ලෝකයෙහි ශීතලම ස්ථානය ‘ඔයිමියාකොන්- pole of cold’

 613 Total views,  1 Views today

ජීවත්වීමේ අභියෝගයට මුහුණ දෙමින් ලොව ශීතලම ගම වන ඔයිමියාකෝවද සුන්දරකරමින් ජීවත් වෙන ඔයිමියානුවන් හා ඒ ගම්මානයෙහි විස්තරයක් මෙම ලිපියෙහි විස්තර කිරීමට බලාපොරොත්තු වෙමු.


ලෝකයෙහි ශීතල අධිකම ගම්මානය යකුටියා(Yakutia) (ඊසානදිග රුසියාව) හි ඔයිමියාකොන් නම් කළ හැකිය. ‘pole of cold’ යනුවෙන් මෙය ලෝකයෙහි ප්‍රසිද්ධ වී ඇත. අලංකාර කඳුවැටියකින් වටවී ඇති ඔයිමියාකොන් නිම්නයක් පිහිටා තිබේ. මුහුදු මට්ටමේ සිට මීටර 750ක් උසින් පිහිටන ‘pole of cold’ සුන්දරත්වය වාගේම ජීවත් වීමට ඉතාම අසීරු ගම්මානයකි.

ඔයිමියාකෝන් හී ජිවත්වන  ජනගහනය 500ක් පමණ සුළු පිරිසක් වේ. වසරේ මාස 9ක කාලයක් නිරන්තරයෙන්ම සෙල්සියස් අංශක -47 ට උෂ්ණත්වය පහළ බසී. ශීත සෘතුවේ දී -60 දක්වා පහළ බසින අතර 1924 වසරේ දී එක් දිනක දී එය සෙල්සියස්  අංශක -96 ක් දක්වා පහළ බැස ඇති බව සටහන් වේ.සර්ව කාලිනව බලන කල 2013 වසරේ දී පෙබරවාරී මාසයේ දී  සෙල්සියස් අංශක -71 ක් ලෙස උෂ්ණත්වය සටහන් වී ඇති අතර එය මේ දක්වා වාර්ථා වී ඇති අඩුම උෂ්ණත්ව අගය වේ.

මෙහි ජීවත්වෙන ඔයිමියාකෝ ජනයා ලෝකයෙහි වෙසෙන ශක්තිමත්ම ජන කොට්ඨාශය ලෙස නම් කර ඇත. ඒ මක්නිසාදයත් මෙහි දී විඳීමට සිදුවන ඉතා කටුක අද්දැකීම්වලට මුහුණ දී තම ජීවිතයන් ගොඩනඟා ගෙන යාමට දරන උත්සාහය නිසාය. අධික දුෂ්කරතාවලට මුහුණපාන මේ ගම්වාසීන් පැය 21ක් පමණම සිටින්නේ අඳුරේය.

ඔවුන් මුහුණපාන තවත් අර්බුදයක් නම් ගම්මානය තුළ  තිබෙන අධික ශීතල නිසා මෝටර්රථ එන්ජිම් කැටි ගැසීම,  ක්‍රියාවිරහිත වීමයි. මේ නිසා වාහන නැවත පණගන්වා ගැනීමට නොහැකි වේ යැයි බියෙන් ගම්වැසියන් වාහන නිරන්තරයෙන් ම ක්‍රියාත්මක කර තිබෙයි.තවද නව තාක්ෂණික බැටරි මගින් ක්‍රියාත්මක වන කිසිදු උපකරණයක් මෙහි දී භාවිතා කිරීමට ද හැකියාවක් නැත.

ඔයිමියාකෝවන්ගේ මියගිය සිරුරක් මිහිදන් කිරීමට ද ඔවුන් දින තුනක් පමණ ගතවේ. එමෙන්ම මේ ගම්මානයටම ඇත්තේ එක වෙළඳසැලක් පමණකි. විනෝදවීමට හා තවත් නොයෙකුත් අවශතා සපුරා ගැනීමට ලොව ශීතල නගරයට වන Yakutsk වෙත පැමිණේ. ඒ සඳහාද දින දෙකක් ගතවේ.

මෙසේ බලන කළ මේතරම් අධික ශීතලක් දරාගෙන, අධික දුෂ්කරතාවලට ද මුහුණ දෙමින් ඔයිමියාකෝ ජනයා මෙහි ජීවත් වීම ඔවුන් ශක්තිමත් ජනයා කිරීමට නිතැතින් ම අවස්ථාව සලසා ඇතිබව පෙනෙයි.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.