පිළිකාවක් කල්තියා හඳුනා ගැනීමට හැකි ලක්ෂණ – 09

 4,414 Total views,  9 Views today

    සාමාන්‍යයෙන් පිළිකා සෛල හටගන්නේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල වලින්ය.අපේ සෛල න්‍යෂ්ටියේ වර්ණදේහ කියන ජාන කොටස් විශේෂයක් තිබේ. එය සෑදී තිබෙන්නෙ DNA වලිනි. DNA  මගින් සෛල බෙදෙන විට DNA එකක් දෙගුණ වෙලා දෙකට බෙදේ. පිළිකාව හටගන්න හේතුවන කරුණු නිසා සාමාන්‍ය ජාන වලින් හැදිලා තියෙන DNA  විකෘති වෙලා එම ජානය පිළිකා ජානයක් බවට පත්වේ. මේ වගේ සෛල බෙදීම අනවශ්‍ය ලෙස සිදුවීම පිළිකාවට හේතුවෙනවා.

දැනට ලෝකයේ පිළිකා තත්ත්වයන් දෙසීයක් පමණ හදුනාගෙන තිබේ.වාගේම ලෝකයේ සෑම පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට පිළිකා තත්ත්වයක් වැළඳී වැළඳීමේ අවදානමක් තිබෙන බවද සඳහන් වේ.මේ නිසා පිළිකා තත්ත්වයක් කල්තබා හදුනා ගැනීමේ වටිනාකමක් තිබෙන බව ඔබට වැටහෙනවා ඇති.සාමාන්‍යයෙන් අපි අපේ ශරීරයේ පුංචි ගැටිති ස්වභාවයක් පවතින අවස්ථාවකදී පිළිකා තත්ත්වයක් හඳුනා ගැනීමට උත්සුක වෙනවා.නමුත් ඊට අමතරව තවත් ක්‍රම කිහිපයක්, එනම් පිළිකා තත්ත්වයක් කල්තියා හඳුනාගැනීමට ඉඟි කිහිපයක් අපේ ශරීරයෙන් පෙන්නුම් කරනවා.මේ ලක්ෂණ කීපය සෑම විටම පිළිකා තත්ත්වයක දීම පමණක් ඇති වන්නේ ද නැත.නමුත් මෙම ලක්ෂණයන් හඳුනාගෙන අපට වෛද්‍යවරයෙකු මුණ ගැසේ පවතින්නේ පිළිකා තත්ත්වයක් ද නැද්ද යන්න හඳුනා ගැනීමට මේ උදව් වෙනවා.

 

01.හේතුවක් නොමැතිව ශරීරයේ බර අඩුවීම.


හුඟක් වෙලාවට බොහෝ දෙනා ශරීරයේ බර අඩු වෙනවාට බොහොම කැමතියි. නමුත් අසාමාන්‍ය ලෙස ශරීරයේ හේතුවක් නොමැතිව බර අඩුවීම ඇත්තටම සැලකිය යුතු කාරණාවක්.ආහාර රටාවකින් පාලනයක් නොමැතිව, ව්‍යායාම් කිරීමකින් තොරව ශරීරය බර අඩුවීම නම් යම් රෝගයක ලක්ෂණයක් වීමට ඉතාමත් වැඩි හැකියාවක් පවතිනවා.වෛද්‍ය මොරිසන් මහතා ප්‍රකාශ කරන පරිදි පිළිකා තත්ත්වයකදී ශරීරයේ බර අඩුවීම සිදුවෙයි.එයට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ මේ පිළිකා තත්ව ඇති වීමේදී සෑදෙන ගැටිති ඇති වීමේදී අමතර පෝෂණයක් සහ ශක්තියක් ඒවාට අවශ්‍ය වීම නිසා බවය.


මේ නිසා අපේ ශරීරයේ බර අසාමාන්‍ය ලෙස අඩු වීමට හැකියාවක් පවතිනවා.වගේම සාමාන්‍යයෙන් අපි යම් පීඩාකාරී තත්ත්වයකට මුහුණදී සිටීමේදී අපේ ශරීරයේ බර අඩු වීමට හැකියාව පවතිනවා.නමුත් කිසිම හේතුවක් නොමැතිව ශරීරයේ බර අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ ඒ පිළිබඳ සැලකීමත් වන්න.


එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යක්ෂක වෛද්‍යවරයා පවසන ආකාරයට පිලිකා රෝගීන්ගේ බර අඩුවීමක් දක්නට පුළුවන් වුවත් බොහෝ විට ශරීරයේ බර අඩු වන්නේ උදරයේ , අන්‍යඝ්‍රෝතයේ , අග්න්‍යාශයේ හෝ පෙනහළු වල පිළිකා තත්ත්වයක් ඇති වී තිබෙනවිට බවයි.

 

 

02.කල් පවත්නා වෙහෙස


අපට ඇතැම් දිනයන්හිදී ඉතා අධික වෙහෙසක් දැනෙන අවස්ථා බොහෝ විට තියෙන පුළුවනි.එයට විශේෂ හේතුවක් ලෙස සඳහන් කරන්න පුළුවන් ප්‍රමාණවත් ලෙස ලෙස නින්දක් නොමැතිවීම.එසේත් නොමැති නම් දවස පුරා අධික ලෙස වෙහෙස වී වැඩ කිරීම .නමුත් එවැනි කිසිම දෙයක් නොකර කෙනකුට අධික ලෙස වෙහෙස කාරී තත්වයක් දැනෙනවා නම් එය නොසලකා හැරීම නම් අපරාධයක්. පිළිකා ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ස්කැප් මහතා ප්‍රකාශ කරන්නේ ප්‍රමාණවත් තරම් විවේකයක් ලබා ගත්තත් දිගින් දිගටම වෙහෙසකාරි තත්වයක් දැනේ නම් එය පිළිකා තත්වයක මූලික ලක්ෂණයක් වීමට හැකියාව පවතින බවය.ඒ වගේම ඔබ ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරනවා නම් ඉතාම පහසුවෙන් ඔබට මේ ලක්ෂණය මඟහැරී ද යාමට ඉඩතිබේ.

අධික වෙහෙසක් දැනීම පිළිකා තත්ත්වයක ලක්ෂණයක් වන්නේ ශරීරයේ රුධිරය ඉවත් වීමක් සිදුවන නිසාය .වෛද්‍ය මොරිසන් මහතා ප්‍රකාශ කරන ආකාරයට ආහාර ජීර්ණ මාර්ගයේ පිළිකා තත්ත්වයක් ඇති වුවහොත් එයින් අභ්‍යන්තර ලේ ගැලීම් තත්ත්වයක් වුවත් ඇතිවීමට හැකිය.ඇතැම් විට කෙනකුගේ මලපහ සමග ලේ පිටවේ.නමුත් ඇතැම් විට මේ හදුනාගැනීම අපහසු වේ.

මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම සිදු වුවහොත් එම පුද්ගලයා රක්තහීනතාවයට ගොදුරු වීමට පුළුවන.මෙහිදී ඇතිවන මූලික ලක්ෂණ ලෙස අපට නිතර දැනෙන අධික වෙහෙස නිදිමත කෙටි හුස්ම ගැනිම් , හෘද ස්පන්දන වේගය වැඩිවීම හා වළලූකර ඉදිමීම හඳුන්වා දීමට පුළුවන .

 

 

 

03.හේතුවක් නොමැතිව හෝ අක්‍රමවත්ව සිදුවන ලේ ගැලීම්


මෙය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද බලපාන තත්ත්වයකි.කාන්තාවන්ට නම් ඔසප් වීම මාස 12 කට වඩා අක්‍රමවත් ම සිදුවෙනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශම කරුණකි.මන්දයත් මෙම තත්ත්වය ගැබ් ගෙල පිළිකාවක මූලික ලක්ෂණයක් වීමේ අවදානම ඉතාමත් වැඩි බව වෛද්‍යවරුන් පවසන නිසාය.


තරුණ කාන්තාවන්ගේ අක්‍රමවත් ඔසප් චක්‍රය, ඔසප් චක්‍ර අතර සිදුවන ලේ ගැලීම් තත්වයන් හා ලිංගික ක්‍රියාකාරකම්වලින් පසු ඇතිවන ලේ ගැලීම් ඉහත කී පිළිකා තත්ත්වයන්හි මූලික ලක්ෂණයක් වීමට හැකියාවක් ඇත.නමුත් සෑම විටම මෙවැනි ලක්ෂණයන් පිළිකා තත්ත්වයක් නිසා ම නිසාම ඇති වන්නේ ද නැත.වෙනත් සෞඛ්‍යය ගැටලු නිසාත්, හෝමෝන තත්ත්වයන්හි වෙනස්කම් නිසාත් මෙවැනි තත්වයන් ඇතිවේ. එනමුත් එය අප තීරණය කරනවාට වඩා වෛද්‍යවරයෙකු මුණගැසී ඔහුට ම එය තීරණය කිරීමට ඉඩ දීම නුවණට හුරුය.බොහෝදෙනෙක් ගුද මාර්ගයෙන් ලේ පිටවීම පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත . නමුත් ගුද මාර්ගයෙන් තද පැහැති ලේ පිටවීම ඉතාමත් සැලකිය යුතු තත්වයකි.එවැනි තත්වයක් ඔබට තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසීමට වගබලා ගන්න.

 

 

 

04.ගෙලේ ඉදිමීම් ඇතිවීම


ඔබ ගොඩක් වෙලාවට අසා ඇති සෞඛ්‍ය උපදෙස් වල පියයුරු වල හා වෘෂණ වල ඇති වන ගැටිති පිළිබඳ නිතර සැලකිලිමත් වීය යුතුබව.නමුත් ඔබ දැන දැනසිටියාද ගෙලේ ඇතිවන ගැටිති පිලිකා තත්වයක මූලික ලක්ෂණයක් වීමට හැකි බව.නමුත් බොහෝ දෙනා ඒ පිළිබඳ වැඩි අවධානයක් දක්වන්නේ නැත.ඒ නිසා බොහෝ දෙනා ගෙලේ යම්කිසි ගැටිත්තක් ඇති වී තිබුණහොත් එය ඇති වී බොහෝ කාලයකට පසුව වෛද්‍යවරයකු මුණ ගැසීමට යයි.ඇතැම්විට එවිට පරක්කු වැඩි වීමටත් පුළුවන.ඇත්තෙන්ම මෙවැනි ගැටිති පිළිබඳ අපි අවධානයෙන් සිටිය යුතුය.මන්ද යත් එවැනි ගෙලේ ඇතිවන ගැටිත්තක් හිසේ,ගෙලේ,කටේ,උගුරේ, කනේ, ස්වරාලයේ හෝ තෛරොයිඩ් ග්‍රන්ථිවල ඇතිවන පිළිකා තත්වයක මූලික ලක්ෂණයක් වීමට හැකියාවක් ඇති බැවිනි. බොහෝවිට ගෙලේ එවැනි ඉදිමීම් තත්ත්වයක් ඇති විම වෛරස් ආසාදනයක් නිසා ද විය හැකි ය.නමුත් එවැනි ආසාදන තත්ත්වයක් නම් සති කිහිපයකින් එය සුවවී යයි.


ගෙලේ එවැනි ගැටිත්තක් හෝ ඉදිමීමක් මාස හයකට වඩා තිබේනම් අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසීම නුවණට හුරුය.

 

 

 

05.කටේ ඇතිවන සුව නොවන තුවාල


ඕනෑම කෙනෙකුගේ කටේ තුවාල ඇතිවීම සාමාන්‍යයි.නමුත් මෙම තුවාල උපරිම සති දෙකක් තුළ සුව  වී යයි.නමුත් සති තුනකට වඩා  පවතින තුවාල ගැන නම් සැලකිළිමත් විය යුතුය.මන්දයත් එසේ පවතින පවතින තුවාල පිළිකා තත්වයක මූලික ලක්ෂණයක් වීමට හැකියාවක් තිබෙන නිසාය. ඕනෑම කෙනෙකුගේ ශරීරය දුර්වල වූ විට නැතිනම් ප්‍රතිශක්තිකරණය දුර්වල වූ විට කටේ තුවාල ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි.එනමුත් කටේ සෛල සති දෙකකට වරක් අලුත් වීම නිසා තුවාල ඉබේම සුවවේ.මේ නිසා සති තුනකට වඩා ඔබේ කටේ තුවාලයක් තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ගැනීමට උත්සුක වන්න.

 

 

 

06.කල් පවතින බඩ පිපුම් තත්වයන්


සාමාන්‍යයෙන් කෙනෙකු අධික ලෙස ආහාර ගැනීමෙන් අනතුරුව මෙම බඩ පිපුම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.කුසට දරා ගැනීමට නොහැකි ලෙස ආහාර ගැනීමේ දී මෙම තත්ත්වය ඇතිවීම සාමාන්‍යය සිදුවීමකි.නමුත් සෑම දිනම බඩ පිපීම තත්ත්වයක් ඇතිවන්නේ නම් එතන යම් ගැටළුවක් තිබීමට හැකිය.සති තුනකට වඩා ඔබට බඩ පිපී ඇති ලෙස දැනෙනවානම් ඉක්මණින් වෛද්‍යවරයෙකු මුණගැසී පරික්ෂා කර ගැනීම වටී.එය පිළිකා තත්වයක මූලික ලක්ෂණයක් වීමේ හැකියාවක් පවතී.මීට අමතරව සුළු ආහාර වේලකින් අනතුරුව ද බඩ පිරී ඇති බව හැඟේ නම් හා ආහාර රුචියක් නොමැති බව දැනේනම් වෛද්‍යවරයකු මුණගැසීම නුවණට හුරුය .

 

 

 

07.මලපහ පිටවීමේ අක්‍රමවත් බව

අප කන බොන දේවල් අනුවත් , අප සිටින මානසික තත්වය අනුවත් මල පහ කිරීමේ රටාව වෙනස් වීම සාමාන්‍ය තත්වයකි.නමුත් අසාමාන්‍ය ලෙස එම රටාවේ වෙනසක් තිබේ නම් අප ඒ ගැන සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යය.විශේෂයෙන්ම නිතර නිතර මලපහ පිට වේනම් , ඉතා කුඩා කොටස් ආකාරයෙන් මලපහ පිට වේනම් මෙවැනි තත්ත්ව බඩවැල්වල පිළිකාවක මූලික ලක්ෂණයක් වීමට හැකිය.


වෛද්‍ය මොරිසන් මහතා ප්‍රකාශ කරන ආකාරයට බඩවැල් වල පිළිකා තත්වයකදි ඉහත කී ලක්ෂණයට අමතරව ගුද මාර්ගයෙන් ලේ පිටවීම , උදරයේ ඉදිමීම හෝ උදරයේ වේදනාව , ශරීරයේ බර අඩුවීම සහ නිතර නිතර වෙහෙස දැනීම යන ලක්ෂණයන්ද පෙන්නුම් කරනු ලබයි.
බඩවැල් වල පිළිකා තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇතිවන පිළිකා තත්ත්වයකි.නමුත් මෙය ඉතා දරුණු තත්ත්වයට පැමිණ තෙක්ම හඳුනා ගැනීමට හැකියාවක් නොමැති වෙයි.එයට හේතුව නම් මෙම පිළිකා තත්වයෙදී පෙන්නුම් කරන ලක්ෂණ ඉතා අඩු වීමයි .නමුත් මේයට වැඩි අවධානයක් දී කල් තියා හදුනා ගතහොත් සුවකර ගැනීමට පහසුවේ.

 

 

 

08.සමෙ ඇතිවන සුව නොවන කුෂ්ට


සාමාන්‍යයෙන් අපගේ ශරීරයේ විවිධ ප්‍රමාණයෙන්, විවිධ හැඩයෙන් , විවිධ වර්ණවලින් කුෂ්ඨ ඇතිවීමට හැකියි.මේවා ජීවිත කාලයේ ඕනෑම අවස්ථාවක ඇතිවීමට හැකිය .නමුත් අපට මෙම කුෂ්ඨ සාමාන්‍ය තත්ත්වය ඒවා ඒවා ද නැතිනම් හානිදායක ඒවා ද යන්න හඳුනා ගැනීම තරමක් අපහසුය.වෛද්‍යවරු පවසන ආකාරයට සමේ ඇතිවන කුෂ්ඨ ක්‍රම ක්‍රමයෙන් විශාල වනවා නම්, නැතිනම් ඒවාගේ පැහැය ක්රමයෙන් තද පැහැයට හැරේ නම්, කුෂ්ඨ වල හැඩය අක්‍රමවත් නම් එවැනි තත්ත්ව පිලිකාවක මූලික ලක්ෂණයක් වීමට හැකියාව පවතී.මේ නිසා ඔබගේ ශරීරයේ සුව නොවන කුෂ්ටයක් පවතී නම් හෝ ලේ ගැලීම් සහිත කුෂ්ඨ පවතී නම් වෛද්‍ය උපදෙස් පතන්න.

 

 

 

09.ශරීරයේ ඇතිවන විස්තර කළ නොහැකි වේදනාවන්


සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුට එදිනෙදා වැඩ කිරීමේදී වේදනා තත්ත්වයන් ඇතිවීට හැකිය.ඒ අපගේ වැරදි ඉරියව් නිසා වීමට හැකිය.ඒ නිසා බොහෝ දෙනා මෙම වේදනාවන් පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත.නමුත් අපගේ බෙල්ලේ හා කොන්දේ හේතුවක් නොමැතිව දිගින් දිගටම පවතින වේදනාවක් අපි සැලකීමත් විය යුතු කාරණාවකි.


වෛද්‍ය මොරිසන් මහතා ප්‍රකාශ කරන ආකාරයට යෝනි මාර්ගයේ ඇති වන වේදනාවන් ඩිම්බ කෝෂ වල පිළිකා තත්වයක් නිසාද, කොන්දේ ඇතිවන වේදනාවන් පියයුරු වල හෝ පුරස්ථි ග්‍රන්ථි වල පිළිකා තත්වයක් නිසාත්, උදරයේ ඇතිවන වේදනාව උදරයෙ බඩවැල්වල හෝ අග්න්‍යාශයේ පිළිකා තත්ත්වයක් නිසාද ,පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාව පෙනහළු වල පිළිකා තත්ත්වයක් නිසා ද ඇති වීමට හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

මේ කියූ සියලු ලක්ෂණයන් අපට එදිනෙදා ජීවිතේදි අත්විඳීමට සිදුවන දේවල්ය.නමුත් ඒ සෑම තත්ත්වයක්ම පිළිකාවක් නිසාම ඇති වන බව කීමට නොහැකිය.නමුත් අපි අපේ සෞඛ්‍යය තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නම් අප කිසිසේත් වැළඳීමට ප්‍රාර්ථනා නොකරන පිළිකා වැනි දරුණු තත්ත්වය මුලදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා සුවකර ගැනීමට හැකියාවක් පවතී.


 

 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.