ලෝකයේ එකම සහ දුර්ලභ රෝසපැහැ මඩුවා නැවත හමුවේ.

 366 Total views,  29 Views today

ඔබට මෙම මත්ස්‍යා දුටු විටම සුප්‍රකට කාටූනයක සිටින රහස් පරීක්ෂක රෝස දිවියා Pink Panther මතකයට නැගෙනු ඇතැයි සිතමි. ඇත්තෙන්ම මෙම රෝස පැහැති මඩුවා ද ඊට සමාන නමකින් නම් කර ඇත. ඒ pink manta යන නමින් ය. රෝස පැහැ සමට අමතරව සුදු පැහැ උපන්ලපයක්ද දක්නට ලැබෙන Pink manta දිගින් අඩි 11 ක් පමණ වේ.

ලොව වෙසෙන එකම රෝස පැහැති ඉතා දුර්ලභ මෙම මඩු මත්සයා ඡායාරූපගත කිරීමට හැකිවී තිබෙන්නේ ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහාබාධක කොරල් පරය අසළ සාගරයේ, ලේඩි එලියට් දූපතට නුදුරුව කිමිදෙමින් සිටි ක්‍රිස්ටියන් ලේන් නම් ඡායාරූප ශිල්පිනියට ය.

“මම රෝස මඩුවෙක් ගැන ජීවිතේට අහලා තිබුණේ නැහැ. ඔහු දැකපු අවස්ථාවේ හිතුවේ මගේ කැමරාවේ දෝෂයක් වෙන්නැති කියලයි. එදා රාත්‍රියේ මම දැක්කා රෝස මඩුවෙකුගේ පින්තූරයක් මම හිටපු අවන්හලේ දැන්වීම් පුවරුවක තිබෙනවා. මම හිතුවේ ඒක විහිලුවක් කියලයි. එය දුටු හැටියේ මම දුවලා ගිහින් මගේ කැමරාවෙන් ගත්තා ඡායාරූප නැවත පරීක්ෂා කළා” යැයි ලේන් පැවසුවාය.

පළමුව මේ රෝස පහැ මඩුවා ඡායාරූපයකට හසුකර ගෙන තිබෙන්නේ රයන් ජෙෆී නම් කිමිදුම් කරුවෙකු විසින් අවුරුදු 5 කට පමණ ඉහත ය. ඉතා සුළු අවස්ථා 10 කදී පමණක් දැක ගැනීමට හැකි වී තිබෙන pink manta මඩුඩා   පිළිබඳ තවම පර්‍යේෂණ කෙරෙමින් පවතී. මේ අපූරු මත්ස්‍යයාගේ රෝස පැහැය ලැබීම පිළිබඳව ද කරුණු සොයමින් සිටින අතර එය සොයා බැලීමට 2016 දී මත්ස්‍යයාගෙ සුළු පටක කොටසක් ද ලබාගෙන ඇත. වෙනස් ආහාර රටාවක් හෝ අසනීප තත්වයක් මේ රෝස පැහැය ලැබෙන්නට හේතුවන්නට ඇතැයි ද මතයක් පළවේ.

 

Leave a Reply