එක් රැයකින් මුළු ගමක් වැනසූ මාරයා

 1,972 Total views,  1 Views today

ජීවිතය තණ අග පිනි බිඳුවකට සමාන බව බුදු දහමේ සඳහන් වේ. එය අප ජීවත් වීමේ දී අද්දකින අත්දැකීම් වලින් ද නිවැරදි යැයි සනාථ වන අවස්ථා කොතෙකුත් තිබේ. කොයි මොහොතේ අපගේ ජීවිතය අවසන් වේදැයි අපවත් නොඳනී. එවැනි සිහිනෙන්වත් නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය ගම්මානයක ජීවත් ගැමියන් පිරිසක් ගැන අද ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.

වයඹදිග කැමරූන්හි පිහිටි නියෝස් ජලාශය ආශ්‍රිත ගම්මානවල මිනිසුන් සුපුරුදු පරිදි තම තමාගේ රාජකාරීන්වල නිරත වෙමින් දවස ගත කර රාත්‍රියෙහි නින්දට වැටෙන්නට ඇත්තේ පසුදාද තම තමන්ගේ සිත් තුළ ඇති බලාපොරොත්තූන් ඉටු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් වන්නට ඇත. නමුත් ඔවුන් සිහිනෙන්වත් නොසිතූ ලෙසකට එම රාත්‍රිය ඔවුන්ගේ අවසන් නින්ද බවට පත්විය.

(Photo by Eric BOUVET/Gamma-Rapho via Getty Images)

1986 අගෝස්තු මාසේ 21 වෙනිදා මාරයා සෑම නිවසක් කරාම පැමිණ ජීවිත සියල්ලම අවසන් කර නිහඬවම ගොස් තිබේ.ගම්වාසීන් 1746 දෙනෙකු සහ සත්වයින් 3500කට අධික පිරිසක් නින්දෙන්ම මියගොස් තිබුණි. මියගිය ඇතැමුන්ගේ නාසය සහ මුඛය අවට රුධිර පැල්ලම් දක්නට ලැබුණි.එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ මරණ 1746 ක් වූ නමුත් UNO සංවිධානය ප්‍රදේශයට පැමිණීමට පෙර, ව්යසනය සිදු වූ විගස දිවි ගලවා ගත් අය විසින් සමූහ මිනී වල වල දැමූ මියගිය අය ඔවුන් ගණන් නොගත් බවයි.

(Photo by THIERRY ORBAN/Sygma via Getty Images)

මේ සෑම දෙනෙකුම මියගොස් තිබුනේ හුස්ම හිරවීමෙන් වන අතර දිවි ගලවා ගැනීමට හැකිවූයේ මිනිසුන් සයදෙනෙකුට පමණි.දිවි ගලවා ගත් මේ අයටද දැඩි උණුසුමක් දැනුණු අතර ඔවුන්ද කැස්ස සහ ලේ හලන්නට පටන් ගත්හ.

ඇත්තෙන්ම එදා රාත්‍රියේ සිදුවූයේ කුමක්ද..?
මේසා පිරිසක් එක රැයකින් රහසින්ම ඝාතනය වුනේ කෙසේ ද ? පරීක්ෂකයන් මේ සිදුවීමේ ඇතුලාන්තය හොයන්න වෙහෙස මහන්සි විය.අවසානයේ මේ දරුණු ඝාතකයා සොයාගැනුනා.ඒ තමයි මේ සියල්ල දෙස නිසොල්මනේ බලාසිටි නියෝස් ජලාශය.

නියෝස් විල යනු කැමරූන් හි වයඹදිග කලාපයේ පිහිටි ආවාට විලකි, එය අගනුවර වන යවුන්ඩේ සිට වයඹ දෙසින් 315 km (196 සැතපුම්) පමණ දුරින් පිහිටා ඇත. නියෝස් යනු කැමරූන් ගිනිකඳු ක්‍රියාකාරකම් රේඛාව ඔස්සේ ඕකු ගිනිකඳු තැනිතලාවේ අක්‍රිය ගිනිකන්දක ඉහළ කොටසේ පිහිටි ගැඹුරු විලකි.

සමහර විද්‍යාඥයින් කියා සිටියේ විලෙහි භූගත ලාවා ඇති බවත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් මිනිසුන්ගේ මරණයට හේතු වූ බවත් ය.

ප්‍රංශ ගිනිකඳු විද්‍යාඥයෙකු පැවසුවේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වාතයට වඩා සැහැල්ලු බැවින් එය වායුගෝලයේ දිය කළ හැකි බවයි. ඔහු තර්ක කළේ ගන්ධ රහිත කාබන් මොනොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වැවෙන් මතු වී එහි වැසියන් හා සතුන් මිය ගිය බවයි.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ තවත් විද්‍යාඥයෙක් හයිඩ්‍රජන් සල්ෆයිඩ් න්‍යායට සහයෝගය දුන් අතර මෙම වායුව ගන්ධය නසන බව පැහැදිලි කළේය.
ඇමරිකාවේ තවත් ගිනිකඳු විද්‍යාඥයෙක් හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් යන න්‍යායන් දෙකම ප්‍රතික්ෂේප කළ අතර තවත් වාදයක් දුන්නේ වැව කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර සුදුසු තත්වයන් නිර්‍මාණය වන විට එය බැහැර කරන බවයි.

CAMEROON -(Photo by Eric BOUVET/Gamma-Rapho via Getty Images)

සියලුම න්‍යායන් වැවෙන් මතු වූ විෂ වායුවේ පැවැත්මට බොහෝ දුරට සහාය වේ.කෙසේ වෙතත් අවසානයේදී එක් නිගමනයකට පැමිණීමට විද්‍යාඥයින්ට හැකි වී තිබේ.නියෝස් ජලාශය නිර්මාණය වෙලා තියෙන්නේ ගිනිකඳු ආවාටයක යන්න අප ඉහත කීවෙමු.ගිනිකඳු ආවාටයට ඇතුලතින් භූමි අභ්‍යන්තරයේ සිදුවන ප්‍රතික්‍රියා නිසා බොහෝවිට මේ නයෝස් ජලාශයේ ජලයේ ඉහළ කාබන්ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණයක් දියවී පවති.එදා රාත්‍රියේ සිදුවී තිබුනේ මේ ආකාරයට ජලාශයේ ජල ස්ථරයට යටින් සිරවී තිබූ ටොන් ගණනක කාබන්ඩයොක්සයිඩ් වායු පරිමාවක් කිසියම් හේතුවක් නිසා එක්වරම මතුපිටට පැමිණීමයි.හරියටම කාබන්ඩයොක්සයිඩ් බෝම්බයක් පිපිරුනා හා සමානව.

කාබන්ඩයොක්සයිඩ් වායුව සාමාන්‍යය වායුගෝලයේ ඝනත්වයට වඩා වැඩි ඝනත්වයකින් යුක්ත වන නිසා මේ ආකාරයට නිදහස් වුන වායුව වායුගෝලයේ ඉහළ නගිනු වෙනුවට ජලාශයේ සිට කිලෝමීටර 25ක අරයක් තුල පවතින සියළුම පහළ ගම්මාන ප්‍රදේශ කරා පැයට සැතපුම් 62ක (එනම් පැයට කිලෝමීටර 100) පමණ වේගයකින් සුනාමියක් මෙන් ගලාගොස් තිබේ. අවසානයේ කිසිත් නොදැන නිදාසිටි මිනිසුන්ගේ හිසට ඉහළින් මීටර් කීපයක ගණකමකින් යුක්ත කාබන්ඩයොක්සයිඩ් වායු ස්ථරය පාවෙමින් තිබුණි.

 

After 1,746 villagers died in a volcanic disaster at Lake Nyos, victims and survivors were brought to a relief hospital at nearby Wum. (Photo by Peter Turnley/Corbis/VCG via Getty Images)

 

මිනිසා ඇතුළු සත්වයන්ගේ ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍යය වායුව වන්නේ ඔක්සිජන් වායුව අප දනිමු.නමුත් සෛලීය පරිවෘත්තිය ක්‍රියාවලදී නිශ්පාදනය වන අපද්‍රව්‍ය වායුව වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව වේ.සත්වයන් ආශ්වාසයේදී ඔක්සිජන් අරගෙන ප්‍රාස්වාසයේදී කාබන්ඩයොක්සයිඩ් පිටකරන්නේ එබැවිනි.යම් හෙයකින් මේ ඔක්සිජන් වායුව අපට නොලැබුනහොත් කුමක් වේද? එවිට නිසැකවම සිදුවන්නේ ශරීරයේ ජීව ක්‍රියාවලි පවත්වාගත නොහැකිව අප මරණයට පත්වීමයි.එදා නියෝස් ජලාශය අවට මිනිසුන්ට සහ සතුන්ට සිදුවුනේද එයමයි.දැඩි කාබන්ඩයොක්සයිඩ් ස්ථරයක ගිලීසිටි ඔවුන් හුස්මගැනීමට නොහැකිව(එනම් ශරීරයට අවශ්‍යය ඔක්සිජන් වායුව නොලැබ) මියගියේ ඒ අයුරෙනි.

මේ සිදුවීමෙන් පසුව වසර ගණනාවක් යනතෙන් මේ ප්‍රදේශවල කිසිවෙකු ජීවත් වුනේ නැහැ.නමත් සිදුවීමෙන් දීර්ඝ කාලයකට පසු නැවතත් ඒ ප්‍රදේශ ජනාවාස වී තිබෙනවා.අනාගතයේදී මෙවැනි ඛේදවාචක ඇතිවීම වැළැක්වීමේ අරමුණින් 2001 වසරේදී විද්‍යාඥයන් විසින් නියෝස් ජලාශ පතුලේ සිරවී පවතින කාබන්ඩයොක්සයිඩ් වායුව ඉවත් කර ඉහළ වායුගෝලයට නිදහස් කිරීම සඳහා විශේෂිත නළ පද්ධතියක් නිර්මාණය කර ජලාශ පතුලේ සවිකල නිසා එතැන් පටන් ඒ අවට මිනිසා සහ සත්වයා ආරක්ෂාවේවි.

සියල්ල සාර්ථකව විසඳුනත් මේසා විශාල කාබන්ඩයොක්සයිඩ් වායු පරිමාවක් එකවරම නිදහස් වීමට හේතුවූයේ කුමක්දැයි යන්න පිළිබඳ තවම ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්. සිද්ධියෙන් පසු ජලයේ රතු දුඹුරු පැහැයක් ඇති බව ද අපට පෙනෙන්නට තිබේ.සමහර විට පතුලේ ඉරිතැලීම් තිබෙන්නට ඇත, ඇතැමුන් එය විල් පතුලේ භූ තැටිවල සිදුවූ සුළු වෙනස්කමක් යැයි මතයන් ඉදිරිපත් කර තිබුනත් එය පවා තවම සනාත වී නැහැ.

මෙයට මුල්වූයේ ඊශ්‍රායල සහ කැමරූන් හමුදා එක්ව සිදුකල රහසිගත බෝම්බ අත්හදා බැලීමක් යන්නද පවතින තවත් මතයකි.ඉහත කී සිදුවීමට වසර දෙකකට පෙර මේ ආශ්‍රිත ප්‍රදේශයකම මෙවැනි කාබන්ඩයොක්සයිඩ් නිදහස් වීමකින් මිනිස් ජිවිත 37ක් අකාලයේ මියයෑම මේ හමුදා කුමන්ත්‍රණ මතයට පක්ෂව ඔවුන් නගන ප්‍රබල සාක්ෂිය වේ.

නමුත් සැබැවින්ම සිදු වූයේ කුමක්ද සහ කෙසේද යන්න නිශ්චිතවම දන්නා කිසිවෙකු තවමත් මිහිපිට නැත.

 

CAMEROON – AUGUST 01: Desolation around lake Nyos in Cameroon on August 01st, 1986. (Photo by Eric BOUVET/Gamma-Rapho via Getty Images)

 

මූලාශ්‍ර : geoengineer.org
©සංකල්ප ගුණතිලක

 

 

 

 

 

 

 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.