අභ්‍යවකාශයේ අතරමං වූ ප්‍රථම කාන්තාව හා ඔබ අභ්‍යවකාශය පිළිබඳ දැනගතයුතු කරුණු

 2,126 Total views,  15 Views today

     

       අපගේ විශ්වය පිළිබඳ කථා කරන්නේ නම් එය කවදාවත් කතා කර ඉවර කළ නොහැකි තරම් කුතුහලය විශ්මය දනවන දත්තයන්ගෙන් පිරුණු එකක් ලෙස හැඳින්විය හැකිය.අභ්‍යවකාශය ග්‍රහලෝක, සඳ , තරු විවිධ ග්‍රහ වස්තූන් පිළිබඳව විටින් විට සොයා ගැනෙන තොරතුරු ද නිමක් නොවේ.ඒ වාගේම එහි කුතුහලය දනවන තොරතුරු වගේම ගගනගාමීන්ට භයානක ඉරණම අත් කර දුන් ස්ථානයක් ලෙසද අපට හඳුන්වා දීමට හැකිය. අභ්‍යවකාශයේ අතරමං වුවහොත්, තමන්ගේ යානය විනාශ වුවහොත් වැනි  අකරතැබ්බයන්ට මුහුණ දුනහොත් ඔහුගේ අවසානය එයම බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ලිපිය තුලින් තුළින් අපි ඔබට එවැනි සිදුවීම් කීපයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

 

මුලින්ම අභ්‍යවකාශ විද්‍යාවේ ඉතිහාසය ගැන කතා කළහොත්, විශ්වාස කරන ආකාරයට මුලින්ම මේ අභ්‍යවකාශ ගමන්වලට උනන්දුවක් දැක්වූයේ දහනමවන ශත වර්ෂයේ අග භාගයේ සිට බව පැවසේ. ඒ වන තුරු විද්‍යාඥයෝ ගණිතමය සමීකරණ වලින් අභ්‍යවකාශ යානයක් මේ වේගයෙන් ගියහොත් අපගේ පෘතුවියෙ ගුරුත්වාකර්ෂණයෙන් මිදී ඉහළ අභ්‍යවකාශයට යාමට හැකි වේවි යැයි ගණන් බලා තිබුණි.එම කාලයේ විද්‍යාඥයින් මෙතරම් වේගයකින් යාමට හැකි බලවත් එන්ජිමක් සෑදීමට හැකි ක්‍රමයක් සොයාගෙන නොතිබිණි. ඉන් අවුරුදු පනහකටත් පමණ වැඩි කාලයකුත් ලෝක යුද්ධ දෙකක් අවසානයේ දී මිනිසාගේ අභ්‍යවකාශ තරණය කිරීමෙන් යුගය ආරම්භ විය.

 

1957 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ 4 මිනිසාට පළමුවරට අභ්‍යවකාශයට ස්පුට්නික් (Sputnik) 1 යානය  කක්ෂගත කිරීමට සමත් වුණි.සෝවියට් සමූහාණ්ඩුව නිර්මාණය කළ මේ යානය ඇන්ටනා කිහිපයක් සවි කළ ගෝලයක හැඩයෙන් යුක්ත වේ.අද වන විට නම් මෙය එතරම් දෙයක් ලෙස නොසැලකුණත් පළමු පියවර ලෙස මෙය එදා ඉතා විශාල පෙරළියක් කිරීමට හැකි අවස්ථාවක් විය.මෙලෙස අභ්‍යවකාශ විද්‍යාව විද්‍යාවේ ඉතිහාසයේ ආරම්භය සනිටුහන් විය.

දෙවන වරට  විද්‍යාඥයින් විවිධ ජීවීන් අභ්‍යවකාශ වැවීමට පටන් ගත්හ. උදාහරණයක් ලෙසබල්ලන් , වඳුරන් ,මැස්සෝ, මකුළු වැනි සතුන් සතුන්ව අභ්‍යවකාශයට යවා පර්යේෂණ කිරීමට විද්‍යාඥයින් උත්සාහ කළහ.ඔබ කවුරුත් අසා ඇති ලයිකා නම් බැල්ලිය එම පර්‍යේෂණයන්ට යොදා ගත් එක් සත්වයකි. 1957 මේ සිදුවීමට දායක කරගන්නා ලද්දේ ස්පුට්නික් 2 අභ්‍යාවකාශ යානයයි. එම බැල්ලිය නැවතත් පෘථිවිය කරා ගෙන ඒමට කිසිදු අදහසක් හෝ ක්‍රමයක් නොතිබූ අතර එමනිසා අභ්‍යාවකාශයට ළඟා වීමෙන් පසුව දින කිහිපයකට පසුව ආතතියෙන්, අධික තාපයෙන් හා විජලනය නිසා ඇය මරණයට පත් වූහ. ඉන්පසු 1960 දී සෝවියට් අභ්‍යාවකාශ සුනඛයන් වන බෙල්කා හා ස්ට්‍රෙල්කා පෘථිවිය වටා කක්ෂගත වී නැවත සාර්ථකව පෘථිවිය කරා පැමිණියහ.

 

1961 අවුරුද්දේදී අප්‍රේල් මාසයේ 12 පළමු මිනිසාව අභ්‍යවකාශයට යවා අභ්‍යවකාශ විද්‍යාවේ මීළඟ විශාල ම පියවර තැබූහ. බයිකොනුර්  නම් ස්ථානයේ වොස්ටොක් යානයේන් පළමුව අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ලෙස යූරී ගගාරීන් ඉතිහාසයට එකතු විය . පෘථිවිය වටා වටයකුත් සම්පූර්ණයෙන් කිලෝමීටර් හතළිස් 41000 ක දුරක් ගොස් නැවත පෘතුවියට පෘථිවියට ඒමට යූරි ගගාරින් සමත් විය. එදින සිට අවුරුදු කීපයක් කිහිපයක් යන තෙක්ම ඔහු ලෝකයේ සිටින කීර්තිමත්ම පුද්ගලයෙක් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වූහ. අදට ද අපට ඔහුගේ නම මතකයේ තිබෙන්නේ මේ විශාල හා සාර්ථක  පියවර නිසාය.

එතැන් සිට අභ්‍යවකාශ නිරීක්ෂණය දියුණුවීම,  විවිධ සාර්ථක පියවරවල් මඟින් මගින් ඉදිරියට ඒමට අභ්‍යවකාෂ විද්‍යාඥයින්ට පර්යේෂකයන්ට හැකි විය.අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාවආසන එකකට වඩා පිහිටා තිබෙන ලෝකයේ පළමු අභ්‍යවකාශ යානය, ලෝකයේ පළමු වතාවට අභ්‍යවකාශ යානයකින් පිටතට ඇවිත් අභ්‍යවකාශයේ ඇවිදීම හා විශේෂයෙන්  පළමු සඳ තරණය මිනිසුන් තැබූ නොමැකෙන සුවිශේෂී සටහන්‍ ය.

 

ඇලෙක්සි ලෙනෝව් අභ්‍යවකාශයේ ඇවිද යාමට සමත් වුණු පළමු මිනිසා

ඒ ආකාරයට 2019 වර්ෂයේ සැප්තැම්බර් විසි වන දින වන විට මිනිසුන් 563 මේ අභ්‍යවකාශ තරණය කොට ඇත. ඒ අතර පිරිමි පුද්ගලයින් 490 නමයක් හා කාන්තාවන් 64 දෙනෙකු ඇතුළත් වේ. මේ අය සම්පූර්ණයෙන්ම මිනිස් දවස් දස දහසකටත් වඩා අභ්‍යවකාශයේ ගත කර තිබේ.මේ හේතුව නිසා මේ වන විට අවකාශයේ සැරිසැරීම ගගනගාමින් ට එතරම් දෙයක් නොවේ.

නමුත් මෙහි අඳුරු පැතිකඩක් නැත්තේද නොවේ.අභ්‍යවකාශයේදී අඳින ඇඳුම් තනි පුද්ගලයෙක් අභ්‍යවකාශයට යවන යානයක වගේම සාදා ඇත. ඒ නිසාම අභ්‍යවකාශ යානයක දෝෂ තිබෙන්නාක් මෙන් ම මේ අඳින ඇඳුමේ ද දෝෂ මත වීමට හැකිය. අභ්‍යවකාශයේ සිටින විටම ගගනගාමින් ට ගංවතුරකට හසුවීමට සිදුවූ අවස්ථා ඇති බව කිවහොත් ඔබ පුදුම වනු නොඅනුමානය.

2013 දී මෙවැනි අනතුරකට මුහුණ පෑවේ ඉතාලියානු ගගනගාමියෙකු ය. ඔහු පිටත අභ්‍යවකාශයේ ඇවිදිමින් සිටියදී තමන්ගේ අභ්‍යවකාශ ඇඳුම් ඒ සිසිලන පද්ධතියේ දෝෂයක් ඇති වී හෙල්මටය තුළට වතුර පිරීමට පටන් ගෙන තිබේ. එහි ලොකුම ගැටලුව වුයේ ගුරුත්වාකර්ෂණය නැති වීම නිසා ජලය පහළට වැටෙන්නේ නැතිව මුළු මුහුණ පුරාම රැඳී තිබීම ය. කෙතරම් වතුර රැඳී තිබුණත් ඔහුට තාම හෙල්මටය ගලවා වතුර විසඳා ගැනීමට පිස දා ගැනීමටද හැකියාවක් නොතිබීම නිසා ඔහු බොහෝ අපහසුතාවයට පත් විය. නමුත් ඔහු කිසිම දෙයක් නොපෙනුනද කෙසේ හෝ නැවත අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මතකයෙන් සොයාගෙන පැමිණ තිබේ.එහිදී අනෙක් පිරිස ඔහුගේ ගගනගාමී ඇඳුම් ඉවත් කර ඔහුව බේරා ගෙන තිබේ.

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට එන අතරතුර ඔහු තමන්ගේ අභ්‍යවකාශ ඇඳුමට නම් කිසිදු හානියක් කර නොගැනීම නිසා ඔහුගේ ජීවිතය තවත් අතකින් රැකී තිබේ.මන්ද යත් අපි පෘතුවියථිවියේ සිටින විට වායුගෝලයේ පීඩනය විසින් අපගේ ශරීරය තද කරගෙන සිටින නමුත් අභ්‍යවකාශයේ වාතය නොමැති නිසා රික්තකයට නිරාවරණය වූවොත් ඉක්මනින්ම දැන් තිබෙන ශරීරයට වඩා දෙගුණයක් පමණ විශාල වීමට පටන් ගැනීමය.

 

Col. Joseph Kittinger Jr. (U.S. Air Force photo)

මේ සිද්දිය ඇත්තටම අත්දැකපු පුද්ගලයකු ලෙස ඇමෙරිකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකුවන Joseph Kittinger හඳුන්වා දීමට පුළුවන . ඔහු 1666 දී පෘථිවියෙන් පිටත ස්තරයක සිට පෘථිවියට පිම්මක් පැනීමේ දී ඔහුගේ එක් අතක ආවරණයක් නිසි ආකාරව ක්‍රියා නොකිරීම නිසා එම අත එක එකවිටම විශාල වී තිබේ. නමුත් ඔහු පෘථිවියට නැවත පැමිණි වහාම ඒ යථා තත්වෙට පත් වී තිබේ.

නමුත් අභ්‍යවකාශයේදී මෙසේ සිදුවීමක් සිදු වුවහොත් එම ගගනගාමියා ගෙ ඇඟේ ඔක්සිජන් නොමැති වී තත්පර 15 කින් පමණ සිහිය නැති වී යයි.
එවැනි සිදුවීමකට 1960 අවුරුද්දෙ නාසා ආයතනයේ ගමන ගඟනගාමියෙකු ට මුහුණ දීමට සිදුවී ඇත.අභ්‍යවකාශය පුහුණුවීම් හි නිරත වෙමින් සිටින විට රික්තයට නිරාවරණය වී සිහිය නැති වී ගොස් තිබේ. නැවත සිහිය පැමිණි විට ඔහු පැවසූ දේ නම් ඔහුගේ දිවේ තිබෙන කෙළ උණු වී පැසෙනවා මෙන් දැනුණු බව ද ඉන් එහාට ඔහුට සිහිය නැති වූ නිසා කිසිම දෙයක් මතකයෙහි නැති බවය.

මේ සියලූ කාරණා වලටත් වඩා ගගනගාමීන් මුහුණදීමට බිය සිදුවීම නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්  පිටත වැඩ කරමින් සිටින විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මිදි අභ්‍යවකාශයේ පාවෙලා යාමට සිදුවේයැයි තිබෙන බිය ය.ඔවුන් අඳින අභ්‍යවකාශ ඇඳුමේ ඔක්සිජන් සීමා වන්නේ පැය 7.5 ක් වගේ කාලයකට පමණි.එය අවසාන වන විට ඔහුට එසේ අතරමංවූ හොත් සිදු වන්නේ කුමක්දැයි ඔබට වැටහෙනවා ඇති.

අප දැනුවත්ව නම් මේ ලොවේ එවැනි අනතුරක් සිදුවූ පුද්ගලයකුගේ සඳහනක් නොමැත. කිසිම ලිඛිත සඳහන් නොමැති වුවත් එවැනි බිහිසුණු හා දුක්බර අත්දැකීමකට මුහුණ දුන් කාන්තාවක් පිළිබඳව වාර්තා වේ. මේ කියන්නා වූ සිද්ධිය වන වකවානුව අභ්‍යවකාශය මුලින්ම ජයගැනීමට සෝවියට් සමූහාණ්ඩුව හා ඇමරිකාව අතර බල තරගයක් ඇති වූ වකවානුවකි. 1963 අවුරුද්දේ දී Judica-Cordiglia සහෝදරයින් අභ්‍යවකාශයේ සිට එන රේඩියෝ තරංග හඳුනාගන්නා මධ්‍යස්ථානයක වැඩ කරමින් සිටියහ. මේ දෙදෙනා එසේ වැඩ කරමින් සිටියදී එක විටම අභ්‍යවකාශයේ සිට පැමිණි අමුතු තරංගයක් හඳුනා ගැනීමට හැකි වී තිබේ.මේ තරංගය විකේතනය කර ඇසීමට පටන් ගත් විට ඔවුන් පුදුමයට පත්විය. එයට හේතුව නම් මේ තරංගයේ ඇතුළත් වූයේ කාන්තාවකගෙ කටහඬක් වීමය. මේ කාන්තාව ගොඩක් බියවී වේදනාවෙන් සිටින ආකාරයක් මේ තරංග ඇසූ විට ඔවුන්ට හොඳටම වැටහී ගිය දෙයකි. වාර්තා වන ආකාරයට මෙසේ මෙම කාන්තාව තරංගයක් එවා උදව් ඉල්ලීමට කටයුතු කළ බව පැහැදිලි වේ. බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට මේ කාන්තාව මුල්ම අභ්‍යවකාශයට ගිය කාන්තාව වේ.ඇය සාර්ථකව අභ්‍යවකාශයට ඇතුළත් වුවත් පෘථිවියට නැවත් පැමිණීමේදී යානයේ තාක්ෂණික දෝෂයක් ඇති වී නැවත අභ්‍යවකාශයට ම තල්ලු වී  යන්නට ඇති බව සිතිය හැක. ඒ අවස්ථාවේදී උදවු ඉල්ලීමට එවූ ඉහත දැක්වූ තරංග පණිවිඩය පමණක් දැනට සාක්ෂියක් වශයෙන් ඉතිරි වී තිබේ.

Judica-Cordiglia සහෝදරයින්

සෝවියට් සමූහාණ්ඩුව විසින් ප්‍රථම වරට අභ්‍යවකාශයට යැවූ කාන්තාව මැය වුවත්, ඇය අනතුරකට පත්වූ නිසා ඇයගේ තොරතුරු සියල්ල මකා දමා ඇති බව විශ්වාස කෙරේ. මන්දයත් ඇමරිකාව හා ඔවුන් අතර තිබූ බල අරගලය හේතුකොටගෙන මෙය ඔවුන්ට කලු පැල්ලමක් එක් කිරීමට හැකිවන නිසාය.පසුව සෝවියට් සමූහාණ්ඩුව විසින් තවත් කාන්තාවක් අභ්‍යවකාශයට යවා ඇය මුල්ම අභ්‍යවකාශයට ගිය කාන්තාව ලෙස නම් කර තිබේ.එම නිසා  සදාකාලයටම අභ්‍යවකාශය තුල අතරමං වූ ප්‍රථම කාන්තාව පිළිබඳව කිසිදු ඇගයීමක් හෝ සඳහන් සඳහනක් කොතනකවත් ලිඛිතව නම් ලියා නොමැත.

 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.