මහ පොලවෙන් මතුවෙන අරුම පුදුම මුතු ඇට

 2,176 Total views,  2 Views today

සාමාන්‍යයෙන් ඔබ මුතු ලබා ගන්නවා යැයි අසා තිබෙන්නේ මොලුස්කාවන්ගේන් වන්නට පුලුවන සරලව කිවහොත් මුතු බෙල්ලන්ගෙන් ය.ඇත්තෙන්ම ඊට අමතරව ගුහාවකින් මතුවෙන මුතු තියෙනව කිවහොත් ඔබ අපව විශ්වාස කරන්නේද ? එසේනම් මෙම ලිපිය ඉදිරියට කියවන්න ඔබට ගුහාවකින් මතුවන මුතු ගැන දැන ගැනීමට ලැබේවි.

හුණුගල් ගුහා වල බොහෝවිට දක්නට ලැබෙන කුඩා ගෝලාකාර හැඩැති ද්‍රව්‍ය “ගුහා මුතු – Cave pearls” යන නමින් හඳුන්වයි.

හුණුගල් ගුහා තුළ ජලය බැස යාමේ ප්‍රතිඵලයක් ලෙස ගුහා මුතු සෑදී ඇත. මෙම ජලයහි කාබන් ඩයොක්සයිඩ් නැති වී කාබනේට් ඛනිජයක් වන කැල්සයිට් ඉතිරි වේ. කැල්සයිට් ගුහාව තුළ දී න්‍යෂ්ටියක් ලෙස ක්‍රියා කරන අතර කැල්සියම් ලවණ ඒ කැබැල්ලක් වටා එකතු වේ.මේ ආකාරයට මොලුස්කාවන් තුළ ජීව මුතු ඇටයක් සෑදෙන ආකාරයටම කේන්ද්‍රීය ස්ථර කාලයත් සමඟ ගොඩනැගීමෙන් මේ මුතු නිර්මාණය වේ.

ජලය ගලා යාම නිසා මෙම ඛනිජය ගෝලාකාර හැඩයට එකතු වන අතර කාලයත් සමඟ අතිරේක කැල්සයිට් ස්ථර එකතු වේ. මෙය මුතු ඇටයකට සමාන වන තුරු සෑදීම අඛණ්ඩව සිදුවේ. සිත්ගන්නා කරුණ නම් මුතු ඇටය සෑදෙන න්‍යෂ්ටිය පදාර්ථය මනාව රවුම් වීම අවශ්‍ය නොවේ.ඒ වාගේම මේවා චලනය වන ජලයට නිරාවරණය වීමෙන් මතුපිට ඔප දැමූ දිලිසෙන ස්වභාවයකට ද ලක් වෙන අතර වාතයට නිරාවරණය වීමෙන් මේ කියන ගුහා මුතු ඇට පිරිහීගොස් රළු බවක් ගැනීම ද විශේෂත්වකි. ගුහා මුතු වලින් අතිමහත් බහුතරයක් රවුම් හැඩයට වර්ධනය වන්නේ ස්ථාවර හා ඒකාකාරී වූ වර්‍ධනය නිසා ය. ගුහා මුතු රවුම් හැඩයටපමණක් නොව ඉලිප්සාකාර, ෂඩාස්රාකාර, සිලින්ඩරාකාර සහ ඝනක හැඩයන්ගෙන්ද සමන්විත වේ.

ගුහා මුතු ඇටය සෑදීමේ ක්‍රියාවලිය ස්ටැලග්මයිට් ක්‍රියාවලියට සමානය. මේ දෙක අතර ඇති වෙනස සහ ස්ටැලග්මයිට් සෑදීමට නොහැකි වීමට හේතුව නම් ගුහා මුතු සෑදීමේදී ජලය ඉතා වේගයෙන් ගමන් කිරීම යි.

කලින් සඳහන් කළ පරිදි, ගුහා මුතු මූලික වශයෙන් කැල්සයිට් වලින් සමන්විත වේ. ඒ වාගේම ගුහා මුතු වල සංයුතියේ අඩංගු අනෙකුත් ඛනිජ වලට මැග්නීසියම්, ඇපටයිට්, ක්වාර්ට්ස්, යකඩ සහ ඇලුමිනියම් ඇතුළත් වේ.

බොහෝ දුරට හුණුගල් ගුහා වල මුතු බහුලව දක්නට ලැබෙන නමුත් ඒවා සාමාන්‍යයෙන් සෑම ගුහාවක විශාල වශයෙන් සෑදෙන්නේ නැත.කෙසේ වෙතත්, ගුහා දෙකක අසාමාන්‍ය ලෙස විශාල ගුහා මුතු ප්‍රමාණයක් ඇති බව කවුරුත් දන්නා කරුණකි: එනම්, the Cave of Marbles (Gruta de las Canicas) in Tabasco, Mexico and the Carlsbad Caverns in New Mexico, US.

Cave of Marbles යනු අඩි 1735 ක් දිග සහ අඩි 55 ක් ගැඹුරින් යුත් විශාල ගුහා පද්ධතියකි. එහි ගුහා මුතු මිලියන 200 ක් පමණ ඇතැයි ගණන් බලා ඇති අතර එයින් බහුතරයක් ගුහාවේ පිවිසුමේ සිට අඩි 328 ක් පමණ ඇතුලතින් පිහිටා ඇත.

කාල්ස්බාද් ගුහාවේ ඇති විශාලතම ගුහා මුතු වල සාන්ද්‍රණය රූකරි-Rookery නමින් හැඳින්වෙන තැනක දක්නට ලැබේ. ගුහා වල පහළ කොටසේ ඇති විශාලතම විවෘත ප්‍රදේශය නම් රූකරි  ලෙස හඳුන්වයි.

මෙම ගුහා පද්ධතිය ජාතික වනෝද්‍යානයක් තුළ පිහිටා ඇති අතර සෑම වසරකම සැලකිය යුතු අමුත්තන් ප්‍රමාණයක් පැමිණේ. මෙහි ඇති ගුහා මුතු කෙතරම් බහුලද සහ සංචාරකයින් සඳහා ආකර්ෂණීයද යත් ඒවා වරක් සිහිවටන ලෙස ද දෙන ලදී.

ගුහා මුතු, මුතු මැණික් වලට සමානකම් දක්වන අතරම ඒවායේ සිදුරු සහිත ස්වභාවයක් ඇත. ඔවුන්ගේ සිදුරු භාවය නිසා ආභරණ සඳහා භාවිතා කිරීම ප්‍රවේසමෙන් කළ යුතුය. ඒ මන්දයත් ඒවා ඉතා බිඳෙන සුළු ස්වභාවයක් තිබෙන නිසාය.නමුත් සමහර විට ඒවා ආභරණ ලෙස සකස් කර තිබේ.

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.