‘නිරයේ දොරටුව’ ඩර්වාසා

 609 Total views,  24 Views today

විශ්මය ජනක ස්ථාන වලින් ඉතා පොහොසත් පෘථිවිය තුළ  මුළුමනින්ම ස්වාභාවික හෝ මිනිසා විසින් කරන ලද යම් කාර්‍යයන්හි අතුරු ප්‍රතිඵල  අපව විස්මයට පත් කරන අතර සෑම දෙයක්ම සොයා බැලීමට දැක ගැනීමට   ගැනීමට අපට නොතිත් කුතුහලයක් උපද්දවයි. අපේ ලෝකය පුදුමාකාරයි, ඒ සඳහා හේතු මිලියන ගණනක් වුවත් සොයා ගත හැකිය. එවන් තවත් ස්ථානයකි, ‘අපායේ දොරටුව’ නොහොත් ඩර්වාසා ගෑස් ආවාටය.

පුද්ගලයන් 350 දෙනෙකුගෙන් යුත් ඩර්වාසා ගම්මානය අසල පිහිටි ටර්ක්මෙනිස්ථානයේ පුළුල් කරකුම් කාන්තාරයේ අඩි 230 ක් පළල සිදුරක් වන අතර එය වසර 40 ක් තිස්සේ ගිනිගෙන ඇත. මෙය තාක්ෂණික වශයෙන් ඩර්වාසා ගෑස් ආවාටය ලෙස හඳුන්වන අතර අවට ගම්වාසීන් නිරයේ දොරටුව ලෙසද හඳුන්වයි.

1971 දී නිරයේ දොරටුව නැතහොත් ඩර්වාසා ආවාටය නිර්මාණය කරන ලද්දේ සෝවියට් විදුම් යන්තයක් අහම්බෙන් දැවැන්ත භූගත ස්වාභාවික වායු ගුහාවකට පහර දීමෙන් අනතුරුව ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස භූමිය කඩා වැටී මුළු විදුම් කම්බියම කඩා වැටෙනු ඇති බවත්  මීතේන් වායු මුදාහැරීම නිසා පරිසරයට සිදු විය හැකි බරපතල හානි පිළිබඳ ද සලකාබලා එයට ගිනි තබා වායුව මුදා හරිමින් මෙම කුහරය සාදන ලදී.

භූ විද්‍යාඥ්ඥයින්ගේ ගණනය කිරීම් වලට අනුව දින කිහිපයකින් ගෑස් සම්පූර්ණයෙන්ම ගිනිබත් කළ යුතුව තිබුණද ගින්න වසර 48 පමණ තිස්සේ දැවී ඇති අතර සංචාරකයින්, ඡායාරූප ශිල්පීන් සහ පර්යේෂකයින්ගේ ආකර්ෂණය කර නිතැතින්ම හිමිකරගෙන ඇත. මෙහි ගිනිගෙන දැවෙන විට විහිදුවන දීප්තිමත් ආලෝකය සැතපුම් ගනණක් දුරට වුව දැකබලා ගත හැකිය.මිනිසුන් තවමත් කාන්තාරයට පය තබන්නේ ඒ දීප්තිමත් තේජස සියසින් දැකබලා ගැනීමට ය.


සංචාරකයිනේ ගේ නොමද ආකර්ශණයට ලක්ව ඇති මේ ස්ථානයෙහි අසල කාන්තාරය දැනටමත් වල් කඳවුරු සඳහා සූදානම් වෙමින් පවතී.


කෙතරම් සිත්ගන්නාසුලු වුවත් ආවාටය අසල සිටීම නම්  අනාරක්ෂිත ය: දැවෙන වායුවේ දුම නිසා හුස්ම ගැනීමේ අපහසුතාව  හා උණ වැනි රෝග ද හට ගැනීමට ද ඉඩක් පවති.

ඩර්වාසා අසල එයට සමාන සම්භවයක් ඇති තවත් ආවාට දෙකක් ඇත, නමුත් ඒවායෙහි නම් තවදුරටත් ගින්නක් දක්නට නොමැත. ඒවායින් එකක පතුල මඩෙන් වැසී ඇති අතර, එයින් ගැලවී යන වායුවේ ක්‍රියාකාරිත්වය නිසා අසීමිත ලෙස බුබුලු ඇති අතර අනෙක් ආවාට පතුල ටර්කියුයිස් ද්‍රවයකින් ආවරණය වී ඇත.

 

 

Leave a Reply