අයිස්වල ගල්වෙලා ඉඳලා නැවත පණ ලබන සත්වයින්

 710 Total views,  4 Views today

අයිස්වල ගල්වෙලා ඉඳලා නැවත පණ ලබන සත්වයින්

 

 

 

සොබාදහම සැබැවින්ම විශ්මයජනකයි අදික සීතල කාලගුණයක් සහිත ප්‍රදේශවල වෙසෙන සත්වයින් නොමැරී ජීවත් වන්නේ කෙසේ ද කියා ඔබ කෙදිනක වත් සිතුවාද?

 එම සත්වයින්ට මිනිස්සුන්ට වගේ ශීතලක් දැනුනු ගමන් උනුසුම් පොරවනයක් ලබා ලබාගැනීමට හැකියාවක් නැහැ. නමුත් එම සත්වයින් දරුණු ශීත කාලගුණ තත්ත්වයන් හමුවේ නොනැසී සිටීමට සමත් වෙනවා. ඒ අතරින් ඇතැම් සත්වයින් අයිස්වලින් ගල්වෙලා ඉඳලා නැවත ජීවතුන් අතරට පැමිණෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නෑ.

 

01. ආක්ටික් බිම් ලේනුන්

ආක්ටික් බිම් ලේනුන්

 

Arctic Ground Squirrel  ලෙස හඳුන්වන මෙම ලේනුන්, උතුරු කැනඩාව ඇලස්කාව සහ සයිබීරියාවට ආවේණික ජීවීන් විශේෂයක්. මොවුන් දැක ගන්නට ලැබෙන්නේ හිම වලින් වැසුණු කාන්තාර බිම්වල කඳුබෑවුම් වෙරලවල් සහ ගංගාවන් ආශ්‍රිත තැනිතලා බිම්වලයි.

එවැනි අතිශය කර්කශ කාලගුණික තත්ත්වයක නොනැසී වාසය කිරීමට හැකි විදියට ඔවුන් හොඳින් අනුවර්තනය වී තිබෙනවා. ඔවුන් සතු එක් සුවිශේෂී හැකියාවක් ලෙස Hibernation එහෙමත් නැත්නම් ශිශිර තරණ නින්ද හඳුන්වන්න පුළුවන්. ඔවුන් සීත ඍර්තුව පැමිණෙනවාත් සමඟම පොළොව තුළ වූ ගුහා වලට පිවිසෙනව. එම කාලයේදී අවට උශ්නත්වය සෙල්සියක් අංශක රින ගනන් දක්වා පහත බසිනවා. 

 ඒ වගේම ඔවුන් වෙසෙන ප්‍රදේශය මීටරයකින් පමන අයිස් වලින් යට වෙනවා. ඉතින් ඔවුන් ඒ තුල  සීතලෙන් ගල්වී මාස 5ක් පමන කාලයක් ඉන්නව කියල පරීක්ශන වලින් සොයාගෙන තියෙනවා.

ඔවුන්ගේ ශාරීරික උශ්නත්වය පුදුම සහගත ලෙස එම කාලයේදි සෙල්සියක් අංශක -2 දක්වා පහත බහිනව. ඒ ක්ශීරපායි සත්වයෙකුගෙන් වාර්තා වෙන අවම ශාරිරික උශ්නත්වයයි.

එම ශිශිරතරණ නින්දේදී ඔවුන්ගේ ශාරීරික ඉන්ද්‍රියන් කොපමන මන්දගාමී වෙනවද කියනව නම් ඔවුන්පෙ නෙන්නේ මියගිය සත්වයින් ලෙසයි. ඒ වගේම ඔවුන්ගේ ශාරීරික දියරයන් සුපර්කූල්  (Super Cool) අවස්තාවට පත් වෙනවා. සුපර් කූල් යනු ශාරිරික දියරයන් ඝන ස්වභාවයක පත් නොවී හිමාංකයට වඩා පහල අගයකට පත් කිරීමයි. ඒ අතරතුර මෙම සත්වයින්ගේ මොලයට නිතරම ස්නායු හරහා විද්‍යුත් ස්පන්දන යවනවා එසේ සිදුවන්නේ මොලය මිය යන්නට නොදී තබා ගැනීමටයි. එම කටුක තත්වයට මුහුනදෙන එම සත්වයින් අතරින් සමහර සතුන් මිය යනවා. 

ශීත කාලය නිමාවී යලි ග්‍රීශ්ම කාලය එලබෙනවාත් සමග මොවුන් සම්පූර්ණයෙන්ම අවදිවී වර්ගයා බෝ කිරීම සිදු කරනවා..

 

 

02. Arctic Woolly Bear Caterpillar (ලොම් සහිත ආක්ටික් වලස් දළඹුවා)

02. Arctic Woolly Bear Caterpillar (ලොම් සහිත ආක්ටික් වලස් දළඹුවා)

 

ලංකාවේ අපිට හුරු පුරුදු නැති මෙම දලඹු විශේෂය ඇමරිකාවෙ මිනිසුන්ට නම් සාමාන්‍ය දෙයක්. නමුත් ඔවුන් මේ දලඹුවන් ස්පර්ශ කිරීමෙන් වැරකී සිටිනවා. ඒ ඔවුන්ගේ ලොම් ගෑවුනොත් අදික වේදනාවක් දැනෙන නිසා.  ඒ ගැන බොහෝ දෙනෙක් දන්නවා උනත් මේ දලඹු විශේෂයට අදික සීතල කාලගුනික තත්ව යටතේ උවත් නොනැසී සිටීමට හැකියාව තිබෙන බව බොහෝ දෙනක් දන්නේ නෑ.  

 

මේ වර්ගයේ දළඹුවන් අතරින් එක්තරා විශේෂයක් ඔවුන්ගේ ජීවිත කාලයෙන් වැඩිම හරියක් වෙසෙන්නේ අදික සීතලෙන් ගල්වී. ඒ ඉදිරියේදී නැවත දවසක පන ලැබීමේ අරමුණින්. මෙම ලොම් සහිත ආක්ටික් වලස් දළඹුවා කැනඩාව සහ ග්‍රීන්ලන්තය ආශ්‍රිත ප්‍රදේශ වල තිබෙන දරුණු ආක්ටික් කාලගුණයටත් ගොදුරු වෙනවා. වරෙක මේ සත්වයා අදික සීතලෙන් ගල්වෙන අතර ඉන් පසු  අයිස් දියකර ආහාර ගන්නවා. පරීක්ශන වලට අනුව මෙම සත්වයාගෙ ලේ වල යම් කිසි විශේෂිත සීනි වර්ගයක් තිබෙනවා. එම සීනි විසින් සෙල්සියස් අංශක රින ගනන් සීතල වුවද ලේ ගල්වීමට නොදී පවත්වාගෙන යනු ලබන්නේ.   

 

මෙම දළඹු විශේෂය සලබයෙකු වීමට පෙර 7 වතාවක් පමණ අයිස් බවට පත්වී නැවත හිම දියකර හරින බව පරීක්ශණ වලින් සොයාගෙන තිබෙනවා. 

අවසානයේදි සළබයෙකු බවට පත්වෙන මෙම දළඹුවා ජීවත් වන්නේ සති දෙකක් පමණ වන බවද සොයාගෙන තිබෙනවා. ඒ අතරතුර වර්ගයා බෝ කර එම සත්වයින් මරනයට පත් වෙනවා.

 

03. ඇලිගේටර් කිඹුලන්

03. ඇලිගේටර් කිඹුලන්

 

ඉහත රූපයේ පෙනෙන ඇලිගේටර් සත්වයන් අතර දිවි රැක ගන්න අපූරු උපක්‍රමයක් තිබෙනවා.ේ තමයි ශීත කාලයේදී ශරීරයේ රුදිර සයිල  අදික සීතලෙන් ගල් ගැසීම. ඔවුන් වෙසෙන ජලශයේ මතුපිට ජලය අයිස් බවට පත්වෙනවිට ජලය යට වෙසෙන ඔවුන් හුස්ම ගන්නේ කෙසේද කියා සිතුවාද? 

 

උතුරු කැරලයිනා වල වගුරු බිම් ආශ්‍රිතව වෙසෙන ඇලිගේටරයින් ඒ සදහා අපූරු උපක්‍රමයක් භාවිතා කරනවා. ජලය අයිස් බවට පත්වීම ආරම්භ වෙනවාත් සමගම ඔවුන් තම දිගු හොම්බ ජලය මතුපිටට ගෙන එනවා. ඉතින් ඊට පහලින් වූ ශරීරය සෙලවීමට නොහැකි ලෙස ගල්වී තිබුනද උනුසුම් කාලය පැමිනෙන තුරු මතුපිට ඇති නාසයෙන් ඔවුන්ට හුස්ම ගන්නට පුලුවන්. 

 

මිනිසා මිහිමත පහල වීමටත් පෙර සිට මේ සත්වයින් මිහිමත වාසය කලායැයි සැලකෙන්නෙ. මෙතරම් දරුණු පාරිසරික තත්වයන් යටතේ වුවද ඔවුන්ට දිවි රැක ගැනීමට හැකිවී තිබෙන්නේ මේ නිසයි.  

 

04.  ඉගුවානා

04.  ඉගුවානා

 

ඉගුවානා සත්වයින් අයත් වන්නේ Cold Blooded වර්ගයටයි. Cold Blooded යනු පිටත උශ්නත්වයට සාපේක්ශය ශරීර උශ්නත්වය වෙනස් වෙන ජීවීන්වයි.  එම නිසා ඔවුන් සීතල කාලගුන තත්වයට හොදින් ඔරොත්තු දෙනවා. අවට උශ්නත්වය සෙල්සියක් අංශක 4ක් දක්වා පහත වැටීමත් සමග ඔවුන්ගේ සිරුරු අදික ශීතලෙන් ගල්වෙන අතර ඔවුන්ට චලනය වීමට නොහැකි තත්වයකට පත්වෙනවා. 

එම අවස්තාවේදී ඉගුවානා සත්වයෙක් ගසක් උඩ සිටියොත් ඉන් බිමට ඇදගෙන වැටෙනවා. බැලූ බැල්මට පෙනෙන්නේ ඔවුන් මරණයට පත්ව ඇති බවයි. ෆ්ලොරීඩා වල මෙය සිදුවන විට එය දිස්වන්නේ ඉගුවානා සත්වයින් වරුසාවක් පොලවට වැටෙනවා ලෙසයි. එම සත්වයින්  අවට පරිසරයේ උශ්නත්වය වැඩිවෙනවාත් සමගම නැවත පනලබා නැගිටිනවා. 

ශිශිර තරණ නිද්‍රාවේ පසුවී නැගීසිටි විගස මෙම සත්වයින් දැඩි ආවේගශීලී බවක් පෙන්නනවා. එම නිසා මැරීසිටින බව සිතා මෙම සත්වයෙකු අල්ලන්නට ගියොත් ඔබ හදිසි පහරදීමකට ලක්වෙන්න පුලුවන්. 

 

05. Painted Turtle Hatchling

 

ඇමෙරිකාවේ සහ කැනඩාව ආශ්‍රිතව මිරිදිය ජලාශයන් වල මෙම ඉබි විශේෂය දැක ගන්නට පුලුවන්. මෙම ඉබි විශේෂය බිත්තර වලින් එලියට ආපු අලුත උපන් පැටවුන් සතුව ඉතාමත්ම විශ්මිත අනුවර්තන හැකියාවක් තිබෙනවා. ඊට ස්තූති වන්ත වෙන්න අතිශය කර්කශ කාලගුනික තත්වයන් හමුවේ නොනැසී සිටීමට පුලුවන්. 

ශීත කාලයේ කර්කශ කාලගුනික තත්වය හමුවේ මොවුන් නොනැසී සිටීමට සමත් වෙනවා. අනෙකුත් සත්වයින් අදික ශීතලට ගල් උනත් මේ සත්වයින් එසේ නොවීම පුදුමයට කරුණකි. එය විද්‍යාඥයින් පවා මවිතයට පත් කරනවා. 

එහිදී සිදුවන්නේ ඔවුන්ගේ ශාරීරික පරිව්ෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වීමයි. එම නිසා ඔවුන්ට නොනැසී සිටීමට  අවශ්‍ය කරන්නේ ඉතාමත්ම සුලු ශක්ති ප්‍රමාණයක්. මෙම සත්වයින්ට රැධිරය ඝන ස්වභාවයක පත් නොකර ගෙන සෙල්සියස් අංශක -2 කට වඩා අඩු උශ්නත්වයක් යටතේ දින 3ක් වැනි කාලයක් ඉන්නට පුලුවන්. ඒ වගේම ඉතා ක්ශනිකව උණුසුම් වීමේ හැකියාවක්ද ඔවුන්ට තිබෙනවා, එමෙන්ම ඔවුන්ගේ ශරීරයේ වූ පටක බාගයක් පමණ සීතලෙන් මිදුනද නොනැසී සිටීමට සමත්වීම පුදුම සහගතයි. එම නිසා අයිස්වලින් මිදුන විල් පතුලේ වුවද මෙම ඉබි පැටවුන් දිවි රැක ගැනීමට සමත් වෙනවා..

 

06. Tardigrade සත්වයින්

 

Tardigrade යනු ප්ෘතුවියේ වෙසෙන නොනැසී සිටීමට විශ්මය ජනක හැකියාවක් ඇති  ජීවියෙකි. අදික ශීතල කාලගුනය ඔවුන්ට කිසිම  ආකාරයක බලපෑමක් ඇතිකරන බවක් පෙනෙන්නට නැහැ. ජලය ආශිතව වාසය කරන මෙම ජීවියා ප්‍රමානයෙන් 1.5MM (මිලිමීටර් එක හමාරක්) පමණ වන පියවි ඇසට නොපෙනෙන අන්වීක්ශීය ජීවියෙකි. ගැඹුරුතම ස්ථානයන් වල මෙන්ම ගැඹුරු අභ්‍යවකාශයේ වුවත් දිවි රැක ගැනීමට  හැකි ජීවියෙක් ලෙස මේ සත්වයා හදුන්වන්නට පුලුවන්. 

 

අවම උශ්නත්වයක් සහිත අදික සීතල කාලගුන තත්වයන් වලදී මෙම සත්වයින් Cryptobiosis යන තත්වයට පත්වෙනවා. එහිදී ඔවුන්ගේ සියලුම පරිවුර්තීය ක්‍රියාවලියන් නතර වෙන අතර කිසිම  ජීවී සලකුනක් පෙන්වන්නෙ නැහැ. 2016 වර්ෂයේදි ජපන් විද්‍යාඥයින් පිරිසක් වසර 30ක් පුරාවට ගල් වී සිටි Tardigrade අන්වීක්ශීය දෙදෙනෙකුට නැවත පන දෙන්නට සමත් උනා. ඒ අතරින් එක් සත්වයෙක් මිය ගියද අනෙක් සත්වයා වර්ගයා බෝ කිරීමට පවා සමත් වී තිබෙනවා. 

 

07. Darkling Beetles

 

ඇලස්කාව හිමෙන් වැසී යන ශීත කාලයේදී  මේ කුරුමිණි විශේෂය සෙල්සියස් අංශක -70ක් තරම් මාරාන්තික අවම උශ්ණත්වයක් දරාගෙන නොනැසී සිටිනවා. එවැනි අවම උශ්නත්වයක් යටතේ උවද ඔවුන්ගේ සිරුරේ දියරමය සයිලයන් ගල් නොවී පැවතීම පුදුමයට කරුනකි.

 

මේ කුරුමිණි විශේෂය ඒ සදහා යොදාගනු ලබන්නේ සීනී මූලික වූ XYLOMANNAN යනුවෙන් හදුන්වන ද්‍රවයකි. ඒ විසින් ද්‍රවයන් ඝන බවට පත්වීම වලක්වනවා වගේම අයිස් සෑදීමද විශාල වශයෙන් මන්දගාමී කරවනවා.. එම නිසා අවට උශ්ණත්වය විශාල වශ‍යෙන් පහල බැස්සද මේ සත්වයාගේ ශාරීරික සයිල වලට හානි වන්නේ නැහැ.  

 

08. Crucian Carp මත්සයා

 

සෑම වසරකම උතුරුදිග යුරෝපයේ විල් අයිස් බවට පත් වෙනවිට මේ මත්සයා ජලය යට සිරවෙනවා. නමුත් නැවත අයිස් දියවී ජලය දියරමය ස්වභාවයට පත්වූ විට මෙම මත්සයා නැවත නිදහසේ පිහිනා යනවා.

පිටතින් නොපෙනුනාට ඇතුලතින් එහි විශාල සංකීර්ණ ක්‍රියාවලියක් සිදුවෙනවා. මෙම මත්සයා දිවි රැක ගන්නේ ශරීරයේ  අමතර වශයෙන් ගබඩා වී තියෙන ග්ලකොජෙන්  (GLYCOGEN)  වලට ස්තූති වන්ත වෙන්නයි. එවිට ඔක්සිජන් නොමැති වුවද මෙම මත්සයින්ගේ හදවත ක්‍රියා කරනවා. නමුත් එහිදී ඔක්සිජන් හිග කම නිසා මොලයේ සයිල මිය යාමක් සිදු වෙනවා.  ශීත කාලයේදී මොලයේ සයිල හානි නොවී පැවතියද , නැවත ඔක්සිජන් වලට නිරාවරණය වීමෙදී මොලයේ සයිල හානි වීම ඉහල යනවා. එම නිසා මෙම මත්සයින්ට මතකය සම්බන්ද ගැටලු ඇති වෙනවා. නමුත් එම හානිය තාවකාලික එකක් පමණයි. එසේ වන්නේ ඒ මත්සයා නැවත එම සයිල වඩවා ගන්නා නිසයි..

 

මෙම ලිපිය හොදයිනම් යාලුවන්ටත් බලන්න  Share කරන්න.

මූලාශ්‍රය: නොදුටු ලෝකය

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply