තවමත් නොවිසුදුණු අභිරහසක උරුමක්කරුවෙකු වූ මරියානා ( i )

 1,060 Total views,  3 Views today

මේ ලෝකය තුළ සැඟ වී තිබෙන්නා වූ රහස් කෙතරම් ද යන්න අපට සිතා ගැනීමටවත් කොහැක. එයින් අපට අධ්‍යනය කර ගැනීමට හැකිවී තිබෙන්නේ කොතරම් සුළු ප්‍රමාණයක් දැයි ඔබ දන්නවාද? එවන් අභිරහස් ගොන්නකින් වැසී තිබෙන්නා වූ විචිත්‍රවත් හා යම් ගුප්ත ස්වභාවය ගන්නා වූ ස්ථානයක් පිළිබඳ ඔබ දැනුවත් කිරීමට යන ලිපියෙහි පළමු වැන්න මෙයයි.

පෘථිවිය තුළ අපට විවිධාකාර වූ ආගාධයන් අධ්‍යනය ගැනීමට හැකිවුව ද මරියානා ආගාධය තරම් ඒ කිසිවක් බිහිසුණු , විචිත්‍ර හා තවමත් සොයාගැනීමට අපොහොසත් වූ අභිරහස්වලින් පරිපූර්ණ වූ ස්ථානයක් නම් නොමැති බව නොඅනුමානය. එනම් එහි තවමත් අධ්‍යනය කොට තිබෙන්නේ 5%ක් පමණ සුළු ප්‍රමාණයක් බැවිනි.

මරියානා ආගාධය මුල්ම සොයා ගැනීම කරනු ලබන්නේ 1840 දී පමණය. ඒ කාලයේ දී භාණ්ඩ ප්‍රවාහනය කරන ලද්දේ මුහුදු මාර්ග ඔස්සේය. මේ නිසා මුහුදු මාර්ග සිතියමක අවශ්‍යතාව තිබූ ගවේශකයින් මුහුදේ ගැඹුර අධ්‍යනය කිරීමට පෙළඹුනහ. තාක්ෂණික දියුණුවක් එතරම් ම නොමැති මේ අවධියේදී මුහුදේ ගැඹුර පරීක්ෂා කරේ නැවක හෝ බෝට්ටුවක ගොස් නැංඟුරම මුහුදු පතුල ට වදින තෙක් කිඳාබස්වා එය නැවත ගොඩට ගෙන ලණුවෙ තෙත ප්‍රදේශය ගණනය කිරීමෙන් ය.


මෙසේ එක දිනක් පිලිපීනයේ සිට ඇමරිකාව දක්වා යන අවස්ථාවකදී එක එක් ස්ථානවල ගැඹුර පරීක්ෂා කිරීමේ දී පිලිපීනය දිශාවට බරව නැංඟුරම ඇඳී ගොස් ඇති අතර කඹය විශාල ප්‍රමාණයක් ගැඹුරට ගොස් ගලක් වැනි දෙයක ගැටී නැවතී ඇත. එය කිලොමීටර 4ක් පමණ ගැඹුරක් දක්වා ඇත.කෙසේ වෙතත් මේ ස්ථානය මුහුදේ අනෙක් ස්ථානවලට වඩා ගැඹුරින් වැඩි බව ගවේෂකයින් හට අවබෝධ වී ය. මෙතැන් සිට මරියානාවේ අධ්‍යයන කටයුතු ආරම්භ වී ඇති බව තොරතුරු හමු වේ. මුල්ම අවධියේදී ශබ්ද තරංග උපයෝගී කොට ගෙන මුහුදේ ගැඹුර පිළිබඳ සොයා ගන්නා ලදී.
එතැන් සිට මරියානා ආගාධය සම්බන්ඳ විවිධ කුතුහලය දනවන තොරතුරු එකිනෙක අණාවරණය කර ගැනීමට හැකි වී ඇත.


මරියානාවේ පිහිටීම ගතහොත් එය බටහිර පැසිපික් සාගරයේ පිහිටා තිබෙන අතර පිලිපීනය හා දකුණු චීන මුහුදට මායිම්ව මරියානා දූපත් අසල පිහිටා තිබේ. දිග කිලෝමීටර් 2250කි. පළල කිලෝමීටර 69ක් පමණ වේ. මෙහි ගැඹුරුම ස්ථානය මීටර් 11034 ක් තරම් ගැඹුරු වේ. කිලෝමීටර් වලින් නම් 11කි. අඩි වලින් නම් අඩි 36000කට වැඩි වන අතර සැතපුම් වලින් මැනිය හොත් සැතපුම් 7ක් ලෙස සටහන් කල හැකිය.


මෙහි ගැඹුර කොතරම් ද යන්න උදාහරණයකින් පැහැදිලි කරන්න්නේ නම් ලෝකයෙහි උසම කන්ද ලෙස නම් කරන ලද උස කිලෝමීටර 8.840ක් උස වූ එවරස්ට් කන්ද මරියානාවේ ගිල්ලුවහොත් එවරස්ට් සම්පූර්ණයෙන්ම ආගාධය තුළ ගිලී යන අතරම එහි කදු මුඳුන මුහුදු මට්ටමෙන් මීටර 2103ක් පමණ පහළින් පිහිටන බව ගවේෂකයින් ගේ අණාවරණය වේ. මරියානාවේ ගැඹුර ඔබට සිතාගැනීමටවත් හැකිද? මෙසේ පැවසුවද නිමාකාර වූ ගැඹුර තවමත් අනාවරණය කරන ගෙන නොමැති බවද දක්වේ.

ආගාධයෙහි ගැඹුර ‘ S’ අකුරක හැඩයට පවතී. මෙම ගැඹුර නිර්මාණය වීමට නම් මෙහි යටින් පවතින ප්ලේට් දෙකක් දෙපැත්තට විහිදී යෑමට පටන් ගැනීමක් විය යුතු බව සාගර ගවේෂකයින්ගේ නිගමනය වේ. එය මීට අවුරුදු කෝටි ගානකට ඉහත සිදු වූ සිදු වීමක් වීමට හැකි බව අනාවරණය කරගෙන ඇත. මෙහි යටින් පිහිටා ඇත්තේ දකුණු පැසිපික් පෘෂ්ඨය හා පිලිපීන පෘෂ්ඨය යන තැටි දෙක වේ. එයින් පැසිපික් තැටිය වසර මිලියන 180ක් තරම් පැරණිවන අතර පිලිපීන තැටිය නම් එතරම් පැරණි නැත. මෙම පෘෂ්ඨ දෙක එකිනෙක ගැටීම නිසා මේ ආගාධය නිර්මාණය වී ඇත . ගැටීම නිසා එක් පෘෂ්ඨයක් අනෙක් පෘෂ්ඨයෙන් ඈතට තල්ලු වී පහළට කිඳා බැස අතර පහළට ගමන් ගත් පෘෂ්ඨය පෘථිවියේ බාහිර ස්ථරයෙන් යටට කිඳා බැසගිය බැවින් ඒ නිසා ආගාධය බිහිවී තිබේ.

මරියානා ආගාධයේ නීතිමය බලතල ගැන කතා කිරීමේදී එහි බලය හිමි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට වේ. සීමා කරන ලද ආර්ථික කලාපවලට අනුව මුහුදේ ඇති ජීවී සහ අජීවී සම්පත් පිළිබඳ රටකට අයිතිය ඇත්තේ එහි වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් යන තුරු පමණි. මේ අනුව මරියානා ආගාධය පිහිටා තිබෙන්නේ ඇමරිකාවට ආසන්නවය. මේ නිසා මරියානාව සම්බන්ඳ නීතිමය හා අධිකරණ බලතල හිමි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට වේ.

 

මේ අනුව අභිරහස් ගොන්නකින් පිරුණු මරියානා ආගාධය පිළිබඳ කරුණු දක්වන පළමු ලිපිය අවසන් වන අතර ඔබ කිසිදා නොඇසූ නවතම තොරතුරු හා තවත් කරුණු බොහෝමයක් පිළිබඳව ඉදිරි ලිපිවලදී කරුණු දක්වීමට බලාපොරොත්තු වෙමු.

දෙවැනි ලිපිය මෙතැනින් බලන්න.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply