මිනිසෙකුගේ බරක් වුවද දරාගත හැකි මානෙල් ලෝකයේ දැවැන්තයා

 2,429 Total views,  3 Views today

ලොව විශාලතම මානෙල් විශේෂය – (Victoria water Lily)

මානෙල් ලෝකයේ විශාලතම විශේෂය වන මෙම Victoria water lily වෙනත් නමකින් කිවහොත්  Victoria amazonica ඇමේසන් ඇතුළු දකුණු ඇමෙරිකානු රටවලට ආවේණික විශේෂයක් වේ.මෙම මානෙල් විශේෂය සොයාගනු ලැබුවේ 1801  බොලිවියාවේ දී ය. 1837 දී බ්‍රිතාන්‍ය ජාතික උද්භිත විද්‍යඥයකු වන ජෝන් ලින්ඩ්ලි මහතා විසින්  බ්‍රිතාන්‍ය රැජිණට ගෞරවයක් වශයෙන් මෙයට වික්ටෝරියා යන නම තබන ලදී.තනි පැළයකට කන්නයකදී පත්‍ර  50 ක් පමණ නිපදවිය හැකි අතර විසිතුරු පැළයක් ලෙස විශාල මූල්‍ය වටිනාමක් ඒ සඳහා හිමි වන්නේ මෙම විශාල පත්‍ර නිසාය.

මෙහි වැඩුණු පත්‍රයක විශ්කම්භය මීටර් 2.5 කට වඩා වැඩි අගයක් ගනී.පුදුමයට කරුණ නම් මෙම පත්‍රයක් දිනකට වර්ග මීටර් භාගයක් පමණ වේගයෙන් වර්ධනය වීමයි.මෙම පත්‍ර ජලාශයට සම්බන්ධ වන දණ්ඩ මීටර් 7 ත් 8 ත් අතර දිගකින් යුක්ත වන අතර පරිණත පත්‍රයකට කිලෝග්‍රෑම් 45 ක පමණ බරක් පහසුවෙන් දරාසිටිය හැක.ඒ බව ඔබට ජායාරූප දැකීමෙන් සිතාගැනීමට හැක.

 

මෙම පත්‍රයට එයටම ආවේණිකවූ ආරක්ෂක පද්ධතියක් ඇත.මේ පත්‍ර යටි පැත්තේ කටු පිහිටා තිබේ. ඒ මඟින් ජලයෙහි සිටින ජීවීන්ට කොළය ආහාරයට ගැනීමට හැකියාවක් නොමැත.ඒ වාගේම පත්‍රයේ යටි පැත්ත අස්ථි පද්ධතියක් මෙන් ව්‍යුහයකින් සමන්විත වීම ශක්තිමත් බවට හේතු වේ.පත්‍රයේ මතුපිට ඉටි තට්ටිවක් ඇතිරුවාක් මෙන් ස්පර්ශ කරන ඕනෑම කෙනෙකුට දැනේ.එම නිසා පත්‍රය මතින් ජලය විකර්ෂණය වේ.

iwateri002p4

වික්ටෝරියා මානෙල් හි පත්‍රවල විශාලත්වය නිසා බොහෝ දුරට ජලය යටට හිරු එළිය වැටීම අවහිර වේ. මේ නිසා ඇල්ගී ඇති වීම අවම වේ.එය ඇල්ගී ආහරයට ගෙන ජීවත්වන මත්ස්‍යයින්ට ජීවත් වීමට අපහසු වන නිසා මේ මානෙල් වැඩෙන තැන්හී මත්ස්‍ය ගහනයද ඉතා අඩු වේ.නමුත් මේ යෝධ පත්‍ර ජලජ ජීවීන් ඔවුන්ගේ විලෝපිකයින්ගෙන් ආරක්ෂා කරීමට ද උපකාරි වේ.

 

මේ ලිලී විශේෂය පළලින් පමණක් නොව උසින්ද යෝධ ප්‍රබේධයකි.මෙහි පැළයක් උස අඩි 25ක් පමණ උස යන අවස්ථා ඇත.එනම් අඩි 25ක් ගැඹුරු විලක ජලය මතුපිට පාවෙන වික්ටෝරියා ලිලී කොළ හා මල්වල මුල් පද්ධතිය පිහිටා තිබෙන්නේ අඩි 25ක් වූ ගැඹුරු පතුලේය.

මෙම වික්ටෝරියා මානෙල් මල සුදු පැහැයකින් යුක්ත වන අතර මල පිපුණු මුල් අවදියේ ඉතා මිහිරි අන්නාසි සුවඳකින් යුක්ත වේ.ඒ වාගේම අඩි 2ක් තරම් විශ්කම්භය ඇති මේ මලෙහි  සුවඳ නිසාම කෘමීන් මේ වෙත ආකර්ශණය වන අතර එමගින් පරාගනය සිදුවේ.මල පරාග වලින් පරිණත වූ පසු කෙමෙන් දම් පැහැයට හැරෙන අතර මිහිරි සුවඳද කෙමෙන් පහ වී යයි.මේ මල් විශේෂය ජුරාසික් යුගයේ සිට නොනැසී පැවත එන විශේෂ මල් වර්ගයකි.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.