ලෝකයේ සතුටින්ම සිටින රාජ්‍යය

 772 Total views,  2 Views today


ලෝකයේ සතුටින්ම සිටින රාජ්‍යයන් හඳුනා ගැනීමේ වාර්තාව මගින් 2021 වසරේ ලොව සතුටින්ම සිටින මිනිසුන් වෙසෙන රාජ්‍යය ලෙස සිව්වෙනි වරටත් නම් කර ඇත්තේ ෆින්ලන්තය වේ.එහි දෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ඩෙන්මාර්කය වේ.තෙවැනි ස්ථානය ස්විස්ටර්ලන්තයටත් , සිව්වැනි ස්ථානය අයිස්ලන්තයටත් , පස්වැනි ස්ථානය නෙදර්ලන්තයටත් හිමි වී තිබේ. ෆින්ලන්තය යුරෝපයේ ඉහළින්ම පිහිටි ස්කැන්ඩිනේවියානු රටක් වන අතර කොරෝනා රෝගී තත්වය හමුවේ පවා එම රට හිමිකර ගෙන තත්වය වෙනස් නොකර ගැනීම විශේෂත්වයක් බව විචාරකයන් පවා පවසති.


ප්‍රීතිමත් බව මනිනු ලබන්නේ “රටවැසියන්ගේ සාපේක්ෂ සමෘද්ධිමත් බව” සලකා බැලීමෙනි. රටවැසියන්ට සතුට දැනෙන ආකාරය සහ එම සතුටට හේතු වන කරුණු මෙම වාර්තාව සැකසීමේ‍දී සැලකිල්ලට ගෙන ඇත.

බොහෝ සංක්‍රමණිකයන්ට දැන් නිවහන වන්නේ ෆින්ලන්තයයි. සංක්‍රමණිකයින් හා ෆින්ලන්ත වැසියන් අතර තියෙන්නේ ඉතාම හොඳ බැඳියාවකි. දූෂණය නැති රටක්. ලෝකයේ හොඳ ම පොලිසිය සහ විශ්වාසවන්ත ම බැංකු සේවා, ස්ථාවර, ආරක්ෂාකාරී සහ හොඳ ම විදියට රාජ්‍ය පාලනය කරන ආණ්ඩුවක්. මේ මිනිස්සුන්ට දුකින් ඉන්න කිසිම හේතුවක් මේ රට තුළ නොමැත. ෆින්ලන්තයටත් උත්තරාලෝකය ද දිස්වේ. මේ රටේ අධ්‍යාපනික ආයතන පිහිටුවා තිබෙන්නේ තනිකර ම මහජනයාගේ හෙට දවස වෙනුවෙන් වේ.

ෆින්ලන්තයේ ජනගහනය මිලියන 5.5 ක්. එරට අගනුවර හෙල්සින්කි නගරය යි. ස්වීඩනය, නෝර්වේ, සහ රුසියාවට ෆින්ලන්තය මායිම් වේ. බෝල්ටික් මුහුද රටේ එක් පසෙකින් තිබේ. රටේ විශාලත්වය වර්ග කි. මී. 338455කි. එරට භාෂාව ෆිනිෂ් වන අතර එරට හැඳින්වෙන අන්වර්ථ නාමය ‘විල් දහසේ රට‘ යි. එහි වනාන්තර ද බොහෝ තිබෙන අතර, ඕනෑම යුරෝපා රටකට වඩා එහි වන වැස්ම ඉහළ ය. ෆින්ලන්ත භූමියෙන් 70%කට වඩා වැසී තිබෙන්නේ වනාන්තරවලින් කිව්වොත් ඔබ පුදුම වේවි.

නිතර එලිමහනේ ඉන්න ජනතාවක්
ෆින්තලන්තයේ ජනතාව වැඩියෙන්ම ඉන්නේ එලිමහනේ ය. රටේ පිරිසිදු වාතයක් සහිත පරිසරයක් තිබේ. එ ඉහත කී වන ගහනය නිසාමය.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව ෆින්ලන්තය පිරිසිදුම වාතය තියෙන රටවලින් එකක්. නිතර ස්වාභාවික පරිසරය එක්ක ගණදෙනු කරන නිසා වැසියන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලයි වගේම මානසික ආතතියත් අඩුයි. ඒවගේම ස්වාභාවික පරිසරය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක් වී ඇත.

ඕනෑම පුද්ගලයකුට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් ෆින්ලන්තයේ තිබේ. එමෙන්ම, කැමැති ආගමක් අදහමින් ජීවත්වීමට එරටෙහි හැකියාවක් ඇත. ඒ වගේම තමන් කැමති දෙයක් ප්‍රකාශ කිරීමටත් නිදහස තිබේ.ඒ වගේම එය ධනවතුන් වැඩි රටකි. එහි ජනතාව ඉහළ ඒක පුද්ගල ආදායමක් ලබන අතරම ලොව හොඳම අධ්‍යාපනයක් තිබෙන්නේ ද ෆින්ලන්තයේ බව පැවසෙනවා. ෆින්ලන්තය ලොකයේ ගුරුවරුන්ට වැඩිම වැටුපක් (SLRs 1300000 මාසයකට) ගෙවන ලෝකයේ හොඳම අධ්‍යාපනය තිබෙන රටක් සහ වෙගයෙන් අධ්‍යාපය  යාවත් කාලින වන රටකි. 2025 දි 100% ක්  කඩදාසි පොත් භාවිතය ඉවත් වීමට සැලසුම් කර අැත. එ් රටවල් අපේ රටවල් වගේ පෞඩ ඉතිහාසකට උරුමකම් කියන රවල් නොවේ. වසරකට මාස කිහිපයක් හිමෙන් වැසි පවතියි. නමුත් අද ලෝකයේ දියුණුම සහ මිනිසාට ජිවත් විමට වඩාමත් සුදුසු රටකි.

ගුණාත්මක අතින් ඉහළ සෞඛ්‍ය පහසුකම් තිබෙන බැවින්, එහි ජනතාවට වැඩි ආයු කාලයක් භුක්ති විඳින්නට හැකි වී තිබේ. එරට වැසියකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 80ක් පමණ වෙනවා.රට තුළ වංචා, දූෂණ සහ අපරාධ ආදිය ඉතාමත් අඩු බව යි වාර්තා වන්නේ. මහ පාරේ හිරිහැර අවම රටක් වන ෆින්ලන්තයේ, ධනවතුන් පවා කිසිදු බියක් සැකයකින් තොරව පොදු ප්‍රවාහන සේවා ගමනාගමනය සඳහා යොදා ගැනීමෙන්ම ඒ බව සනාත වේ.ඔවුන් පැහැරගෙන යන්නට හෝ කොල්ලකන්නට ඒ රටේ කවුරුවත් නොමැත. ජනතාවට මානසික නිදහස උපරිමව අත්විඳින්නට අවස්ථාව ලැබී තිබේ.ෆින්ලන්තයේ පොලිස් සේවයත් ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

යුරෝපයේ වඩාත්ම දිදුලන ආහාර සංස්කෘතිය දැකගත හැකි වන්නේ ද ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර යි.ෆින්ලන්ත ජනතාව ආහාරපාන සතුටින් භුක්ති විඳින ජාතියක් ලෙසත් ප්‍රසිද්ධ ය. ‘අවන්හල් දිනය’ යනුවෙන් ජාතික දිනයක් ද එරට සමරනු ලබයි. එදිනට, තමන් කැමති ඕනෑම තැනක අවන්හලක් විවෘත කිරීමේ අයිතිය ජනතාවට හිමි වී තිබේ.

ක්‍රීඩාව ජීවිතේම කොටසක් කර ගෙන ජීවත් වන ෆින්ලන්ත වැසියන්ගේ ශාරීරික සෞඛ්‍යද ඉතා හොඳ මට්ටමක පවතී.රටේ හැමකෙනෙක්මවගේ කිසියම් හෝ ක්‍රීඩාවක් කරති. අන්තර්ජාතික ක්‍රීඩා වගේම දේශීය ක්‍රීඩාත් මෙහි තිබේ. බිරිඳ කරේ තබාගෙන දිවීම ද මේ රටේ ජනප්‍රිය ක්‍රීඩා අංගයකි.

වැඩියෙන්ම පොත් කියවන රටක් ලෙස ද ෆින්ලන්තය ප්‍රසිද්ධය.ෆින්ලන්ත වැසියන්ගෙන් 70%කටත් වඩා තම ප්‍රදේශයේ පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයින්.පොත් මුදාණ ගාස්තු ඉතා අඩුයි වගේම පුස්තකාල පහසුකම් රජයෙන් සපයන බවද වාර්ථා වේ.

මවගේ ගර්භාෂයෙන් පිටතට පැමිණි වහාම දුව ගොස් පන්ති කාමරයක වාඩිවීමේ හදිසියක් හෝ අවස්ථාවක් මෙහි දරුවන්ට නොමැත.

නින්දෙන් තොර වූ සෑම මොහොතකම දරුවන් යම් ඉගෙනීමක් ලබති. කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ කුඩා මොළය, තම පරිසරයේ දක්නට ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. ගසකින් කොළයක් බිම වැටීම, කුඩා බීජයකින් පැළයක් හටගැනීම, සංගීතයෙන් බිහිවන ශබ්දය හා පක්‍ෂීන් පියාසර කිරීම දියෙ පීනන මාළුවන් වැනි දේවල්වලින් ද දරුවෙක් යමක් ඉගෙන ගනී.එලෙස ඉගෙනීමට අවස්ථාවක් ලබා නොදී දරුවා නමැති මුල උදුරා ඔවුන්ව පන්ති කාමරවල ගාල් කිරීමෙන දරුවන්ගේ දැනුම වැඩිවෙනු ඇතැයි සිතීම ඉතාම සාවද්‍ය විශ්වාසයකි බව ෆින්ලන්තය සනාථ කර ඇත.

ලෝකයේ සිටින දරුවන්ගෙන් ඉතාමත් සතුටින් කල් ගෙවන අය පිළිබඳව වාර්ෂිකව පර්‌යේෂණයක් පවත්වා එය ලැයිස්තු ගත කර ඇත. එම ලැයිස්තුවේ ද කවදත් මුල් තැන ලබා ඇත්තේ ෆින්ලන්ත අධ්‍යපන ක්‍රමයයි

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.