ලෝකයේ ගමන් කිරීමට තබා පයවත් තැබීමට බිය උපදවන පාලම් කිහිපයක් – Amazing News | SLMobi.com

ලෝකයේ ගමන් කිරීමට තබා පයවත් තැබීමට බිය උපදවන පාලම් කිහිපයක්

උස ස්ථානවලට ඇතිවන බිය acrophobia ලෙස හඳුන්වයි. පාලම් සඳහා ඇති භීතිය Gephyrophobia නමින් හදුන්වයි. ඒ වාගේම තවත් විශේෂ භීතිකාවක් තිබේ. එය Agoraphobia ය. මෙම භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් විවෘත ස්ථානයන්ට විශාල වශයෙන් බියක් දක්වති. මන්ද ඔවුන්ට දැනෙන්නේ ඔවුන් එහි සිරවී සිටිනවා වැනි හැඟීමක් වීමයි. ඇත්තෙන්ම මෙම භීතිකාවන් පිළිබඳව ඔබව මුලින්ම දැනුවත් කලේ අප අද කතා කරන්න යන මාතෘකාවට එය බෙහෙවින් වැදගත් වන නිසාවෙනි. පාලම් යනු මානව ජයග්‍රහණවල විශිෂ්ට නිරූපණයක් විය හැකි අතර ඒවායින් සමහරක් බැලීමට සිත් ඇදගන්නා සුළු ය.නමුත් අප මෙහි සඳහන් කරන පාලම් මතින් නම් කවදාවත් ඔබට හදවතක් නැත්තේ නම් ගමන් කිරීමට නම් හැකි වන්නේ නැත. ලෝකයේ විවිධාකාර පාලම් කොතරම් තිබෙනවාද ? එයින් මෙහි සඳහන් කරන පාලම් කෙතරම් භයානකද යන්න සිතාගැනීමටවත් නොහැකි ය.

 

 

01. චීනයේ Zhangjijie වීදුරු පාලම


ලෝකයේ අන් සෑම රටකටම වඩා චීනයේ වීදුරු පාලම් වලට වැඩි තැනක් හිමි වෙයි. එයින් 2016 වර්ෂයේ දී මහජනයාට විවෘත කරන ලද  Zhangjijie  පාලම වඩාත්ම ජනප්‍රිය පාලමක් ලෙස හඳුන්වා දිය හැක. එය Hunan පළාතේ ඉතා උසකින් නිර්මාණය කරන ලද පාලමකි. එහි විශේෂත්වය වන්නේ විනිවිද පෙනෙන වීදුරුවලින් නිර්මාණය කරන ලද්දක් වීම නිසාය. අඩි 984 ක් උසකින් යුක්ත වන මෙය අඩි 1411 තරම් දිගකින් යුක්ත වේ. ඒ නිසාම එය ලොව උසම හා දිගම වීදුරු පාලම ලෙස ද හඳුන්වා දීමට හැකිය. දිනකට අසූ දාහක් පමණ සංචාරකයින් මෙහි අත්දැකීම ලබාගැනීමට පැමිණෙන නමුත් වැඩි ආරක්ෂාවට වරකට මෙහි ඇවිද යා හැක්කේ මිනිසුන් 800කට පමණ ය.

 

 

 

02. Taiheng Glasswalk


උතුරු චීනයේ හුබෙයි පළාතේ කඳුකර පිහිටි මේ කියන පාලම අඩි 3800 ක් තරම් උසකින් පිහිටා ඇත. ඒ තරම් උසකින් පිහිටි මෙහි ඔබ තව තවත් භීතියට පත්කරන දෙයක් ඇත. ඔබ මේ පාලමේ ඇවිද යන විට යන විට හදිසියේ වත් එහි විදු ඉරි තලා ගියහොත් එයට ඔබ ඇත්තෙන්ම බිය විය යුතු නැත. මන්දයත් ඒ සංචාරකයින් බිය ගැන්වීම සඳහා ම යොදනු ලැබූ දෘශ්‍ය ප්‍රයෝගයක් වීම නිසාය. එය තත්පර ගණනකින් ඇති ඇතිවී නැති වී යයි. නමුත් එය කලින් දැන සිටිය ද වීදුරු ඉරි තලා යන අවස්ථාවේ දී කිසිම කෙනෙකුට එයට බිය නොවී සිටීමට හැකියාවක් ලැබී නැත. ඔබත් එම අත්දැකීම විඳින්න ට කැමැත්තක් දක්වනවා ද?

 

 

 

 

03.Lake Pontchartrain Causeway

1940 දශකයේ දී  ලුසියානාවේ New Orleans විශාල පිබිදීමක් සිදුවිය. නමුත් ඔවුන් හමුවේ විශාල ගැටලූවක් මතුවිය. එනම් නගරයේ උතුරු අන්තයේ pontchartrain විල ගමනාගමනයට තිබූ දැඩි දුෂ්කරතාවයයි. ඊට විසඳුමක් ලෙස 1956 දී මෙම විල හරහා පාලම ඉදි කරනු ලැබූහ. පමණ කාලයක් ගතවිය. අදට ද ජලය මත නොනවත්වාම දිවෙන දිගම පාලම ලෙස හැඳින්වෙන මෙම පාලම කිලෝමීටර් 38.6 පමණ දිගකින් යුක්ත වේ. මෙම දිගු පාලමට සමාන්තරව මීටර් 25.6 පමණ දුරින් තවත් පාලමක් පිහිටා තිබේ. 1969 වර්ෂයේ එය සාදා නිම කර විවෘත කරන ලදී. මෙම පාලමේ ගමන් කිරීම ත්‍රාසජනක අත්දැකීමක් ද , නැතිනම් කම්මැලි සහගත දෙයක් ද යන්න යන කෙනා මත තීරණය වේ. මන්ද මෙම පාලම හරහා ගමන් කිරීමේ දී කිලෝමීටර් 12ක පමණ ජලය හැරෙන්නට වෙන කිසිවක් දැක ගැනීමට ඔබට හැකියාවක් නොමැතිවීමයි. එය කෙනෙකු ඉමක් කොනක් නොපෙනෙන සාගරයේ අතරමං වූ හැඟීමක් ජනිත කරයි. ඒ නිසාම ඇතැමුන් panic attack තත්ත්වයට පත්වූ පත් වූ අවස්ථා ද ඇත. panic attack තත්ත්වයකදී ක්ෂණික ව බියක් අපහසුතාවයක් දැනිමයි. තවද එහිදී හුස්ම ගැනීමට අපහසු තාවයකට ද පත්වේ. එවැනි අවස්ථාවක පොලිසිය පැමිණ එම පුද්ගලයා හා වාහනය එතනින්  රැගෙන යාමට කටයුතු කරයි.

 

 

 

 

 

04. චීනයේ Longjiang එල්ලෙන පාලම


එල්ලෙන පාලම් වලට ම ආවේණික වූ භයානකකමක් පවතී. ඒවා එල්ලී තිබෙන්නේ කඹ හෝ  කේබල් මගින් වීම එම භයානක තත්වයයි. ඇතැමෙක්ට එම හේතුවම ඉතා බිය වීමට කාරණයකි. චීනයේ හුනන් පළාතේ ගංඟාවක් හරහා වැටී ඇති මෙම එල්ලෙන පාලම ලොව දිගම එල්ලෙන පාලම් අතරින් එකක් ලෙස හඳුන්වා දීමට පුළුවන. එය අඩි 3924 ක් තරම් දුරකට විහිදේ. ඒ වාගේම මෙය ඉදිකර තිබෙන්නේ පොළොව මට්ටමෙන් ගලා යන ගංගාව ට වඩා අඩි 924ක් තරම් උසකින් ය . එම නිසාම එය ලොව උසම පාලම් අතරින් එකක් බවට ද පත්වෙයි . මෙම පාලම හැදීමට ප්‍රධාන අරමුණක් වූයේ  Baoshand සහ Tengchong නගර අතර ගමන පැය බාගෙකින් පමණ අඩු කර ගැනීමටය . ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක් පමණ වැය වී ඇත. කෙසේ වෙතත් ඔබ මේ පාලම මතින් මෝටර් රථයක් ධාවනය කරගෙන යන්නේ නම් ඔබ දිවි පරදුවට තබා චීන රජය විශ්වාස කරගෙන යන ගමනක් බව මතක තබා ගන්න.

 

 

 

 

 

05. Titlis Cliff Walk


අයිස් ග්ලැසියරයකට අඩි 1500 ක් පමණ උඩින් ඉදිකරන ලද මෙම මගී පාලම කඳුකර ප්‍රපාතයක ඉදිකර ඇත.එය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 9000ක් පමණ ඉහළනි. ඒවාගේම මෙම පාලම අඩි 330ක් තරම් දිග වුවත් පළල අඩි 3 කට පමණ සීමා වේ. තනිකරම ලෝහ ලෝහ වලින් ඉදි කරන ලද මෙය ඇවිද යාමේදී ඇල්ලීමට නොහැකි තරම් තද සීතලකින් ද යුක්තය. ඊට අමතරව පාලමට පහලින් පෙනෙන දසුන ද කෙනකු තුළ දැඩි භීතියක් ඇති කරන බව නම් සහතිකය. ඇතැම් අවස්ථාවල මේ හරහා හිම කුණාටු හමායයි. එවැනි අවස්ථාවක ඔබ මේ පාලම මතින් ගමන් කරන්නේ නම්  ඔබ වළාකුළු මතින් ඇවිද යන බවක් දැනෙවි.මන්දයත් හිමකුණාටු අවස්ථාවේදී අවට කිසිවකු ඔබට නොපෙනී යන නිසාවෙනි. එය මෙසේ වචනයෙන් කියනවාට වඩා අතිශයින්ම ත්‍රාසජනක අවස්ථාවකි.පාලම තරණය කිරීමට, ඔබට එහි එල්ලෙන වානේ කේබල් තරම් ශක්තිමත් සිතක් නම් අවශ්‍ය ම වේ. ඒ වාගේම මෙය විශේෂයෙන්ම ඉදිකර තිබෙන්නේ ද සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට ය.

 

 

 

 

 

06. Ai – Petri පාලම

FILE PHOTO: Tourists make their way across a rope bridge on the Ai-Petri peak in the Crimean mountains outside the Black Sea resort of Yalta, Crimea, July 20, 2016. REUTERS/Maxim Zmeyev

Crimea අර්ධද්වීපය යනු දේශපාලනික වශයෙන් දැඩි අස්ථාවර බවක් ඇති කලාපයකි. යුක්රේනය හා රුසියාව අතර පවතින යුධමය වතාවරණය උදාහරණය වේ. එහි අස්ථාවර දේශපාලනික වටපිටාවක් තිබුනද සුන්දරත්වය අතින්  වැදගත් ස්ථානයක් ගනී. Crimea හි කඳුශිකරයන් යා කරමින් ඉදිකර තිබෙන මෙම පාලම් ඉතා භයානක වේ . මන්ද යත් ඒවා නිර්මාණය කර තිබෙන්නේ අඩියක පමණ පරතරයකින් යුක්තවන සේ ලෑලි යොදා ගෙන නිසාවෙනි. ඔබට මෙම පාලම පිහිටි ස්ථානය දුටුවොත් පාලමට යටින් අඩි 4200ක් ගැඹුරු කැණියන් එකක් තිබෙන බව පෙනී යයි. මේ ස්ථානයේ මීඳුම පවතින අතර පැයට සැතපුම් සියයක් පමණ වේගයෙන් සුළං හමා යයි. මෙම පටු පාලම මතින් ඇවිද යන විට එය උඩට සහ පහලට පැද්දෙන ආකාරය ඔබගේ ත්‍රාසජනක අත්දැකීම තවත් තීව්‍ර කරයි. ඔබට ඇත්තේ දුර්වල හදවතක් නම් එය කිසිසේත්ම ඔබට කළ නොහැකි කර්තව්‍යයකි . මෙම පාලම වෙත පිවිසෙන්නේ කේබල් කාරයක් මගිනි. එයට මිනිත්තු පහළොවක් පමණ ගතවේ. මෙහි දී  ඔබට කළු මුහුද සහ තවත් නගර ගණනාවක් දර්ශන පථයට හසු කර ගත හැක.

 

 

 

 

 

07. Vitim River Bridge


සයිබීරියාවේ පිහිටි මෙම පාලම Vitim ගංගාව හරහා වැටී ඇති කෝච්චි පාලමකි. ට්‍රාන්ස්-බයිකල් ප්‍රදේශයේ Kuandinsky Bridge – ක්වාන්ඩින්ස්කි පාලම ලෙසද එය හඳුන්වයි. එහි අළුතින් පාලමක් සාදා තිබුණද කෝච්චි පාලම සැකිල්ල තවමත් පැත්තකින් තිබේ. වික්‍රමාන්විත අත්දැකීමක් ලබා ලබා ගැනීමට කැමති සංචාරකයින් මෙම පාලමේ ගමන් කිරීමට විශාල කැමැත්තක් දක්වයි. අඩි එක්දහස් හයසීයක් පමණ දිග මෙම පාලමේ පළල අඩි හයකට සීමා වේ. එය දැන් දිරාපත්වෙමින් පවතින ලීවලින් හා යකඩ රාමුවකින් සමන්විත වේ . මෙහි ආරක්ෂක වැටක් ද නැත. මීට අමතරව, ගඟ හරහා දැඩි සුළඟක් නිරන්තරයෙන් හමයි. එම සුළඟින් වාහන පෙරළීම නවතාළීමට මිනිසුන් තම මෝටර් රථවල ජනේල විවෘත කර ගමන් කරනුද දක්නට හැකිය.

 

 

 

08. Living Root Bridges


මිනිසාට ගොඩනඟා ගැනීමට හැකි වූ විස්මිත දේවල් මොනවාදැයි ඔබ විශ්වාස නොකරන්නේ නම්, සමහරවිට ඔබ ස්වභාවධර්මය ගැන විශ්වාස කරන්නේ ද අඩුවෙන් බව සිතේ.ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ පෘථිවියේ තෙත්ම ස්ථානයේ නිර්මාණය කර ඇති පාලම් දැකීමෙන් ඔබම පුදුමයට පත්වේ. රබර් අත්තික්කා ගස ලෙස හැඳින්වෙන ගසක මුල් වලින් අතින් සාදන ලද මෙම පාලම් ශතවර්ෂ පහකට වැඩි කාලයක් තිස්සේ තාක්‍ෂණය දියුණු කර ඇති කාසි ගෝත්‍රික ජනයා නිර්මාණය කර ඇත. ඔවුන් තම පාලම්වල ස්ථාවරත්වය ආඩම්බරයෙන් පෙන්වයි, නමුත් මීටර් 30 ට වඩා උස රබර් පාලමක් තරණය කිරීමට නිර්භීත වන්නේ කවුද?

 

 

 

09. Marienbrücke (Queen Mary’s Bridge)


මෙම අද්විතීය පාලම නියුෂ්වාන්ස්ටයින් කාසල් හි ඡායාරූප ලබා ගැනීමට කැමති සංචාරකයින් සඳහා වඩාත් ජනප්‍රිය ගමනාන්තයකි, මන්ද මෙම අඩි පාලම මාලිගාවේ හොඳම දර්ශනවලින් එකක් ලබා දෙන බැවිනි. ඇත්ත වශයෙන්ම, මෙම පාලම බොහෝ විට පදිකයින් සැලකිය යුතු සංඛ්‍යාවකගෙන් පිරී පවති. මන්ද මිනිසුන් ඔවුන්ගේ ඡායාරූප ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ගැවසෙන බැවිනි.

 

 

 

10. Eshima Ohashi පාලම


ජපානයේ ඇති විස්මිත Eshima Ohashi පාලම, ලෝකයේ තුන්වන විශාලතම පාලම වෙන අතර දෙපස අසාමාන්‍ය ලෙස බෑවුම් සහිත බෑවුමක් ඇති බව පෙනේ, එබැවින් නැව්වලට පහසුවෙන් යටින් ගමන් කළ හැකිය. නමුත් එම පාලමේ ගමන් කරන්නන්ටනම් එය කිසිසේත් සුන්දර අද්දැකීමක් නොවන බව ඔබට මෙහි ඡායාරූප දැකීමෙන්ම පෙනේ.
ඇදහිය නොහැකි මංතීරු දෙකකින් යුත් කොන්ක්‍රීට් මාර්ග පාලම Nakaumi විල හරහා විහිදෙන Matsue සහ Sakaiminato නගර සම්බන්ධ කරයි. පාලමේ දිග කිලෝමීටර 1.7 ක් වන අතර පළල මීටර් 11.4 ක් වේ.

 

 

 

11. The Immortal Bridge on the Mount Tai, Taishan, Shandong


චීනයේ තායි ෂාන් (තායි කන්ද) මුදුනේ ඊනියා අමරණීය පාලම පිහිටා ඇත. ලස්සන හා කැපී පෙනෙන ආරුක්කු සැකැස්මකි. මෙම ආරුක්කුව සෑදී ඇත්තේ තනි විශාල පෙරළෙන ගල් වලින් වන අතර එය විශාල පාෂාණ දෙකක් අතරට වැටී සිරවී තිබුණි. මෙම විස්මිත පාලම නිර්මාණය වී තිබෙන ආකාරය අනුව මිනිසෙකුට කිසිදු සම්බන්ධයක් නොමැති බව මුලින්ම බැලූ බැල්මට විශ්වාස කිරීමට අපහසුය. තවද පාලම ඕනෑම වේලාවක කඩා වැටී අගාධයට වැටිය හැකි බව පෙනේ. නමුත් ඇත්ත වශයෙන්ම, ගල් වසර මිලියන කිහිපයක් තිස්සේ නොවෙනස්ව පවතී.

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.