ඔබ ද උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවන ලොව සිදුවූ නොවිසඳුණු අභිරහස් – Amazing News | SLMobi.com

ඔබ ද උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවන ලොව සිදුවූ නොවිසඳුණු අභිරහස්

බ්‍රැන්ඩන් ලෝසන් අභිරහස

2013 අගෝස්තු 8 වැනිදා ඇමරිකාවේ ටෙක්සාස් නගරයේ ජීවත් වූ තෙල් ක්ෂේත්‍ර සේවකයෙකු සහ සිවුදරු පියෙකු වන බ්‍රැන්ඩන් ලෝසන් රැකියාව නිමවී නිවසට පැමිණියේ සාමාන්‍ය පරිදි තම දරුවන් හා බිරිඳ සමග කාලය ගත කිරීමටයි. කෙසේවෙතත් බ්‍රැන්ඩන් හා ඔහුගේ බිරිඳ ලඩෙස්සා අතර කුඩා ආරවුලක් හට ගත අතර එය කෙමෙන් කෙමෙන් විශාල බහින් බස් වීමක් දක්වා වර්ධනය විය. මේනිසා අධික කෝපයෙන් පසුවූ බ්‍රැන්ඩන් රාත්‍රී 11: 53 ට පමණ ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය රැගෙන තමාගේ වාහනයෙන් ගෙදරින් පිටත් විය. ඒ ඔහුගේ පියාගේ නිවසට යෑමටයි. එය දීර්ඝ ගමනකි. බ්‍රැන්ඩන්ට පියාගේ නිවසට යාමට පැය 3කට ආසන්න කාලයක් වන බව මතක් වූ බ්‍රැන්ඩන් ගේ බිරිඳ ඔහුට ඇමතුමක් දී කියා සිටියේ මේ වෙලාවේදී එවැනි දීර්ඝ ගමනක් නොගොස් ඔහු ගේ සොහොයුරා වූ විනාඩි 5 ක ගමනකින් යාමට හැකි කායිල් ගේ නිවෙසට යන ලෙසයි. ඇය එම ඇමතුම ලබා දුන්නේ  ඔහු පිටත් වී විනාඩි 7ක් පමණ ගතවීමෙන් පසුවය , එනම් මධ්‍යම රාත්‍රී 12 ට ය.

මේ වන විට ද අධික කෝපයෙන් පසුවූ බ්‍රැන්ඩන් එම ඉල්ලීම කනකටවත් නොගෙන දුරකථනය විසන්ධි කොට තම පියාගේ නිවස බලා පිටත් විය . මීළඟට බ්‍රැන්ඩන් ගේ සොහොයුරාට ඇමතුමක් දුන් ලඩෙස්සා ඔහුට සිදුවූ තතු නොසඟවා පැවසුවාය. එම ඇමතුමෙන් පසු කායිල් හා ඔහුගේ පෙම්වතිය වූ ඕඩ්‍රි 12:10 ට පමණ brandon ගේ නිවසට පැමිණියේ ලැඩෙස්සා සනසනු පිණිස ය. විනාඩි 20 කට පසු නැවත තමාගේ නිවස බලා ගිය කායිල් හා ඔහුගේ පෙම්වතියට බ්‍රැන්ඩන් ගෙන් ඇමතුමක් ලැබිණි.

මේ වන විට ලැඩෙස්සා ඇයගේ ජංගම දුරකථයේ බැටරිය ආරෝපණය (චාර්ජ්) කිරීමට අවශ්‍ය නිසාත් එය ඇයගේ වාහනයෙන් චාජරයට ගසා තැබූහ. රාත්‍රී 12:34 ට හා 12:36 ,ට බ්‍රැන්ඩන් විසින් ලැඩෙසාට ඇමතුම් දෙකක් දී තිබුණත් ඇයගේ දුරකථනය තිබුණේ වාහනයේ බැවින් ඇයට එම ඇමතුම් දෙකම මග හැරිණි. 12:38 කායිල් හට ඇමතුමක් ලබා දී තම වාහනයේ ඉන්ධන අවසන් වී මග නැවතුණු බවත් ටෙක්සාස් හි බ්‍රොන්ටේ අසල 277 අධිවේගී මාර්ගයේ තමා සිටින බවත් සඳහන් කළ බ්‍රැන්ඩන් හැකිනම් ඉන්ධන රැගෙන තමා වෙත එන ලෙසත් ඉල්ලා සිටියහ.

මධ්‍යම රාත්‍රී 12:45 ට කායිල් සහ ඔහුගේ පෙම්වතිය වූ ඕඩ්‍රි සමඟ තම සොහොයුරා සොයා නිවසින් පිටත් විය. බ්‍රැන්ඩන් විසින් 12:48 ට ලැඩෙසාට නැවත ඇමතුමක් ගත්තත් එම ඇමතුම ද ඇයට මඟ හැරිණි.

මෙතැනට වන තෙක් මෙය සාමාන්‍යය සිදුවීමක් ලෙස සලකා අපට බැහැර කළ හැකිය. නමුත් මෙහි අත්භූතම කොටස පැමිණෙන්නේ එතැන් සිටය. මධ්‍යම රාත්‍රී 12:50 ට ඇමරිකාවේ හදිසි අනතුරු සේවය වන 911 වෙත ඇමතුමක් ලැබේ. එය වෙන කාගෙන්වත් නොව බ්‍රැන්ඩන් ගෙනි . ඔහු ඇමරිකා හදිසි අනතුරු ඉතිහාසයේ මෙතුවක් ලැබූ වඩාත්ම ව්‍යාකූල පණිවිඩවලින් එකක් ඔවුන් වෙත ලබා දෙනු ලැබීය . පොලිස් පර්යේෂකයින් පැමිණ  මෙම පණිවිඩය අවබෝධ කර ගැනීමට විශාල වෙහෙසක් දරන ලද අතර පහත සඳහන් කර ඇත්තේ බ්‍රැන්ඩන් විසින් ප්‍රකාශ කරන ලදැයි පර්යේෂකයින් විසින් අනුමාන කරන ලද පණිවිඩය යි . එහි සමහර ස්ථාන අදටත් තේරුම් ගැනීමට නොහැකි තරම් අපහැදිලි වන අතර එම ස්ථානවල (අපැහැදිලි) යන ලෙස මෙහි සඳහන් කොට ඇති බවද කරුණාවෙන් සලකන්න.

බ්‍රැන්ඩන් : ඔව්  මං ඉන්නේ තැනිතලාවේ  අපි උන්ව තල්ලු කළා අපි මෙතන ඉන්නේ  දෙපැත්තෙන් ම ඇබිලෙන් නගරයට යන ගමන්  මගේ වාහනේ පෙට්රල් ඉවරයි . මෙතන එක වාහනයක් තියෙනවා . යමක් මා පසුපස පන්නනවා කැලෑව මැදින් . කරුණාකර ඉක්මන් කරන්න.

ඇමතුම් ක්‍රියාකරු : ඔබ කියූ දේ පැහැදිලි මදි .. කරුණාකර නැවත පවසන්න

බ්‍රැන්ඩන් : මට වැරදිලා මුන්ව මුණගැහුණේ,  මුන්ට කතා කරන්න බැහැ.
(අපැහැදිලියි)

ඇමතුම් ක්‍රියාකරු :ඔබට වැරදිලා උන්ව මුනගැහුනේ ?/ ඔබේ වාහනය හැප්පුනාද?

(ඉතා සියුම්ව ඇසෙන පසුබිම් ඝෝෂාවක් හා වෙඩි හඬක් විය හැකි හඬක් )

බ්‍රැන්ඩන් : පළමු එකා ..

ඇමතුම් ක්‍රියාකරු : ඔබට ගිලන් රථයක් අවශ්‍යද ?

බ්‍රැන්ඩන් : ඔව්, නෑ මට අවශ්‍යයි පොලිසිය .

ඇමතුම් ක්‍රියාකරු : කාට හරි තුවාල ද ?

බ්‍රැන්ඩන් : (ඉතා සෙමෙන් මුමුණයි ) දෙයියෝ සාක්කි..!!!
පසුබිමින් අමුතු ඝෝෂාවක් ඇසේ..

ඇමතුම් ක්‍රියාකරු : හෙලෝ.. හෙලෝ.. හෙලෝ..

එම මොහොතේ සිට බ්‍රැන්ඩන් ගෙන් පිළිතුරු නොලැබුන අතර ක්‍රියා විරහිත නොවූ දුරකථනයේන් යම් ඝෝෂාකාරී දෙයක් බ්‍රැන්ඩන් දෙසට එන බව හඳුනාගැනීමට හැකි විය.

12:55ට පාරේ ගිය වෙනත් රියැදුරෙකු බ්‍රැන්ඩන් ගේ රථය පාර අයිනේ අනතුරුදායක ලෙස නවත්වා තිබෙනු දැක එහි රියැදුරෙක්ද නොමැති බව හඳුනාගත් අතර ඒ බව ප්‍රාදේශීය පොලීසියට දන්වා තිබේ.

බ්‍රැන්ඩන් ට උදව් කිරීමට 12:45 ට පිටත් වූ කායිල් හා ඔහුගේ පෙම්වතිය පාන්දර 1:10ට බ්‍රැන්ඩන් ගේ වාහන අසලට ළඟා විය. එතැනට පැමිණෙන විට කායිල්ගේගෙ ඉමහත් පුදුමයට මෙන් එතැන ප්‍රාදේශීය පොලිස් නිලධාරියකු සිටින බව දුටුහ . මේ වන විටත් බ්‍රැන්ඩන් හදිසි අනතුරු සේවයට කතා කොට තිබූ බව ප්‍රාදේශීය පොලිස් වරයා හෝ කායිල් නොදැන සිටි අතර පොලිස් නිලධාරියා පැමිණ තිබුණේ ඉහත සඳහන් කළ පුද්ගලයා දුරකථන ඇමතුමක් ලබා දුන් නිසාය .

බ්‍රැන්ඩන් පොලිසියට වසර දෙකකට පමණ පෙර සිට දඩ මුදලක් ගෙවිය යුතුව තිබූ බව හා ඔහු එයින් කට්ටි පැන පැන සිටින බවද කායිල් දැන සිටි අතර මේනිසා බ්‍රැන්ඩන් රථය තුළ නොමැති බව දුටු කායිල් සිතුවේ ඔහු කොහේ හෝ සැඟවී ඇතැයි කියාය.

පොලිස් නිලධාරියා ඉතා අසාමාන්‍ය ආකාරයට නවතා ඇති බ්‍රැන්ඩන් ගේ රථය පරික්ෂා කළ අතර ඔහුගේ මුදල් පසුම්බිය හා වාහනයේ යතුර වාහනය තුළ ම ඇති බව දුටුහ .

පාන්දර 1:18 ඕඩ්‍රි බ්‍රැන්ඩන්ට කෙටි පණිවිඩයක් යැව්වේ “ඔබේ ට්‍රක් රථයේ පොලිස් නිලධාරියෙක් සිටී” යනුවෙනි. මේ අතර kyle  විසින් පොලිස් නිලධාරියාට හොරෙන් පාන්දර 1:19ට බ්‍රැන්ඩන් වෙත ඇමතුමක් ගත් අතර බ්‍රැන්ඩන් කායිල් වෙත පවසා ඇත්තේ ,

” මල්ලි මම ඔතනට විනාඩි දහයක් දුර තැනිතලාවක ඉන්නේ . මට තුවාලයි .මාව ඉක්මනට ගනින් මල්ලි .  “
යනුවෙනි .

මෙය බ්‍රැන්ඩන් ගේ අවසාන වචන කිහිපය වේ . එතැනින් පසු  බ්‍රැන්ඩන් ගේ දුරකථනය විසන්ධි වී යන අතරම අද වන තුරු නැවත ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය . නැවත ඔහුව කවමදාකවත් කිසිවකු දුටුවේ ද නැත. සති කිහිපයක් යනතුරු විශාල මිනිස් බලකායක් පොලිසියේ ආධාර ඇතිව බ්‍රැන්ඩන් අතුරුදහන් වූ ප්‍රදේශය පීරා සෙව්වද කෙස් ගසක තරම් දෙයක් වත් සොයා ගැනීමට තවම හැකිවී නැත. පාළු අධිවේගී මාර්ගයක රාත්‍රියේ දී බ්‍රැන්ඩන් ට මුණගැසුනේ කාවද ?  නැතිනම් කුමක්ද? තමා සතු වූ සියල්ල අතහැර බියවී හිස ලූ ලූ අත දිවීමට තරම් සිදුවූ ත්‍රාසජනක සිදුවීම කුමක්ද ? පොලීසියෙන්  වසන්වී  සිටි ඔහු අවසානයේ දී පොලිස් උපකාර ලබා ගැනීමට තරම් අසරණ කර වූ හේතුව කුමක් විය හැකිද ? තවමත් ඔහු ජීවතුන් අතරද? නැතිද?  සිටී නම් ඔහු කොහේද ? එකදු සාක්ෂියක්වත් ඉතිරි නොකරම මෙම අපරාධය  සිදුකිරීමට තරම් සූක්ෂම වූවෝ කවුරුන්ද ? මෙම සිදුවීම වී වසර හතක් පමණ ගෙවී ගිද තවමත් එය අභිරහසකි.


 

 

 

elisa lam අබිරහස


2013 පෙබරවාරියේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ සිසිලි නම් හෝටලයේ නවාතැන් ගෙන සිටින්නන් විසින් තාම කාමරවල වතුර කරාම යන්හි වතුර කළු වර්ණයකින් ගලාගෙන එන බව ද එම ජලය අමුතු රසයකින් යුක්ත වන බව ද කළමනාකරණයට පැමිණිලි කොට තිබේ. ඉන්පසු හෝටල් කාර්ය මණ්ඩලය විසින් මේ ගැන සොයා බැලීම සඳහා හෝටලයේ වහල මුදුනේ ඇති දැවැන්ත වතුර ටැංකි පරික්ෂා කිරීමට කටයුතු කළෝය .

එහිදී එම වතුර ටැංකි පරීක්ෂාකර සේවකයින් හට වතුර ටැංකියක් තුළ තිබී හමු වූයේ කුණු වෙමින් පවතින මළ සිරුරකි  .මෙම මළ සිරුර ඊට දින 19 කට පමණ පෙර හෝටලය තුළ නවාතැන් ගෙන සිට අතුරුදහන් වූ elisa lam නම් අපගේ කථානායිකාවගේ බව හඳුනා ගත්හ. එළිසා Bipolar නැමැති මානසික රෝගයෙන් පෙළෙමින් සිටි බවද අනාවරණය වූ අතර මෙය සියදිවි නසාගැනීමක් බවට පොලීසිය සැක පළ කළහ. නමුත් එය සිතන තරම් සරල නිගමනයකට එළැඹීමට නොහැකි අභිරහසක් බව ඔවුන්ට පසුව වැටහෙන්නට විය.

එළිසා අතුරුදහන් වූ දවසේ හෝටලයේ විදුලි සෝපානයේ පටිගත වී ඇති රූපරාමු පෙළ ඉතා අසාමාන්‍ය වේ . විදුලි සෝපානය හැසිරීම සහ ඇයගේ හැසිරීම යන දෙකම අදටද උභතෝකෝටිකයකි.

එලීසා යමකට බියෙන් මෙන් සෝපානයේ මුල්ලක සැඟවෙන අතර ඇය හැර වෙනත් කිසිවෙකු මෙම වීඩියෝවේ පෙනෙන්නට නොමැත. එලීසාගේ මෙම හැසිරීම සෝපානයේ ක්‍රියා විරහිත වීම මගහරවා ගැනීමට දරන ලද ප්‍රයත්නයක් බව සමහර විද්වතුන් මත පළ කළත් අංගචලන විද්වතුන්ගේ මතය නම් ඇය පැහැදිලිවම යමකට බිය වී සිටින බවය .

Episode 3 of Crime Scene: The Vanishing at the Cecil Hotel. c. Courtesy of Netflix © 2021

තවද ඇය මෙහිදී භයානක සෙල්ලමක් වන The elavator game යන ක්‍රීඩාව කරන්නට ඇති බව ද බොහෝ දෙනකු විශ්වාස කරන මතයකි . එහි තිබෙන තට්ටු අතරට ගමන් කිරීම හා එහිදී සිදුවනවා යැයි පැවසෙන ඇතැම් භයානක සිදුවීම් හා ඇගේ හැසිරීම යම් සමානකමක් පැවතීම මෙම මතයට ප්‍රධානවම හේතු වී ඇත .

එහි ඇති විසඳාගත නොහැකි තවත් ගැටලුවක් නම් එලීසා වහල මුදුනට පිවිසුණේ කෙසේද යන්නයි. මෙම වහල මුදුනට පිවිසීම සඳහා අධි සුරක්ෂිත දොරක් ඇති අතර එහි යතුර ඇත්තේ හෝටලයේ  ඉහළ කළමනාකරුවන් කිහිප දෙනෙකු අත පමණි. යමෙකු මෙම දොරෙන් යතුර නොමැතිව විවෘත කිරීමට උත්සහ කළහොත් අනතුරු හැඟවීමේ නලාවකින් සංඥා නිකුත් වීම සිදුවේ. නමුත් එලීසා අතුරුදහන් වන දිනයේ සිට එලීසාගේ මළ සිරුර හමු වන දිනය අතර කාලය තුළ කිසිවිටෙකත් මෙම සංඥා නිකුත් වන නලාව නාද වී නොමැත .

අනෙක් අතට මෙය සියදිවි නසා ගැනීමක් නම් එතරම් විශාල ටැංකියක පියන ඇය කෙසේ තනිවම විවෘත කළා ද යන්න ගැටලුවකි.එම පියන කෙනෙකුට තනිවම විවෘත කිරීමට නොහැක. අනෙක් අතට ඇය සියදිවි නසා ගත්තේ නම් එම පියන නැවත වසා දැමුවේ කෙසේද යන්න ද අර්බුදකාරී ගැටලුවකි . ඒ වාගේම ටැංකි ඉහලට පිවිසීමට දිගු ඉණිමගක් භාවිතා කිරීමට අවශ්‍ය වන අතර පියන විවෘත කිරිමට නම් විශේෂ මෙවලම් භාවිතා කළ යුතුය . මෙම සියලු කාරණා සැලකිල්ලට ගත් විට මෙය මිනීමැරුමක් යන නිගමනයට පැමිණීමට වැඩි නැඹුරුවක් දැක්වුවත් දොරේ අනතුරු නලාව ශබ්ද නොවී කිසිවකු වහලට  නැග්ගේ කෙසේද ? විශේෂ මෙවලම් රහිතව මෙහි පියන විවෘත කළේ කෙසේ ද යන්නත් අදටද විසඳාගත නොහැකි අභිරහසකි .

ඒ වගේම මෙහි තවත් අද්භූත ජනක සිදුවීම නම් ඇයගේ මරණයෙන් මාස කිහිපයකට පසු යමෙකු විසින් ඇයගේ සමාජජාලා ගිනුම් යාවත්කාලීන ( update ) කර තිබීම යි. එය සිදු කළේ කලේ කවුද යන්නත් තවමත් සොයා ගෙන නැත . එලීසා විදුලි සෝපානය අසලදී දුටුවේ කුමක්ද ? ඇයව ඝාතනය කළේ කවුද  ? ඝාතකයා වහලට ප්‍රවිෂ්ට වූයේ කෙසේද  ? ටැංකියේ ඉහලට නැග්ගේ කෙසේද ? එහි පියන විවෘත කළේ කෙසේද ? මේවට තවමත් නිවැරදි පිළිතුරු නැත ..


 

 

 

ඩ්‍යට්ලොච් දුර්ගයේ අබිරහස


1959 ජනවාරි 28 වන දා ගිරිදුර්ග තරණය කිරීමට හොඳින් හුරු පුරුදු  රුසියාවේ යූරල් පොලිටෙක්නික් ආයතනයේ සාමාජිකයන් දස දෙනෙක් ඩ්‍යට්ලොච් කඳු පන්තියේ තරණය කිරීමට යන්නේ ඉතා සතුටිනි. දෙවන ලෝක යුද්ධයේ සටන් කළ සිසුන් නව දෙනෙකු සහ එක් ක්‍රීඩා උපදේශකයෙකු එයට ඇතුලත් විය. එම ගමන ඔවුන්ට බිහිසුණු ඉරණමක් අත්කර දෙන බව නම් මෙම දසදෙනා සිහිනෙන්වත් නොසිතන්නට ඇත.

එහි දෙදෙනෙකු අත කැමරා තිබූ අතර ඇතැම් සාමාජිකයින් මෙම ගමනේ දිනපතා වන සිදුවීම් තම දින පොත්වල සටහන් කර ගත්හ . කණ්ඩායම හිමෙන් වැසුණු නිහඬ ඩ්‍යට්ලොච් කන්ද තරණය කිරීමට පෙර එක් සාමාජිකාවක් විසින් තම දිනපොතේ මෙසේ සටහනක් තබා ඇත .
ලූඩ්මිලා ඇලෙක්සැන්ඩ්‍රොනෝවා ගේ දිනපොත.
” අප අද සතුටින් ගමන පිටත් වුණා. මෙම ගමනේ දී අපට කවරාකාරයේ අත්දැකීම් ලැබේදැයි මං කල්පනා කරනවා .”

කඳු පන්තියේ මූලික කොටසට ඇතුල් වීමට පෙර එක් සාමාජිකයෙකුට සන්ධි වේදනාවක් හටගත් අතර ඒ නිසා ඔහුව නැවත හරවා යවා අනෙක් සාමාජිකයන් සියලු දෙනා කන්ද තරණය කිරීම ආරම්භ කළහ . නමුත් කණ්ඩායම චාරිකාව නිමා කොට නැවත පැමිණීමට නියමිත වූ දින ඔවුන් නොපැමිණි නිසා ඔවුන්ගේ අනෙක් මිතුරන් කලබලයට පත් වූහ . මේ නිසා අනෙක් සඟයින් තමන්ගේ මිතුරන් සොයා යූරල් කඳු පන්තිය වෙත පිටත් විය .

මරණයේ කඳුගැටය නම් ස්ථානයේදී ඔවුන් තම මිතුරන්ගේ කූඩාරම දුටු අතර එය දකිත්ම එතැන යම් කිසි බියජනක සිදුවීමක් වී ඇති බව ඔවුන්ට වැටහිණි. එම කූඩාරම කීතු කීතු කොට කපා තිබූ අතර කණ්ඩායමේ කිසිවකු කූඩාරමේ නොමැති බවද ඒ තුළ චාරිකාව ආ මිතුරන්ගේ දින පොත් සහ ඇඳුම් පැළඳුම් පමණක් ඉතිරි වී ඇති බවද සොයා ගන්නා ලදී.

එහි විශ්මයජනක විශ්මයජනක පුවත නම් පර්යේෂකයින් විසින් මෙම කූඩාරම පසුව පර්‍යේෂණ කිරීමේදී පැවසූ දෙයයි . එනම් කූඩාරම කිසිවකු විසින් පිටත සිට ඇතුළට නොව ඇතුල සිට පිටතට කපා තිබීමයි. විනාශ වූ කූඩාරමට ඉතා ආසන්නයෙන් කණ්ඩායමේ දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ අතර එම දෙදෙනාගේ දෑත් ඉතා තදින් පිලිස්සී ඇති බවට සොයා ගැනුණි . තවත් මීටර කිහිපයක් ඈතින් තිදෙනකුගේ මළසිරුරු හමු වූ අතර එහි ඉතා අසාමාන්‍ය දෙයක් වූයේ ඔවුන් අඩ නිරුවතින් සිටීමයි. දැඩි හිමෙන් වැසුණු අධික ශීතලකින් යුක්ත වූ මෙවන් ස්ථානයක එවැනි ඇඳුම් නම් පියවි සිහියකින් සිටින කෙනෙකු නොඅඳින බව ඔබටද වැටහෙනවා ඇත.

මාස කිහිපයක මෙහෙයුමකින් අනතුරුව අනෙකුත් සතර දෙනාගේ මළසිරුරු එම ප්‍රදේශයෙන් හමු වූ අතර මෙම මළ සිරුරු වල ස්වභාවය සිදුවීමේ අද්භූතජනක භාවය තවත් වැඩි කිරීමට සමත් විය .එම සතර දෙනාගේ සිරුරුවල දැඩි පහර දීමකට ලක් වූ සලකුණු පෙනෙන්නට තිබිණි . තව ද එක් අයෙකුගේ දිව සම්පූර්ණයෙන් කපා ඉවත් කොට තිබිණි . සමහර විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ශරීර වලට සිදුවී ඇති හානිය පිටතින් ඇතුළට නොව ඇතුළතින් පිටට සිදුවී ඇති බවය . පළමුව අස්ථි විනාශ වී දෙවනුව ක්‍රමයෙන් අනිකුත් අවයව වලටද බලපෑම් ඇතිවී හානි සිදුවී තිබේ . එක් කෙනෙකුට දිවක් තිබුණේ නැත. අන් අයට ඇස් තිබී නැත. මෙම කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන්ගේ හිස් කබල සහ පපු කොටස් විවෘත කොට ඉවත දමා තිබුණි.

මෙම සිරුරුවල සුණු විසුණු වී ගිය අස්ථි පරීක්ෂාකර වෛද්‍යවරුන් පැවසුවේ ,

” මෙය මිනිසෙකුට කළ හැකි ආකාරයේ පහරදීමක් නොවේ”  යන ඇඟ ලොමු දැහැ ගැන්වෙන පුවතයි.

එහි තිදෙනෙකුගේ ඇඳුම් වල අධික විකිරණශීලීතාවය ඇති බව සොයාගත් අතර එයින් මෙම සිදුවීම තවත් ව්‍යාකූලත්වයට පත්විය . මළ සිරුරු සමඟ කැමරාවක් තිබූ අතර එයින්  අවසානයට ගත් ඡායාරූපය තදින් බොඳ වී ගිය එකකි. එම ඡායාරූපයේ යම් දීප්තිමත් වස්තුවක් ඡායාරූප ගත කිරීමට ඔහු උත්සහ කොට ඇති බව පැහැදිලි වේ . කණ්ඩායමේ දිනපොත් පරික්ෂා කළ ද ඒවායෙහි නම් කිසිදු විශේෂ දෙයක් සඳහන් කොට නොතිබිණි.

මෙම සිදුවීම අළලා විවිධ මතිමතාන්තර නිගමනයන් බිහිවී ඇත . එයින් එක් මතයක් නම් මෙම පිරිස රුසියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීමකට නොදැනුවත්වම හසුවී ඇති බවයි . නමුත් අධික විකිරණශීලීතාවයකින් යුතු ඇඳුම් හැරුණු කොට එම මතය සනාථ කිරීමට තරම් සාක්ෂි එහිදී හමු වී නොමැත .

එහි ප්‍රධාන වශයෙන්ම කැපී පෙනන මතයක් නම් මෙය පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාවක් යන මතයයි.කැමරාවේ සටහන් වී ඇති දීප්තිමත් ආලෝකය, අධික විකිරණශීලීතාවයකින් යුතු ඇඳුම් , මිනිසෙකුට කළ නොහැකි යැයි හැඟවෙන පහරදීම් මෙම මතය වඩාත් තහවුරු කිරීමට පදනම සපයයි.

තවද 2019 දී මෙය හිම කුණාටුවක් නිසා සිදු වූ සිදුවීමක් බව නිගමනය කළත් එයට පදනම් වූ සාක්ෂි නොමැති කම නිසාම නැවත යට ගියේය. එසේ නම් මෙම නව දෙනාට සිදු වූයේ කුමක්ද ? මෙම නිගමනයන් ගෙන් එකක් හෝ නිවැරදි ද ? එය තවමත් දෝලනය වෙමින් පවතින අභිරහසකි .

 

පින්තූරයේ: තිබියුක්ස්-බ්‍රිග්නොල්ස්ගේ කැමරාවේ තිබී හමුවූ යෙටීගේ අනුමාන රූපයක්



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.