ඇන්ටාක්ටිකාවේ රතු-ලේ ගලන ඇල්ල

 1,895 Total views,  4 Views today

    ඔබ “The Shining” චිත්‍රපටය නරඹා තිබේද? එසේනම් ඔබට එහි සංකේතවත් වූ “රුධිර ගංගාව” නම් හොඳින් මතක ඇති.එම බියකරු දසුනින් චිත්‍රපට නැරඹූ අය කලබලයට පත් වූ නමුත් ඒ සියල්ල සිනමා නිර්මාණ මායාවක් බවත් සියල්ලටම වඩා මනඃකල්පිත බවත් ඔබට  දන්නවා ඇත. නමුත් ඇත්තෙන්ම එවැනි ගංගාවක්, ඇන්ටාක්ටිකාවේ ඇත්ත වශයෙන්ම ලේ-රතු ගලන ඇල්ලක් තිබෙන බව කිවහොත් ඔබ විශ්වාස කරාවිද?

ඇන්ටාක්ටිකාව යනු බොහෝ දෙනෙක් වැඩිපුර අවධානය යොමු නොකරන්නාවූ නමුත් දුර්ලභ ස්වාභාවික සෞන්දර්‍යයේ විස්මය කැටි වූ ස්ථානයකි. බොහෝ විට ලොව පුරා විද්‍යාඥයින් මෙහි පැමිණෙන්නේ විශ්වයේ වෙනත් තැනක ඇති හෝ නැති ජීවීන් ගැන වැඩි විස්තර දැන ගැනීමට ය.

නැගෙනහිරදිග ඇන්ටාක්ටිකාවේ හමුවන ටේලර් නම් ග්ලැසියරය සුවිශේෂී එකක් වේ. එහි මතුපිට ඇති අයිස් ස්ථරයට අමතර ව ඊට යටින් ජල දහරාවක් ද ගලා යයි. මෙහි විශේෂත්වය වන්නේ එය මිනිස් රුධිරය මෙන් තද රතු පැහැ වර්ණයක් ගැනීම යි.ටේලර් ග්ලැසියරයෙන් මෙසේ රත් පැහැ ජලය බොනී විලට ගලා යාම ලොව දුර්ලභ දසුනකි.

මෑතකදී කරන ලද අධ්‍යයනයකින් කුතුහලය සංසිඳවන තුරු දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයින් මෙම විශ්මය ජනක ස්වාභාවික සංසිද්ධිය වන්නේ කෙසේද යන්න විසඳා ගැනීමට නොහැකි ව ලතැවුණහ.එයට එකල පැවති තාක්ෂණයේ සීමිතභාවයද හේතු විය.

1911 දී ඕස්ට්‍රේලියානු භූ විද්‍යාඥයෙකු සහ අවාසනාවන්ත Terra Nova Expedition (ටෙරා නෝවා ගවේෂණයේදී) දිවි ගලවා ගත්  Griffith Taylor (ග්‍රිෆිත් ටේලර් -ඔහුගේ නමින් ග්ලැසියර නම් කරන ලදි) විසින් මෙම දුර්ලභ නිධිය සොයා ගන්නා ලදී.ජලයේ වර්ණයට රතු ඇල්ගී වගකිව යුතු බව ටේලර් සහ ඔහුගේ කණ්ඩායම උපකල්පනය කළහ.

කෙසේ වෙතත්, මෙය පසුව විවාදාත්මක විය.එයට හේතුව නම් එහි පවතින පාරිසරික තත්ත්ව මත එලෙස ජීවයක් පැවතීමේ සම්භාවිතාව ඉතා අඩු බව ද කියැවීමයි. පසුව සිදුකරන ලද පර්යේෂණවලින් තහවුරු වූයේ එහි ඇල්ගී අන්තර්ගත නොවන බව යි.පසුකාලීනව එය ග්ලැසියරයේ නිමක් නැති ඛණ්ඩ හා ඡේද ජාලය හරහා ජලය ගමන් කරන විට වසර මිලියන 1.5 ක් තුළ සිදු වූ සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස නම් කරන ලදී.

විද්‍යාඥයන් බොහෝ විට මෙම ජලය හඳුන්වන්නේ  “liquid time capsule – දියර කාල කැප්සියුලය” ලෙස ය. එහි ඔක්සිකරණය වූ යකඩ අයන හෙවත් ෆෙරික් අයන අන්තර්ගත බැව් ඔවුන් විසින් සොයාගත්හ. ෆෙරික් අයන දීප්තිමත් රතු පැහැති සංයෝග නිපදවනවයි. ඒ වාගේම බොහෝ කාලයක් හිරු එළිය හෝ ඔක්සිජන් නොමැතිව ග්ලැසියරයේ සිරවී තිබීමෙන් පසු ලුණු සහිත ජලය විවෘත වාතය සමඟ සම්බන්ධ වීමෙන් ලේ රතු පැහැයට හැරේ.මේ අනුව එහි රක්ත වර්ණය ඇති වන්නේ ඇයි ද යන කාරණය විසඳුණි.නමුත් එය කොහේ සිට කෙලෙස පැමිණෙන්නේ ද යන්න ඔවුනට උභතෝකෝටික ප්රහේළිකාවක් විය.

වසර ගණනාවක අවෑමෙන් ඇන්ටාක්ටිකාවේ රුධිර ඇල්ල හා සබැඳි අවසාන ගැටළු කිහිපයත් විසඳන්නට ඇලස්කාවේ විද්යාඥයින් පිරිසක් සමත් වූහ.ඔවුන් සොයාගෙන ඇත්තේ මේ ජලය ඉවතට පැමිණෙන්නේ යකඩ අයනවලින් පොහොසත් භූගත ලවණ විලකින් බව ය.විද්‍යාඥයින් විසින් ගුවන්විදුලි තරංග සහ අයිස් මෝල් භාවිතා කරමින් මෙම අතිමහත් සොයා ගැනීම සිදු කළ අතර, දියර ස්වරූපය රඳවා ගැනීමට හැකි වූ ග්ලැසියරයට මීටර් 400 ක් පහළින් හයිපර්සලයින් ගංගා (මුහුදු ජලය මෙන් තුන් ගුණයක් ලුණු සහිත) සහ ජලාශ සොයා ගත්හ.

මෙම අපූර්වත්වය මීට වසර මිලියන පහකට පෙර නැගෙනහිර ඇන්ටාක්ටිකාව ජලයෙන් යට වූ විට ඇති වූ අභ්‍යන්තර ලුණු සහිත විලක් නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයකි.තවත් වසර මිලියන ගණනකට පසු, මුහුදු මට්ටම ඉහළ යන විට විල මත ග්ලැසියරයක් සෑදී එමඟින් ඉහත කී විල එයට යටින් සිර විය.

කිසිසේත් ම හිරු එළිය නොවැටෙන, අධික ලවණතාවයකින් යුක්ත,මෙම ශීතල ජලයෙහි ක්ෂුද්රජීවීන් සිට ඔවුනට හමු වී තිබෙනවා. එනම් සල්ෆේට් සහ ෆෙරික් අයන පරිවෘත්තීය කිරීමෙන් ජලයේ සල්ෆේට් වලින් පෝෂණය වන කටුක හා අධි පීඩන පරිසරයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් වර්ගය. මීට පෙර ද මෙවැනි කටුක පාරිසරික තත්ත්වයන් හි ජීවය තිබී හමු වී තිබෙන බැව් සත්ය වූවත්, මෙම ජීවී විශේෂ ජීවත් වන පරිසර තත්ත්වයන් ඊටත් වඩා කටුක බව ඔවුන් පවසයි.

මෙම හෙළිදරව් කිරීම් මඟින් ලේ දිය ඇල්ල තාරකා ජීව විද්‍යා පර්යේෂණ සඳහා ජනප්‍රිය ස්ථානයක් බවට පත් කර තිබේ. වෙනත් ග්‍රහලෝක සහ චන්ද්‍රයින්ට ජීවීන් පැවතීමේ හැකියාවක් තිබේද නැද්ද යන්න පිළිබඳව අපේ ලෝකයේ කෙලවරක සිට පිළිතුරු ලබා ගත හැකි යැයි කවුරුන් සිතුවාද? ටෙනසි විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ග්ලැසියරයේ ක්ෂුද්‍ර ජීවීන් වර්ග 17 ක් වර්‍ධනය වී ඇති අතර ඒ සියල්ලෙන් වසර මිලියන 700 කට පෙර පෘථිවියේ පැවති තත්ත්‍වයන් සහ අඟහරු, යුරෝපා සහ ටයිටන් මිනිස් ජීවිත සඳහා යෝග්‍යතාව පිළිබඳ අර්ථවත් දත්ත ලබා දෙන බවයි. මෙම විභව අපේක්ෂකයින්ට සමාන හයිපර්සලීන් සාගර සහ ගංගා ඇති බව ද විශ්වාස කෙරේ.

ලේ ඇල්ල, මෙම ස්වාභාවික භූමික විස්මය, පොදුවේ ගත් කල, අපේ විශ්වයේ වැඩි ප්‍රමාණයක අභිරහස් අගුළු ඇරීමේ තවත් ප්‍රධාන සංධිස්ථානයක් වේ.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.