අභිරහස් ගොන්නක හිමිකාරියක වන මොනාලිසා පිළිබඳ ඔබ මෙතෙක් අසා නොමැති තතු – Amazing News | SLMobi.com

අභිරහස් ගොන්නක හිමිකාරියක වන මොනාලිසා පිළිබඳ ඔබ මෙතෙක් අසා නොමැති තතු

       සිතුවමක් යනු නිහඬ කවියකි. එනම් කෙනෙකුට බලා රස විඳීමට හැකි කලා කෘතියකි. චිත්‍ර ශිල්පියා සිය සිතැඟි තම සිතුවමේ සැඟවීමට දක්වන දක්ෂතාවය මත විශිෂ්ට කලා කෘතියක් ලොවට දායාද වන්නෙහිය . එවැනි විශිෂ්ට ගණයේ කලා කෘතියක් පිළිබඳව අද මෙම ලිපිය තුලින් කථා කිරීමට බලාපොරොත්තු වෙමු.


‘A big red flag’: Trump receives steroid treatment for Covid-19 buy real dianabol the sickness industry: how big pharma invents crises & normalises dependency
“මොනාලිසා සිතුවම” ලෝකයේ අතිශය ජනප්‍රිය දැනට තිබෙන මිල කළ නොහැකි චිත්‍රයකි. ඒ වාගේම එය කිසිදා විකිණීමට නොහැකි සිතුවමක් බව ඔබ දැන සිටියාද ? අද වන විට ප්‍රංශයෙ Louvre කෞතුකාගාරයේ තබා ඇති මොනාලිසා සිතුවම ඕනෑම දේශගුණික විපර්යාසයකදී වෙනස් නොවන කාමරයක තැන්පත් කර ඇත.

ලියනාඩෝ ඩාවින්චි

දැනට අවුරුදු පන්සීයක සිට ආරක්ෂා සහිතව පවතින මොනාලිසා සිතුවම සිත්තම් කර ඇත්තේ උපතින් ඉතාලි ජාතිකයකු වූ “ලියනාඩෝ ඩාවින්චි” විසිනි. 1503 හා 1506 අතර කාලයේදී මොනාලිසා සිතුවම ඩාවින්චි විසින් අඳින ලද අතර ඇතැමුන් පවසන ආකාරයට ඔහු මෙම චිත්‍රය 1517 වන තෙක් ඇඳ ඇත. එනම් ඔහුට මෙම සිතුවම ඇඳීමට අවුරුදු පහළොවක් පමණ දිගු කාලයක් ගත වූ බව සඳහන් වේ.

ප්‍රංශයෙ Louvre කෞතුකාගාරය

 

ඩා වින්චි ඉතාලියේ සිටින විට මෙම සිතුවම් ඇඳීමට පටන් ගත් අතර චිත්‍රය සම්පූර්ණ කිරීමට පෙළඹෙන්නේ ප්‍රංශයේ දී ය. ඉන්පසු මෙම සිතුවම ඒ කාලයේ ප්‍රංශයේ රජතුමා වූ පළමුවන ප්‍රැන්සිස්කෝ විසින් එය ප්‍රංශයේ දේපලක් බවට පත්කර ඇත. 1797 සිට ප්‍රංශයේ ප්‍රසිද්ධම කෞතුකාගාරයක් වන Louvre කෞතුකාගාරයේ තබා තිබෙන මෙම අනර්ඝ සිතුවම නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් දිනපතා පැමිණේ.

ප්‍රංශයේ රජතුමා වූ පළමුවන ප්‍රැන්සිස්කෝ

 

මොනාලිසා සිතුවම මේ තරම් ජනප්‍රිය වූයේ සොරෙකු නිසා බව ඔබට කිවහොත් ඔබ එය පිළිගන්නවාද? 1911 වන විට ද මොනාලිසා චිත්‍රය කලා ලෝකයේ ප්‍රසිද්ධ නිර්මාණයක් බවට පත් වී තිබුණත් සාමාන්‍ය ජනතාව අතර එතරම් වැදගත්කමක් ඉසිලුවේ නැත.

MONA LISA The gap on the wall of the Carre Gallery of the Louvre Museum, Paris, where the Mona Lisa was exhibited before it was stolen – L”Illustration 26 August 1911 (page 166). – Mary Evans Picture Library/Everett Collection (ME10031014)

නමුත් මෙම සිතුවම පැහැර ගැනීමෙන් පසු පුවත්පත් වලින් ලැබුණු ප්‍රසිද්ධියක් සමඟ මෙම චිත්‍රය ජනතාව අතර ඉතා ජනප්‍රිය වූවාය. සොරකමින් අවුරුදු 2කට පසුව මෙම චිත්‍රය නැවත සොයා ගනු ලැබුවේ ය. සොරකමට ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙකු වූ පැබ්ලෝ පිකාසෝ ටද චෝදනා එල්ල වුවත් ප්‍රශ්න කිරීම්වලින් ඔහු නිවැරදිකරු බවට පත්විය. Vincenzo Peruggia නම් චිත්‍ර ශිල්පියා මොනාලිසා සිතුවම සොරකම් කළ සැබෑ සොරා ලෙස හඳුනා ගනු ලැබූහ. ඔහුගේ මතය වී තිබුණේ මෙම සිතුවම ඉතාලියට අයිති සිතුමක් බවය. ඔහු Louvre කෞතුකාගාරයේ සේවකයෙකි.

Vincenzo Peruggia

එක්දාස් නවසිය පනස් හයේ දී නැවතත් මෙම චිත්‍රයට හානියක් වී ඇත. ඒ නම් පුද්ගලයකු විසින් සිතුවමට ගලකින් ගසා තිබීමයි. එහිදී චිත්‍රයේ මොනාලිසාගේ වැලමිට ආසන්නයට හානි සිදු වී ඇත.ඒ වාගේම තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයකුත් මොනාලිසා සිතුවම ට එල්ල කර තිබේ. මෙම සිදුවීම් වලින් අනතුරුව මොනාලිසා සිතුවම ට විශාල ආරක්ෂාවක් ලබා දීමට ප්‍රංශ රජය කටයුතු කර ඇත. තවද කලා කෘතියක් සඳහා ලබාදෙන ඉහළම රක්ෂණාවරණයක් මොනාලිසා සිතුවම ට හිමිවේ. එනම් 1960 දශකයේ දී ඩොලර් මිලියන 100ක වටිනාකමකි  . අද වන විට එය ඩොලර් මිලියන 650ක් නැතිනම් රුපියල් කෝටි 11700 ක් පමණ වේ.

ලූවර් කෞතුකාගාරයේ මෙම සිතුවමට විශේෂ වීදුරු කුටියක් සාදා තිබේ. වෙඩි නොවදින වීදුරු වලින් තනා තිබෙන මෙම කුටියේ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය යම් නිශ්චිත අගයක පවත්වාගෙන යයි. එම උෂ්ණත්වය 18 C° – 21C° වන අතර ආර්ද්‍රතාවය 50% ක්  පමණ ගනී. මෙම කුටිය නිමකිරීමට ඩොලර් මිලියන හතක් එනම් කෝටි 126 ක් ප්‍රංශ රජයට වැය වී ඇත.

ඉහත කාරණා මෙන්ම තවත් විශේෂ කරුණක් මෙම සිතුවම සම්බන්ධව පවතී. අප කලින් සඳහන් කළ පරිදි මෙම සිතුවම ඇඳ තිබෙන්නේ 1500 ගණන්වලදී ය. 1400 ගණන් වල සිට චිත්‍ර ශිල්පීන්ට කැන්වස් ලබාගැනීමට හැකි වී තිබුණත් මොනාලිසා සිතුවම විශේෂයෙන් පොප්ලර් ගසේ ලී පතුරක සිතුවම් කර තිබේ. එය විශේෂත්වයකි.

 

මොනාලිසා සිතුවමේ තත්ත්වය විශේෂඥයන් විසින් වරින් වර සියුම්ව නිරීක්ෂණය කරති. ලී පතුලේ සිදුවන තැලීම් වැනි දේවල් වෙතොත් ඔවුන් ඒවා සියුම්ව ප්‍රතිසංස්කරණය අවශ්‍ය ආකාරයට සිදු කරයි. ඒවාගේම මෙම සිතුවම මිල කළ නොහැකි යැයි පැවසුවත් ඇතැම් විශේෂඥයන්ට අනුව වර්තමානයේ දී ඩොලර් මිලියන 860 ක් පමණ වටිනාකමක් සිතුවමට හිමිවේ. එනම් කෝටි 15500 පමණ වේ. එය දැනට ලෝකෙ විකුණා ඇති මිල අධිකම සිතුවම් වලට වඩා සෑහෙන ඉහළ අගයකි.

ඉහත කී කාරණාවලට අමතරව මොනාලිසා සිතුවමේ තවත් විශේෂතා ගණනාවක් පවතී. මොනාලිසා යනු විශේෂඥයන්ට පවා අදටද විසඳාගත නොහැකි අභිරහස්වලින් පිරුණු තේරුම් ගැනීමට නොහැකි කරුණු කාරණා ගොන්නකින් සිතුවම් වූ සිත්තමක් බව කිව යුතුමය.

01. අත් තබා ගෙන සිටින ආකාරය

මොනාලිසා සිතුවම නරඹන ඕනෑම කෙනෙකුට හොඳින් මතකයේ රැඳෙන සුවිශේෂී සිතුවමකි . මුහුණේ ඉරියව් හා දෑත් තබාගෙන සිටින ආකාරය ඇයගේ ලක්ෂණ අතර කැපීපෙනෙන ඒවා වේ. මේ සිතුවමේ ඇයගේ අත් පිහිටා තිබෙන ආකාරය අනුව ඇය ගර්භණී කාන්තාවක් ලෙස බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත. මෙම සිතුවමේ සිටින්නේ  ” Lisa Gherardini ”  යන කාන්තාව බව බොහෝ දෙනකුගේ මතය වී ඇත . ඇගේ ස්වාමි පුරුෂයා වූ  ” Francesco Del Giocondo ”  ගේ ඉල්ලීම පරිදි ඩාවින්චි මෙම සිතුවම නිර්මාණය කළ බව සඳහන් වේ. ඉතාලි බසින් “මොනා” යනු “මැතිනිය” යන අර්ථය ගෙන දේ. “ලීසා මැතිණිය” යන අර්ථයෙන් මොනාලිසා යන නාමය සිතුවමට ලැබී ඇති බව පෙන්වා දිය හැක.

Francesco Del Giocondo

2006 දී මෙම චිත්‍රයේ සවිස්තරාත්මක අධෝරක්ත පරීක්ෂාවක් සිදු කරන ලද කැනේඩියානු ජාතික විද්‍යාඥයන් පිරිසක් එමගින් ලබා ගත් දත්ත උපයෝගී කරගෙන මෙම චිත්‍රයේ ත්‍රිමාන සිතුවමක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. එම ත්‍රිමාන සිතුවම නිරීක්ෂණය කිරීමේ දී මෙම සිතුවමේ සිටින කාන්තාව ගර්භණී කාන්තාවක් බව අවබෝධ කරගැනීමට හැකිවී ඇත.

ඇය දෑත් තබාගෙන ඇති ආකාරය බොහෝ විට ගර්භණී කාන්තාවන් තමන්ගේ දෑත් තබාගෙන සිටින ආකාරයට සමාන බව ඔබටද වැටහෙන්නට පුළුවන. විනිවිද පෙනෙන සළුවකින් හිස ආවරණය කරගෙන තිබීමත් ගර්භනී කාන්තාවකගේ උරහිස පිහිටන ආකාරයට මොනාලිසා ගේ උරහිස පිහිටීමත් නිසා මෙම කාරණය තවදුරටත් සනාථ වේ. සමකාලීන ව නිර්මාණය වූ  “Smeralda Brandini ”  යන කාන්තාවගේ සිතුවමේ ද මෙම ලක්ෂණ දැක ගැනීමට හැකිය.

Smeralda Brandini

 

 

 

02. Lady of the night

තවත් මතයකට අනුව මෙම සිතුවමේ සිටින්නී ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් බවද පැවසේ. එසේ පැවසීමට ද ඔවුන් හේතු සාධක ඉදිරිපත් කොට ඇත. ඇහිබැම සම්පූර්ණයෙන්ම කපා තිබීම හා ඇහි පිහාටු නොමැතිවීම මෙම මතය ඉදිරිපත් කිරීමට ප්‍රබල හේතු වී ඇත. එම කාලයේදී ම නිර්මාණය වූ ගනිකාවන්ගේ සිතුවම් වල ද ඇහිබැමි සිතුවම් කර නොමැති අතර එම යුගයේ වැදගත් පවුල් වල කාන්තාවන් කොණ්ඩය කඩා දැමූ මෝස්තර භාවිතා කර නොමැත. ඒ යුගයේ වැදගත් යැයි සැලකූ කාන්තාවන්ගේ සිතුවම් දෙස හොඳින් නිරීක්ෂණය කිරීමේදී එම කරුණු සත්‍යයැයි වැටහේ. ඇතැම්හු මෙම තර්කය ඉදිරිපත් කිරීමට තවත් හේතුවක් වී ඇත්තේ අප කලින් සඳහන් කළ පරිදි ඇය විවාහක යුවතියක් වූවා නම් ඇයගේ අතෙහි ඇගිල්ලක මංගල මුදුවක් දක්නට තිබිය යුතුය. නමුත් එවැන්නක් ඇයගේ අතැඟිලි වල දක්නට නොමැත.

 

 

03. නැති වූ ඇහිබැම


ඇත්ත වශයෙන්ම මෙම තරුණියගෙ ඇහිබැම හා ඇහි පිහාටු නොමැත්තේ ඇයිදැයි මෙම සිතුවම අධ්‍යයනය කරන බොහෝ විද්‍යාඥයින්ට ගැටලුවක් වී තිබුණේය. මෙම සිතුවමේ සිටින්නේ ඇත්තම ලීසා නම් ඇයගේ ඇහි බැමි වලට සිදු වූයේ කුමක්ද ? ඇයට ඇත්තටම ඇහි බැමි හෝ ඇහි පිහාටු තිබී නැතිද ? 2007 වසරේදී ප්‍රංශ ජාතික ඉංජිනේරුවකු වූ ” Pascal Cotte ” මේ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කොට තිබේ. ඔහු අති ප්‍රබල ඩිජිටල් කැමරාවකින්  මෙම සිතුවමේ HD  ඡායාරූපයක් ලබාගෙන එම ඡායාරූපය 24 ගුණයක් දක්වා විශාල කර පරීක්ෂාකර තිබේ. එහිදී ඔහුට ඇසට ඉහළින් තනි ඉරි කැබැල්ලක් තිබෙන බව නිරීක්ෂණය වී ඇත. ඔහු පවසන්නේ ඒ ශරීරයේ ඇති කුඩා රෝම කූපයක් විය හැකි බවයි.

Pascal Cotte

ඩාවින්චි මෙම චිත්‍රය සිතුවම් කරනවා සියැසින් දුටු ඩාවින්චිගේ මිත්‍රයෙකු වන “Giorgio Vasari” ගේ පොතක මොනාලිසා ට ඉතා ඝන ඇහිබැමි පිහිටා තිබූ බව සඳහන් කර තිබේ. ඝන ඇහි ඇහිබැමි නිසා චිත්‍රයෙ සුන්දරත්වය අඩුවන බව සිතූ ඩාවින්චි මෙම සිතුවමට ඇහිබැමි හා ඇහි පිහාටු එකතු කර නොමැති බව තවත් පුද්ගලයින් තර්ක කරයි.

Giorgio Vasari

ඒ වාගේම Giorgio ගේ පොතේ සඳහන් වන්නේ සිතුවම ඩාවින්චි විසින් සම්පූර්ණයෙන් අවසන් කර නොමැති බවය. මේ නිසා ඔහු චිත්‍රය අවසානයට ඇහි බැමි හා ඇහි පිහාටු එකතු කිරීමට සිතා සිටියා දැයි අප නොදනී.

 

 

 

04.ලියෝලිසා


මේ සිටින්නේ කාන්තාවක් නොව ලියනාඩෝ ඩාවින්චි ම ඇයි අප ඔබට පැවසුවොත් ඔබ තවත් පුදුමයට පත්වනු ඇත. පුරුෂයකුගේ වැනි නාසය හා පුළුල් නළල් තලය නිසා මෙම සිතුවමේ ස්ත්‍රී ලක්ෂණ මෙන්ම පුරුෂ ලක්ෂණ ද දැක ගැනීමට හැකිය. ලියනාඩෝ ඩාවින්චි යනු සමලිංගික පුද්ගලයකු බව සමහර ඉතිහාසඥයින් දැඩිව විශ්වාස කළහ. මේ නිසා තමා ගේම රුව කාන්තාවක් ලෙස මෙලෙස සිතුවම් කර ඇති බවට මතයක් පළ වෙයි. ඉතාලි ජාතිකයෙකු වන  “Lilian Schwartz” මොනාලිසා ගේ ගේ පින්තූරය හා සුදු පැහැති කුණු කුරකින් ඇඳ ඇති ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම digital විශ්ලේෂණයකට ලක් කිරීමෙන් මෙම සිතුවම් දෙක අතර සමානකම් තිබෙන බවද සොයා සොයාගෙන ඇත.

 

 

 

05. පිරිහුණු සෞඛ්‍යය

Xanthelsma

මෙම  සිතුවමේ සිටින්නේ කාන්තාවක් ද පුරුෂයකු ද යන්න දැනට ගැටලුවක් වුවත් අප ඉදිරියට මෙය ලීසා ගේ සිතුවමක් යන්න උපකල්පනය කොට ගෙන විස්තර දක්වන්නෙමු. 2010 වසරේදී “Dr.Vito Franco” යන පුද්ගලයා වෛද්‍ය විද්‍යාත්මක ඇසකින් පුළුල් නිරීක්ෂණයකට මෙම සිතුවම ලක්කර යම් යම් කරුණු කිහිපයක් අනාවරණය කොට ගෙන ඇත. ඔහු පවසන ආකාරයට මෙම සිතුවමට නගා ඇති තරුණිය “high cholesterol” සහිත තරුණියක් බව ප්‍රකාශ කරයි . ඇයගේ ඇස මුල ඇති සලකුණ “Xanthelsma” යන රෝගයෙන් පෙළෙන්නෙකු ගේ සලකුණු වලට සමාන බව පෙන්වා පෙන්වාදෙන ඔහු ඇයගේ අතේ තිබෙන ඉදිමුණු ස්වභාවය “Lipoma ”  රෝගයෙන් ද පීඩා විඳ ඇති බවට ද නිගමනය කර ඇත.

Lipoma

 

 

 

06. සිනහව


මොනාලිසා සිතුවම දෙස බලන පුද්ගලයින්ට සිතුවම දිස් වන්නේ විවිධ ස්වරූපයෙන් ය . සෑම කෙනෙකුටම එකම ආකාරයෙන් එය පෙනෙන්නේ නැත . Prof. Margaret Living Stone පවසන්නේ මෙම මුහුණේ සිනහවක් හෝ දුකක් පෙන්නුම් නොකෙරෙන බවයි. ඇය පවසන්නේ මෙම ඉරියව් මිශ්‍ර වූ හැඟීමක් මුහුනෙන් නිරූපණය වන බවයි. පියවි ඇසට පෙනෙන ආකාරයට නැතිව බොඳ කර බැලුවහොත් අයගේ සැඟවුණු සිනහව දැක ගැනීමට හැකි වේ. 2005 වසරේදී නිර්මාණය කරන ලද facial recognition මෘදුකාංගය භාවිතයෙන් මෙම මොනාලිසා ගේ මුහුණ පරීක්ෂාවට ලක්කර මුහුණෙන් 83%  ක්ම සතුටින් සිටින මුහුණක ලක්ෂණ දක්නට ලැබෙන බව හඳුනාගෙන ඇත.

 

 

 

07. රහස් කේත


ඉතාලියේ සංස්කෘතික උරුමයන් පිළිබඳ ජාතික කමිටුව මගින් 2010 වසරේ දී මොනාලිසා සිතුවම පිළිබඳ දත්ත විශ්ලේෂණයක් සිදුකර තිබේ . එහිදී “Silvano Vinceti” විසින් සිතුවම තුළ සඟවා ඇති රහස් කේත කිහිපයක් හදුනාගෙන ඇත. ඔහු පවසන ආකාරයට මොනාලිසා ගේ දකුණු ඇසෙහි  “LV” යන අකුරුත් වම් ඇස තුළ “CE” යන අකුරු හෝ  “B” අකුර තිබෙන බවට ද මොනාලිසා ට පිටුපසින්  තිබෙන පාලමේ “72” හෝ “L2” අකුරු සඳහන් වන බව සොයාගෙන තිබේ. LV යනු ලියනාඩෝ ඩාවින්චි යනුවෙන් අපට සිතා ගැනීමට හැකිවුවත් අනෙක් අක්ෂරයන් වලින් නම් පවසන්නේ කුමක්ද යන්න තවමත් සිතා ගැනීමට හැකිවී නැත.

 

 

 

08.Mirror Writing


බොහෝ විද්වතුන්ට අනුව ඩාවින්චි යනු mirror writing වලට අති දක්ෂයෙකි. මේ නිසා ඒ හා සමාන ක්‍රමවේදයක් භාවිතා කොට මොහු ඔහුගේ චිත්‍ර වල රහස් සඟවා තිබෙන බවට මේ වන විට සොයාගෙන තිබේ. ඒ අතර ම බොස්ටන් හි ඇති north-eastern විශ්ව විද්‍යාලයේ ටෙරන්ස් නම් graphic designer කෙනෙකු විසින් පරිගණක තාක්ෂණය භාවිතයෙන් ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම් පිළිබඳ සැඟවුණු රහස් සෙවීමට උත්සාහ කර ඇත. ඩාවින්චි යනු පරාවර්තනය පිළිබඳ , මිනිස් ඇස පිළිබඳ  ගැඹුරින් පරීක්ෂණ සිදු කළ පුද්ගලයෙක් වේ . මේනිසා ලියනාඩෝ ඩාවින්චි වැනි දක්ෂ චිත්‍ර ශිල්පියකු සිය රහස් සියල්ලම පසුකාලීනව බුද්ධිමත් ජාතියකට කියවිය හැකි වන පරිදි mirror technique එක ඔස්සේ සඟවන්නට ඇති බව සිතිය හැක.

ඒ වාගේම මේ ආකාරයට ඒවා සැඟවුයේ ඇයි ? මොනාලිසා චිත්‍රයේ අත තබාගෙන ඇති ආකාරයේ වෙනසක් ඇති බව අපි ඔබට ඉහත දී ද සඳහන් කළෙමු.  ඇයගේ අතේ ඇඟිල්ල සාමාන්‍යයෙන් අප අත තබාගෙන සිටින ආකාරයේ දී තබාගෙන සිටිනවාට වඩා වෙනස් වේ. ඇය මෙම ඇඟිල්ලෙන් අපට ඉඟියක් ලබා දෙයි. “එතැනින් ඇයව හරවන්න”  එම ඉඟිය ලෙස ගතහොත් සිතුවම් දෙක එකට තැබූ විට එතැනින් පිට පිටසක්වළ ජීවියකුගේ වැනි රුවක් මතු වේ . එය අහම්බයක් ලෙස ඔබට සිතුනත් ඩාවින්චිගේ තවත් සිතුවම් වල එයට සමාන රූප මතුවෙයි. The virgin and child ,the virgin of Rocks ආදී සිතුවම් වලද එවැනි රූප දැක ගැනීමට හැකි වේ .

The virgin and child
The virgin of Rocks

ඒ නමුත් තවමත් මොනාලිසා නොවිසඳුණු අබිරහසකි. ලියනාඩෝ ඩාවින්චි ගේ ජීවන චර්යාව , ඔහු අධ්‍යයනය කළ දෑ හා ඔහුගේ සුවිශේෂී හැකියාවන් සියල්ලම කැටි කර බැලූ විට ඔහුගේ සිතුවම් පිළිබඳ තවමත් නිසි ආකාරව අර්ථකථනය කිරීමට කිසිවෙකු සමත් වී නොමැත . ඇත්තෙන්ම මොනාලිසා සිතුවම තුළ ඔහු සැඟවීමට උත්සාහ කර තිබෙන්නේ කුමක්ද  ? එහි සැඟවුණු අර්ථකථනයක් ඇත්ද ? ඒවා අනාගතයේදීද විමසුමට ලක් කළ යුතු තවමත් පවතින ප්‍රශ්නාර්ථයන් පමණි.

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.