නුදුරු අනාගතයේ දීම ලෝකයෙන් සදහටම අතුරුදහන්වන නගරයන්

 1,687 Total views,  8 Views today

   ලෝකයේ ස්වභාවික විපත් නිසා හෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝ අපට යම් යම් සශ්‍රීකව පැවති නගරයන් අහිමි වූ බව ඓතිහාසික ග්‍රන්ථයන් මඟින් ද , විවිධ කැණීම් මඟින් හමු වූ සාක්ෂි මඟින් සනාථ කරගත හැකිය. ඒ වාගේම අතීතයේ මෙන්ම නුදුරු අනාගතයේ දී මේ ලෝකය තුළින් සඳහටම අතුරුදහන් වීමට නියමිත නගරයන් කිහිපයක්ද ඇත. එය මෙසේය.

 

Venice – Italy (වැනීසිය )


වැනීසිය යනු අප කවුරුත් හොදින් අසා තිබෙන ප්‍රසිද්ධ  නගරයකි.ඒ වගේම එය ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් සුන්දර නගරයක්ද වෙයි.නමුත් අවාසනාවකට මේ නගරය වේගයෙන් ගිලා බසිමින් පවතිනවා කිව්වොත් ඔබ බොහෝ කනගාටුවට පත් වෙයි.එනම් ටික කාලයකින් අපට සම්පූර්ණයෙන්ම වැනිසිය මතකයක් පමණක් ඉතුරු කරමින් සදහටම සමු ගැනීමට නියමිතය.මීට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ තියෙන්නෙ පසෙහි තිබෙන අස්ථාවර බවයි.එම නිසා නගරයේ පොළවට කෙමෙන් කෙමෙන් කිඳා බසිමින් පවතියි.වසර තිහක් පමණ සිට රජය නගරය ආරක්ෂා කර ගැනීමට කොතෙක් උත්සාහ කළත් එය සාර්ථක වී නොමැති බව වාර්ථා වේ.මේ නිසා තව වසර ගණනකින් වැනිසිය ඒත් ඇඩ්‍රියාටික් මුහුදේ අතුරුදහන් වීමට නියමිතය.

 

 

San Francisco (සැන් ප්‍රැන්සිස්කෝ නගරය )


කැලිෆෝනියා ප්‍රාන්තයේ තිබෙන ලස්සන නගරයක් ලෙස අපට සැන්ෆ්‍රැන්සිස්කෝ නගරය හඳුන්වා දීමට පුළුවන.නමුත් මෙම නගරයේ හා නගර වැසියන්ගේ ජීවිත රැඳී තිබෙන්නේ අස්ථාවර මට්ටමකය.එයට හේතුව නම් මේ නගරය අනාගතයේදී භයානක භූමි කම්පාවකට මුහුණ දීමට සිටින බැවිනි.1906දී ඇති වූ රිච්ටර් මාපක 8.9 ක අති විශාල භූමි කම්පාව නිසා නගරය දැඩි ලෙස විනාශයට පත් වූ අතර ලැබී තිබෙන දත්ත වලට අනුව 2086 වසරේදී පමණ නැවත රිච්ටර් මාපක 7ක හෝ 8ක පමණ දැඩි භූමිකම්පාවකින් නගරය විනාශයට ලක් වීමට නියමිතය.

 

 

Naples – Italy (නේපල් නගරය )


සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමක් තිබෙන නේපල් නගරය යුනිස්කෝ ලෝක උරුම ලයිස්තුවටද ඇතුළත් කර ඇත.ඒත් මේ ලස්සන නගරයක් පිහිටා තිබෙන්නේ තමාගේ අවසානය කරා ඉක්මණින් ගෙන යෑම ට හැකියාවක් තිබෙන ස්ථානයකයි.එනම් මේ නේපල් නගරය පිහිටා තිබෙන්නේ සක්‍රීය ගිනිකන්දක් අසලය.එනම් ඔබ බොහෝ දෙනා අසා තිබෙන විසුවියස් ගිනි කන්ද අබියසය.මේ ගිනි කන්ද හේතුවෙන්ම මීට ශත වර්ෂ ගණනාවකට ඉහත පොම්පේ නගරය ද විනාශ වූහ.විසුවියස් සෑම වසර සියයකට වරක් ම සක්‍රිය වේ.අවසන් වරට සක්‍රිය වූයේ 1944 දී ය.මේ අනුව නගරයේ අවිනිශ්චිතතාව පිළිබඳ හැඟීමක් මතු වෙන බව ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.

 

 

 

Timbuktu – Mali ( ටිම්බක්ටූ නගරය )


මේ නගරය ද අතුරුදහන් වන නගර ඇතුළත තිබෙන තවත් නගරයකි.මෙය අතුරුදහන් වීමට ප්‍රධාන හේතුව වැලිවලින් වැසී යාමයි.මෙම නගරය දැඩි කාන්තාරකරණයට ලක් වෙමින් තිබේ.සශ්‍රීකව තිබුණු ප්‍රදේශ වියලි දුෂ්කර ප්‍රදේශ බවට පරිවර්තනය වෙමින් තිබේ .මෙහි සමහර ප්‍රදේශ දැනටමත් වැලිවලින් වැසී සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇත.නමුත් වසර දහසකට පමණ පෙර මෙම නගරය මිනිසුන්ගෙන් පිරී තිබුණු ආකර්ෂණීය නගරක් ලෙස තිබූ බවට වාර්තා වේ.ව්‍යාපෘති ගණනාවක් මේ ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත් කිරීමට පත් කිරීමට ඇරඹුවත් ඒවා ඵලදායි වී නම් නැත.

 

 

Detroit City in Michigan ( ඩිට්‍රෝයිට් නගරය )


අතුරුදහන් වෙමින් පවතින නගරයක් ලෙස සැලකෙන ඩිට්‍රෝයිට් නගරය ටික කලකට පෙර ඉතාම කාර්යක්ශම නගරයකි.දැන් එම නගරයේ පාර පාලු ස්වභාවයක් උසුලයි.මිනිසුන් නැති නගර හඳුන්වන්නේ හොල්මන් නගර යනුවෙනි එයට හේතුව මිනිසුන් එම නගර විවිධ හේතු පදනම් කරගෙන අතහැර දමා යාමයි.ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ තිබෙන මේ නගරය නගරයත් ඉතාම ඉක්මනින් හොල්මන් නගරයක් බවට පත් වීමට නියමිතය.නගරයේ 40% කට වැඩි ප්‍රමාණයක් දැනටමත් නගරේ නගරය අතහැර ගොස් ඇත.මෙයට හේතු වී ඇත්තේ නගරයේ ආර්ථිකයමය කඩා වැටීම නිසා ජනතාව වෙන වෙනත් ප්‍රදේශවල රැකියා සඳහා ඇදී යාමේ විශාල ප්‍රවණතාවක් දක්නට ලැබීමයි.ඩිට්‍රෝයිට් නගරය “Motor City.” යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලැබේ.ඒ මේ නගරය රථ රථවාහන නිෂ්පාදනය සක්‍රිය සිද්ධ කළ බැවිනි.ඩිට්‍රෝයිට් නගරාධිපති වරයා තීරණය කොට තිබෙන්නේ ජනශූන්‍ය ප්‍රදේශ සමතලා කර දැමීමටයි.එය මුළු නගර ප්‍රමාණයෙන් 1/4 ක් වේ.

 

 

 

Ivanovo – Russia (ඉවෙන්වෝ නගරය)


ඉවෙන්වෝ යනු සෝවියට් සමූහාණ්ඩුව පැවති කාලය තුළ ප්‍රධානම ඇඟලුම් සැපයුම් මධ්‍යස්ථානයක් වී තිබූ ස්ථානයකි.මේ නිසාම ඉවෙන්වෝ නගරයට කාන්තාවන් විශාල ලෙස රැකියා පිණිස ඇදී ආහ. එයම හේතුකොට ගෙන නගරය තුළ තුළ ස්ත්‍රී පුරුෂ අනුපාතය අසමතුලිත වීමට පටන් ගැනිණ.මනාලියන්ගේ නගරය ලෙසද ප්‍රසිද්ධ වීමට  තිබෙන් ඉවෙන්වෝ නගරෙට මෙම හේතුව බලපාන ලදී.අවාසනාවකට මෙම නගරයේ ජනගහනය සීග්‍රයෙන් අඩු වීමට පටන් ගත්හ.අඩු දරු උපත්, දුගී බව ,අපරාධ , මත්පැන් හා දිගින් දිගටම සිදු වූ ස්ත්‍රී දූෂණ ක්‍රියා නිසා නගර ජනගහනය මුළුමනින්ම පහත වැටීමට හේතු විණි .මේ නිසා සමෘද්ධිමත්ව තිබූ ඉවෙන්වෝ නගරය ජනතාව නැති පාලු ස්වභාවයක් උසුලන නගරයක් බවට පත්විණි.තරුණ තරුණයින් වඩා හොඳ ජීවිත තත්වයක් හෝ රැකියාවක් සඳහා වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමට පටන් ගැනීම මේ නගරය අස්ථාවර වීමට ප්‍රධාන ලෙසම බලපාන ලදී.

 

Ivanovo city and Uvod river aerial panoramic view, Golden Ring of Russia

 

 

© www.ribttes.com

 

 

Scenic landscape of the Orthodox monastery in the village of Dunilovo, Ivanovo region of Russia

 

 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.