අගක් මුලක් නොමැති ලෝකයේ දැනට බිහි වී ඇති සංකීර්ණම කතා මාලාව – Amazing News | SLMobi.com

අගක් මුලක් නොමැති ලෝකයේ දැනට බිහි වී ඇති සංකීර්ණම කතා මාලාව

අද මෙම ලිපිය තුළින් කතා කරනු ලබන්නේ විශේෂ කතා මාලාවක් සම්බන්ධවයි. විශේෂයෙන් ලෝකයේ වඩාත් වැඩි කතා බහකට ලක්වූ අවධානයට ලක් වූ කතා මාලාවක් ලෙස මෙය හඳුන්වා දීමට හැකිය. එනම් Dark නමින් විකාශය වූ කතා මාලාවයි.

ඔබට මතක නම් මීට ටික කලකට ඉහත ලෝකයෙන්ම ට්‍රෙන්ඩ් එකක් බවට පත්වූ “Game Of Trone” කතා මාලාව අදටද බොහෝ දෙනෙකු ආකර්ෂණය කර ගැනීමට හැකිවූ ටීවී සීරිස් එකක් බවට පත් වී ඇත. එහි අවසාන episode1 නිකුත් වීමත් සමග විවිධ විචාරකයන් ගේ විවිධ අදහස් දැන ගැනීමට හැකියාව ලැබුණි. බොහෝ පිරිසකගේ අදහස වූයේ GOT කතා මාලාවේ ආරම්භය ට අනුව අවසානය සුදුසු නැත යන්නයි . නමුත් එහි අවසානය කෙසේ වුවත් එම කතාමාලාවට ලෝකය පුරාම ඉහළින්ම වැජඹෙන කතා මාලාවක් වීමට හැකියාවක් තිබුණි .

එලෙසම ලෝකයෙන් ම අවධානය ජනප්‍රියත්වය දිනා ගත් කතාමාලාවක් ලෙස අපට “DARK” කතා මාලාව ද හඳුන්වා දීමට හැකිය . අද වන විට මෙම රූපවාහිනී කතා මාලාවේ season 3 නිකුත් වී අවසාන අතර ලෝකය පුරාම කතා බහක් ඇති කිරීමට සමත් වූ කතාමාලාවක් ලෙස ද මෙය හඳුන්වා දීමට පුලුවන.

ඇතැම් ටීවි සීරිස් හෝ චිත්‍රපට නැරඹීමෙන් අනතුරුව නරඹන්නාගේ මොළය අවුල් සහගත බවට පත්කරයි. එනම් නරඹන්නා කරකවා අත හරින ස්වභාවයක් එහි අන්තර්ගතය. Predestination , Westworld , Mulholland Drive එයට උදාහරණ වේ.  මෙවැනි කතා මාලාවන් අතරින් වඩාත්ම සංකීර්ණ ,වඩාත්ම පිලිවෙලට නිර්මාණය වූ සංකීර්ණම කතා මාලාව කුමක්ද යන්න ඔබ මගෙන් ඇසුවහොත් එයට විවාදයකින් තොරවම ලබා දෙන පිළිතුර නම් Dark රූපවාහිනී කතා මාලාවයි .

2017 වර්ෂයේ දෙසැම්බර් පළවනදා නිල වශයෙන් නිකුත් වූ මෙම කතා මාලාව ජර්මන් ජාතිකයන් කිහිප දෙනෙක් එකතු වී නිර්මාණය කර තිබේ. ඒ අතරින් ප්‍රධානම නිර්මාණකරුවා වන්නේ  Baran bo Odar වේ.  The Silence ,Who Am I , Sleepless , 1899 සහ Tyll  ඔහුගේ විශිෂ්ට නිර්මාණ වේ. අනෙත් නිර්මාණකරුවා වන්නේ Jantje Friese ය. මේ කියන්නාවූ නිර්මාණකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණය වූ Dark විකාශනය වන්නේ Netflix හරහාය. IMDb දර්ශකයෙ 8.8 ක ඉහල අගයක් ලබා ගැනීමට ද මෙම කතා මාලාවට හැකියාවක් ලැබී ඇත .

ඒවාගේම netfix හරහා විකාශය වු “Stranger Thing” කතා මාලාවේ ජර්මන් කොපියක් ලෙස ඇතැමුන් මෙම ” Dark ” හඳුන්වාදීමට පෙළඹුණහ. ඇත්තෙන්ම stranger things කථා මාලාවේ එක් season එකක් හෝ නරඹා ඇති කෙනෙකුට Dark කථා මාලාවේ එක් සීසන් එකක් හෝ නැරඹීමෙන් ම මේ දෙක අතර බොහෝ වෙනසක් පවතින බව හඳුනා ගැනීමට හැකියාවක් පවතී. ඇත්තෙන්ම dark කතා මාලාවත් සමග stranger things සැසදීමේදී stranger things යනු කුඩා දරුවෙකු වැනියැයි පැවසීමට හැකිය.

Dark Season 1

ලෝකයේ දැනට බිහිවී ඇති සංකීර්ණම කතා කතාමාලාවක් ලෙස අප dark හඳුන්වා දුන්නෙමු . මෙම කතා මාලාව ආරම්භ වී විනාඩි කිහිපයකින් ම ඔබට එය වැටහීමට පටන් ගනී. අතීතය වර්තමානය හා අනාගතය යන කාලයන් තුනම එක් කොට මෙම කතා මාලාව නිර්මාණය කොට ඇත.නමුත් බොහෝ දෙනෙකුට මෙය සියයට සියයක්ම තේරුම් ගැනීමට අපහසු වී ඇත. ඇතැම් විට යම් සිදුවීමක් තේරුම් ගැනීමට එම කොටස නැවත නැවත කිහිප වතාවක් නැරඹීමට ද සිදුවේ.

Dark ,Science Fiction category එකට අයත් වන නමුත් කිසිම කෙනෙකුට බාධාවකින් තොරව නැරඹිය හැක. මන්දයත් විද්‍යාත්මක පැතිකඩ ට අමතරව මෙහි මිනිසුන්ගේ මානසික හැඟීම් , මිනිසුන්ගේ මනසෙහි සිදුවන පරිණාමය කෙබඳුද යන්නත් , මිනිසුන් අවස්ථාව අනුව වෙනස් වන්නේ කෙසේද යන්නත් පිළිබඳ කතා කිරීමයි.

මෙහි ආරම්භය පිළිබඳ කතා කරන විට ජර්මනියේ winden යන නගරය පාදක කොට ගෙන නිර්මාණය වන අතර මෙම නගරයෙහි jonas යන තරුණයෙකු ජීවත් වේ. ඔහුගේ පියා හදිසියේ ම කිසිම හේතුවක් නොමැතිව ගෙළ වැළලාගෙන සියදිවි නසා ගන්නා අතර එතැනින් කතාව ආරම්භ වී ඉදිරියට ගලාගෙන යයි.  ඇතැම් චිත්‍රපට හෝ කතාමාලාවන් අග සිට මුලට පිළිවෙලින් ක්‍රමානුකූලව ගලාගෙන යයි. උදාහරණයක් ලෙස ” Memento “ පෙන්වා දිය හැක. තවත් කතාවන්  “The Lord of the Rings” මෙන් මුල සිට අගට ගලාගෙන යයි. “Shutter Island” මැද සිට මුලට සහ අගට විහිදී යන කථාවන් ද තිබේ. නමුත් මේ අතරින් Dark යනු කොතැනින් පටන්ගෙන කොතැනින් ඉවර වී ඇද්දැයි සොයා ගැනීමට නොහැකි කතා මාලාවකි.

ඒ වාගේම මෙහි තවත් විශේෂ කාරණයක් ඇත. මෙම කතා මාලාවට භාවිතා කර ඇති intro එක, බැක්ග්‍රවුන්ඩ් එක Theme song  එක මෙය ජනප්‍රිය වීමට විශාල දායකත්වයක් ලබා දීමයි. අද වන විට බොහෝ දෙනකුගෙන් රූපවාහිනී කතා මාලාවන් වලින් කැමතිම theme song එක කුමක්ද යන්න විමසුවහොත් එයට වැඩිවශයෙන් ලැබෙන පිළිතුර නම් Dark theme song යන්නයි. එයින්ම මෙම කතා මාලාවට මිනිසුන් කොතරම් ආකර්ෂණය වී ඇද්ද යන්න දැනගත හැකිය.

තවද Dark නරඹන්නේ නම් ඒ තුළ සිටින චරිත හා මේ කතා මාලාවේ සිදුවන සියලුම සිදුවීම් එකිනෙක සම්බන්ධ වී ඇති බව මතක තබා ගත යුතු කරුණකි. මෙම කතා මාලාවට එකතු කර තිබෙන family tree එක නැතිනම් චරිත අතර සම්බන්ධය අවධානයෙන් නැරඹිය යුතුයි. එවිට කතාව යම්තාක් දුරකට හොඳින් අවබෝධ කර ගැනීමට ඔබට හැකියාව පවතී. winden නගරය තුළ යම් ස්ථානයක ගුහාවක් පවතින අතර එය අප හොඳින් අසා ඇති time travelling හා සම්බන්ධ කලුකුහරයක් නැතිනම් black hole එකක් තිබේ . ඒ ඔස්සේ කතාව ඉදිරියට ගලා ගලාගෙන යන අතර කාල රාමු තුනක් අපට බලා ගැනීමට හැකියාව පවතී. 1953 , 1986 , 2019 කාලයන් හරහා කතා මාලාව ගොඩනැගී ඇති අතර මෙහි එක තත්පරයත් ඉතාම වැදගත් වේ . එක් කුඩා සිදුවීමත් අපට කතාව තේරුම් ගැනීමට බෙහෙවින් වැදගත් වන නිසා බිඳක්වත් මගනොහැර නැරඹිය යුතු කොටස්වලින් dark සමන්විත වන බව මතක තබා ගන්න .



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.