ක්ෂණයකින් ගින්දර ඇල්ලක් බවට පත්වන විශ්මය ජනක දිය ඇල්ල – Amazing News | SLMobi.com

ක්ෂණයකින් ගින්දර ඇල්ලක් බවට පත්වන විශ්මය ජනක දිය ඇල්ල

 

     ස්වභාව ධර්මය අපට විශ්වාස කිරීමට අපහසු එහෙත් විශ්මිත දෑ කොතෙකුත් මවා ඇත.වනාන්තර, කඳු පංතීන්, ගංගා , සතුන් , දියඇලි ආදී බොහෝ දේ තුළින් ස්වභාවධර්මයේ සුන්දරත්වය අපට කියාපායි.මේ ආකාරයේ ස්වභාවික සුන්දර Big Pharma and Biotech Need to Do More in the Fight Against Covid-19 clomid for men for sale home – modafinil zoll, anabolic steroids pills list – sosh x ස්ථාන අතරිනුත් සුවිශේෂී ස්ථාන ගැන අපට අසන්නට දකින්නට ලැබේ.මේ ලිපිය තුළින් ද අප ඔබට හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ එවැනි සුවිශේෂී වූ සුන්දර ස්ථානයකි.

එනම් මේ ලෝකයේ ගින්දර ජලය කඩාහැලෙන එකම දියඇල්ල ගැනය.මෙම ඇල්ල Yosemite Firefall නමින් හඳුන්වනු ලබයි.මෙම විශ්මයජනක ඇල්ල පිහිටා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ය.මෙම ප්‍රාන්තයේ ජාතික වශයෙන් නම් කර ඇති වනෝද්‍යාන නමයක්ම පවතී.yosemite firefall පිහිටා ඇත්තේ මෙම වනෝද්‍යාන අතරින් yosemite යන වනෝද්‍යානය තුළ ය .මෙම වනෝද්‍යානය පිහිටා ඇත්තේ සේරු නිවාඩා යන කඳුකර ප්‍රදේශයේය .මෙම කඳුකරය කැලිෆෝනියා ප්‍රාන්තයේ නැගෙනහිර කොටස සම්පූර්ණයෙන්ම ආවරණය කරයි.Yosemite ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර ඇත්තේ 1890 වර්ෂයේ දී ය. රළු භූ විෂමතාවය කින් යුක්ත වීම, සියවස් ගණනක් පැරණි ෆයිනස් ගස් පැවතීම හා දිය ඇලි පිහිටා තිබීම යන කරුණු හේතුකොටගෙන මෙම උද්‍යානය ලොව පුරා ජනප්‍රිය වී ඇත. වර්ග කිලෝමීටර 1200 ක් පුරා විහිදී තිබෙන උද්‍යානය සංචාරක ආකර්ෂණය වඩාත් ම ලබා ගැනීමට හැකි වී ඇත්තේ ගින්දර දියඇල්ල නිසාමය කිවහොත් එය නිවැරැදිය.ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක් ලෙස කියා පෑමට හැකි ගින්දර දියඇල්ල  ඇල්ල අඩි 3000ක උසක සිට පහළට කඩා වැටෙන්නේ ඉතා අලංකාර දර්ශනයක් මවා පාමිනි.

මෙසේ ගින්දර වැනි ජලය කඩා කඩාවැටීමට නම් ඇල්ලෙහි ඉහළ ගිනිකඳු වැන්නක් තිබිය යුතු බව ඔබට සිතෙනවා ඇති.ඇත්තෙන්ම මේ ඇල්ල තුළින් ගින්දර පැහැයෙන් යුත් ජලය පහළට කඩා වැටෙන සේ පෙනුනත් ඉන් ගින්දර හෝ නැතිනම් ලාවා හෝ ගැලීමක් සිදු නොවේ.සත්‍ය වශයෙන්ම කිවහොත් මෙය මෙය ස්වභාවික සංසිද්ධියකි.ඒවා ග්ලැසියර් දියවීමේ පහලට ගලා හැලෙන ශීත ජලය වේ .උතුරු අර්ධගෝලයේ රටවලට පෙබරවාරි මාර්තු අවසන් වන විට ශීත ඍතුව අවසන් වේ .ඒ සමගම ටිකෙන් ටික වායුගෝලය  උණුසුම් වීමට පටන් ගනී .මේ උණුසුම නිසා දිය වීමට පටන් ගන්නා ග්ලැසියර් ශීත ජලය ලෙස කඳුකරයෙන් පහලට මෙලෙස දිය ඇල්ලක් ලෙස කඩන් වැටේ.

ඔබට දැන් ප්‍රශ්නයක් පැන නගිනවා ඇති මෙයින් පහලට වැටෙන්නේ ශීත ජලය නම්  මේ ජලය ගින්දර ලෙස දිස්වන්නේ මන්දැයි කියා.ඇත්තටම මෙම දිය ඇල්ල කඩා හැලෙන උස් භූමියේ සිට නිශ්චිත කෝණයකින් හිරු එළිය මේ මත පතිත වීම නිසා මෙහි ජලය ගින්දර හෝ ලාවා ගලා හැලෙනවා මෙන් වර්ණ ගැන්වී ඇත.

හිරු එලියේ ඇති රන්වන් පැහැය හේතුකොටගෙන පහල සිට ඇල්ල නරඹන කෙනෙකුට ඇල්ලෙන් කඩා හැලෙන ජලය ගින්දර හෝ ලවා පැහැයෙන් දිස් වීමට පටන් ගැනීම මෙයට හේතුවයි.

කෙසේ වෙතත් මේ ඇල්ල ගින්දර මෙන් දිස්වීම සෑම වසරකම ඉතා සුළු කාලයක් පමණක් සිදුවේ . එනම් සෑම වසරකම පෙබරවාරි මාසයේ අවසන් සති දෙකක කාලය තුළ පමණක් මේ දුර්ලභ අවස්ථාව නරඹන්නන්ට දැකබලා ගැනීමට හැකියාව ඇත. මෙය කොතරම් දුර්ලභ අවස්ථාවක් ද කිවහොත් මෙම ගින්දර කඩා හැලෙනා වැනි දර්ශනය පවතින්නේ සවස් කාලයේ හෝරාවක් හෝ දෙකක් පමණි.සමහර වර්ෂවල ඉහල වායුගෝලයේ ඇති වන අයහපත් තත්ත්වය නිසා ඒ අවස්ථාව ද දැක බලා ගැනීමට නොහැකි වේ. ඒ අනුව ඔබට මෙය ලෝකයේ දුර්ලභ ම දසුන් අතරින් එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ .

මෙම සංසිද්ධිය මුලින්ම සොයාගෙන තිබෙන්නේ 1872 දී ජේම්ස් මැකෝලි (James McCauley) නම් පුද්ගලයා විසිනි. ඔහු මේ ප්‍රදේශයේ සැතපුම් හතරක් පමණ මාර්ගයක් තනා යම් ස්ථානයක පුන්චි තානායමක් සෑදීමට මෙම ප්‍රදේශය හරහා ගමන් කර තිබේ.පසුව සෑදූ තානායම “මැකෝලි කඳුකර නිවස” ලෙස නම් තබා ඇත. මෙම නිවස පිහිටි ස්ථානය නම් කර තිබෙන්නේ ග්ලැසියර් පොයින්ට් ලෙසය.අදටද එම නම භාවිතාවේ.එම කාලයේදී මෙම ප්‍රදේශය ජනශූන්‍ය ප්‍රදේශයක්ව තිබූ බැවින් මෙහි ස්වභාවික සෞන්දර්යේ විශ්මිත බව කාටවත් දැකගැනීමට නම් ලැබී නැත.නමුත් ජේම්ස් හා ඔහුගේ බිරිඳ නිවාඩු සමයන් ගත කිරීමට මෙම කඳුකර ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් එහි මුල්ම පදිංචිකරුවන් ලෙස ඔවුන් පිළිගත් අතර ගින්දර ඇල්ලේ සිරි අසිරිය ද මුලින්ම විඳගෙන ඇත්තේ ඔවුන් ය.

 

කෙසේ වෙතත් අද වන විට මේ ප්‍රදේශයේ සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනා ගත් ප්‍රදේශයක් ලෙස ජනප්‍රිය වී ඇත.විශේෂයෙන්ම බොහෝ විට ඡායාරූප ශිල්පීන් මේ yosemite firefall හි දුර්ලභ දසුන තාම කැමරා කාචය මත සටහන් කර ගැනීමට පෙබරවාරි මාසයේ අවසන් සති දෙක පැමිණ තුරා මග බලා සිටින බව නම් කිව යුතුය.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply