සහරා කාන්තාරය වැලි වලින් සඟවා ගැනුණු අභිරහස් තතු

 1,981 Total views,  6 Views today

ලෝකයේ විශාලතම උප නිවර්තන කාන්තාරය වන සහරා වර්ග කිලෝමීටර මිලියන 9.2 ක් පමණ විශාලත්වයකින් යුතු වේ.වසර මිලියන පහකට පමණ නිර්මාණය වීම ඇරඹේ සහරා ඇල්ජීරියාව, ඊජිප්තුව , ලිබියාව , සූඩානය සහ මොරොක්කෝව ආදී රටවල් දහයකට පමණ මායිම් ව ඇත.සහරා යනු නිතර නිතර වැලි කුනාටු මතුවන ඒ වාගේම පූර්ණ වශයෙන් තවමත් ගවේෂණය නොකළ අභිරහස් වලින් පිරුණු ස්ථානයකි.ඇන්ටාක්ටිකාව, ඇමේසන් හා මරියානා ආගාධය වගේම සහරා කාන්තාරය ලෝක ඉතිහාසයේ මිනිසා දැන නොගත් බොහෝ අභිරහස් වැලි වලින් සඟවා ගත් ස්ථානයක් ලෙස හැඳින්වීමට හැකිය. අද මෙම ලිපියෙන් ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ සහරාවේ තිබී හමුවූ නමුත් විශ්වාස කිරීමට අපහසු තොරතුරු සමුදායකි.

අපගේ පෘථිවිය මීට වසර ගණනාවකට පෙර අද පවතින තත්ත්වයට වඩා ගොඩක් වෙනස් තත්ත්වයක පැවති බවට සහරා කාන්තාරය සාක්ෂි දරයි. 1902 වසරේදී එය සනාථ කිරීමට හැකි අපූරු සාක්ෂියක් සහරා කාන්තාරයෙන් හමුවුණි.එනම් තල්මසුන්ගෙ ඇටසැකිලි ය . සහරාවේ තල්මසුන් දහස් ගණනකගේ ඇටසැකිලි සොයා ගැනීමට ගවේෂකයන්ට හැකිවී තිබේ.මෙම ඇටසැකිලි වල කාලය තීරණය කිරීමේදී ඒවා මීට වසර මිලියන 50 කට පමණ පෙර ජීවත් වූ අද ජීවත්වන්නාවූ තල්මසුන් ගේ මුතුන් මිත්තන්ට අයත් වූ ඇටසැකිලි බව තහවුරු කරගෙන තිබේ.මේවා අද සිටින  තල්මසුන්ගේ ඇටසැකිලි වලට වඩා ඉතා විශාල වේ . මේ තල්මසුන් ගේ ඇටසැකිලි හමුවූ ප්‍රදේශය හඳුන්වන්නේ  ” Wadi al-Hitan “ යන නමිනි. එහි ඉංග්‍රීසි අර්ථය නම් ” Valley of Whale” යන්නයි. සිංහලෙන් “තල්මසුන් ගේ නිම්නය” යනුවෙන් හඳුන්වනු ලබයි.මෙම සාක්ෂි අනුව හඳුනා ගැනීමට හැකිවන්නේ සහරා කාන්තාරය ඈත අතීතයේ දී විශාල සාගරයක් ව පැවති බව යි.

 

මීට වසර ලක්ෂයත් එක් ලක්ෂ තිස් දහසකත් අතර කාලයේදී සහරා කාන්තාරය මෙලෙස වැල්ලෙන් වැසුනු භූමියක් නොවන බවට තවත් තොරතුරු හෙළිවේ . සාරාව පවතින ප්‍රදේශය හරහා ගංගාවන් තුනක් මධ්‍යධරණි මුහුද වෙත ගලා ගිය බවට ගවේෂකයන් සොයාගෙන තිබේ. එම වකවානුවේ මෙම ගංගා ආශ්‍රිතව තිබූ ප්‍රදේශය ගස් ගස්කොළන් වලින් වැසුනු සතුන් නිතර ගැවසුණු ඉතා සශ්‍රික ප්‍රදේශයක් ව තිබූ බවට නිගමනය කෙරේ.මේ ගංගා පද්ධතිය ගවේෂකයන් හඳුන්වන්නේ “ගිර්හර්හා” යන නමිනි. මෙම ගංගා තුන ගැන අනාවරණය වන්නේ සහරාවට ඉහළින් ස්ථානගත කර තිබූ ජපානය විසින් දියත් කළ නිරීක්ෂණ චන්ද්‍රිකාවකින් ලබාගත් ඡායාරූපවලිනි. මෙම චන්ද්‍රිකාව මෙම ගංගා ගමන් කරන මාර්ගය මොරිටානා රාජ්‍යයට ඉහළින් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කර තිබේ. පසුකාලීනව සිදුවුණු දේශගුණික විපර්යාසයන් මෙම ගංගා හා එම අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වැලි කතරක් බවට පත් කිරීමට සමත් වී ඇති බව ගවේෂකයින් නිගමනය කර ඇත.

 

 

සහරා කාන්තාරය මීට වසර මිලියන 50 කට පමණ පෙර මුහුදක් ව තිබෙන්නට ඇති බව ඉහත දී සඳහන් කළෙමු.තවද මීට වසර 250000 පමණ පෙර නැගෙනහිර සහරාවේ වර්ග සැතපුම් 42,000 ක් පමණ විශාල විලක් තිබෙන්නට ඇති බවට ගවේෂකයන් සොයාගෙන තිබේ.නයිල් ගඟේ අතු ගංගාවක් පිටාර ගැලීම නිසා ඇතිවී තිබූ දැවැන්ත නායයාමකින් මෙම විල සෑදෙන්නට ඇති බවට ගවේෂකයින් සැක පළ කරන අතර මෙසේ වර්ග සැතපුම් 42,000 පුරා විහිදී පැතිරී තිබූ මෙම විල සුළු කොට තැකිය නොහැකි අතරම එවැනි දැවැන්ත විලක් සෑදීමට වූ නාය යාම කෙතරම් බිහිසුණු ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

 

 

මෙසේ සාගර හා ගංගා වල් ආදියෙන් සමන්විතව තිබූ සහරා කාන්තාරය ඉතා විශාල ජලජ ජීවීන් ගෙන් ද සමන්විත වූ බවට සාක්ශි ද හමුවී තිබේ.ඒ අතර අඩි හතළිහක් පමණ විශාල මුහුදු සත්වයින් ද, අද සිටින නයිල් කිඹුලන් මෙන් දෙතුන් ගුණයක් විශාල දැවැන්ත මුහුදු කිඹුලන්ද , අද ජීවත්වන catfish  මාළුවන් මෙන්  දෙතුන් ගුණයක් විශාල මසුන්ගේ පොසිලෙ පොසිල පවා මේ වන විට හමු වී තිබේ.මීට අමතරව සාගරයේ ජීවත් වන විශාලම ඩයිනසෝර් සියල්ලම වාගේ සහරා කාන්තාරය ආශ්‍රිත සාගරයේ ජීවත් වී ඇති බවට ද නිගමනය කෙරේ.

(catfish fossil)

 

 

සහරා කාන්තාරයේ මොරොක්කෝව ට ආසන්න ප්‍රදේශයේ දී පුරාවිද්‍යාඥයන් විසින් අපූරු ඩයිනෝසර් පොසිල සොයා ගෙන තිබේ. “Spinosaurus” නම් ඩයිනසෝර් වර්ගයට අයත් මෙම පොසිලය මෙතෙක් හමුවූ ඩයිනෝසර් සැකිලි වලට වඩා විචිත්‍රතම එක ලෙස සැලකේ. එයට හේතුව නම් මෙම ඇටසැකිල්ලේ සියලු කොටස් නිරුපද්‍රිතව තිබීමයි. මෙය නැවත සකස් කළ පසුව සම්පූර්ණ Spinosaurus සත්ත්වයකු ලෙස දිස්වන අතර එලෙස වසර මිලියන 65 ක් පැරණි සත්ත්වයකුගේ ඇටසැකිල්ලක් හමු වන්නේ ඉතාම කලාතුරකින් බව ද ගවේෂකයින් පවසති. Spinosaurus සත්වයින් සැලකෙන්නේ පුරාවිද්‍යා ගවේෂකයින් විසින් හඳුනාගත් සාගරයේ ජීවත් වූ පළමු ඩයිනසෝර් සත්වයා ලෙස ය.

NIGER – DECEMBER 01: Sahara :The valley of dinosaurs in Niamey, Niger in December, 2000 – A group of Tuaregs extricate a skeleton of what was once most likely a jobaria. (Photo by Xavier ROSSI/Gamma-Rapho via Getty Images)

 

 

සහරා කාන්තාරයේ ඩයිනසෝර් පිළිබඳව සාක්ෂි හා තොරතුරු සොයමින් සිටින පුරාවිද්‍යාඥයන් තවත් අපූරු සොයා ගැනීමක් සිදුකර ඇත.එනම් “ආදි මානව ඇටසැකිලි සහිත භූමියකි”. මෙම මානව ඇටසැකිලි වසර දස දහසක් පමණ පැරැණි බව පැවැසෙයි.ආදි මානවයන් එහි ජීවත්වන සමයේ එම ප්‍රදේශය ගස්කොළන්වලින් ගස්කොළන් වලින් සමන්විත වූ සශ්‍රීක ප්‍රදේශයක් ව තිබෙන්නට ඇති බව විද්‍යාඥයන් නිගමනය කරති.සහරා කාන්තාරයේ නයිජර් රාත්‍රිය ආසන්න ප්‍රදේශයක දී මෙම අහඹු සොයා ගැනීම කරන ලදී . ” පෝල් සෙරෙනෝ “ නම් පුරාවිද්‍යාඥයා මෙම ක්‍රියාවලියට ප්‍රධාන දායකත්වය සැපයීය. ඔහු පවසන්නේ සහරා කාන්තාරය පිළිබඳ තව තවත් ගවේෂණය කළ හොත් මෙවැනි පැරණි මානවයන් පිළිබඳ ව  සාක්ෂි බොහෝ සොයාගත හැකි වන  බවයි.

 

 

වැලිවලින් වැසී ගිය පාළු කාන්තාරයක් ලෙස සහරා හැඳින්වූවත්, මෙය නිජභූමිය කරගත් වෙනමම ශිෂ්ටාචාරයක් තිබූ බවට විද්‍යාවේදීන් කරුණු අනාවරණය කරගෙන ඇත. ඔවුන් මෙම ශිෂ්ටාචාරය ” Garamantes- ගරමන්ටෙස්” යනුවෙන් හඳුන්වනු ලබයි. වර්තමානයේ ලිබියාවට ආසන්න සහරා කාන්තාරය පවතින ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව දහසක වකවානුවේ හෝ මීට වසර තුන් දහසකට පමණ පෙර නගර ගණනාවකින් සමන්විත වූ දියුණු ශිෂ්ටාචාරයක් මෙහි තිබෙන්නට ඇති බව ලැබී තිබෙන සාක්ෂි අනුව අනාවරණය කරගෙන ඇත.මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ  ” David Mattingly “ නම් භූ විද්‍යාඥයා ය.ඔහු විසින් අනාවරණය කරගත් කරුණු අනුව මෙම ශිෂ්ටාචාරය නයිල් ශිෂ්ටාචාරය හා සමානවම ලක්ෂණ දරන අතර ඒ වකවානුවේ බොහෝ ජනයාද වාසය කර තිබේ. ගවේෂකයින් මෙම ප්‍රදේශයේ කරන ලද ගවේෂණයන් මගින් හා සැටලයිට් මගින් ලබාගත් අභ්‍යන්තර භූමි සටහන් මගින් මෙම කරුණු තවදුරටත් තහවුරු කරගෙන ඇත .

Rock paintings, Jebel Acacus, Sahara Desert, Libya

 

 

  “නැබ්තා ප්ලායා” යනු සහරා කාන්තාරයේ ඉදිකරන ලද වසර හත්දාහක් පමණ පැරණි නිර්මානයක ඉතිරි වූ නටබුන් ය. මහා බ්‍රිතාන්‍යයේ ඇති ” Stonehenge “ නම් ස්ථානය ඔබට මතක නම් එවැනිම වූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නැබ්තා ප්ලායා හැඳින්විය හැකිය.මෙය ස්ටෝන් ගේජ් වලට වඩා පැරණිය. වටයක ආකාරයෙන් නිර්මාණය කරන ලද ගල් කණු වලින් මේ සමන්විත වන මෙය ඈත අතීතයේ දී සහරා කාන්තාරයේ වාසය කරන ලද ජනයා විසින් සෘතු තීරණය කිරීම, කාලය ගණනය කිරීම සඳහා මේ යොදාගෙන ඇති බවට විශ්වාස කෙරේ .

 

 

උල්කාවක් පෘථිවියට වැටී සෑදුණු ආවාටයක් ලෙස නිගමනය කර හැකි ආවාටය ද පිහිටා තිබෙන්නේ මේ සහරා වේය. මෙහි ඇති වැදගත්ම කරුණ නම් ඊජිප්තුවේ ඇති තුතන්කාමන්ගේ සොහොන් ගැබෙ හා සම්බන්ධතාවයක් තිබීමයි. 1922 දී සොයාගත් ටූටන්කාමන්ගේ නිධානේ ඉතා දුර්ලභ පාෂාණයක් වන “Libyan Desert Glass- ලිබියන් ඩෙසට් ග්ලාස්” නම් පාෂාණය හමුවී තිබේ. නමුත් මෙම පාෂාණ වර්ගය පෘථිවියේ ඉතා දුර්ලභ වන අතර මෙම පාෂාණය එම ප්‍රදේශයේ කුමන ස්ථානයකින් ගත්තාද යන්න ගැටළුවක් වී තිබිණි. නමුත් පසුව සිදුකරන ලද නිරීක්ෂණ වලින් පුරාවිද්‍යාඥයන් නිගමනයකට එළඹිණි . එනම් මෙම පාෂාණය ඒ ආසන්නයට වැටුනු උල්කාපාතයකින් ලබාගන්නට ඇතැයි යන්නය . මන්දයත් සහරාවේ ඇති ඉහත කී ආවාටය ආසන්නව එයට සමාන පාෂාණ සොයා ගැනීමට හැකි වී තිබූ නිසාවෙනි.

 

මූලාශ්‍ර : විශ්ම ලෝකය



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.