අවුරුදු 69 පමණ යන්ත්‍රයක් තුළ සිරවී සිටිය දීත් තමාගේ ජීවිතය ජයගත් “පෝල් ඇලෙක්සැන්ඩර්”

 1,868 Total views,  2 Views today

  ඔබට මුලු ජීවිත කාලයම සිලින්ඩරාකාර යන්ත්‍රයක් අස්සෙ ජීවිතය ගෙවීමට සිදුවුවහොත් ඔබට කුමක් හැඟේවිද යන ලෙස මා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවහොත්, ඒ පිළිබඳ ඔබට හිතාගැනීමටවත් පුලුවන්ද ? ඇත්තටම එය ඔබට හීනයක්වත් දකින්න අවශ්‍ය නැතිවේවි. ඒත් මේ ලිපිය තුළින් දැනුවත් කිරීමට යන යන්ත්‍රයක් තුළ සදාකාලිකව සිරවී සිටින අසහාය මනුශ්‍යා තමන්ගෙ ඔලුව විතරක් භාවිතා කර තමන්ට එල්ල වූ සියලු අභියොග සාර්ථකව ජය ගෙන තිබේ.

අපට පොඩි කාලෙම පෝලියො වලට ප්‍රතිකාර කරන බව ඔබ දන්නවා ඇති.අද්දැකීම් නොමැති වුවත් පෝලියෝ රෝගීන් ඔබ දැක ඇතැයි සිතමි. මෙහි කථානායකයා පිළිබද කථා කිරීමට පෙර මොකක්ද මේ පෝලියො කියන්නෙ කියලා පොඩි සඳහනක් කළොත් හොඳයැයි සිතමි.

An iron lung sponsored by the March of Dimes helps a young boy with polio breath during the 1950s. (Photo by Kirn Vintage Stock/Corbis via Getty Images)

පෝලියො රෝගය හැදුනම  ශරීරයෙ කොටස් තමන්ගෙ පාලනයට ගන්න බැරි වෙනව.. අත් කකුල් වගේම ගොඩක් අවයව වලට එය බලපානව .. තවද මේ රෝගය හැදුනම ශරීර අභ්‍යන්තර කොටස් පවා පාලනයක් නැතුව යන්න පුලුවන්.පෝලියෝ පලමු රෝගියා වාර්ථා වෙන්නේ 1894 දීය. ඉන්පසුව ඇමරිකාව සහ අනෙකුත් රටවල් ගොඩක මේ රෝගය ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබේ.වෛරස් ආසාදනයකින් ආරම්භ වෙන මේ පෝලියො රෝගය ආරම්භයෙන් වසර 60කට පසුව පලවෙනි පෝලියෝ එන්නත 1955දි ඇමරිකාවෙන් එන්නත් කිරීම ආරම්භ කළේය . එතැන් සිට ලෝකය පුරා පෝලියො රෝගින් ක්‍රමයෙන් අඩු වීමට පටන් ගෙන තිබේ.නමුත් සමහර රටවල් වල තවමත් මේ රෝගය කළාතුරකින් දකින්න ලැබෙන බවනම් කිව යුතුය.

මෙහිදී Iron Lugs යන්ත්‍රය පිළිබඳවද ඔබට සඳහන් කළ යුතුය.. මේ යන්ත්‍රය 1928දි පෝලියො රෝගීන් සඳහාම හඳුන්වා දුන් යන්ත්‍රයකි. මෙමඟින් පෙනහලු අක්‍රිය වෙන පෝලියො රෝගින්ට හුස්ම ගැනීමට පහසුකම් සලසන ලදී. ඒ වගේම සුව කල හැකි රෝගින්ට ව්‍යායාම ලබා දී ඇවිදීමට සහ අත් හැසිරවීමට වෛද්‍යවරු උත්සහා දැරූහ. බොහොමයක් රෝගීන්ට එය සාර්ථක වූ බවද වාර්ථා වේ. ඉතින් හුස්ම ගැනීම පවා අපහසු වූ රෝගින් විශාල ශාලා වල මේ මැශින් තුළ සිරවී ජීවිතය අයැදිමින් සිටියහ.

D18J3F Nurse attend to a room full of polio patients in iron lung respirators. Rancho Los Amigos Respirator Center, Hondo, California.

අද කථාකරන පෝල් ඇලෙක්සැන්ඩර් කියන්නෙත් මේ විදියට iron lung එකක් අස්සෙ හිර උන තවත් එක පුද්ගලයෙකි. අද වනවිටත් මොහුට හුස්ම ගැනීමට උපකාර වන්නෙ iron lungs මැශින් එක වේ.අවුරුදු 75 ක් පමණ වයස පෝල්, පෝලියො වෛරසයෙන් දිවි බේරාගන අදටත් ජීවත්ව සිටින එකම පුද්ගලයාද වේ.

1946 වර්ශයේ උපත ලබන පෝල් ඇලෙක්සැන්ඩර් වයස 6 වනතුරු සාමන්‍ය ලමුන් වගේම ක්‍රියාශීලිව හිටිය කෙනෙකි. ඉතින් සෙල්ලමට බර පුන්චි පෝල් ඇලෙක්සැන්ඩර් 1952 වර්ශයේ එක් දිනක සෙල්ලම් කරමින් සිටි ගේ ඇතුලට පැමිනියේ තමන්ගෙ මවට තමන් සිටින්නෙ රෝගාතුර බවට දැනුවත් කිරීමටයි. ඉතින් රෝග ලක්ශනයක් පෙනෙන්නට නොතිබුනත් ඇඟේ යම් අමාරුවක් ඇති කියල හිතල මව පුන්චි පෝල්ව පිරිසිදු කරල විවේක ගන්න ඔහුගෙ කාමරයට පිටත් කරලව යවනව. ඒ විදියට එදා දවස ගෙවිලා ගියත් ඇඟට කිසි සුවයක් නම් පෝල්ට දැනී නැහැ. මන්දයත් පෝල් ඒ වෙනකොටත් පෝලියො රෝගයට ගොදුරු වී තිබූ බැවිනි. දින දෙකක් ගෙවී යනවත් සමග අත පය වාරු නැතුව ගිය පුන්චි පෝල්ට හතර සහ පස් වන දිනයන් වලදී හුස්ම ගැනීමටද නොහැකිව යනව. කොසේ හෝ පෝලියො රෝගය දරුනුවටම පැවති මේ සමයේදි ඔහුට ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරු සිටි නිසා පෝල්ට ජීවත් වීමෙ වරම ලැබෙනව. එහෙත් හුස්ම ගැනීමට නම්  අර කලින් සඳහන් කළ  iron lungs නම් යන්ත්‍රය ඇතුලට යන්න වෙනව.මේ යන්ත්‍රය තුල වසර 5ක් හෝ 10ක කාලයක් සිටීමෙන් පෝලියො රෝගින්ට තනිව හුස්ම ගැනීමෙ අවස්තාව උදා වෙනව. ඒත් අවාසනාවට පෝල්ට ඒ අවතාව නම් ලැබුනෙ නැහැ.. ඒකට හේතුවක් තිබේ,

ඔහුට තනිව හුස්ම ගැනීම සිහිනයක්ම පමනක් ම වූයේ පෝලියෝ රෝගයට අමතරව යන්ත්‍රය ඇතුළේ සිටියදීම අංශබාගයද වැළදීම නිසාය. මේ නිසා මිය ගිය පෝලියො රෝගින් බහුතරයක් අතරින් හුස්ම ගැනීම සහ නැවත කකුල් බිම ගහල ඇවිදින්න ලැබුන රෝගින් අතර ජීවිතයත් මරණයත් අතර මැද සිටීමට පෝල්ට සිද්ද වූහ.

පෝල්ගේ ජීවිතේ අවශ්‍යම අංගය බවට මෙම යන්ත්‍රය පත් වී ඇති අතර මොහුට මෙම යන්ත්‍රය නැතුව පැය 3කට වඩා කාලයක් සිටීමට හැකියාවක් නොමැත.1952 iron lungs යන්ත්‍රය තුලට ගිය පෝල් අද වන විටත් මෙම සිලින්ඩරාකාර යන්ත්‍රය ඇතුලෙ සිර වූ සිර කාරයෙක් වී සිටියි.

පොලියො රෝගය නිසා ශරීරයෙ ක්‍රියාකාරිත්වය අහිමි වෙලා ගියා වගේම අන්ශබාගය නිසා පෝලියො රෝගයෙන් ගොඩ ඒමට හැකියාව නැති වෙලා ගියත් ඔහුගෙ හිස කොටස පමනක් එහෙට මෙහෙට හෙලවීමට හැකියාව ලැබී තියනව.

1955න් පස්සෙ එන්නත්කරනය ආරම්බ වූවාට පසු පෝලියෝ රෝගින් එන්න එන්නම අඩු වෙලා හියහ. ඇත්තටම පෝලියෝ රෝගින් නැති වෙලාම ගියා කිවහොත් නිවැරදිය. ඒත් බේරුන පෝලියො රෝගින්ගෙන් කෙනෙක් වන පෝල් අනෙක් රෝගින්ට වඩා ජීවත් වීමෙ අවස්තාව අඩු උනත් ඔහුගෙ උත්සහය සහ කැප වීම නම් අඩු නැහැ. මොකද කියනව නම් පෝල් කියන්නෙ වෘතිමය නීතිඥ්ඥයෙක් වගේම ලේඛකයෙක්.

එසේ නම් ඔහු නීති විභාගය ලිව්වේ කෙසේ ද යන්න ඔබට ප්‍රශ්නයක් මතු වේවි.ඇත්තටම ඔහු නීති විබාගය ලිව්වෙද මේ හොලවන්න පුලුවන් ඔලුව කොටසෙනුයි. ඒ වගේම ඔහුගෙ ජීවිත කතාව සහ තවත් පොත් කිහිපයක් ඔහුගෙ හිස කොටසෙන් ලියා අවසන් කර ඇත. ඔබට  youtube සර්ච් කර මේ අපූරු මිනිසා පරිඝනක සහ තවත් දේවල් ඔහුගේ ඔලුව බාවිත කරල අපූරුවට තමන්ගෙ වැඩ ටික කරගන්න හැටි බලාගන්න හැකිවේ වි.

අවුරුදු 69ක් තිස්සෙ අතපය හොයලවගන්න බැරුව සිලින්ඩරයක් අස්සෙ ඉන්නව කියන්නෙ හිතාගන්න බැරි දෙයකි.නමුත් ඔහු තමාගේ දෛවයටද අභියෝග කොට සාර්ථකත්වය කරා ළඟා වූහ.

ඒ වගේම ඔහු මේ සිටින යන්ත්‍රය දැන් හුගක් වයසය. 2015දි ඔහුගෙ යන්ත්‍රය එක වරම අක්‍රිය වෙලා ගොස් තිබේ. ඒ අවස්ථාවේ දී පෝල්ට හුස්ම ගැනීමද අපහසු වෙන්න ගත්ත නිසා සමාජ මාද්‍ය හරහා පෝල් යන්ත්‍ර අලුත්වැඩියා කරන කෙනෙක් සම්බන්ද කරගන මේ යන්ත්‍රය නැවත යතා තත්වයට පත් කර ගෙන තිබේ.නමුත්  දැන් ඔහුටත් ඔහුගෙ යන්ත්‍රයටත් දැන් සෑහෙන වයස බව නම් කිව යුතුය.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.