මිහිපිට අපායක් කරවන ලොව තිබෙන භයානකම මත්ද්‍රව්‍යය කිහිපයක් – Amazing News | SLMobi.com

මිහිපිට අපායක් කරවන ලොව තිබෙන භයානකම මත්ද්‍රව්‍යය කිහිපයක්

 

 

01. ක්‍රොකඩිල් (krokodil)


ලෝකයේ තිබෙන භයානකම මත්ද්‍රව්‍ය වලින් එකක් ලෙස හඳුන්වන krocadil හඳුන්වන තවත් නමක් ලෙස සොම්බි මත්ද්‍රව්‍ය ( Zombie drug ) යන නාමය පෙන්වා දීමට හැක. එසේ හැඳින්වීමට හේතුව නම් මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ටික කලකින් ශරීරයේ මස් දිය වී යෑමට පටන් ගන්නා බැවිනි. රුසියාවේ වැඩි වශයෙන් පැතිර ගොස් තිබෙන මෙම මත්ද්‍රව්‍ය හඳුන්වන විද්‍යාත්මක නාමය Desomorphine යන්නයි.

මෙම විනාශකාරී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා හිසේ කැක්කුම් සඳහා වන කෝඩින් යන ඖෂධය , හයිඩ්‍රොක්ලෝරික් අම්ලය , තිනර් , පෙට්‍රොල් , ගිනි පෙට්ටි වල තිබෙන පොස්පරස් ආදි සංයෝගයන් යොදාගෙන තිබේ. ඒ වගේම අනෙක් මත්ද්‍රව්‍ය වලට වඩා krocadil මිනිසාගේ බාහිර ශරීරයට කරන බලපෑම නම් ඉතාම විනාශකාරී ය. දරුණුය. එනම් මෙම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවෙකු ගේ ශරීරයේ මස් දියවී අස්ථි පෑදීමට තරම් විෂක් එහි අඩංගු වේ.

Krocadil කියන නම පටබැඳීමට හේතු වන්නේ මෙය භාවිතා භාවිතාකරන්නන්ගේ හම කොළපාට හැරී ගැටිති මතුවීම හේතුවෙනි. තවද ක්‍රොකඩිල් යනු ලෝකයේ මත්ද්‍රව්‍ය අතරින් ඇබ්බැහියෙන් මිදීමට අමාරුම මත්ද්‍රව්‍ය හැටියට සැලකේ . ඒ වාගේම හෙරොයින් වලට වඩා මිලෙන් ඉතාම අඩු බැවින් මත් ලෝලීන් අතර මෙම මත්ද්‍රව්‍ය ඉක්මනින් ජනප්‍රිය වීමට හේතුව වී ඇත.

කෙසේ වෙතත් මෙයින් ඉවත් වූ පසු මාස ගණනක් ම දැඩි ශාරීරික හා මානසික පීඩාවන්ට ලක්වීමට සිදුවෙන අතර ඇබ්බැහියෙන් මිදුනත් ජීවිතාන්තය දක්වා විඳවීමට වන විවිධ රෝගාබාධයන්ට ලක්වීමට සිදුවන බව නම් නියතය.

 

 

 

02. ක්‍රිස්ටල් මෙත් (Crystal meth)

ඉතා බලවත් මත්ද්‍රව්‍යයක් වන මෙය වහා ඇබ්බැහි කරවනසුළු වන අතර එම කාරණාව නිසාම, ඉතා බරපතල අතුරු ආබාධ ඇති කිරීමට සමත් වෙන බව කියැවේ. මෙතැම්ෆිටමීන් හෙවත් ‘අයිස්’ උත්තේජක මත්ද්‍රව්‍යයක් ලෙස හඳුන්වනු ලැබේ. ‘ක්‍රිස්ටල් මෙත්’, සහ ‘ක්‍රිස්ටල්’ වැනි නාමයන්ගෙන් ද හැඳින්වෙන මෙහි ක්‍රියාකාරීත්වය වන්නේ මොළය සහ ශරීරය අතර පණිවුඩ හුවමාරුව වේගවත් කිරීම ය.

ලෝකයේ ජනප්‍රියම ටෙලි සීරිස් එකක් වන breaking bed කතාවක් walter white අංකල් වත් මතක නම් මේ කියන්නේ කුමක් ද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. නමුත් බහුතරයක් දෙනා ක්‍රිස්ටල් මෙත් ගැන දැනුවත් වන්නේ වෝල්ට වයිට්ගෙන් වූවාට මෙන් මත්ද්‍රව්‍ය ඉතිහාසය 1800 ගණන් දක්වා විහිදේ. 1893 දී සොයාගනු ලැබූ මේ මෙතැම්ෆිටමීන් දෙවැනි ලෝක යුද්ධ කාලවලදී සොල්දාදුවන්ගේ ක්‍රියාශීලීත්වය වැඩිකරන උත්තේජකයක් හැටියට භාවිතා කර ඇත .

එන්නත් කටු භාවිතයෙන් මෙන්ම මුඛය හරහා මෙම මත්ද්‍රව්‍ය ගැනීමෙන් ශරීරයට සංවේදනය ඇති කිරීමට විනාඩි 15 -30 අතර කාලයක් ගත වේ. මෙම ක්‍රමයන්ට අමතරව නාසයෙන් කුඩක් සේ ඉහළට ඇදීමෙන් ද විනාඩි 3 – 5 අතර කාලයක දී සංවේදනය වීම ආරම්භ වේ.නමුත් අයිස් භාවිතයට ගැනීමේ දී බහුල වශයෙන් දුමක් වශයෙන් භාවිතය ගනු ලබන්නේ ඉන් ඇතිවන බලපෑම ශරීරයට ඉතා ඉක්මනින් දැනෙන බැවිනි.

ක්‍රිස්ටල් මෙත් ශරීරගත කර ගැනීමෙන් පසු තාවකාලික සතුටක් , ආත්ම විශ්වාසයක් , ශක්තිමත් හා ප්‍රබෝධමත් හැඟීමක් ඇතිවන බවට දැන ගැනීමට ලැබේ. නමුත් මෙම මත්ද්‍රව්‍යයට තාවකාලික මායාවට  ඇඳදමා  මිනිස් ශරීරයට විශාල හානියක් කිරීමට හැකිය. නින්ද අහිමි වීම, ඔක්කාරය, ආහාර අරුචිය වැනි දෙයින් පටන් ගෙන දත් හැලීම,  පටක විනාශ වීම, මානසික විකෘතිතා, හෘදයාබාධ මෙන්ම මොළයට හානි කිරීම මගින් මරණය ළඟා කරවන මාරක මත්ද්‍රව්‍යක් ලෙස අයිස් මත්ද්‍රව්‍ය හඳුන්වා දිය හැක .

එසේම අයිස් එන්නත් කටු භාවිතයෙන් ලබාගැනීම මඟින් පිටගැස්ම, වෙනත් ආසාදන බෝවීම හෝ රුධිර ශිරාවන්ට හානිවීම් වැනි ආබාධයන් ද ඇතිවිය හැක. එන්නත් කටු හවුලේ භාවිතය මඟින් හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී, HIV වැනි රෝග ආසාදනය විය හැකි සම්භාවිතාවයක් පවතී. නාසය හරහා භාවිතා කිරීමේ දී නාස් කුහරය තුවාල වීම හරහා නාසයෙන් රුධිරය වහනය වීමේ අවදානමක් පවතින අතර එයින් සහ ආඝ්‍රානයෙන්, ශ්වසන පද්ධතියට හානි වීමත් සිදුවේ.

 

 

03. හෙරොයින්

හෙරොයින්හි විද්‍යාත්මක නාමය ඩයිඇසිටයිල් මෝෆීන්ය. මෝෆීන් නිපදවන්නේ පොපි ශාකයෙන් ගන්නා අබිංවලිනි.1898 දී මුල්වරට ජර්මනියේ බේයර් ඖෂධ ආයතනය විසින් මෝෆීන් නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ කාසය සඳහා ප‍්‍රතිකාරකයක් ලෙසය. එම වකවානුවේ අබිං සඳහා ඇතැම් රටවල විශාල පිරිසක් ඇබ්බැහිවී තිබුණු අතර වැඩි කළක් යන්නට පෙර අබිංවලට වඩා වැඩි ඇබ්බැහිවීමක් මෝෆීන් සඳහා ඇති විය.

1950 පමණ වන විට මෙම මෝෆීන් ශල්‍යකර්මවලදී වේදනා නාශකයක් ලෙස ද භාවිතයට ගැණුනි. 1937 දී පමණ ශල්‍යකර්ම සඳහා මෙය මුලින්ම භාවිතයට ගත්තේ ජර්මන් විද්‍යාඥයෙකි. ඉන් පසු එය Dolophine නමින් ඇමෙරිකාවට යවන ලදී.

‘‘යුද්ධයේදී තුවාල ලබන සොල්දාදුවන්ට ඒ කාලේ ශල්‍යකර්ම කරන්න වේදනා නාෂකයක් ලෙස මෙය ලබාදීලා තියෙනවා. එය බහුලව සිදුවූ නිසා ‘හීරෝ ඉන්’ කියන නමින් මෙය හඳුන්වන්න ගත්තා. ‘හීරෝ ඉන්’  පසු හෙරොයින් බවට පත් වුණා.’’ යැයි මත්ද්‍රව්‍ය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහනක දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පුහුණුකාරියක වන රසාංගිකා චන්ද්‍රසිරි මහත්මිය පැවැසුවාය.

වන විට ලෝකයේ තිබෙන භයානකම මත්ද්‍රව්‍යයක් හැටියට හෙරොයින් පත්වී ඇත. මිලියන ගණනක් ජනගහනය ඇබ්බැහිවනසුලු වූවන් බවට පත්කර ගැනීමටත් සමත් වී ඇත. ඒ වාගේම ඉතාම ඇබ්බැහි කාරක මෙම මත්ද්‍රව්‍ය එක්වරක් ගැනීමෙන් දැඩි ලෙස ඇබ්බැහි වීමට හැකි අතර මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ලැබෙන උත්තේජනය අඩු වූ වහාම නැවත නැවත ශරීරගත කර ගැනීමේ දැඩි ආශාවක් ඇති වීමටත් හැකිය. තවද නැවත ලබා ගැනීම ප්‍රමාද වුවහොත් අස්ථි වේදනා , පාචනය , වමනය ආදී අපහසුතා ඇති වීමටත් පටන් ගනී. කාලයක් භාවිතා කිරීමේ දී ආහාර අරුචිය, මල බද්ධය,  විශාදය, ප්‍රතිශක්තිකරණය හීන වීම ආදි රෝගී තත්ත්වයන්ට පත් කිරීමට හෙරොයින් මත්ද්‍රව්‍යට හැකිය.

හෙරොයින් තවදුරටත් ඖශධයක් ලෙස සලකන්නේ නෑ එය ඉතා ඇබ්බැහිවන සුලු සහ ශරීරයට විශකර නිසා. ඒ වෙනුවට වෛද්‍ය විද්‍යාවේ දැනට පාවිච්චි කරන්නේ මෝෆීන්. නමුත් කැස්ස වගේ පොඩි ලෙඩ වලට දෙන්නෙත් නෑ, අධික වේදනාවෙන් හෝ දත් කැක්කුම්, අස්ථි බිඳීම්, පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නා අයට තමයි මෝෆීන් දෙන්නෙ.

දැන් මෝෆීන් බොහෝ දුරට කෘතීමව නිශ්පාදනය කරනවා මේ පෙති වල තියෙන්නේ කෘතීමව නිපදවූ මෙතිල් මෝෆීල් අයිසොමර් එකක්, එය ලිවර් එකට (අක්මාවට) අහිතකරයි.

 

 

 

04.Bath salt

bath salt යනු නෑමේදී ජලය සමග මුසු කර අපගේ සමේ පිරිසුදුකම වැඩි කර ගැනීමට භාවිතා කරන නිෂ්පාදනයකි. එසේ නම් ලොව තිබෙන භයානකම මත්ද්‍රව්‍යයක් මෙ නමින් හඳුන්වන්නේ කෙසේද යන්න ඔබට සිතෙන්නට පුළුවන. එයට හේතුව නෑමේදී භාවිතා කරන බාත් සෝල්ට් වලට පෙනුමෙන් සමාන ආකාරයටම මෙම මත් ද්‍රව්‍ය නිපදවා තිබීමය.

කැතිනෝන් යනු නැගෙනහිර අප්‍රිකාවේ දක්නට ලැබෙන ඛාට් (Khat) යන ශාකයේ පවතින උත්තේජනයකි . මේ සඳහන් කරන උත්තේජකය කෘතිමව නිපදවීමෙන් මේ බාත් සෝල්ට් යන මත්ද්‍රව්‍ය නිපදවයි. නමුත් ස්වභාවික කැතිනෝන් වලට වඩා මෙම කෘතිමව නිපදවන මත්ද්‍රව්‍ය ඉතා බලවත් වේ . මෙත් හා කොකේන් සමග තරග කිරීමට මත්ද්‍රව්‍ය වෙළඳපොලට හඳුන්වා දී තිබෙන මෙම bath salt මිලෙන් අඩු වීම නිසා ඇමරිකාව හා බ්‍රිතාන්‍ය වැනි රටවල මත් ලෝලීන් අතර සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත.

ගිලීමෙන් , ආඝ්‍රාහණය කිරීමෙන් මෙන්ම එන්නත් කර ගැනීම මගිනුත් ශරීරගත කර ගැනීමට හැකි මෙම මත්ද්‍රව්‍ය භයානක ප්‍රතිඵල අත් කර දෙන්නකි. මානසික විකෘතිතා , ආතතිය හා හෘදයාබාධ වලට ලක් කරන්නටත් අස්ථි වල මාංශපේෂී දියකර හැරීමටත් මෙම භයානක මත්ද්‍රව්‍ය ට හැකිය .

 

 

 

05. කෝකෙන් (Cocaine)


ලංකාව තුළ දී හෙරොයින් තරම්ම භාවිතා නොවුනත් කොකේන් යන නම අපට ආගන්තුක නමක් නොවේ . දකුණු ඇමරිකාවට ආවේනික ශාකයක් වන කොකා ශාකයෙන් නිෂ්පාදනය කරන මෙම මත්ද්‍රව්‍ය ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් වන්නට බලපාන හේතූන් බොහෝමයක් ඇත. කොකේන් යනු ඉතාම පහසුවෙන් ඇබ්බැහි වීමට හැකි මත්ද්‍රව්‍යකි. ඒ වාගේම වගේම කාලයක් ලෝකයෙන් භාවිතා කරන විට එයින් ලැබෙන උත්තේජනය අඩුවීම නිසා මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකුට තමන් ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කිරීම ද සිදුවේ.

ඒ සමඟම නින්ද අහිමිවීම, ආහාර රුචිය සම්පූර්ණයෙන්ම නැතිවීම මෙන් ම පුද්ගලයා ශාරීරිකව ඉතා ඉක්මනින් දුර්වල වීම සිදු වේ. ශාරීරිකව පමණක් නොව මානසිකවත් විශාල පරිහානියකට මෙම පුද්ගලයින් ලක්වේ . ආතතිය ප්‍රචණ්ඩකාරී හැසිරීම් මෙන්ම මානසික විකෘති ස්වභාවයට පත් වීමටත් මේ කොකේන් බලපායි.

කොකේන් වලට ඇබ්බැහි වූවෙකු සියදිවි නසා ගැනීමට නැඹුරු වීමේ ඉඩකඩ ඉතාම වැඩි බව සඳහන් වේ .
කෙසේවෙතත් ඇබ්බැහියෙන් වැළකීමට ඉක්මනින් පියවර නොගතහොත් සියදිවි නසාගැනීම නොවුනත් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව නම් කිව යුතුය.

 

 

 

06. වූන්ගා ( Whoonga )


2010 පමණ වන විට දකුණු අප්‍රිකාව තුළින් අමුතුම මත්ද්‍රව්‍යක් පිළිබඳ වාර්තා වීම ද පටන් ගත්හ.ඒක හඳුන්වන්නෙ වුන්ගා, එහෙමත් නැත්නම් වූන්ගා නමින්. කතාවෙ හැටියට මේ මත්ද්‍රව්‍යය හදන්න මූලිකවම යොදාගනු ලබන්නේ ඒඩ්ස් රෝගීන්ට ලබාදෙන Efavirenz නම් ඖෂධයක්. ඒක විතරක් නොවේ, මර්ජුවානා, මීයන්ට යොදන විෂ සහ පිරිසිදුකාරක රසායනිකත් මෙය සෑදීමට යොදාගන්න බවට තොරතුරු ලැබේ. ඒඩ්ස් රෝගීන් බහුල දකුණු අප්‍රිකාවේ එච්.අයි.වී සඳහා ලබාදෙන මේ බෙහෙත් බහුල වීම නිසා මේ මත්ද්‍රව්‍යය ව්‍යාප්ත උන බවටයි බොහෝ අය සැක පහකෙළේ. ඒත් සමඟම ඇතැමෙක්  මෙය එච්.අයි.වී බෙහෙත් යොදාගෙන නොව හෙරොයින් වලට තවත් විෂ රසායන එකතු කරල හදන මත්ද්‍රව්‍යයක්ය යනුවෙන් මත පළකළහ.

ලංකාවෙ මුදලින් ගත්තොත් රුපියල් තුන් හාරසීයක් වැනි සුලු මුදලක වටිනාකමකින් යුක්ත වූ නිසා ඒ රටවල මේ මත්ද්‍රව්‍ය සීග්‍රයෙන් පැතිර යාමට පටන් අරගෙන තිබිණි. එක වරක් භාවිතා කිරීමෙන් වුවත් මිදෙන්නට බැරි ඇබ්බැහියක් බවට පත්වීමට මේ මත්ද්‍රව්‍යයට හැකියාව පවති. නින්ද අහිමිවීම, වමනය, උදරාබාධ වැළඳීමටත්, ප්‍රතිශක්තිය හීනවීම නිසා ලෙඩරෝග වලට පහසුවෙන් ගොදුරුවී මරණයට පත්වීමද නොවැළැක්විය හැකි තත්වයන් මෙම  මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් උදාවේ.

 

 

 

7. ස්කොපොලමීන් (Scopolamine)

ස්කොපොලමීන් මත්ද්‍රව්‍යය එහි තිබෙන භයානකත්වය නිසාම යකාගේ හුස්ම (Devil’s breath) නමින් ද හඳුන්වයි. ලෝකය පුරාම දකින්නට ලැබෙන, දකුණු අමෙරිකාවේ බහුල වශයෙන් හමුවෙන නයිට්ශේඩ් වර්ගයේ ගසකින්  මේ ස්කොපොලමීන් නිපදවනු ලබයි. අතීතයේදි මුහුදු ගමන් වලදි හැදෙන වමනය වැනි ලෙඩ වලක්වන ඖෂධයක් ලෙස භාවිතා කළ මේ ඖෂධය ඉන් පසු කාලෙකදි නාසීන් සහ සෝවියට්වරු විසින් තමන්ගෙ සැකකාරයන්ගෙන් ප්‍රශ්න කිරීම් වලදිත් යොදාගෙන තිබේ. මේ රසායනය ශරීරගත කිරීමෙන් පසු සැකකරුවන්ගෙන් ඇත්ත දැනගැනීම පහසු බැවින් එසේ කළබව සඳහන් වේ.

ස්කොපොලමීන් සම්බන්ධ අතීත කතා පුවත එසේවූවත් මෑත භාගය වෙද්දි නම් මෙය හංවඩු ගැසී ඇත්තේ ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් හැටියටය. භාවිතාකර කර වින්දනයක් ලබන මත්ද්‍රව්‍යයකට වඩා වෙනත් කෙනෙක්ට රහසින් ශරීරගත කර ඒ අයගෙන් විවිධ ප්‍රයෝජන ගැනීමට මේ මත්ද්‍රව්‍ය වැඩිපුර යොදාගන්න බව පැවසේ. කෙනෙක්ගේ මුහුණට මේ මත්කුඩ පිඹීමෙන් හෝ වෙනත් ආකාරයට ශරීරගත කිරීමෙන් ඒ පුද්ගලයාගේ කල්පනාව සහ මතකය සහමුලින්ම නැති කරන්නටත්, හොරකම්, මිනීමැරුම්, ලිංගික අපරාධ වලට ඒ පුද්ගලයාව යොදාගන්නටත් හැකි වන බවට මේ මත්ද්‍රව්‍ය  ගැන සෙවීමේදී වාර්තා වෙන්නෙ. ශරීරගත වූවිට පැය විසිහතරකටත් වඩා කාලයක් සිහි විසඥ වියහැකි බැවින් මේ මත්ද්‍රව්‍යය ශරීරගත වීමෙන් ශ්වසනය ඇනහිට මරණය වුවත් ළගා වීමට හැකියාව පවතින බවද පැවසේ.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.