මිලියන 4ක් නම් තියෙන රෙජිස්‍ටරයක්

 1,507 Total views,  7 Views today

    “Book of Names” නමින් හදුන්වන්නේ අවුශ්විට්ස් කඳවුරේ දී ඝාතනයට ලක්වූ මිලියන ගණනක් මිනිසුන්ගේ නම් ලියූ පිටු දස දහස් ගණනකින් යුත් රෙජිස්‍ටරය යි.

මෙය අපි දකින සාමාන්‍යය නාමලේඛනයක් තරම් කුඩා එකක් නම් නොවේ.මේ පොත මීටර් ගණනක් දිගට විහිදී ගිය එකකි. ඔබ මෙහි යම් නාමයක්  සොයන්නේ නම් අදාල නාමයට සර්වසම වෙනත් පුද්ගල නාමයන් විස්සක් හෝ තිහක් සොයාගැනීමට ඔබට පහසුවෙන්ම හැකිවේවි.වාසගම ඉතා දුර්ලභ එකක් වුවත්. මෙම පොතෙන් ඒ වාසගම සහිත පිටු අඩුම දෙක තුනක්වත් සොයා ගත හැකිය. පිටුවකට නම් 500 ක් පමණ ඇත, එබැවින් ඒ  වාසගම සමඟ පුද්ගලයින් දාහක් දෙදාහක්වත් එහි සටහන් වී තිබෙයි. එසේ දිගටම පිටුවක්.. තවත් පිටුවක්, තවත් පිටුවක් .. තවත් පිටුවක්. එය පෙරලන විට හරියටම දැනෙන දේ මෙයයැයි කීමට නොහැක. එකවර කම්පනය, දුක සහ පාඩුව වැනි ප්‍රබල මිශ්‍ර  හඟීම් ගොන්නක් සංව්වේදී පුද්ගලයෙකුට නම් දැනෙනු නොඅනුමානය. එ අනුව පොතේ විශාලත්වය සේම අවුශ්විට්ශ් හිදී ඝාතනය වී ඇති මිනිසුන් ගනනකොපමණදැයි ඔබට වටහා ගැනීමට හැකිවේ යැයි සිතමු.

කඳවුරට පැමිණෙන රැඳිවියන් (කඳවුරේ ප්‍රදර්ශනය කරන ඡායාරුපයකින)

 

රැඳිවියන් වර්ග කිරීම (කඳවුරේ ප්‍රදර්ශනය කරන ඡායාරුපයකිනි)

 

     වර්තමානයේ මෙය පිහිටා ඇත්තේද අවුශ්විට්ස් කඳවුරු පරිශ්‍රයේමය.දෙවන ලෝක යුධ සමයේදී මිලියන ගණනක් මිනිසුන්ගේ ඉරණම තීරණය කල, එකල ‘මරණයේ දොරටුව’ ලෙසින්ද හැඳින්වූ අවුශ්විට්ස් වදකාගාරයේදී ඝාතනය කෙරුනු මිනිසුන් පිළිබඳව තැබූ වාර්තා අතරින් විනාශ නොවී සහ අතුරුදන් නොවී ඉතිරිව තිබූ වාර්තා පොත්වල දත්ත පමණක් එක් කර සාදා ඇති මේ පොතේ පුද්ගල නාමයන් මිලියන 4.2ක් ඇත.ඔවුන්ගේ නම් මෙන්ම උපන් ස්ථාන,උපන් දිනයන් සහ මියගිය ස්ථාන,මියගිය දිනයන් ආදිය පිළිබඳ තොරතුරුද මෙහි ඇත.එහි ලියා ඇත්තේ ඉතිරිව තිබූ වාර්ථා පොත්වලින් ගත් නම් පමණක් නම් තව කොතෙක්නම් මිනිස් ජීවිත සඳහනක් නොමැතිව අවුශ්විට්ස් කඳවුරෙහි දී තම ජීවිතය බිලි දී ඇද්දැයි සිතා ගැනිමටවත් නොහැක. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්නියාහු මියගිය තම ඥාතීන්ගේ නාමයන් සොයන අවස්ථාවයි.

 

මූලාශ්‍ර : ©සංකල්ප ගුණතිලක

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.