කොටස් 27,000කට කැපී ගිය සිරුරක්

 2,504 Total views,  12 Views today

Story of a Digital Cadaver.

       ඇමරිකාවේ උපත ලද සුසෑන් පොටර් ගුරුවරියකි.ඒ වගේම ඇය සමාජ ක්‍රියාකාරිනියකි.නමුත් ඒ ඈ ජීවත්ව සිටි සමයේදීය.දැන් ඇය මියගොස්ය.නමුත් ගුරු වෘත්තියේ යෙදී සිටි පොටර් මහත්මියගේ ඉගැන්වීමේ කාර්‍යයනම් නම් විශ්‍රාමයෙන් හෝ මරණයෙන් අවසන් වී නොමැත. මරණයෙන් පසුවද ඉගැන්වීමේ කාර්යයෙහි ඇය යෙදී සිටිනවා යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.

2000 වසරේ නව සහස්‍රකය ආරම්භ වනවිට වාගේ  සුසෑන් පොටර්ගේ සෞඛ්‍ය තත්වය ඇයව මරණයේ අන්තයටම ගෙන යමින් තිබිනි.ඒ කෙසේද යත්, එවක ඈ පියයුරු පිළිකාවකින් පීඩාවිඳිමින් සිටියාය.ඇයගේ ආයු කාලය ඉතා  සීමිත බව ඇයටත් අනෙක් සියල්ලන්ටමත් සිතන්නට ඇත.තමා මියගිය පසු තම සිරුර විද්‍යාව උදෙසා පරිත්‍යාගය කිරීමේ අදහස ඇය තුල ඇතිවූයේ එකලය.නමුත් ඒ අප භාවිතා කරන සාමාන්‍යය ක්‍රමයට වඩා වෙනස් ආකාරයකිනි.මෙකල “National Geographic” සඟරාවේ මූලිකත්වයෙන් “දෘශ්‍යය මානව ව්‍යාප්තිය” නමින් වෙනස්ම ආකාරයක ව්‍යාපෘතියක් ආරම්භ වී තිබිනි.මිනිසාගේ භෞතික ශරීරය ඩිජිටල් අවකාශයක ප්‍රතිනිර්මාණය කිරීම මෙහි අරමුණ විය.සුසෑන් පොටර් සිය ප්‍රාණය මුක්ත සිරුර ප්‍රදානය කිරීමට සැරසුනේ මෙයටය.

මරණයෙන් පසු එකම සිතකින් තමා සන්තක සියල්ල අත්හැර යාමට තරම් ඇයගේ සිත පරිත්‍යාග ශීලී සහ ශක්තිමත් වීම පැසසිය යුතුය.එසේ පැවසීමට හේතුවනම්, දෘෂ්‍ය මානව ව්‍යාප්තියේදී තම සිරුරට අත්වන ඉරණම කුමක්දැයි හොඳාකාරවම දැන සිටියද එයට මුහුණ දීමේ නිර්භීත තීරණය ඇය ගත්තේ එබැවිනි.

ඇය සිය අභිලාෂය පැවසූ පසුව,ව්‍යාප්තියේ ප්‍රධානියා වූ “වෛද්‍ය වික්ටර් ස්පිට්සර්” පවා ඇයගේ ඉල්ලීම ප්‍රතික්ශේප කරන්නට වූයේ ඒ පුදුමසහගත බව නිසාය.නමුත් අවසානයේ කෙසේ හෝ ඇයගේ ඉල්ලීමට ඉඩදී ඩිජිටල් අවකාශය තුල ඇයව අමරණීය කිරීමට ව්‍යාප්ති කණ්ඩායම සූදානම් විය.ඉන්පසු ඇයද මරණය බලාපොරොත්තුවෙන් මඟ බලා සිටිය ද එය ඇයගේ වාසනාවට හෝ අවාසනාවට  බලාපොරොත්තු වූ අයුරෙන් ඉක්මනින්ම මාරයා ඈ සොයා නොපැමිණියේය.ඇතැම් විට ඇයගේ ශක්තිමත් සිත ඉදිරියේ පියවුරු පිළිකාව පරාජය වී තිබෙන්නට ඇත.ඇය ලොවෙන් සමුගත්තේ ඉන් වසර 15ක් ගෙවීගිය පසු 2015 වසරේ පෙබරවාරියේදී අවුරුදු 87ක් ආයු වළදාය.මරණයට හේතුව නිවුමෝනියා රෝගී තත්වයයි.

දෘෂ්‍ය මානව ව්‍යාප්තියේ කටයුතු ඇරඹිනි.

(වෛද්‍ය වික්ටර් කපාදැමූ සරීර කොටසක් දෙස බලා සිටින අයුරු)

ප්‍රාණය මුක්ත සුසෑන්ගේ සිරුර “පොලිවයිනයිල් ඇල්කොහොල්” තවරා සෙල්සියස් අංශක සෘණ 26 (-26°C)ක උෂ්ණත්වයක් තුල වසර දෙකක් තිස්සේ මිදෙන්නට තබන ලදී.පසුව ඇයගේ මිදීගිය සිරුර ප්‍රධාන කොටස් හතරකටත්,ඒවා නැවත කෙස් ගසකටත් වඩා තුනී කොටස් 27,000කටත් සියුම් ලෙසින් කපාදැමිනි.පසුව දින 60ක් පුරාවට එසේ වෙන්කරන ලද තුනී කොටස් චායාරූප ගත කර පරිගණක තාක්ෂණය ආදාරයෙන් ඒවා නැවත පෙලගස්වා ත්‍රිමාණ කැඩෑවරයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කරන ලදී.සුසෑන්ගේ සිරුර අද ලොව ඇති විශිෂ්ටතම ඩිජිටර් කැඩෑවරයි.

මෙය සරලව ඔබට තේරුම් කළහොත් අයිෆල් කුළුන මේ ක්‍රමයට සෑදුවායැයි සිතන්න.එනම් අයිෆල් කුළුනේ සෑම කොටසක්ම ඕනෑම ආකාරයකට බැලිය හැකිවන ආකාරයට 3D ඉමේජ් එකක් වැන්නකි.උදාහරණයක් ලෙස, අපිට ඕනෙ අයිෆල් කුළුනේ එක තැනක තියෙන බෝල්ට් ඇණයක් කොයි වගේද බලන්න.අපි අර 3D ඉමේජ් එකේ එක එක කොටස් අයින් කර කර අන්තිමේ අර බෝල්ට් ඇණේ තියෙන තැනට එනකල් එනවා.ඊට පස්සේ ඒක බලනවා.ආයෙම වෙන කෙනෙක්ට වෙන ඕනෑම කොටසක් බලන්න ඕනෙ නම් මේ වගේම කරන්න පුළුවන්.ඒක හරියට අපි පොතක පිටු පෙරලනව වගේ අපී ශරීරයේ කොටස් දකින්න පුළුවන් විදියේ පරිගණක වැඩසටහනක්.පොතක කැමති කොටසක් පෙරලන්න පුළුවන් වගේ මෙකේදී අපේ ශරීරයේ කැමති කොටසක් බලන්න පුළුවන්.ඉතින් එහෙම 3D ඉමේජ් එකක් හදන්න ඇත්ත අයිෆල් කුලුන අන්තිම ඇනේ දක්වාම ගලවලා 4to ගහනවා.පස්සෙ ඒ ෆොටෝවලින් මේ කියන ත්‍රිමාන ඉමේජ් එක හදනවා.අන්න ඒ වගේ සුසෑන් පොටර් මහත්මියගේ සිරුරත් ඉහත කී ආකාරයට සියුම් කොටස් 27000කට පමණ කපා දෘෂ්‍ය මානව ව්‍යාප්තිය සඳහා යොදා ගන්නා ලද්දේ.

(කෙස් ගසක ඝනකමක් දක්වා තුනීවට කැපූ ශරීර කොටස්)

මානව ශරීරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම,සාමාන්‍යය මනුශ්‍යය පෙනුමක සිට අස්ථි දක්වාම විනිවිද දැකිය හැකි අයුරෙන් සෑම ස්නායුවක්,සෑම රුධිර නාලයක්,සහ අනෙකුත් සෑම පද්ධතියක්ම පවා මනාව දැකිය හැකි අන්දමින් එය නිමවා ඇත.වර්තමානයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය සඳහා එය භාවිතා වෙයි.මෙහි දැක්වෙන ඡායාරූප තුලින් එය කෙතරම් තියුණුදැයි ඔබට සිතා ගැනීමට හැකිවේවි.

මූලාශ්‍ර : ©සංකල්ප ගුණතිලක

 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.