පිළිකා සෛල විනාශ කිරීමට හැකියාව පවතින හා තවත් රෝග රැසකට ගුණදායක ස්වභාවික ආහාර වර්ග – 05

 2,543 Total views,  7 Views today

      බටහිර වෙදකමට අනුව නම් පිළිකාව යනු තවත් සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් වුවත් වසර දහස් ගණනක්  පැරණි අපගේ හෙළ වෙදකමේ නම් කොතැනකදීවත් පිළිකාව යනු එසේ සුව නොකළ හැකි රෝගී තත්ත්වයක් ලෙස සළකා නොමැත. ඒ වගේම ශ්‍රී ලංකාවේ වනාන්තර පුරා පිළිකාව සුව කළ හැකි බෙහෙත් වර්ග සිය ගණනක් පවතින බව වෙද පුස්තක වල වලද සඳහන් වේ . ඒ වගේම ස්වභාවික පරිසරයේ ඕනෑ තරම් අපගේ සියලු රෝග නසන ඒ වගේම නිරෝගී භාවය පවත්වා ගැනීමට උපකාරී වන ආහාර වර්ග රාශියක් සොයා ගැනීමට අපහසු නොවේ. එයින් අද අප කතා කරනු ලබන්නේ පිළිකා සෛල විනාශ කිරීමට බොහෝ උපකාරී වන එමෙන්ම තවත් අපගේ ශරීරයේ තිබෙන රෝග සුව කිරීමට සමත් ආහාර වර්ග පහක් පිළිබඳවය.

 

01. කරවිල


          බොහෝදෙනා කන්න අකමැති වුවත් පෝෂණ ගුණයෙන් අනූන  එළවළුවක් ලෙස හඳුන්වාදීමට හැකිය. හෙළ වෙදකමට අනුව පිළිකා රෝගීන්ට ඉතා ගුණදායක ආහාරයක් ලෙස කරවිල සැලකේ. ඊට අමතරව කිරි දෙන මව්වරුන්ට, ගැබිනි මව්වරුන්ට ඉතාමත් යෝග්‍ය ගුණදායක ආහාරයක් ලෙසද කරවිල නම් කළ හැක. නමුත් බොහෝ දෙනා මෙය ආහාරයට නො ගන්නේ කරවිල වල පවතින තිත්ත ගතිය නිසාය.
               විශේෂයෙන්ම කරවිල පිසීමේදී කැබලි වලට කපා ලුණු වතුරේ බහා තබා පිස ගැනීමෙන් එහි ගුණාත්මක භාවය රැක ගැනීමට හැකියාව පවතී.


               කරවිල තුළ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය හා විටමින් A, B, C, K මෙන්ම ක්ෂුද්‍ර පෝෂක වන කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, පොස්පරස්, සෝඩියම් වැනි පෝෂක සංඝටක රාශියක් ද අන්තර්ගත වේ.
         රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ විශ්මිත හැකියාවක්  කරවිල සතු වන නිසා දියවැඩියා රෝගියෙකුට ද ඉතාම ගුණදායක වේ.
          කරවිල මගින් රුධිරය පිරිසිදු වීමත් සිදුවේ.පිළිකා සෛල නැසීම මෙන්ම රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීමටද කරවිල වලට හැකියාව පවතී .


               මීට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දිය වැඩි දියුණු කිරීමට, සමේ පලු දැමීම දුරු කිරීමට හා ඇස් වල දීප්තිමත් භාවය රැකගැනීමට ද කරවිල මහඟු ලෙස උපකාරී වෙයි. කරවිල මගින් මළබද්ධය දුරු කරන නිසා අර්ශස් රෝගයෙන් පීඩා විඳින්නන්ට ද කදිම ආහාරයකි. අධික තරබාරුව නැතිකර ගැනීමට, අත් පා වල ඇතිවන හිරි ගතිය දුරු කිරීමට, අකලට හිසකෙස් වැටීම නවතා දැමීමට මෙන්ම පණු රෝග සමනයට ද කරවිල සමත්කමක් දක්වයි.
පුරස්ථි ග්‍රන්ථි වල ඇතිවන පිළිකා
බඩවැල් වල ඇති ඇතිවන පිළිකා
පියයුරු පිළිකා
       සඳහා ද වඩාත් ගුණදායක වේ.

 

 

02. දූරියන්


       බොහෝ දෙනා එතරම් ප්‍රියතාවයක් නොදක්වන පලතුරක් වුවත් ඇතැමෙක් මෙම පලතුර දිව්‍ය භෝජනයක් ලෙස සලකති. ඇත්තෙන්ම දිව්‍යමය ඖෂධයක් ලෙස ද හැඳින්වූවාට වරදක් නැත. මන්දයත් පිළිකා වැනි භයානක රෝග නැසීමේ බලගතු හැකියාවක් දුරියන් සතු වන බැවිනි. විශේෂයෙන්ම කාන්තා රෝග වලට ගුනදායක දූරියන් ශරීරය සිසිල් කර ශරීරයේ බලය හා ශක්තිය වැඩීමක් සිදු කරයි.
         තවද දූරියන් මඟින් පිපාසය සංසිඳුවයි. ඒ වගේම වඳ භාවය ද නැති කරනු ලබයි. පුරුෂ ශක්තිය වැඩීමටත්, පිළිකා සෛල පැතිරයාම මන්දගාමි කිරීමටත් දූරියන් වලට බලය පවතී.


      ඇස් පෙනීම දියුණු කිරීම, සම රැලි වැටීම නවතා දැමීම , හිසකෙස් දීප්තිමත් කිරීමටත්, ඇස් වල දීප්තිමත් භාවය වැඩි කිරීමටත්, කෑම රුචි රුචිය වැඩි කිරීමටත් දූරියන් ආහාරයට ගැනීමෙන් ගැනීමේ හැකියාව පවතී.


        ආහාර දිරවීම පහසු කිරීම මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට ද, ඇටමිදුළු හා දත් ශක්තිමත් කිරීමට, තරුණ බව රැක දීමට, විදුරුමස් වල ලේ ගැනීම නැති කිරීම හා හොඳින් කන් ඇසීම වැඩි කිරීමට දුරියන් සමත් වේ.එමෙන්ම ස්නායු රෝග වලට ද ගුණදායකය.කොලෙස්ට්‍රෝල් හා දියවැඩියාව ද නැති කරයි.

 

03. අනෝඳා


         අනෝදා පිළිකා සෛල සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි ගුණයෙන් සමන්විත පලතුරක් ලෙස සලකයි. විශේෂයෙන්ම බඩවැල්වල ඇතිවන පිළිකා, අමාශයේ පිළිකා හා පියයුරු පිළිකා සාර්ථකව සුව කිරීමට අනෝදා වලට හැකියාව පවතී .
         ඊටත් අමතරව අනෝදා සතුවන වෛරස් සහ බැක්ටීරියා නාශක ගුණය බඩවැල්වල සිටින අනවශ්‍ය පණුවන් නැති කිරීමත් සිදුකරයි.ඊට අමතරව අධික රුධිර පීඩනය නැති කිරීමටද, මානසික ආතතිය දුරලීමට , ස්නායු ආබාධ, හෘද රෝග හා ඇදුම රෝගය සුව කිරීමට ද අනෝදා සමත් වේ.


         ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවා මුහුණේ පැහැය ඔපවත් කිරීමට අනෝදා වලට හැකිය. තවද මුත්‍රාශ ගල් පවතින රෝගීන්ට අනෝදා යනු දිව ඔසුවකි. අනෝදා අනුභවයෙන් අක්ෂි රෝග හා පිත්තාශ ගත රෝග සුවපත් වේ. එමෙන්ම ඇටමිදුළු හා දත් ශක්තිමත් වීමට ද උපකාර කරයි.ශරීරයේ මාංශපේශි වර්ධනය වී දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් පාලනය වීමක් අනෝදා ආහාරයට එකතු කර ගැනීමෙන් හැකිවේ.
          පිලිකාවක දී ඇතිවන හිසකෙස් ගැලවී යාම හා බර අඩුවීම වැනි අතුරු ආබාධ අනෝදා ආහාරයට එක්කර ගැනීමෙන් මගහරවා ගත හැකිය.
        ශරීරයේ බලය ශක්තිය වඩවා මනා ප්‍රසන්න පෙනුමක් ඇති කිරීමට සමත් ආහාරයක් ලෙස අනෝදා හඳුන්වා දීමට හැකිය.


       අනෝදා වල පිළිකා නසන ගුණ රාශියක් ඇති බව නූතන පර්යේෂණ වලින් පවා ඔප්පු වී ඇත. එමගින් විවිධ පිළිකා වර්ග 12ක් පමන සුවපත් කරගත හැකි බව එම පරීක්ෂණවලින් වැඩිදුරටත් අනාවරණය කොට ගෙන ඇත.
          මෙමගින් පිළිකා වර්ධන වේගය අඩුකරන අතර පිළිකාවක් නිසා ශරීරය දුර්වල වීමත් මග හරිනු ලබයි. පිළිකා සෛල විනාශ කිරීමට දෙන්නා වූ බටහිර ඖෂධවලින් ශරීරයේ නිරෝගී සෛල පවා විනාශ වී යයි. නමුත් අනෝදා මඟින් නිරෝගී සෛල වලට හානියක් නොකරන පිළිකා සෛල විනාශ කර පිළිකාව සුවපත් කිරීමේ විශ්මිත හැකියාවක් ඇති බව ඔබ දැන සිටියාද?

 

 

04. වරකා


         මිනිසාට වැළඳෙන පිළිකා අතරින් මහ බඩවැල් වල ඇති ඇතිවන පිළිකාවන් සුව කිරීම ඉතා අපහසු පිළිකා ලෙස හඳුන්වා දීමට පුළුවන. නමුත් වාසනාවකට මෙන් වරකා තුළ අඩංගු වන බලගත ශුද්‍ර පෝෂක වන ලිග්නන්ස් , සැපොනින්ස් ආදී පිළිකා මර්දන සංයෝගයන් මගින් බඩවැල් පිළිකා සාර්ථකව සුවකර ශරීරාංග සවිමත් කර දීමේ හැකියාවක් තිබේ.


       ශාකමය පලතුරු වල පමණක් අඩංගු වන ශුද්ධ පෝෂක සංයෝග වලින් පිළිකා සෛල මුල් අවදියේ ම විනාශ කර දැමීමේ හැකියාව පවතින අතර වරකා තුළ අඩංගු වන අප ඉහතින් සඳහන් කළ සැපොනින්ස්  සංයෝගය ලියුකේමියා සෛල හා සටන් වදින බවත් එක්තරා අධ්‍යයනයක් මඟින් තහවුරු වී ඇත. මෙම සංයෝගය මගින් පිළිකා සෛල වටා බන්ධනයක් ඇති කර පිළිකා වර්ධනය වීම වළකාලයි. වරකා සතු ප්‍රතිඔක්සිකාරකය මඟින් පීඩාකාරී රෝගකාරක හා සටන් වැදී ශරීරයට ප්‍රතිඔක්සිකාරක අාපදා ඇතිවීමද වළකාලයි.


        තවද වරකා සතුවන තන්තු  මගින් මහා බඩවැලේ හා ආහාර ජීර්ණ මාර්ගයේ ඇති විෂ සහිත සංඝටක පිරිසිදු කර පිළිකා අවදානම තුරන් කරනු ලබයි .වරකා තුළ පවතින විටමින් C හා සරල සීනි යනු සංයෝගය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි කිරීම සිදුකරනු ලබයි.


        සරල සීනි සමස්ත ශරීර සෞඛ්‍යයට ම සුවදායක වන අතර දෛනික තන්තු අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ශරීරයට ලබාගත හැකිය.  ඒ වාගේම ආහාර ආහාර ජීර්ණයට ඉතා හිතකර පලතුරක් ලෙසද වරකා අපට හඳුන්වා දීමට පුළුවන.

 

05.බීට් රූට් / රතුඅල


       ඉහළ පිළිකා නසන ගුණයක් තිබෙන ආහාරයකි. එමෙන්ම,
  මළබද්ධය දුරු කිරිමට කිරීමට, තුවාල ශෝධනය කිරීමට, අධි රුධිර පීඩනය අඩු කිරීමට මෙන්ම පිළිකා වර්ධන වේගය අඩු කිරීමට ද සමත් වේ.
      පිළිකා සෛල විනාශ කිරීම, අක්මාව හා වකුගඩු ආරක්ෂා කිරීම,අධික තරබාරුව නැති කිරීම, ශරීරයේ ප්‍රදාහය නැති කිරීම මෙන්ම රුධිරය නිපදවීමටත් උදව් කරයි.


       බඩ දැවිල්ල නැති කර බඩ තුල හළ හටගන්නා තුවාල සුව කරයි. දත් මුල් වල රුධිරය ගැලීම නවතාලන අතර සම පැහැපත් කිරීමට උපකාරී වේ.
       අක්මා රෝග දුරලීමට මෙන්ම පිත්තාශයේ රෝග වලට රතුඅල ගුණදායක වේ.නහර ගැට ගැට ගැසීම නවතාලයි.ඒ වාගේම අතීසාරයට ද ගුණදායකය.අර්ශස් වලට ද ගුණදායක බීට් රූට් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි. දත් ශක්තිමත් කරන අතර අස්ථි ශක්තිමත් කරන මෙම ආහාරය මල පිටවීම පහසු කරයි.


           විශේෂයෙන්ම බීට්රූට් ආහාරයට ගැනීමෙන් පසු හොඳින් ජලය පානය කිරීම කළ යුතුය. එමගින් ශරීරයේ විෂ කොටස් පහසුවෙන් පහ කිරීමට පහ කිරීමට හැකියාව පවතී. බීට් රූට් පිසීමේදී අධික තාපය නම් එතරම් සුදුසු නොවේ. එමගින් සිදු වන්නේ බීට් රූට් හි පවතින විටමින් වර්ග විනාශ වී යාමයි.

       



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.