යුත් මෙහි මධ්‍යයේ එය පිහිටා තිබේ. මෙහි පස් නියැදි පවා පරීක්ෂාවට ලක්කොට ඇති අතර ඒ පස්වලද කිසිදු වරදක් නැති බව ඔවුන් සඳහන් කොට තිබුණා. ගස් වැවීමට තරම් හොඳ පසක් එහි ඇති බව ඔවුන් අනාවරණය කරනවා. ඒ අවට වැසියන් විශ්වාස කරන්නේ එම කවය වනයේ සිදුවන අද්භූත සිදුවීම්වල කේන්ද්‍රස්ථානය බවයි.මෙය තවත් නොපෙනෙන මානයකට ඇතුළුවීම සඳහා වන ද්වාරයක් වන බව ඇතැමෙකුගේ මතය වේ.

 

මෙතුළින් නිතර නිතර අද්භූත එළි විහිදෙන අයුරු අවට වැසියන් දැක ඇති අතර සමහරු මෙතුළ අතරමං වී නැවත පැය කිහිපයකට පසු පිටතට පැමිණි විට ඊට පෙර සිදුවූ කිසිවක් තමන්ට මතක නැති බව සඳහන් කළ අවස්ථාද දුලබ නොවේ. ඒ සඳහා ඇතැම් විට මේ වනය තුළ විකිරණ හා විෂ වායු තිබීම හේතු වන්නට හැකි බවද මත පළ වේ. මෙම වනය තුළ දී කිසිදු ඉලෙක්ට්‍රොනික උපාංගයක් ක්‍රියාත්මක නොවීම ද තවත් විශේෂත්වයකි.

මෑතකදී මෙම වනාන්තරය තුළ සිදුවීම් වාර්තා කිරීම සඳහා ගිය රූපවාහිනි නාළිකාවක විමර්ශකයකු නොපෙනෙන බලවේගයක් විසින් සූරා බිමට තල්ලුකොට ඇති බවද වාර්තා වී ඇත.ඊට පෙර තමන් අඳුරු කැලෑව තුළින් දිලිසෙන ඇස් වැනි ආලෝකයක් දුටු බවද ඔහු පවසා  තිබේ.

තවමත් පර්‍යේෂණ සිදු කරමින් පවතින හොයියා බාචු වනාන්තරය ලෝකයේ වඩාත්ම හොල්මන් වනාන්තරවලින් එකක් යැයි පැවසීම පුදුමයක් නොවේ. එනිසා, එය අන්ධකාරයෙන් පිරී ඇති කතන්දර වලට හොඳ නැඹුරුවක් දක්වන ස්ථානයකි.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply