වීදුරු වැසි වසින පෘථිවියේ පෙනුමට ඉතාමත් සමාන ග්‍රහලොව

 1,972 Total views,  6 Views today

තාරකා විද්‍යාඥයින් 2005 වර්ෂයේ දී  බ්‍රහස්පති ග්‍රහයාට වඩ තරමක් විශාල යෝධ ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත් වුනා. අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් සොයාගත් එම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 63ක් පමණ ඈතින් (constellation Vulpecula) වුල්පෙකුල තාරකා මණ්ඩලයෙහි පිහිටා ඇත.එය නම් කර තිබුනේ ‘HD189733b’ යනුවෙනි.

මිනිස් ඇසට පෙනෙන පරිදි දුර සිට බැලූ කළ මෙම ග්‍රහලෝකය දීප්තිමත් නිල් , දම් පැහැයක් ගනී. නමුත් ඕනෑම අභ්‍යවකාශ සංචාරකයෙකු පෘථිවියේ මිත්‍රශීලී අහස සමඟ එය පටලවා වරදවා වටහා නොගත යුතුය.ග්‍රහලෝකයේ මතුපිට නිල් පැහැය ගෙන තිබෙන්නේ පෘථිවිය මෙන් ජලයෙන් පිරුණු සාගරයන් තිබෙන නිසා නොවේ එය  සිලිකේට පරමාණු හා අණුවලිනු වලින් පොහොසත් වලාකුළු නිසයි.කෙටියෙන්ම කිවහොත් මෙය ඉතා භායානක ග්‍රහලෝකයකි.එයට පළමු හෙතුව වන්නෙ මෙහි සුළං ප්‍රවාහවල වේගය උපරිම වශයෙන් පැයට කි.මී 5,400ක්(පැයට කි.මී. 8,700) දක්වා වූ අතිශය ඉහළ අගයකට පත්වීමයි. මෙය තත්පරයකට කිලෝමීටර 2ක් තරම් වූ වේගයක් වන අතර ශබ්දයේ වේගය මෙන් 7 ගුණයක්වෙනවා.පෘථිවියට විශාල හානියක් කරපු කැත්‍රිනා කුනාටුවේත් උපරිම වේගය වුනෙ පැයට කිලෝමීටර් 280 ක් පමණයි.ඉතින් එම ග්‍රහලෝකය මතින් හමායන කුණාටුව කොතරම් බලවත් ද යන්න ඔබට අමුතුවෙන් පවසන්න අවශ්‍ය වන්නේ නැහැ.

එමෙන්ම මෙම ග්‍රහලොව පවතින්නේ මව් තාරකාවට ඉතාම ආසන්නයෙනි.එහි මව් තාරකාවට කෙතරම් සමීපයෙහි පිහිටා තිබෙනවද කිවහොත් මව් තාරකාව වටා එක් වටයක් යන්න ගතවන්නෙ පෘතුවි දින 2.2 තරම් ඉතා අඩු කාල පරාසයකි. මෙ නිසා ග්‍රහලෝකය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 900ක් හෙවත්, ෆැරන්හයිට් අංශක 1652ක් තරම් වූ ඉහළ අගයකට පත් විය හැකි යි.

Size_comparison_-_Jupiter_and_HD_189733_b.png

මෙම ග්‍රහලෝකය මතට වර්ෂාවන් පවා ඇති වෙනවා.නමුත් අපගේ ග්‍රහලොව තරම් එය සුන්දර වේයැයි ඔබ සිතුවහොත් එය වැරදිය.ඇත්තවශයෙන්ම කිවහොත් මෙහි කාළගුණය ඉතාම මාරාන්තිකය.මෙහි සිලිකේඩ් වලින් පොහොසත් වලාකුළු නිසා හා මෙහි අධික උෂ්ණත්වය නිසා එම ග්‍රහලෝකයට වසින්නෙ උණු වූ වීදුරු වරුෂාවකී.කලින් සඳහන් කල වේගවත් සුළං නිසා එම වරුෂාව පොළව මතට කෙලින් වැටෙන්නෙ නැහැ එය පැත්තට වේගයෙන් ගසාගෙන යනවා ඉතින් ඔබ මෙ ග්‍රහලෝකය මතට ගියහොත් කිලෝමීටර් 8700ක් තරම් වේගවත් වීදුරු කැබලි වරුෂාවකින් ඔබට අත්වන්නේ ඉතා තියුණු කැපුම් දහස් ගණනක මරණයක් පමණි.මෙම වීදුරු වර්ෂාවක් සහිත සුළඟක් පෘථිවියෙහි සමකය මත ඇති වූවා නම්, එයට පෘථිවිය  වටා වටයක් සම්පූර්ණ කරන්නට ගතවන්නේ මිනිත්තු 5කුත් තත්ත්පර 30ක් පමණ යි.ඉතින්, ඔබට එහි චණ්ඩබව කෙසේද යන්න හිතා ගත හැකිද?


තවද අප චන්ද්‍රයා පෘථිවිය සමග ටයිඩල් ලොක් වී තිබෙනවා සේ මෙම ග්‍රහලෝකය එහි මව් තාරකාව හා ටයිඩල් ලොක් වී තිබෙනවා ඉන් අදහස් කරන්නෙ එම ග්‍රහලෝකයට තම අක්ෂය වටා එක් වටයක් භ්‍රමණය වන්න තාරකාව වටා පරිභ්‍රමණය වීමට ගතවන කාලයම ගතවන බවයි.එහෙතුවෙන් මෙ ග්‍රහලෝකය එක් පැත්තක් තාරකාවට මුහුණලා සිටින අතර අනෙක් පැත්ත සදාකල් අදුරේ පවති.


 

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.