යක්ෂයාගෙන් ගැලවීමක් නොමැති ලුසියානා හි පිහිටි ‘The Devil’s Toy Box’ – Amazing News | SLMobi.com

යක්ෂයාගෙන් ගැලවීමක් නොමැති ලුසියානා හි පිහිටි ‘The Devil’s Toy Box’

“The Devil’s Toy Box” යනු Clive Barker ගේ seminal Hellraiser කතා මාලාවට ද අනුප්‍රාණයක් සැපයූ ත්‍රාසය සපිරුණු නාගරික පුරාවෘත්තයකි. ඇත්ත වශයෙන්ම  “Toy box” යනුවෙන් හැදින්වුවද එය සෙල්ලම් බඩුවක් නොව බිම, සිවිලිම සහ බිත්ති එක් එක් යෝධ කැඩපතකින් සමන්විත කුඩා කාමරයකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු ලුසියානා හි පැරණි ගොවිපලක මෙම “යක්ෂයාගේ සෙල්ලම් පෙට්ටිය” ලෙස හඳුන්වන එක් කාමරයක් සහිත කුටිය ඇතැයි වාර්තා වේ . කාමරය සම්පූර්ණයෙන් ම ඇතුළතට මුහුණලා ඇති දර්පණ වලින් සාදා ඇත. බිත්ති, බිම සහ සිවිලිම ආදී සියලුම අංග සමන්විත වන්නේ දර්පණ වලිනි.. මේ පැල්පත වටා ගෙතුන මේ ප්‍රවාදයට අනුව පැවසෙන්නේ කෙනෙක් මේ පැල්පත තුල වැඩි වේලාවක් තනිවම සිටියේ නම්, ක්ෂණිකව යක්ෂයා පැල්පත තුල පෙනී සිට ඒ කෙනාගෙ ආත්මය හොරකම් කරන බව. එම යක්ෂයා පැමිණ එම මිනිසාව පණපිටින් කෑලි වලට වෙන්කර බව පැවසේ.

හරියටම උතුරු ලුසියානා හි “යක්ෂයාගේ සෙල්ලම් පෙට්ටිය” පිහිටා ඇත්තේ කොතැනද යන්න සොයා ගැනීමට අපහසුය. මම කියවූ එක් ලිපියක පවසන්නේ එය “නව ඔර්ලියන්ස් සිට පැය තුනක්” පමණ ගිය තැන හමුවන බවයි. එය ඇලෙක්සැන්ඩ්‍රියාව අවට කොතැනක හෝ ස්ථානගත වී ඇතිබව සිතිය හැක . පුරාවෘත්තයට අනුව, මෙම කුටිය “Farmer Grave’s Haunted Orchard” හි පිහිටා ඇතිබව කියැවේ. ඉක්මන් ගූගල් සෙවුමකින් එම පළතුරු වත්ත ලීස්විල් හි ඇති බව පෙන්වයි. මා සොයාගත් තොරතුරු අනුව, “The Devil’s Toy Box” 2014 දී මෙම පළතුරු වත්තේ හැලොවීන් සඳහා ආකර්ෂණීය කොටසක් ලෙස ඉදිකරන ලද්දකි. නමුත් පැල්පතට තුළට ගිය මිනිසුන් යම් යම් උපද්‍රව නිසා රෝහල් ගත කිරීමට පටන් ගත් බැවින්, මුළු හැලොවීන් ආකර්ෂණය ම වසා දමා ඇත.

thoughtcatalogue.com ට අනුව, කිසිවෙකුට මෙම පැල්පත තුළ මිනිත්තු 5 කට වඩා වැඩි කාලයක් රැඳිය නොහැක. ඔවුන් පවසන්නේ “යක්ෂයාගේ සෙල්ලම් පෙට්ටිය” තුළ කිසිවකුට රැඳී සිටීමට හැකි වූ දීර්ඝතම කාලය එහි ඇතුළත පිහිටුවා ඇති ටයිමරයට අනුව මිනිත්තු හතරයි තත්පර තිස් හතක් බවයි.thoughtcatalogue.com අනුව “The Devil’s Toy Box” තුළ එම වාර්තාව පිහිටුවූ පුද්ගලයා වූයේ “Roger Heltz නම් වයස අවුරුදු 52 ක තිදරු පියෙකි”. නමුත් එහි අවාසනාවන්තම සිදුවීම නම් ඔහු ඔහුගේ “යක්ෂයාගේ සෙල්ලම් පෙට්ටිය” අත්දැකීමෙන් පසුව කිසිදා කතා කර නොමැති වීමයි.

වෙනත් වාර්තා පවසන්නේ මිනිසුන් මේ අද්දැකිම විඳිමට ගිය පසු හෘදයාබාධ හා උමතුවෙන් පෙළුණු බවයි. බොහෝ පුද්ගලයින් පයින් ගසමින් හා කෑගසමින් සිටියදී කාමරයෙන් ඉවතට ගැනීමට සිදු වූ බව ද සඳහන් වේ.

 

 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.