ඊජිප්තුවෙහි හදවත බඳු පිරමීඩයන් පිළිබඳ පිළිගත් මතවාද – Amazing News | SLMobi.com

ඊජිප්තුවෙහි හදවත බඳු පිරමීඩයන් පිළිබඳ පිළිගත් මතවාද

පිරමීඩ පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙකුට නිතැතින්ම මතකයට නැගෙන්නේ ගීසාහි පිරමීඩ 3 ය.
මෙම පිරමීඩ ත්‍රිත්වය පිහිටා ඇත්තේ ගීසා නමැති නිම්නයේය. එම පිරමීඩ ගීසා පිරමීඩ යන නමින් හැඳින්වෙන්නේ ද එහෙයිනි. ඒවා වසර පන්දහසකට වඩා පැරණිය. මෙම පිරමීඩ කූෆු, කාෆ්රේ සහ මෙනකුරේ යන රජවරුන් (පාරාවන්) ගේ සිරුරු තැන්පත් කිරීමට තනා ඇතිබව සඳහන් වේ.

නමුත් මෙම ප්‍රධාන පිරමීඩ වලට අමතරව  The Bent Pyramid,

The Red Pyramid,

Pyramid of Meidum,

Pyramid of Unas 

Pyramid of Ahmose 

Pyramid of Sahure

El-Kurru

ආදී පිරමීඩ සියයකට අධික ප්‍රමාණයක් ඊජිප්තුවේ පිහිටා තිබේ.

 

ඊජිප්තුවේ පිරමීඩ පිළිබඳ කතා කරන විට ගීසා හි පිහිටා තිබෙන පිරමීඩ තුන පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවේ. ඒ සියල්ල පිළිබඳ එකවර අවධානයට ලක් කිරීමට නොහැකි වුවත් පිරමීඩ යනු එක් තැනක පිහිටා තිබෙන පිරමීඩ තුනක් පමණක් නොවන බව ඔබට කිව යුතුය. එය ඊජිප්තුව පුරා ම විසිරී පැතිරුණු සියයකටත් අධික ප්‍රමාණයන්ගෙන් යුත් විශ්මිත නිර්මාණයන් ය. තවමත් ඒ පිළිබඳ ගවේෂණය කරමින් පවතී. ඉදිරියටද අපට පිරිමීඩ හෝ එහි නටබුන් තව තවත් දැක ගැනීමට හැකි වනු ඇත.

The Djoser Step Pyramid

දැනට සොයාගෙන ඇති පැරණිම ඊජිප්තු පිරමීඩය ලෙස විශ්වාස කෙරෙන්නේ සකාරා ප්‍රදේශයේ පිහිටා  තිබෙන The Djoser Step Pyramid ය. එතැනින් පටන් ගැනුණු පිරමීඩ යුගය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් එම අවධියේ දී ඊජිප්තුවේ පැවතුණු සමාජ දේශපාලන හා සංස්කෘතික පැතිකඩයන් පිළිබඳ අවධානය යොමු කළ යුතුය . ඒ වාගේම පුරාණ ඊජිප්තු ලිවීමේ කලාව ද ඉතා වැදගත් වේ . මන්දයත් අප පිරමීඩ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන මාතෘකාවක් ලෙස පිරමීඩයන්හි කොටා ඇති රූපාක්ෂර අධ්‍යනය වැදගත් වන බැවිනි.  ඊජිප්තුව හෝ පිරමීඩ පිළිබඳව හෝ කතා කරන විට බොහෝ අවස්ථාවල මෙහි අමුතු රූප හැඩතලයන් භාවිතා නොකොට අධ්‍යනය අපහසුවේ.

එම නිසා අප රූපාක්ෂර යනු කුමක්ද යන්න පිළිබඳ ඉතාමත් දළ අදහසක් මෙහිදී සඳහන් කිරීමට බලාපොරොත්තු වෙමු. රූපාක්ෂර කොටස් දෙකකට වර්ග කෙරේ එනම් ,

1.Ideograms
2.Phonogram

Ideograms රූපය දකින ක්ෂණයෙහිම හඳුනා ගැනීමට හැකියාව පවතින හෝ තේරුමක් මොළයට ගලා ඒමයි.

 

 

Phonogramමේ රූප ශබ්දයක් හැඟවීමට යොදා ඇත.

 

අපට බොහෝ විට තිබෙන්නේ  Phonogram භෂාවන් ය. එනම් අපගේ අක්ෂරමාලාවන් ලියා ඇත්තේද ශබ්දයක ඇතිවන ආකාරයේ රූපයන්ගෙන් ය.  උදාහරනයක් දක්වන්නේ නම් අප දුරකථනයකින් යවන imoje වැනි රූප දුටු පමණින් එම රූපයෙන් දැක්වෙන්නේ කුමන අර්ථයක්දැයි වැටහීමයි. සිනාමුහුණ, දුක්මුසු මුහුණ.. ආදී ලෙස. එහි ශබ්දයක් නොමැත.  නමුත් හෝඩියෙහි අක්ෂරයක් ගතහොත් එමඟින් යම් ශබ්දයක් රූපයකට නංවා තිබෙයි.

ඒවාගේම එම රූපකාක්ෂර ලියන පැත්තද මෙහි විශේෂත්වයක් ගෙන දේ. මන්දයත් අප ලිවීමේදී වමේ සිට දකුණට හෝ ඇතැම් භාෂාවල දකුණේ සිට වමටද ලිවීමේ ක්‍රම භාවිතා කරති. මෙම ක්‍රමවේද මෙන් නොව ඊජිප්තු පුරාණ රූපාක්ෂර ඕනෑම පැත්තකට ලිවීමට හාකියවීමට හැකිය. එය කිනම් පැත්තට කියවිය යුතුදැයි සොයා ගැනීමටද ක්‍රමවේදයක් ඇත. බොහෝවිට මෙම රූපාක්ෂරයන්හි හිස සහිත රූපයන් භාවිතා කරන අතර ( මිනිස් රූප, කුරුළු රූප .. ආදිය ) එම රූපයන්හී හිස හැරවී තිබෙන පැත්‍ත අනුව කොයි දෙසට එය කියවිය යුතුදැයි තීරණය කෙරේ. ( මෙය දළ අදහසක් පමණි. )

Ancient egyptian hieroglyphs carved on the stone wall in the Karnak Temple, Luxor, Egypt

 

ඊජිප්තු සමාජය යනු පුරාණ ඊජිප්තු ආගම යනුවෙන්  හැඳින්වෙන සංකල්ප රාශියක් වටා ගොඩනැඟුණු බොහෝම දියුණු සංස්කෘතියකි. මෙම පුරාණ ඊජිප්තු ආගම ස්වාභාවික සංසිද්ධීන් හා සමාජ විපර්‍යාස යන 2ම පිළිඹිබු කරන ආකාරයේ දේව සංකල්පව වලින් ද පිරුණු එකක්වේ. පුරාණ ඊජිප්තු දහමේ  ඔසයිරිස්, අනුබිස්, හොරස්,රා , ආමෝන්, අපෝෆිස්, බුකිස්, හෝරඩ්, මින්ගි, මොන්ටු, ptah, කෝරස්, නූන් ආදී දෙවිවරු හා දේවතාවියන් සියගණනක් සිටියත් මේ අතර ප්‍රමුඛවන්නේ රා, අයිසිස්, අමුත්,  ඔසයිරස් යන දෙවිවරුය. රා යනු සූර්යයා ට ක්‍රමානුකූල භාවයට, රජවරුන්ට හා අහසට අධිපති දෙවියා ය.ඊජිප්තුවේ වඩාත් ප්‍රසිද්ධ හිරු දෙවියා වන රා, සූර්ය තැටියක් ඔටුනු සහිත උකුස්සෙකුගේ හිසකින් යුක්ත විය.

රා දෙවියන්

 

අයිසිස් දෙවියන්

 

ඔසයිරස්

අයිසිස් පිළිබඳ කෙටියෙන් පැහැදිලි කිරීමට තරමක් අපහසුය. ස්ත්‍රීත්වය හා නිර්මාණකරණ සංකල්පය මූලිකකොට ගෙන සෑදූ දෙයකි. ඊජිප්තු ජනයා දැකපු ආකාරයට ලෝකයේ සත්වයින් සියල්ලම බිහිවන්නේ ස්ත්‍රී ලිංගයක් හරහාය. ඒ නිසා ඒ අය ස්ත්‍රීත්වය හා ස්ත්‍රී ලිංගය බොහෝවිට ද්වාරයක් (portal) ලෙස දැක්කහ. අප දන්නා දේ ට වඩා නොදන්නා දේ බොහෝ වැඩිය . සරලව මෙහි දන්නා දේ රා විසින් පාලනය කරන අතර අයිසිස් නොදන්නා දේ පාලනය කරන බව තේරුම් කළ හැකිය. නොදන්නා වසමේ ( The  domain of unknown ) සිට දන්නා වසම තෙක් යමක් ගෙන එන දොරටුව ස්ත්‍රීලිංගය වේ.මෙවැනි දළ අදහසක් සංකල්ප දෙක පිළිබඳ දැනගැනීම මෙයට ප්‍රමාණවත් වේ යැයි සිතමි .

 

මෙම දෙවිවරු සමග ගනුදෙනු කරන මැදිහත්කරුවා වන්නේ ඔබ හොඳින් අසා ඇති මේ යුක්ත ඊජිප්තුවේ පාලකයා වූ පාරාවෝ නමින් හැඳින්වූ තනතුරයි. එය පුද්ගලයකු ලෙස හැඳින්වීමට වඩා තනතුරක් ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය ය.  පළමු පිරමීඩය තැනූ ජෝසර් රජතුමා ද පාරාවෝ කෙනෙකි. මුළු Djoser පිරමිඩයම හුණුගල් භාවිතයෙන් ඉදිකර ඇති අතර එහි ව්‍යාජ දොරවල් 13ක් ඉදිකර ඇති නමුත් පිවිසිය හැක්කේ ගිනිකොන දෙසින් පිහිටි එක් පිවිසුමකි න් පමණි. මෙය දළ වශයෙන් ක්‍රිස්තු පූර්ව 2670 ත් 2650 ත් අතර කාලයේදී නිර්මාණය කළ බව සැලකේ. ඉම්හොටෙප් (Imhotep) යන නිර්මාණ ශිල්පියා මෙය තනවා ඇති බව සඳහන් වේ. පසුකාලීනව මේ ඉම්හොටෙප්  දෙවි කෙනකු ලෙස ඇදහීමට පටන් ගෙන ඇත . ඔහු මියගොස් කාලයක් ගතවූ පසුව ජනතාව ඔහු කළ මේ මහා විශාල නිර්මාණය නිසා ඔහු ඇදහීම කළ බව සඳහන් වේ. මෙහි නිර්මාණ ශිල්පය හා හැඩය නිසා මෙම  ජෝස පිරමිඩය Djoser’s Step Pyramid යන නමින් ද හඳුන්වයි. මන්ද යත් එය පාදමයක් උඩ පඩිපෙල් ආකාරයට ඉහළට ගොඩනඟා ඇති බැවිනි. ජෝස පිරමීඩය හුණුගල් හතළිස් දහසක් පමණ භාවිතා කර තනා ඇත. මීටර් 62.6ක් උස මෙයින් පසු අනෙක් පාරාවෝ රජවරු ද මෙවැනි නිර්මාණ බිහි කිරීමට උත්සුක වූ බව පෙනෙන්නට තිබේ.

Djoser’s Step Pyramid

 

ජෝසර් රජතුමා

 

ඉම්හොටෙප් (Imhotep)

එම රැල්ලේ උච්චතම අවස්ථාව ලෙස අපට ගීසාහි The great pyramid හඳුන්වා දීමට හැකිය . එනම් ගීසා හි පිහිටි ප්‍රධාන පිරමීඩ තුන එකට බැලූ විට දිස් වන මැද පිහිටි පිරමීඩයයි. ඊජිප්තු පිරමීඩයන්හි අග්‍රඵලය විශිෂ්ටතම විශිෂ්ඨතම නිර්මාණය ලෙස අපට කිසිදු සැකයකින් තොරව එක හෙලාම කිව කිවහැක්කේ ගීසාහි ඇති මෙම  The great පිරමීඩයයි.

The great pyramid

දැන් අප මෙම පිරමීඩ නිර්මාණය කළේ ඇයි ? මෙම පිරමීඩ නිර්මාණය කිරීමට හේතු වූයේ කුමක්ද ?  යන්න පිළිබඳ සාකච්ඡා කරමු . ඒ අයට අදහස් පිළිතුරු විශාල වශයෙන් හමුවේ . රූපාක්ෂර වලින් ලැබුණු අදහස්,  වෙනත් වෙනත් තැන්වලින් ලැබුණු අදහස් , විශිෂ්ට ඊජිප්තු පුරා විද්‍යාඥයින් සොයාගත් කරුණු ආදී ලෙස ඒවා වර්ග කළ හැක . එයින් කිහිපයක් පිළිබඳ මෙතැනදී අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.

ඊජිප්තුවේ සිටි පුරාණ ඊජිප්තුවරු මරණින් මතු ජීවිතයක් තිබෙන බව විශ්වාස කළහ. ඒ අය අපගේ සිරුර තුළ “කා” ලෙස හදුන්වන මරණින් මතුවද පවතින දෙයක් අප ශරීරය තුළ තිබෙන බව තදින් විශ්වාස කර ඇත. නමුත් එය “ආත්මයම” ලෙස අපට හඳුන්වා දීමට නොහැක . “ඔබ තුළම තවත් පුද්ගලයෙකු සිටින බව “ එයින් ඔවුන් අදහස් කරන බව කිව හැක. “කා”  යන පුද්ගලයා අප මිය ගියද මිය යන්නේ නැත. ඇතැම්විට ඔසයිරිස් දේවතාවා ළඟට මරණින් මතු ඔවුන් ගියවිට එතැනදී මරණයේ දේවතාවා විසින් එතැනින් ම මැරුණු පුද්ගලයා  නැති කර දමනවා ද , එසේත් නැතිනම් “කා” යන ශක්තිය යොදාගෙන ජීවත් වීමට ඉඩ ලබා දෙනවාද යන්න තීරණය කරයි.

මේ නිසා රජවරුන් හට “කා” යන ශක්තිය යොදාගෙන නැවත පැමිණීමේ සම්භාවිතාවක් තිබෙන බව පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කළහ. එබැවින් පිරමීඩ රජවරුන්ගේ සොහොන් භූමිය ලෙස භාවිතා කල බව කළ බව එක් මතයකින් ප්‍රකාශ වේ. පිරමීඩ තුළ මෙම රජවරුන් එසේත් නැතිනම් පරාවරු  භාවිතා කළ වස්තුව මිල මුදල් ආවරණ ඇඳුම් පැළඳුම් ආදී සියලු දේ නිදන් ගත කර ඇත්තේ මෙම පාරාවරු නැවත පැමිණි විට භාවිතා කිරීම සඳහාය.

සූර්යයා හා පාරාවෝ අතර බැඳීමක් පවතී. ජීවත්ව සිටින පාරාවෝට සූර්යයා රාත්‍රියෙන් පසු නැවත අහසට ගෙන ඒමේ කාර්යභාරය පැවරී තිබෙන බවට මතයක් පවතී . ජීවත්ව සිටින පාරාවෝ හෝරස් නැමැති ( ආකාශයට පමණක් අධිපති ) දෙවියන් ලෙස ජීවත් වෙයි. එයාගෙ කාර්යභාරය වන්නේ ඉර නැග්ග වීමයි. එම පාරාවෝ මැරුණු විට ඔසයිරස්  දේවතාවා ලෙස උපදී . (මළවුන්ගේ ලෝකයට හා අඳුරට අධිපති ) ඉර බැස්ස වීම ඔහුගේ කාර්යභාරය වේ. ජීවත්ව සිටින පාරාවෝ ඉර මුදුනට ගෙන ඒමට කටයුතු කරන අතර  ඉර බැස්ස වීම ඔහුගේ මියගිය පාරාවෝ වන පියා ඔසයිරස් ලෙස ඉර බැස්සවීම සිදු කර‍යි.  එම මැරුණු පාරාවෝ හට ඔහුගේ කාර්යභාරය ඉටු කිරීමට පිරමීඩ හැදුවා යැයි තවත් මතයක් පවතී . ඔහුට ශක්තියක් ලබාදීමට මෙම පිරමිඩ නිර්මාණය කළ බව සඳහන් වේ .

පිරමීඩ සෑදුවේ කෙසේද ? ඇත්තෙන්ම පිළිතුරු දීමට ඉතා අසීරු පැනයකි . තවමත් එය ගවේෂණය කරමින් පවතී . පිරමීඩ ඇතුළත ගත්විට විවිධාකාරය . ඇතැම් ඒවා ඇතුළත ආගාධ ස්වභාවයක් දිස් වේ. ඇත්තෙන්ම ඒවා කුමකට නිර්මාණය වූවා දැයි සිතා ගැනීමට ද අපහසු ය. ඇතැම් වේවා ඒවා සම්පූර්ණයෙන්ම හිස් ස්වභාවයක් ඇත . ඇතැම් පිරමීඩයන්හි උමං බොහෝ සංඛ්‍යාවක් දැක ගැනීමටද හැකිවේ . තවත් ඒවාහි හිස් කුටීර තැන්තැන්වල තනා තිබෙනු දැකගත හැකිය .

නයිල් ගඟ හා පිරමිඩ අතර විශාල බැඳීමක් ඇත . එනම් නයිල් ගඟ ආශ්‍රිතව ඒ හැඩයම අනුකරණය කරමින් වගේ පිරමීඩ ඉදි කිරීම සිදු කර තිබෙන බව පෙනෙන්නට තිබේ.ග්‍රීක ඇතැම් ඉතිහාසඥයන්ට අනුව මෙම පිරමීඩ සාදා තිබෙන්නේ වහලුන් ය . නමුත් නූතනයේ පර්යේෂණවලින් එය වලංගු නොමැති අදහසක් ලෙස ගණන් ගැනේ . ඊජිප්තු වැසියන් ම තම රටේ ජාතික අභිමානය උදෙසා මෙම වැඩ වල නිරත වූ බව පෙනී යයි . ඔවුන්ට හොඳින් ආහාරපාන සපයා ඉඳුම්හිටුම් සලසා මෙම පිරමීඩ නිර්මාණය කර ගන්නට ඇති බව නූතනයේ පිළිගැනේ. මන්ද යත් මෙම පිරමීඩ ආසන්නයේ පිරමිඩ තැනීමට හා ජනයා සිටි ගම්මාන හමුවී තිබේ. ඒ අය රැඳී සිටි ගම්මාන ලැබුණු ආහාර ප්‍රමාණ ආදිය පිළිබඳ රූපාක්ෂර මගින් තොරතුරු දැන් හමුවෙමින් පවතී . මේවා සෑදීමට යොදා ගත්තා යැයි හැඟවෙන ආයුධ ගම්වල හමුවී තිබෙන බවද සඳහන් වේ . 15000 ක් 20000ක් පමණ ජනයා පිරමීඩ ගොඩනැගීමට දායක වී ඇති බව දැන් ලැබෙන දත්ත වලට අනුව අනුමාන කළ හැක . මේ අයට කෑම සැපයීමට වෙනම කොට්ඨාශයක්ද සිටි බව සඳහන්ය .

තම ජාතිය වෙනුවෙන් පමණක් නොව විශ්වයේ සමබරතාව රැක ගැනීම උදෙසා ඔවුන් විශ්වාස කරන ලද සංකල්ප වලට අනුව බොහෝම උනන්දුවෙන් කැපවීමෙන් මේවා නිර්මාණය කිරීමට දායක වී ඇති බව දැනට පෙනෙන්නට තිබේ. මෙම නිර්මාණ කළ අයගේ අස්ථි කොටස් ද හමුවී තිබෙන අතර ඒවා පරීක්ෂා කිරීමේදී බාර වැඩ කළ අයගේ ලක්ෂණ ඒවායේ පෙන්නුම් කරන බවද සොයාගෙන තිබේ .

මෙම පිරමීඩ ගොඩනැගීමට විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන තිබේ . හුණුගල් පමණක් නොව තවත් විවිධ ද්‍රව්‍යයන් මේ සඳහා භාවිත කොට ඇත . පාෂාණ වලින් ඊජිප්තුවට හිඟයක් නොමැති වුවත් මෙම පිරමීඩ ඉදිකර තිබෙන ප්‍රදේශයන්හී නම් ගල්කොරි පිහිටා නැත . දැනට පිළිගත් මතය වන්නේ මේවා නයිල් ගඟේ හැඩයට ඒ ආසන්නයේ සෑදීමට හේතු වී ඇත්තේ නයිල් ගඟ ඒ කාලයේ දී ඒවා ආසන්නයට වනතෙක් පළල් වී තිබුණු නිසා බව ය. එනම් නූතනයේ සැතපුම් අටක් පමණ දුරක් පිරමීඩ තිබෙන තැන සිට නයිල් ගඟට තිබුනත් ඒ කාලයේ දී එයට වඩා දුර ප්‍රමාණය අඩු වන්නට ඇතැයි  මත පළ වේ . එවිට ඈත තිබෙන ගල්කොරි වලින් ගල් ප්‍රවාහනය නයිල් ගඟ හරහා සිදු කර පිරමීඩ ආසන්නයට ගෙන ඒමට කටයුතු කර ඇත.


මෙම පාෂාණ ගෙන එන බෝට්ටු විශේෂ ආකාරයකට නිර්මාණය කර ඇති බව පෙනෙන්නට තිබේ. එම බෝට්ටු ලණුවලින් කොටස් ආකාරයට බැඳ තිබෙන අතර අවශ්‍ය වූ විට කොටස්වලට ගලවා තැබිය හැකි ලෙස නිර්මාණය කොට තිබෙන බවට හෙළි වී ඇත.

ගල් කොරි වල හතලිස් දාහක් පමණ මිනිසුන් වැඩ කළ බවද වාර්තා වේ . තෙත්කළ ලී පටි ගල් අතර තිබෙන පුපුරා ගිය තැන් වලට ඇතුල් කර එම ලී වලට මිටි වලින් ගසා ගල් පර්වත දෙපලු කර ගල් කුට්ටි ලබා ගත්තා යැයි සඳහන් වේ . ඉන්පසු එම ගල් කුට්ටි ගල් කොරි වල දීම කපා ඔප දමා බෝට්ටු වලට පැටවූ බව ඇතැම් මත වලට අනුව ප්‍රකාශ වෙයි . තවත් මතයකට අනුව එම ගල් කුට්ටි තිබෙන ලෙසටම ගෙන ඇවිත් පිරමීඩ අසලදී එතැන මිනිසුන් ඒවා අවශ්‍ය ආකාරයට ය කපා කොටා ඔපමට්ටම් කර ගත් බව ද කියැවේ.

දැන් තවත් පැනයක් ඇත . කෙලෙසක හෝ මෙම ගල් කුට්ටි ගෙන ආවත් මේවා උඩට ගෙන ගියේ කෙසේදැයි ප්‍රශ්නයක් මතු වේ. මන්දයත් මෙම ගල් ඇතැම් මේවා ටොන් ගණනක් බර ය . මෙම ගල් රැගෙන යාමට රැම් එකක් නැතිනම් වැලි හා මැටි භාවිතා කොට ගල් උඩට ඇද ගෙන යාමට හැකි වෙන පරිදි පිරමීඩය වටේට ඉදිකරන ලද එකක් භාවිතාකොට ගල්කුට්ටි ඉහලට ගෙන ගොස් ඇත.  එම මතයට ප්‍රතිවිරුද්ධ අදහස් ද ඉදිරිපත් කොට ඇති අතර මෙය එක අදහසක් පමණි.

තවත් අදහසක් නම් වතුර භාවිතා කොට ගල් උඩට ඇද ඇති බවය . ඒ නම් වතුරේ පාවෙන ආකාරයට ලී පුවරු ගල් කුට්ටි උඩට තබා ගැටගසා ඉහළට රැගෙන ගොස් ඇත . නයිල් ගඟ දිගේ ගෙන ආවක් මෙන් මෙම පිරමීඩ වලට ද ඉහළ සිට පහළට වතුර ගලාගෙන යන ස්ථානයක් නිර්මාණය කොට තිබේ . පිරමීඩ සාදන මට්ටමේ සෑමවිටම උඩ වතුර තිබේ.එතැන සිට පහළට වතුර ගලාගෙන යයි එම ටැංකිය මිනිසුන් විසින් පුරවනු ලබයි . මෙම ගෙන් පාවෙන ආකාරයට ගල් උඩට රැගෙන ගිය බව පෙන්වා දෙයි .

කෙසේ වෙතත් මේවා මත වාද පමණි . නමුත් මේවායින් ඔබ්බට ගොස් කතා කිරීමට හැකි ඉන්ද්‍රජාලික දෙයක් ලෙස අපට පිරමීඩ හඳුන්වා දිය හැක . මෙම සඳහන් කළ මත වාද සරල වැඩිදෝ යන සිතුවිල්ල මතුවන තරමටම සංකීර්ණ පුදුමාකාර විශ්මය දනවන මාතෘකාවක් ලෙස අපට පිරමීඩ යන්න පෙන්වා දිය හැකිය . එම ඉන්ද්‍රජාලික හා අද්භූත පැතිකඩ පිළිබඳව අප ඉදිරියේදී තවත් ලිපියකින් පැවසීමට බලාපොරොත්තුවෙමු.

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.