ස්වාභාවික මමීකරණ විල නැට්‍රෝන්.

 369 Total views,  4 Views today

නැට්‍රෝන් විල ඉතා ආකර්ෂණීය පාරාදීසයක් සේ පෙනෙන තරමටම  භයානකම ස්ථානයක් බව ඔබට මෙම ලිපිය කියවූ පසු අවබෝධ වනු ඇත.

ටැන්සානියාවේ පිහිටි නැට්‍රෝන් විලෙහි දිග කිලෝමීටර් 57ක් වන අතර ගැඹුර මීටර් 1කේ සිට මීටර3 දක්වා විහිදේ. විලෙහි ජලයද අධික ලවණ බවකින් යුක්ත ය. උෂ්ණත්වයද ෆැරන්හයිට් අංශක 140 දක්වා ඉහළ අගයක් ගනී. ඒ වාගේම PH 9 ත් PH 10.5 අතර ක්ෂාරීය ගුණයෙන්ද යුක්තය. එම නිසා නැට්‍රෝන් හි  බිහිසුණු බව තව තවත් තීව්‍ර කරයි.

අල්ප ජීවීන් ප්‍රමාණයකට ජීවය දෙන නැට්‍රෝන් හි එහි ඇති ලවණමය තත්වයට ගැලපෙන ක්ෂුද්‍ර ජීවීන් පමණක් වාසය කරයි. ඔවුන් රතු පහැයෙන් දිස්වන අතර මේ නිසා විලෙහි පැහැයද රතු හැහැයක් ගනී. දකුණු ඉවාසෝ ගංගාවෙන් පෝෂණය ලබාගන්නා මෙම විල නැට්‍රෝන් නිපදවන්නේ සෝඩියම් කාබනේට් හා සෝඩියම් බයිකාබනේට් මිශ්‍රණයෙනි. විලේ ජලය වාෂ්ප වීම සහ ප්‍රදේශයෙහි පිහිටි ගිනිකඳු වලින් පිටවෙන අළු සමඟ මිශ්‍ර වීම නිසා නැට්‍රෝන් ප්‍රතිමා තනන කර්මාන්ත ශාලාවක් බවට නිතැතින්ම පත් වී ඇත.

ක්ෂුද්‍ර ජිවීන් හැරුණු කොට මෙහි ජීවය ලබන්නේ තිලාපියා (Tilapia) යන මත්‍ස්‍ය වර්ගය පමණි. ලෝකයෙහි මෙම මත්ස්‍ය වර්ගය  ජීවත් වන එකම ස්ථානය මෙය වේ.ෆෙමින්ගෝ රංචු පිටින් මෙම විලෙහි පහසුවෙන් ඔබමොබ ඇවිඳ ඇල්ගී ආහාර සොයාගත්තද, අනෙක් සතුන්ටනම් කෙසේවත් සුන්දර ස්ථානයක් නෙවේ.

නැට්‍රෝන් විලෙහි පරාවර්තනය වැඩිවීම නිසා විලට උඩින් පියාඹන පක්ෂීන් දිශාව පිළිබඳ අවබෝධ කර ගැනීමට නොහැකිව ජලය අහස ලෙස සිතා වේගයෙන් පහළට පියඹා වතුරට වැටී ගල් පිළිමයක් බවට පත්වන බව මෙම විල ගැන පර්‍යේෂණ කළ පර්‍යේෂකයින්ගේ නිගමනය ය.

විල ගැන අවබෝධය ඇති සතුන් විලෙන් ඈත් වී වාසය කළද ජලය පිළිබඳ ඇවබෝධ නැති සතුන් බොහෝමයකගේ මමීකරණය වූ සිරුරු ඕනෑතරම් විල අවට දැකගත හැකිය.

නැට්‍රෝන් විල දකින ඕනෑම කෙනෙකුට එය ආකර්ෂණය අතින් පාරාදීසයක් සේ පෙනුනද , ගල් වූ සතුන්ගේ සිරුරු දැකීමෙන් වාගේම විවිධ රසායනික ද්‍රව්‍යයන් මිශ්‍රවීම ඇතිවන දුර්ගන්ධයෙන් එය දැකීමෙන් ඇතිවන විශ්මය ජනක හැගීම ක්ෂණයෙන් පහකිරීමට තරම් උග්‍රවන බවද එකහෙලා කිව හැකිය.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.