භයානක හා නොදියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ගෝත්‍රිකයන් වෙසෙන ඉන්දියන් සාගරයේ පිහිටි “සෙන්ටිනල් දූපත”

 2,141 Total views,  19 Views today

    පෘථිවියේ මානව ශිෂ්ටාචාරය සැබවින්ම දියුණුවට පත්ව ඇති විට, වසර 60,000 ක් පමණ සිට දිවයිනක හුදකලාව ජීවත් වන ප්‍රජාවක් ඇතැයි විශ්වාස කිරීම කෙතරම් දුෂ්කර ද? නමුත් එවැනි නොදියුණු ප්‍රජාවක් බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධයක් නැතිව ඉන්දියාවේ අන්දමන් හි පිහිටි “උතුරු සෙන්ටිනල් දූපතේ ” ජීවත් වේ.බොහෝ විට බලධාරීන් සහ පොදු ජනයා ඔවුන්ගේ සංස්කෘතිය අධ්‍යයනය කර නූතන ලෝකයට ඒකාබද්ධ කිරීමට උත්සාහ කර ඇත.නමුත් ආදිවාසීන් සෑම විටම ඔවුන්ගේ උත්සාහයන්ට තදින්ම විරුද්ධ වී ඇත.

මෙම දූපතේ වැසියන් “සෙන්ටිනලීස් ගෝත්‍රය” ලෙස හැඳින්වේ. ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා ඉන්දියානු රජය මෙම ගෝත්‍රය සමඟ කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් පැවැත්වීම තහනම් කර තිබේ. ඊට අමතරව, ලොව පුරා සිටින ජනතාව ආරක්ෂා කිරීම ද රජය මෙම තහනම දැමීමේ තවත් අරමුණකි. මන්ද ඔවුන් බාහිර සම්බන්ධතා වලට ඉතා සතුරුවන අතර ඔවුන්ගේ භූමියට සමීප වන ඕනෑම අයෙකු ඝාතනය කිරීමට දෙවරක් නොසිතයි.

ගෝත්‍රයේ තවමත් හෙල්ල, ඊතල, පැතලි දුනු, ධීවර දැල් සහ මසුන් ඇල්ලීම සහ දඩයම් කිරීම සඳහා භාවිතා කරන මූලික ආම්පන්න භාවිතා කරනු ලබයි. එහි කෘෂිකර්මාන්තය පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති අතර ඔවුන් ගින්නක් ඇති කරන්නේ කෙසේද යන්න ද පැහැදිලි කරගත නොහැකි කරුණක් වේ. ඔවුන් අමුතු භාෂාවක් කතා කරන අතර නූතන දියුණු ශිෂ්ටාචාරයන්ගේ සම්බන්ධතාවයෙන් ඈත්ව සිටීමට ඔවුන්ට අවශ්‍යය. ඔවුන්ගේ සංස්කෘතියට අන් අයගේ මැදිහත්වීම  ඔවුන් කිසිසේත් පිළිනොගනී. හෙලිකොප්ටරයක් ​​දිවයින පුරා පියාසර කරන බව ඔවුන් දුටුවද, හෙලිකොප්ටරය වළක්වා ගැනීම සඳහා අනතුරු ඇඟවීම් නොනවත්වාම කරන බව ද වාර්ථා වේ.

මෑතකදී ඔවුන් බැලීමට හා ඔවුන්ට ක්‍රිස්තියානි ධර්මය දේශනා කිරීමට එඩිතර වූ ඇමරිකානු සංචාරකයෙකුවද ඔවුන් ඝාතනය කර තිබේ. ජෝන් ඇලන් චාවු වද දුන්නෙන් හා ඊතලවලින් විද මරා දැමීය.ලෝකයේ භයානක දූපතක් ලෙස නම් කරන ලද මෙම දූපතේව  ධීවරයින් දෙදෙනෙකු 2006 දී අහම්බෙන් ඒ අසල ගසාගෙන යමින් සිටියදී මෙම ගෝත්‍රිකයින් ඝාතනය කර තිබේ.මෙසේ බලන කල, ඔවුන් තම භූමියට පිවිසීමට උත්සාහ කරන සෑම බාහිර පුද්ගලයකුටම පහර දීමට තීරණය කර තිබෙන බව පෙනෙයි. ආක්‍රමණය කරන්නන්ට එරෙහිව දුනු, ඊතල සහ හෙල්ලවලින් පහර දී ඔවුන් ආරක්ෂා වීමට තැත් කරයි.අන්දමන් දූපත් වැසියන් පවා ඔවුන් සමඟ කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට එඩිතර නොවූ හේතුව ද මෙම වේ.
අන්දමන් සහ නිකොබාර් ආදිවාසී ගෝත්‍රික රෙගුලාසි – 1956 යන විධිවිධාන යටතේ 1991 දී ඉන්දියානු රජය උතුරු සෙන්ටිනල් දූපත වටා කිලෝමීටර් 5  කලාපයක් ඔවුන්ටම වෙන් කරන ලදී. අන් අයට එයට ඇතුළුවීම තහනම් වේ.ගෝත්‍රයට බාධාවක් නොවී සිටීම රජයේ අදහස වූ අතරම ධීවරයින්ගේ, දඩයම්කරුවන්ගේ සහ සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම ද මෙහි අරමුණු වේ.


මේගෝත්‍රික දූපත පිළිබඳ පළමු වරට සොයාගෙන ඇත්තේ 1771 දී බ්‍රිතාන්‍ය මිනින්දෝරුවෙකු වන ජෝන් රිචී විසිනි. වර්ෂ 1867 දී අන්දමන් ජාතිකයන් භාරව සිටි ජෙරමියා හොම්ෆ්‍රේ සිය කණ්ඩායම සමඟ උතුරු සෙන්ටිනල් දූපතට ගියේය. දූපතට පැමිණි ඔහුන් වෙරළේ නිරුවතින්, දිගු හිසකෙස් ඇති, දුනු හා ඊතල සහිත මිනිසුන් දුටු බව වාර්ථා කර ඇති අතර ඉන්දියානු වෙළඳ නෞකාවක් වන අනතුරට පත් නිනිවයේ සුන්බුන් වලින් මගීන් 86 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 20 දෙනෙක් දිවි ගලවා ගත් නමුත් සෙන්ටිනලීස්  ගෝත්‍රිකයින් විසින් ඔවුන්ට පහර දී ඇත. කෙසේ වෙතත්, දිවි ගලවා ගත් අය බේරා ගැනීම සඳහා රාජකීය නාවික හමුදාවේ නැවක් පැමිණෙන තෙක් මෙම පිරිස සැරයටි හා ගල් යොදා ගනිමින් ගෝතිකයින්ගේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කර ඇත.

ඉන්දියානු රජය ඔවුන් හා මිත්‍රශීලී වීමට කොතෙකුත් උත්සාහ කර ඇත. එයින් පළමු හා බොහෝ විට එකම මිත්‍රශීලී සම්බන්ධතාවය 1967 දී  ටී. එන්. පණ්ඩිත් විසින් ගෝත්‍රයේ විශ්වාසය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පොල් හා වෙනත් තෑගි රැගෙන දිවයිනට පැමිණීම වෙයි. පළමු වතාවට දූපත් වැසියන් දුනු නොමැතිව අමුත්තන්ට ආචාර කළ අවස්තාවද එය වේ.නමුත් ඉන් පසුව ඉන්දියානු රජය විසින් එම උත්සාහය අත් හැර දමා ඇත.


අපේ ලෝකය දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින විට, නව තාක්‍ෂණයක පදනම මත ලෝකය ඉදිරියට ඇඳෙන විට, තමන් ජීවත්වන ලෝකයේ අනෙක් පැත්ත කවදාවත් දැක නැති අය සිටින බව දැන ගැනීම ම කම්පනයකි. ඔවුන්ට අන් අයගේ උදව් අවශ්‍ය විය හැකිය, නැතහොත් ඔවුන් සඳහටම නැති වී යයි. නැතහොත් ඔවුන් තව බොහෝ කාලයක් මෙසෙ තනිවවම වාසය කරාවි. කෙසේ නමුත් ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා අපට ඔවුන් අසලටවත් යාම තවමත් සිහිනයක් පමණකි. එම නිසා ලොව භයානකම දූපතක් ලෙස උතුරු සෙන්ටිනල් දූපත නම් කිරීමනම් අතිශ්‍යෝතියක් නොවේ.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply